28/06/2026
වැලිගම දින 90 මෙහෙයුම - පළමු හමුවීමේ නිවේදනය
දිනය: 2026/07/13.ස්ථානය : Mzion Hotel, Weligama - Cargills Food City අසල.වේලාව: සවස 03.00 ට
වැලිගම දෛනිකව කිලෝ 2300 ප්ලාස්ටික්-පොලිතීන් ප්‍රශ්නයට ස්ථීර උත්තරය දෙන්න අපි සුදානම් වෙමින් ඉන්නවා.
2026.10.04 ඉඳන් 2027.01.01 වෙනකන් දින 90 ඇතුලත වැලිගම බුමියෙන් සියළුම ප්ලාස්ටික්-පොලිතීන් ඉවත් කරලා, ආපහු එකදු ටොෆි කොලයක්වත් වැටෙන්නේ නැති සමාජයක් හදන ගමන.
2026/07/13 සවස 03.00 ට Mzion Hotel එකේදී අපි කරන දේ:
මේ සියලුම වැඩසටහන් 50ට අදාළ සම්පූර්ණ පිටපත ඔබේ අතට දෙනවා.
ඒ පිටපතේ තියෙන්නේ:
1. කොහොමද කරන්නේ - ක්‍රමවේදය, වැඩපිළිවෙල, කාලසටහන
2. මොනවද අවශ්‍ය - වැලිගමට අවශ්‍ය සියළුම අවශ්‍යතාවයන්, ප්ලාස්ටික් පොලිතීන් භාවිතය නිසියාකාරව භාවිතා කිරීමට හැකිවනු පරිදි අවශ්‍ය කරන සියළුම දේ.
මෙම පිටපත ලැබෙන සියළුම දෙනා :
රාජ්‍ය මට්ටමින්:
1. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් හට.
2. ගරු අග්‍රාමාත්‍ය තුමිය වෙත.
3. ගරු පරිසර ඇමතිතුමන් හට.
4. ගරු අධ්‍යාපන ඇමති තුමිය හට.
5. ගරු සෞඛ්‍ය ඇමතිතුමන් හට.
6. ගරු සුනිල් හඳුන්නෙත්ති ඇමති තුමන් හට.
7. වැලිගම සම්බන්දීකරන කමිටුවේ ගරු සබාපති,
විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය,
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
අර්කම් ඉල්‍යාස් මැතිතුමා.
1. යුද හමුදාපතිතුමන් හට.
2. නාවික හමුදාපතිතුමන් හට.
3. ගුවන් හමුදාපතිතුමාන්.
4. පොලිස් පතිතුමන් හට.
ශාසනික හා ප්‍රාදේශීය මට්ටමින් :
1. වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩල සභාපති නාත්තේවල නන්දසිරි නායක ස්වාමීන් වහන්සේ.
2. වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩල ලේකම් වෙල්පත ඉන්දසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පන්සල් 52ක නායක ස්වාමීන් වහන්සේලා හට.
3. වැලිගම සියලුම මුස්ලිම් ආගමික නායක මවුලවි තුමන්ලා හට.
4. වැලිගම ක්‍රිස්තියානි ආගමික පියතුමන්ලා හට.
5. දකුණු පළාතේ ආණ්ඩුකාර තුමා හට.
6. වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමියට.
7. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හට.
8. වැලිගම නගර සභාවේ නගරාධිපති තුමා හට.
9. මාතර දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරීතුමන් හට.
10. දකුණු පළාත් බාර පොලිස් අධිකාරී තුමන් හට.
11. මාතර ගැමුණු යුද හමුදා මූලස්ථානයේ අණ දෙන නිලධාරිතුමා හට.
12. කොග්ගල ගුවන් හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරිතුමා හට.
13. ගාල්ල නාවික හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරිතුමා හට.
14. වැලිගම වෙරළ ආරක්ෂක මූල ස්ථානයේ අණදෙන නිලධාරි තුමා හට.
15. වැලිගම විශ්‍රාමික රණවිරුවන්ගේ සංසදයේ සභාපතිතුමා හට.
16. වැලිගම ආබාධිත රණවිරුවන්ගේ සංසදයේ සභාපති තුමන් හට.
17. වැලිගම වෙළඳ සංගමයේ සභාපතිතුමා හට.
18. වැලිගම මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමන් හට.
19. වැලිගම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක තුමා හට.
20. වැලිගම ප්‍රධාන පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂක තුමා හට.
21. වැලිගම මිදිගම පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමන් හට.
22. කොටවිල පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමන් හට.
වැලිගම රජ ආයතනවල ප්‍රධානීන්, ව්‍යාපාරිකයන්, පරිසර හිතවාදී සංවිධාන සහ මේ වෙනසට දායක වෙන්න කැමැත්ත පළ කරපු සියලු දෙනා හට, අපි වැලිගම දින 90කදී කරන්න යන වැඩපිළිවෙල එදිනට සියළුම දෙනා හට ලබාදීමට කටයුතු කරනු ලැබේ.
මේ කාරණය අතපසු කරන්න ඕන දෙයක් නෙවෙයි. මිනිස්සුන් සැහෙන කාලයක ඉඳලා මේ පරිසර විනාශය දකිනවා, මෙහෙම වෙන්න දෙන්න නරකයි කියලා හැම විටම හිතනවා, කතා කරනවා, එත් අද දක්වාම වෙලා තියෙන්නේ රටම ප්ලාස්ටික් පොලිතීන් වලින් විනාශ කරපු එක විතරයි, මේක නවත්වන්න කවුරුවත් මෙතෙක් ඉදිරිපත් වෙලා නෑ.
මිනිස්සුන් වෙනස් වෙන්න කැමතියි, ඒ වෙනසට තල්ලුවක් දෙන්න කවුරුවත් තවම ඉදිරිපත් වෙලා නෑ. ඉතින් මම ඒ ඉදිරිපත් වීම සිදුකරමින්, මේ ප්‍රායෝගික වූ මෙම ගැටළුවට විසඳුමක් නොතිබුණ, විසඳුමක් නොදුන්නු ප්‍රායෝගික ගැටලුවක් වෙච්ච, ප්ලාස්ටික් පොලිතීන් නිසියාකාරව බැහැර කිරීමට අවශ්‍ය වටපිටාව පරිසරය සකසා දෙන්නට ප්‍රායෝගික වූ වැඩ පිළිවෙළක් සූදානම් කර, එය කියාත්මක කිරීමට ද හැකිවනු පරිදි, මා වැඩපිළිවෙල සකසා ඇත.
මොකද මේක වැලිගම 77086 දෙනාගේ අනාගතය. දරුවන්ට "ටොෆිය කටේ දාගෙන, කොලයක් පාරට දාන" පුරුද්ද නෙවෙයි, "කසලය නිසියාකාරව හසුරුවන" සිස්ටම් එක දෙන්න අපිට තියෙන එකම අවස්ථාව. තව තවත් ප්‍රමාද නොකල යුතුය යන අදහස තුල හිදිමින් මෙම ක්‍රියාවලිය ඉදිරිපත් කර ඇත.
වැදගත් දැන්වීම :
මේ පිටපතේ යම් යෝජනාවක්, දෝෂයක්, වරදක්, බැරෑරුම් කමක් තියෙනවා නම්, ඔබේ වටිනා අදහස අනිවාර්යයෙන්ම අපිට කියන්න.
මේ වැඩපිළිවෙලට පසුවත් නිවැරදි කරගැනීමේ ඉඩ තියෙනවා. හොඳ යෝජනාවක් ආවොත් ඒකත් අපි වැඩපිළිවෙලට ඇතුලත් කරගන්නවා. මොකද මේක "මගේ" වැඩක් නෙවෙයි, "අපේ" වැඩක්.
2026/07/13 සවස 03.00 Mzion Hotel, Weligama එකේදී අපි එක මේසෙට. එක හිතකින්.
"කතා කරලා නෙවෙයි, වැඩෙන් පෙන්වමු. ටොෆි කොලයක් පාරට නොදමන සමාජයක් ගොඩනගන්නට " 💚
#වැලිගමදින90 #2026.07.13 #පළමුහමුව #ටොෆිකොලයක් පාරට නොදමන සමාජයක් ගොඩනගන්නට