10/08/2024
Nature’s Light Show 😍🫶❤️✌️🎆
Aurora Chasing Story ✨🚗👩❤️👨
මේ සැප්තැම්බර් 7, 2024 වෙනිදා!
ඊයෙ ඉදන්ම අවුරෝරා map එකේ කොල, තැබිලි boarder එකට ලං වෙවී ඉදපු නිසා අපි කොහොම හරි අදනම් බලන්නමයි හිටියේ..
Aurora Chasing කියන්නේ, අපි Map 📍 එකේ උඩ පැත්තට 150km Drive කරන්න පටන් ගත්තේ රෑ 9.30 ට විතර..යන මගදි ඒ location එක best "location to see" වලින් අයින් උනා..ඒ නිසා අපේ end Location eka Daysart වලට මාරු කරන්න උනා..💖 මගදි අහසේ අලු පාට Shadow එක වගේ දැක්කාම phone කැමේරා ඔන් කරලා බැලුවාම ඔන්න අවුරුදු ගානක් Bucket List දාගෙන ඉදපු Aurora! කොල පාටට දැක්කා..🥹🥹
මේ තියෙන්නේ End Location එකට යනකම්ම අපි තැනින් තැන නවත්ත නවත්ත ගත්ත photos ans Drone Shots.
Aurora හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක්ට සරළව කිව්වොත්,
📌🌍 ඉතින් අවුරෝරා' - පෘථිවියේ ධ්‍රැවාසන්නව එළි ගැන අවුරෝරා කියන්නේ, ඝර්ම කලාපීය ලංකාව වගේ රටවල්වල දකින්න නොලැබෙන, ඒත්, පෘථිවියේ ධ්‍රැවාසන්නව ඉහළ අහසේ දකින්න පුළුවන් වර්ණවත් රටා සමූහයන් කියලා. මේවා එකම විදියට තියෙන්නේ නෑ..නිතරම වගේ මේ රටා වෙනස් වෙනවා..උත්තර ධ්‍රැවයේ දී ඒවා උත්තරාලෝකය (Aurora borealis) විදිහටත් දක්ෂිණ ධ්‍රැවයේ දී ඒවා දක්ෂිණාලෝක (Aurora australis) විදිහටත් හඳුන්වනවා. ඉතින් මේ අවුරෝරා ඇතිවෙන්නේ, සූර්යයාගෙන් විමෝචනය වෙන අරෝපිත අංශු, පෘථිවි වායුගෝලයේ ඉහළ ම ස්ථරවලට ඇතුළු වෙලා, ඒ ස්ථරවල තියෙන නානාවිධ වායු අංශු එක්ක ගැටිලා. ඉතින් ඒ ඝට්ටනවල දී නිපදවෙන ශක්තියෙන් කොටසක්, දෘශ්‍ය වර්ණාවලි පරාසයේ තියෙන ෆෝටෝන බවට හැරෙනවා
📍Dysart, SK
📸 Dilshan Anuradha ✌️
- ✍🏻 Rashmi De Silva
Seeing the aurora borealis has been a dream-of ours ever since started travelling, and as of last night, that Bucket List item has officially been ticked off ✅💃