කාල සංචාර Kaala Sanchara

  • Home
  • කාල සංචාර Kaala Sanchara

කාල සංචාර Kaala Sanchara Moments. Memories. Stories. Feelings. Here for the real journey.

06/12/2025

හැගීම් තරමක් අඩු, තරමක් දරදඩු පුද්ගලෙයෙකු වූ මා; මාගෙ උපාධිය නිම කිරීමට තෝරාගත් සරසවිය වූයේ NSBM හරිත සරසවියයි. යමෙකුට මිහිපිට ඇති දිව්‍යලොවක් සේ පෙනුන මෙය මට නම් මහා දෙයක් වූයෙ නැත. කවරෙකු හෝ "උබේ කැම්පස් එක මරු නේ" කියූ විට "eew eew" කියූ පුද්ගලෙයෙකු විය. එය කොතෙක්ද කියනවා නම් අද ශිෂ්‍යයෙකු ලෙස සහභාගි වු අවසන් දිනයේ මාගේ අනාගත wife "අනේ අවුරුදු හතරක් අපි හිටපු තැන" කියන කොට මම කිව්වේ "oh yes finally im leaving this place” කියලා. මට තියන ගැටලුව මෙය මගේ ඇත්ත හැගීමද? නැත්නම් මගේ දඩබ්බර හැගීමද? ඇත්ත නම්,
ඇයි උඩ තියන වීඩියො එක බලාගෙන මතක ගොඩාක් ඇවිස්සුනේ.. ඇයි අන්තිම මාස තුන තුල හවස 5.30 පහු වෙනකොට උගුර හිර කරනවා වගේ දැනුනෙ?

ඇත්ත තමයි මං මෙතනට ආදරෙයි, හැබැයි අද වෙනකන් මට කිසිම ඕනෙ කමක් තිබ්බේ නෑ ඒක පෙනන්න.
මෙය,
ඉගෙන ගැනීමට සුදුසුම තැනක්,
ක්‍රීඩාවට සුදුසුම තැනක්, දෙමව්පියෙක්ට මට භය නැතුව recommend කරන්න පුලුවන්,මේක ඇතුලෙදි ඔයාගේ දරුවට කිසිම ප්‍රශ්නයක් නැත!
අද ශිෂ්‍යයෙක් විදිහට NSBM හරිත සරසවියට ආපු අන්තිම දවස. අන්තිමට එන්න කලින් ආපු අන්තිම දවස. මොකද මම එහෙම කියන්නෙ? මං අද වෙනකන් "ආයේ දවසක යන්න ඕන බලන්න" කියපු කිසිම තැනකට අයේ ගිහිල්ලා නෑ.

මට අනූව
හරිතේ සුන්දර, ළමයි ගොඩක් එහා මෙහා යන කොට,

හරිතේ සුන්දර හවස 6න් පස්සේ,

හරිතෙ ලස්සනම වහින කොට.

මම ශිෂ්‍යයෙක් විදිහට ආපු මුල්ම දවසෙ මහ වැස්ස නිසා බැන බැන ආවේ. ශිෂ්‍යයෙකු විදිහට අද ඒ මහ වැස්සෙම ඒ ලස්සන, ලස්සනටම පෙනුනා.
.....
ඉතින් මිත්‍රයා තවත් එක් "කාලයේ කතාවක්" අවසන් වීමට නියමිතයි...





Address


00200

Website

Alerts

Be the first to know and let us send you an email when කාල සංචාර Kaala Sanchara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Photography Service?

Share