15/05/2026
Cave Dive Accident 😑
මේ වෙලාවෙ dive community එකේ ලොකුවටම කතා වෙන සිද්ධිය තමයි මේ අනතුර..
මේක සිද්ධවන්නෙ මාලදිවයිනේ....මේ අනතුරින් අවාසනාවන්ත ලෙස 5 ස් දෙනෙක් මිය යනවා..merine biologist කෙනෙක් ,researcher කෙනෙක් සහ මේක ගයිඩ් කරපු dive instructor ත් මේ පස් දෙනාට ඇතුලත් වෙනවා....පස් දෙනාම ඉතාලි ජාතිකයින්..
දැනට කියන තොරතුරු අනුව...
සිද්ධිය සරලව කිව්වොත්...මෙයාලා පස් දෙනා cave dive එකක් කරනවා...හැබැයි අව්ල් සහගතයි...
1) cave එක පටන්ගන්නෙම මීටර් 65 ගැඹුරෙදි😱
2) තනි normal air සිලින්ඩරෙන් යන්නෙ.එතකොට බැකප් සිලින්ඩර් හෝ decompression කරන්න සිලින්ඩර නෑ.🤔
3)සාමාන්‍ය recreation diving වලට ගන්න ඩයිව් උපකරන පමනයි මෙයාලා භාවිතා කරන්නෙ. ඒ කියන්නෙ මේ වගේ කේව් ඩයිව් එකකට භාවිතා කරන උපකරන මෙයාලා ලග නෑ☠️
4) සාමාන්‍යයෙන් හොද අත්දැකීම් ඇති tec diver කෙනෙක් උනත් මේ වගේ රිස්ක් ඩයිව් එකක් දානවනම් සෑහෙන දුර කල්පනා කරලා තමයි ඩයිව් ප්ලෑන් එක ගහන්නෙ..😌
5) මේ පස් දෙනා cave diversලා හෝ tech certified diversලා නෙවෙයි....😑
දැන් මේක ගැන හිතනකොට මට තියෙන ප්‍රශ්නෙ....ඩයිව් කරන කෙනෙක් සාමාන්‍යයෙන් දන්නවානෙ මේ වගේ මීටර් 65 යනකොට නෝමල් එයාර් එකේ ,තනි සිලින්ඩරේ විතරක් යන එකේ රිස්ක් එක.අනික මේක cave dive එකක්...අධිඅවදානම්....nitrogen narcosis වෙන්න පුලුවන් ඉඩකඩ ඉතා ඉහලයි...
මීටර් 65 දී නෝමල් එයාර් එකෙන් ඉන්න පුලුවන් bottom time එකත් පට්ට සීමිතයි...විනාඩි 5 ක් වගේ..
ඉතින් එහෙව් සුලු වෙලාවකට මේ වගේ රිස්ක් එකක් මෙයාල ගනීවිද??? අනික ඩයිව් instructor කෙනෙක් ඉදලත් එයාලා මේ වගේ ගමනක් එක්කන් යාවිද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්? මොකද ඒ ලෙවල් එකෙ මනුස්සයෙක් තියා ඊට පහල රෑන්ක් එකේ කෙනෙක්වත් මේ වගේ dive plan එකක් ගහන්නෙ නෑ කවදාවත්..මෙච්චර රිස්ක් එකක් ගන්න කව්රුත් කැමති නෑනෙ..මේක නිකන් su***de dive එකක් වගේනෙ එහෙම බැලුවම...
එක්කො මෙයාලා cave dive එකක් ප්ලෑන් කලේ නෑ හරියට, නිවැරදිව....හැබැයි 5ස් දෙනෙක්ම එකට මේ වගේ වැරදි තීරනයක් ගත්ත කියලා හිතන්නත් අමාරුයි....
එහෙමත් නැතිනම් down current එකක් නිසා මෙයාලව cave එක ඇතුලට ඇදිලා ගියාද දන්නෙ නෑ..මොකද මාලදිවයින මුහුද වෙලාවකට ලොකු down current වලට ප්‍රසිද්දයි...
කොහොම උනත් දැන් වැඩේ වෙලා අවසන්...5 දෙනෙක් මැරුනා..
අලුත්ම update එකෙ හැටියට එක මලසිරුරක් ගොඩ ගන්නවා මීටර් 60 දි...ඒ ඩයිව් ඉන්ස්ට්රක්ටර්ගෙ සිරුර...අනිත් හතර දෙනා ගොඩගන්න වැඩේ මේ වෙනකොට තාවකාලිකව නවත්තලා තියෙන්නෙ...කාලගුනේ අව්ල් නිසා.....