Studio Diliru• Seneth Dileepa

Studio Diliru• Seneth Dileepa Studio Diliru, founded by Seneth Dileepa, is a vibrant and creative photography studio nestled in the heart of Diyatalawa, Uva Province, Sri Lanka.

Our mission is to capture life's most precious moments with artistry, passion, and technical excellence.

Hello Hello… I’m Baby Boss 👶🏻💙•Aken turns 2… It was his big day ✨Locked in frame :- Aken LeoDecos :- Party Vibes - Banda...
26/08/2026

Hello Hello… I’m Baby Boss 👶🏻💙

Aken turns 2… It was his big day ✨
Locked in frame :- Aken Leo
Decos :- Party Vibes - Bandarawela
Shutterbug :- Seneth Dileepa

Happy World Photography Day 📷🌏✨•ඡායාරූපකරණය කියන්නේ හුදෙක් button එකක් click කරන එක නෙමෙයි. කාගේ හෝ සුන්දර මොහොතක් සදාකල...
19/08/2026

Happy World Photography Day 📷🌏✨

ඡායාරූපකරණය කියන්නේ හුදෙක් button එකක් click කරන එක නෙමෙයි. කාගේ හෝ සුන්දර මොහොතක් සදාකල්ම පවතින විදිහට සුන්දර මතකසටහනක් විදිහට රැකලා දෙන එක. ඉතින් ඒ මානුෂීය මෙහෙවරේ නිරතවන මගේ සහෝදර ඡායාරූප ශිල්පීන්ට, ශිල්පිනියන්ට සුභ ඡායාරූප දිනයක් වේවා !


92nd Mahagastota Hill Climb 2026 🏁Day 1...🚥92 වන වරට පැවැත්වුණු මහගස්තොට හිල් ක්ලයිම්බ් තරඟාවලිය ඊයේ නුවරඑළියේදී පැවැත්ව...
17/08/2026

92nd Mahagastota Hill Climb 2026 🏁
Day 1...🚥
92 වන වරට පැවැත්වුණු මහගස්තොට හිල් ක්ලයිම්බ් තරඟාවලිය ඊයේ නුවරඑළියේදී පැවැත්විය. පලමු දිනය වූ ඊයේ දිනයේ යතුරුපැදි අංශයේ තරඟ පැවැත්විය. තරඟ අතරතුර සුලු ප්‍රමාණයේ අනතුරු කිහිපයක් සිදු වූවත් ශ්‍රී ලංකාවේ වගකිව යුතු මාධ්‍ය නාලිකා වාර්ථා කල තරම් "බිහිසුණු" හෝ "මාරාන්තික" අනතුරු කිසිවක් සිදු නොවීය.

Sponsers : Mobil 1 BYD Cambodia 3M Meguiar's Racing In Sri Lanka
Shutterbug : Seneth Dileepa Studio Diliru•

"The Board of Asymmetry" ♟️සාමාන්‍යයෙන් චෙස් කියන්නේ ජයග්‍රහණය උදෙසා කරන ක්‍රීඩාවක්. හැබැයි මේ බෝඩ් එක ඇතුළේ දිගහැරෙන්නේ...
15/08/2026

"The Board of Asymmetry" ♟️

සාමාන්‍යයෙන් චෙස් කියන්නේ ජයග්‍රහණය උදෙසා කරන ක්‍රීඩාවක්. හැබැයි මේ බෝඩ් එක ඇතුළේ දිගහැරෙන්නේ ක්‍රීඩාවක් නෙමෙයි... සමාජයේ අමු යථාර්ථය.

•බෝඩ් එක මැදින් තියන බෙදුම් රේඛාව - එකම සමාජයක දෙපිල බෙදිලා ඉන්න යහපත් අයහපත් දෙපිරිසක්.

• කළු පාලකයින් අතර තනිකඩව සිටින සුදු ඇතු Rook - දූෂිත පද්ධතියක් ඇතුළේ වෙනසක් කරන්න බලයක් නැති යහපත් මිනිසා.

• සුදු පාලකයින් ළඟ රැඳී සිටින කළු Bishop - යහපත් පාලකයින්ගේ කනට විෂ එකතු කරන කපටි උපදේශකයා.

• බෝඩ් එක පුරා වැටී සිටින Pawns - උඩ ඉන්නවුන්ගේ බල පොරය හමුවේ පිල් බෙදී සමාජය පුරා තම තමන්ගේ පිල වෙනුවෙන් සටන් කරමින් සැමදා පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාව. ( ලද දෙයක් නැත.)

• අතරින් පතර සිටගෙන සිටින Pawns - තම තමන්ගේ හැකි පමණින් තමන්ගේ මතය ජයග්‍රහණය කරවමින් සිටින පිල් බෙදුනු සාමාන්‍ය ජනතාව.

සෑම යහපතක් ඇතුළෙම නපුරක බීජයක්ද, සෑම නපුරක් ඇතුළෙම යහපතක අංශුවක්ද සැඟවී ඇත.

Concept & Photography :- Seneth Dileepa

( කාලෙක ඉඳන් Conceptual Photography වැඩක් කරන්න ආසාවෙන් හිටියේ. කල්පනා කරද්දි හිතුනා මුලින්ම ලොකු වැඩකින් පටන්ගන්න කලින් ලඟ තියන මොකක් හරි දේකින් අත් හදා බැලුවනන් හරි කියලා. අඩුපාඩු තියනවා. ඒත් පලවෙනි උත්සහය සාර්ථකයි කියලා මම හිතනවා. ඔයාලගෙ අදහසුත් Comment කරන්න)

©️All Rights Reserved | Studio Diliru
Do not use, re-upload, or alter without written permission.

Gears - Canon RP Body , 50mm Lense , Godox Softbox, TT600 Speed light and X1 Trigger

Settings - ISO 1600, f/13, 1/250s

Buddy, Welcome to Studio Diliru• 🫣🤗💗•New one. SIGMA 70-200mm මට නෑ කාත් එක්කවත් තරඟයක්. මගේ පාඩුවේ මං මගේ ගමනේ...හැබැයි ...
11/08/2026

Buddy, Welcome to Studio Diliru• 🫣🤗💗

New one. SIGMA 70-200mm
මට නෑ කාත් එක්කවත් තරඟයක්. මගේ පාඩුවේ මං මගේ ගමනේ...
හැබැයි මෙහෙමයි 😅
Copy කල හැක. සමකල නොහැක 😉
දෙවිපිහිටයි 😊

Bye bye buddy 👋🥺❤️event ගහන්න lense එකක් නැති කාලේ, photography ඉගෙනගන්න ගමන් ඉන්න කාලේ ලොකු දැනුමක් නැතුව Manoj Basnaya...
09/08/2026

Bye bye buddy 👋🥺❤️
event ගහන්න lense එකක් නැති කාලේ, photography ඉගෙනගන්න ගමන් ඉන්න කාලේ ලොකු දැනුමක් නැතුව Manoj Basnayaka මාමගෙ උදවුවෙන් Daham Raddella එක්ක නුවර ගිහින් ඔයාව ගෙනාවේ හොම්බ දික් වෙන lense එකක් ඕන කියලා හිතලා විතරයි...සමහර Cam ගන්නකොට kit lense එකක් විදිහට හම්බෙන කෙනෙක් ඔයා. ඒත් මට ගොඩක් වෙලාවට ඔයා මගේ ලඟ හිටපු හොඳම කෙනා වුනා...ඔයාගෙන් මට ලැබුන අත්දැකීම් ගොඩයි, ඔයා එක්ක මතක ගොඩයි, ඔයාගෙන් මං හම්බකරපු සල්ලි ගොඩයි. කැම් එක අතේ තියාගෙන ෆොටෝ එකක් ගන්නකොට ඔයාට වඩා හොඳ අය මගේ ලඟ ඉද්දිත් මම ඔයාව දාලා ෆොටෝ එක ගත්තේ. ඒ තරන් මං ඔයාට ආදරෙයි. ඒත් මෙතනින් එහාට ඉස්සරහට අඩියක් තියන්න ඔයාව වෙන කෙනෙක්ට දෙන්න වුනා. ඔයාවත් තියාගෙන ඉස්සරහට යන්න මට තාම අමාරුයි. දවසක මම ආයෙත් ඔයාව හොයාගන්නන් කොහේ හිටියත්. එතකන් පරිස්සමෙන් ඉන්න. මට වගේම එයාටත් ලොකු ගමනක් යන්න උදවු කරන්න🥺❤️
(කෙනෙක්ට හිතෙන්න පුලුවන් "මොන විකාරයක්ද පණ නැති දේකට කතාකරන්නේ" කියලා. ඒත් ආදරණීය, සංවේදී මනුස්සයෙක් විදිහට පණ නැති වුනත් අමාරු කාලෙදි ලඟ ඉදන් පණ තියන කෙනෙක් වගේ හයියක් වුන lense එක වුනත් මට මගේම කෙනෙක් වගේ. පණ තියනවා වගේ දැනෙන්නේ)

දස වසරක අභිමානය සහ නවමු ආරම්භය! 🎉🏢මධුර මෝටර්ස් (Madura Motors) ආයතනයේ 10 වන සංවත්සරයට සමගාමීව, නවීකරණය කරන ලද අපගේ නව පර...
03/08/2026

දස වසරක අභිමානය සහ නවමු ආරම්භය! 🎉🏢
මධුර මෝටර්ස් (Madura Motors) ආයතනයේ 10 වන සංවත්සරයට සමගාමීව, නවීකරණය කරන ලද අපගේ නව පරිශ්‍රය අද දින අභිමානවත් ලෙස යළි විවෘත කරන ලදී.

පූජනීය මහා සංඝරත්නයේ උතුම් ආශිර්වාද මධ්‍යයේ මෙම විවෘත කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බව මහත් සතුටින් දන්වා සිටිමු. 🙏✨

පසුගිය දස වසර පුරාවට අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් ඇතුළු ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය!

27/07/2026

We are now a family of 2,000 + 💫Thank you for believing in Studio Diliru...•Studio Diliru වටා එකතු වූ සහෘද හදවත් 2,000+ ...
23/07/2026

We are now a family of 2,000 + 💫
Thank you for believing in Studio Diliru...

Studio Diliru වටා එකතු වූ සහෘද හදවත් 2,000+ ට හද පිරි ස්තූතිය... ❤️ මෙතෙක් දැක්වූ ලෙසම ඔබගේ සහයෝගය ඉදිරියෙදීත් එලෙසම බලාපොරොත්තු වෙමු.

ප්‍රථම නැරඹුම් වාර 100,000 වාර්ථාකල වගයි 📷✨ විඩියෝව වටා එකතු වුනු ආදරණීය හදවත් 100,000+ ට Studio Diliru හෘදයාංගම ස්තූතිය...
21/07/2026

ප්‍රථම නැරඹුම් වාර 100,000 වාර්ථාකල වගයි 📷✨ විඩියෝව වටා එකතු වුනු ආදරණීය හදවත් 100,000+ ට Studio Diliru හෘදයාංගම ස්තූතිය ❤️
කඳ සුරිඳු පිහිටයි 🦚❤️

Video link :- https://www.facebook.com/reel/1410960910866334/?fs=e&mibextid=wwXIfr&fs=e

(සමහර අයෙක්ට අනුව මහලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් මේ මගේ ජීවිතේ මම ලබපු ලොකු ජයග්‍රහණයක්. කල කැපකිරීම් වලට, විඳි මහන්සියට ලැබුනු තෑග්ගක්. වචනෙන් පවා උදවු කරපු, මාත් එක්කම මේ සතුට එක ලෙස විඳින හැමෝටම ස්තූතියි. ආදරෙයි ❤️)

Address

Diyatalawa

Alerts

Be the first to know and let us send you an email when Studio Diliru• Seneth Dileepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Diliru• Seneth Dileepa:

Shortcuts

Share