Thara’s Diary

Thara’s Diary සබඳ අපි කදු නොවෙමු.. උනුන් පරයා නැගෙන..සුනිල දිය දහර වෙමු..එකම ගඟකට වැටෙන..🤍
(15)

14/09/2026

මං කන්න ආසම,කාලා තියෙන පාස්තා වලින් රසම එක තමයි මේ.කොච්චර කෑවත් එපා වෙන්නෑ.ඒ තරම් රසයි.ඔයාලාට හැම් වෙනුවට බේකන් තියෙනවානම් පාවිච්චි කරන්නත් පුලුවන්.බේකන් පාවිච්චි කරනවා නම් බට්න් මෂ්රූම් එකට කලින් බේකන් ටික එකතු කරන්න.බේකන් එක හැදුනට පස්සේ මෂ්‍ රූම් එකතු කරගන්න..කැමති නම් white wine එකතු කරගන්න.පුංචි බබාලාට දෙනවා නම් ඇල්කොහොල් එකතු කරගන්නේ නැතුව හදන්න.පාස්තා හදද්දි හැමවෙලේම පාස්තා තම්බන වතුර ටික විසි නොකර තියාගන්න.ඔයාගේ පාස්තා එක dry නම් ඒකට පාස්තා වතුරයි එකතු කරගන්න ඕන.පාස්තා හදද්දි නූඩ්ලස් තැම්බුනාම හෝදනවා වගේ ඇල් වතුරෙන් හෝදන්න එපා.කෙලින්ම ඔයා හදන veggie meat mix sauce එකට දාලා toss කරගන්න.ඔයාලාට double cream එක spaghetti ටික එකතු කරන්න කලින් ham & mushroom mix එකට දාලා කලවම් කරගෙන අන්තිමට spaghetti ටික එකතු කරන්නත් පුලුවන්.මේක කොච්චර සරලව හැදුවත් කන්න කන්න ආස හිතෙන everyday comfort pasta recipe එකක්.හැදුවොත් රස මටත් කියන්න..🫰🏻❤️🥰😘

12/09/2026

මුලින්ම මම මාවම සුවපත් කරගනිමින්,නිවෙමින්,සැනසෙමින් යන මේ ගමන හරි සුන්දරයි,ආදරණීයයි,සැහැල්ලුයි.ජීවිතේට තවත් වෙන මොනවද එකිනෙකා තේරුම්ගත් සැනසීම පිරුනු කුටුම්බක් තියෙනවා නම්....🫂🥰

ඊයේ දවල්ට බීට් කිරට උයලා,ගෝවා තෙල්දාලා,අඹ ඇඹුලක් හදලා,මාලු ඇඹුල් තියල් කරා.පපඩම් නැති පිගානේ හරියට .................
ඉතින් පපඩමුත් බැද්දා.ඕන් ඔහොමයි ඊයේ දවල්ට කෑම හැදුනේ.
හිස්තැනට ලස්සන වචන ටිකක් ලියන් යමු🤗❤️😍

09/09/2026

මගේ සුදු පුතුගේ ආසාවනේ.හදාගෙනම කන්න දුන්නා😍.එයාට කන්න දුන්නම කොහොමද හදන්නේ කියන එක ප්‍රශ්නයක්. ඉතින් මේ easy snack එක එයාටම හදාගෙන කන්න දුන්නා.හදන විදිහ කියා දුන්නම ඉතින් එයාම හිමි හිමින් වැඩේ කරනවා.මෙහෙම රසයි.පුංචි බබාලාට දෙන්න රස ස්නැක් එකක් මේක.ඔයාලත් හදලා බලන්නකෝ.විනාඩි කීපයක ලේසි වැඩක් තියෙන්නේ.😘❤️

゚viralシ

අලුත් YT vlog එකක් අරගෙන ආවා.ඉඩක් ලැබෙන වෙලාවට ඒ පැත්තට එන්න එහෙනම්🫰🏻❤️🥰
08/09/2026

අලුත් YT vlog එකක් අරගෙන ආවා.ඉඩක් ලැබෙන වෙලාවට ඒ පැත්තට එන්න එහෙනම්🫰🏻❤️🥰

Hello everyone,🌿 Welcome to my corner of everyday life!I share m...

01/09/2026

හරිම රසට crispy outside එකක් එක්ක,soft inside එකකට උදුවඩේ හදන්න මේ විදිහට හදලා බලන්නකෝ.හදන්න හරීම ලේසී.ඒ වගේම ගොඩාක් රසයි.ආහ් ඒ එක්කම මේ කොළපාට සම්බෝලේත් හදන්නම ඕන හොදේ.උදුවඩේ රස boost කරන්න පුලුවන් නියමම රසයක් මේ සම්බෝලේ තියෙනවා.හැදුවොත් රස මටත් කියන්න.ආදරෙයී🫰🏻❤️

මේ අහන්නකෝ,ඔයාගේ හිතට දැනෙන ඕනම දෙයක් ලියන්න පුරුදු වෙන්න.සමහරවිට කෙනෙක් එක්ක කියනවාට වඩා ඔයා ගන්න හොදම තීරණය තමයි තමන්ට...
25/08/2026

මේ අහන්නකෝ,
ඔයාගේ හිතට දැනෙන ඕනම දෙයක් ලියන්න පුරුදු වෙන්න.සමහරවිට කෙනෙක් එක්ක කියනවාට වඩා ඔයා ගන්න හොදම තීරණය තමයි තමන්ට හිතෙන ඕනම දෙයක් වචන කරන්න පුරුදු වෙන එක.

ඒ ඇයිද දන්නවාද,
සමහර වෙලාවට ඔයා කෙනෙක්ව විශ්වාස කරලා කියන දෙයක් ඒ කෙනා පරිස්සමෙන් නොරකින්න පුලුවන්.

සමහරවිට ඔයා කිව්ව දෙයට,එයාගෙන් බලාපොරොත්තු වුන පිලිතුර නොලැබෙන්න පුලුවන්.ඔයා නොහිතපු විදිහේ පිලිතුරක් ලැබෙන්න පුලුවන්.

සමහරවිට ඔයාට අවශ්‍ය වුන මානසික සහනය වෙනුවට ඔයා තව පැටලුම් ගොඩක පැටලෙන්න පුලුවන්.

ඉතින් කාටත් වඩා තමන්වම විශ්වාස කරන්න.තමන් ලියන දෙයින් කාටවත් ඔයාව විනිශ්චය කරන්න බැහැ.කාටවත් ඔයාව රිදවන්න බැහැ.කාටවත් ඔයාගේ රහසක් පිටට ගෙනියන්න බැහැ.

ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක්,දුකක් හෝ සතුටක්,ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නෙකට ලැබුන පිලිතුරක් ඔයාගේ ඩයරියේ ලියන්න.හිතට දැනෙන දේ වචන කරන්න.සමහරවිට ඔයා ඉන්නේ දුකකින් නම් කඩන්න පුලුවන් කොලයක් අරගෙන හැමදේම ලියලා ඒ කොලේ පොඩි කරලා ගඟක පාකරලා යවන්න.නැත්නන් ඒ ලියපු කොලේ පුංචි කෑලි වලට ඉරලා ඉරලා විසි කරලා දාන්න.ඒකෙන් ඔයාට සැනසීමක් දැනෙනවා.කෙනෙක් එක්ක බෙදාගෙන අමතර ප්‍රශ්න ඇතිකරගන්නවාට වඩා හිතේ තියෙන දේ ලියලා නිදහස් කරගත්තු එක ගත්ත හොදම තීරණයක් කියලා ජීවිතේ දවසක ඔයාට හිතෙන්න පුලුවන්.

ආදරෙන්,
තාරා✍🏻❤️

25/08/2026

ඔයාලා කොහොමද සාමාන්‍යයෙන් පොල්මැල්ලුම් හදන්නේ?
මේ තමයි මම හදන පොල්මැල්ලුම.මේක හරීම රසයි.මුකුත් ඕන නෑ මේකම විතරක් ඇති බත් කන්න.මේ රෙසිපි එක වීඩියෝ එකකිනුත් කලින් මං අරගෙන ආවා.ඔයාලාට ලේසි වෙන්න ආය හදන විදිහ ලියන්නම්.
1.මුලින්ම තෙල් ටිකක් රත් කරගෙන ඒකට අබ,උලුහාල් ඇට ටිකක්,කුරුදු පොතු කෑල්ලක් එකතු කරන්න.
2.අබ ටික පුපුරද්දී හිනියට ලියාගත්ත සුදුලූනු,බීලුනු(රතුලූනු වඩාත් රසයි),අමුමිරිස්,කරපිංචා එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
3.දැන් පිරිසිදු කරගත්ත කූණිස්සෝ මිටක්,ගොරකා කෑල්ලක් දාලා කලවම් කරගන්න.
4.ගාගත් පොල්වලට කහ,ගම්මිරිස් කුඩු,ලුණු කුඩු දාලා අනාගෙන මේ තෙම්පරාදුවට එකතු කරගන්න.
5.පොල්ටික තැම්බෙන්නත්,තෙතමනයක් හිටින්නත් අවශ්‍ය නිසා වතුර ස්වල්පයක් එකතු කරගෙන විනාඩි 5-7 ක් පියනවහලා උයාගන්න.

හරීම ලේසියි.හැබැයි මාරම රසයි.හදලා බලන්නකෝ මෙහෙම හදලා නැත්තන්...

25/08/2026

අද හදමු රසම රස අපි කවුරුත් කන්න ආස බ්‍රවුනීස්.ගොඩාක් පැණිරස කන්න ආස නැති හැබැයි බ්‍රවුනීස් කන්න ආස ඔයාලට තමයි මේ රෙසිපි එක.හදලාම මටත් රස කියන්න🫰🏻❤️

උදේට මෙහෙම කෑවා කියන්නේ ඉතින් දවසම සුභයිනේ..😍ඔයාලා ආසම පොල්සම්බෝලයක් එක්ක උදේට මොනා කන්නද?1.මාලු ඇඹුල්තියල්2.මිරිස්මාලු3...
23/08/2026

උදේට මෙහෙම කෑවා කියන්නේ ඉතින් දවසම සුභයිනේ..😍
ඔයාලා ආසම පොල්සම්බෝලයක් එක්ක උදේට මොනා කන්නද?
1.මාලු ඇඹුල්තියල්
2.මිරිස්මාලු
3.චිකන් කරි
4.කරවල තෙල්දාලා
5.හාල්මැස්සෝ තෙල්දාලා
6.කීරමින් බැදලා

විශාරද නන්දා මාලනියනි...,තෙලි තුඩක් ගැවසෙන තැනක් නුඹපන්හිදක් ගැවසෙන තැනක් නුඹඅහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයිඔබ මේ ඉත...
20/08/2026

විශාරද නන්දා මාලනියනි...,
තෙලි තුඩක් ගැවසෙන තැනක් නුඹ
පන්හිදක් ගැවසෙන තැනක් නුඹ
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි

ඔබ මේ ඉතිහාස කතාව තුල සදාකාලික පුරාවෘත්තයක්🤍

ඔබට සුබ ගමන් මාලනියනි🤍🪽🙏🏻

Address

Quandrant Road
Thornton Heath
CR77DB

Alerts

Be the first to know and let us send you an email when Thara’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thara’s Diary:

Shortcuts

Share