කිත්මිණී

කිත්මිණී For you who is in the HEART ❤️
හදවතේ සිටින ඔබ වෙනුවෙන්... 🌷❤️

කේන්තියට කියන වචන වලින් සිද්ධවෙන "මහා ප්‍රතික්ෂේප වීම" (Mass Rejection): එය හැම බැඳීමකටම විෂක්!අපි හැමෝටම කේන්ති යනවා. ර...
21/02/2026

කේන්තියට කියන වචන වලින් සිද්ධවෙන "මහා ප්‍රතික්ෂේප වීම" (Mass Rejection): එය හැම බැඳීමකටම විෂක්!

අපි හැමෝටම කේන්ති යනවා. රණ්ඩු වෙනවා, මත ගැටුම් ඇතිවෙනවා. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි රණ්ඩුවක් අස්සේ කේන්තිය පිටකරගන්න අපි නොදැනුවත්වම පාවිච්චි කරන සමහර වචන තියෙනවා.

"එන්න ඕනේ නම් එන්න..."
"යන්න ඕනේ නම් යන්න..."
"මට වැඩක් නෑ..."
"ඕන දෙයක් කරගන්න..."

මේවා ඇහෙන්න මොහොතක් විතරක් ගත වුණාට, මේ වචන වලින් අනිත් කෙනාගේ හිතේ ඇතිවෙන "මහා ප්‍රතික්ෂේප වීම" (Mass Rejection) ජීවිත කාලෙටම මකාගන්න බැරි වෙන්න පුළුවන්. මේක ආදරවන්තයින්ට විතරක් නෙවෙයි; දෙමව්පියන්, දරුවන්, යාළුවන් සහ සහෝදරයන් ඇතුළු අපේ ජීවිතේ ඉන්න ඕනෑම කෙනෙක්ට එක සේ බලපාන දෙයක්.

මොකක්ද මේ "මහා ප්‍රතික්ෂේප වීම" (Mass Rejection)?

ඔයාට කෙනෙක් එක්ක තරහක් ආවම බනින්න පුළුවන්, වැරැද්ද පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඔයා "මට වැඩක් නෑ, ඕන දෙයක් කරගන්න" කියලා කියනකොට, ඔයා එතනදි කරන්නේ ඒ මනුස්සයාව සම්පූර්ණයෙන්ම කපා හැරීමක්.
එතකොට අනිත් කෙනාට දැනෙන්නේ ඔයාගේ කේන්තිය නෙවෙයි; තමන්ගේ වටිනාකම බිංදුවටම වැටුණා වගේ හැඟීමක්. "මෙයාගේ ජීවිතේ මම හිටියත් එකයි, නැතත් එකයි නේද?" කියන වේදනාත්මක සිතුවිල්ල ඔවුන්ගේ හදවත පාරවනවා. ඕනෑම බැඳීමක තියෙන ලොකුම ශක්තිය වෙන්නේ "Emotional Safety" හෙවත් හැඟීම්බර ආරක්ෂාවයි. මේ වචන ටිකෙන් ඒ ආරක්ෂාව කුඩුපට්ටම් වෙලා යනවා.

මේක හැම බැඳීමකටම බලපාන්නේ කොහොමද?

1. දෙමව්පියන් සහ දරුවන් අතර:
අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙකුට තරහින් "මට ඔහේගෙන් වැඩක් නෑ, ඕනෙ දිහාවක යන්න" කිව්වොත් මොකද වෙන්නේ? දරුවෙකුට ලෝකයේ තියෙන එකම නිදහස් සහ ආරක්ෂිතම තැන තමන්ගේ ගෙදර. ඒ වචන වලින් දරුවාට දැනෙන්නේ ලෝකයේ තමන්ට අයිති එකම තැනෙනුත් තමන්ව ප්‍රතික්ෂේප වුණා කියලයි. එයාලා ලොකු වෙන්නෙම ඒ අනාරක්ෂිත හැඟීම හිතේ තියාගෙන.

2. මිතුරන් අතර:
අපි යාළුවෝ එක්ක ගොඩක් නිදහසේ ඉන්නවා. ඒත් පුංචි ප්‍රශ්නයකදී "ඔයාට එන්න ඕනෙ නම් එන්න, නැත්නම් ඉන්න" වගේ වචන පාවිච්චි කළොත්, ඒ මිතුදම බොහොම ලාභදායී, ඕනෙ වෙලාවක විසි කරලා දාන්න පුළුවන් එකක් විදිහට අනිත් කෙනාට දැනෙනවා. ඊටපස්සේ ඒ යාළුවා කවදාවත් ඉස්සර හිටියා වගේ ඔයාත් එක්ක විවෘත වෙන්නේ නෑ.

3. සහෝදර සහෝදරියන් අතර:
එකම ලේ වලින් ඉපදුනත්, "ඔයාට ඕන දෙයක් කරගන්න, මට වද නොදී" කියන වචන වලින් සහෝදර බැඳීම් අතර ලොකු තාප්පයක් ඉදිවෙනවා. ප්‍රශ්නයක් ආවම උදව්වක් ඉල්ලන්න තියෙන අයිතිය එතනින් අහිමි වෙනවා.

සමාව දුන්නත්, අමතක නොවන තුවාලය
කාලයත් එක්ක රණ්ඩුව ඉවර වෙයි. කේන්තිය නිවුණම ඔයා සමාව ඉල්ලයි. එයාලත් සමාව දෙයි. හැබැයි අර වචන හදවතේ ගැඹුරටම කිඳා බැහැලා ඉවරයි.

ඒ වචන ඇහුවට පස්සේ ඒ මනුස්සයා ඔයා ළඟ ඉන්නේ, ඉස්සර හිටිය නිදහසින් නෙවෙයි; කුලියට ඉන්නවා වගේ බයකින්. "මම ආයේ වැරැද්දක් කළොත්, මම ආයේ ප්‍රශ්නයක් ඇති කළොත් මෙයා මාව අතාරියිද?" කියන බය එයාලව පාලනය කරනවා. ඔවුන් ඔයා එක්ක හිනාවෙලා හිටියත්, යටි හිතින් එයාලා ඔයාගෙන් ඈත් වෙලා ඉවරයි.

කේන්තිය ආවම මොකද කරන්නේ?
රණ්ඩුවක් වෙලාවේ කේන්තිය පාලනය කරගන්න අමාරු නම්, ඒ වෙනුවට මේ වගේ දෙයක් කියන්න පුළුවන්

"මට දැන් ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ. මට මේ වෙලාවේ කතා කරන්න අමාරුයි. අපි පස්සේ කතා කරමු."

මේකෙන් ඔයාගේ තරහව ප්‍රකාශ වෙනවා, හැබැයි අනිත් කෙනාව ප්‍රතික්ෂේප වෙන්නේ නෑ. බැඳීමක අත්තිවාරම ආරක්ෂා වෙනවා.
මතක තියාගන්න, වචන කියන්නේ හරිම තියුණු ආයුධයක්. කෙනෙක්ව එක තත්පරෙන් බිඳලා දාන්න ඒ වචන වලට පුළුවන්. ඒ නිසා, ඔයාට ඇත්තටම වටින මිනිස්සුන්ට කවදාවත් ඒ මහා ප්‍රතික්ෂේප වීමේ වේදනාව දෙන්න එපා. ♥️🎀

✍️ Kithmini Mahanamage

ඉතින් ඔය පෙම් පාට හිනාවකම්මුලක තවරගෙන,බොර පාට ඇස් වලින් නුඹ හිනා වෙද්දි.....ඉතින් මං අහන්නේ , මට කොහෙද සිහියක්...නුඹයි ,...
06/01/2026

ඉතින් ඔය පෙම් පාට හිනාව
කම්මුලක තවරගෙන,
බොර පාට ඇස් වලින් නුඹ හිනා වෙද්දි.....
ඉතින් මං අහන්නේ , මට කොහෙද සිහියක්...
නුඹයි , නුබේ හිනාවයි තනිකරම
මාව සිහිය නැති කරවන
හුස්ම ගන්න සිත්තමක්...

කිත්මිණි...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කිත්මිණී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කිත්මිණී:

Shortcuts

Share