06/01/2026
බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් වන ෆ්‍රා අජර්න් මහා දම් ෆොම්මාසන් වහන්සේගේ ජීවිතය වෙනස් කළ සිදුවීම මේ වන විට ලෝකයාම කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇත.
ෆ්‍රා අජර්න් මහා දම් ෆොම්මාසන් වහන්සේ ටෙක්සාස් ප්‍රාන්තයේ Fort Worth සිට Washington, D.C. දක්වා සැතපුම් 2,300ක “Walk for Peace” (සාම පා ගමන) [ආසන්නව කිලෝමීටර 3700]සඳහා සහභාගී වෙමින් සිටියදී, ටෙක්සාස්හි Dayton නගරයට ආසන්නව වාහනයක ගැටීමකට ලක්වූයේ නොවැම්බර් 19 වන දිනය.
මෙම අනතුරෙන් උන්වහන්සේට දැඩි තුවාල සිදු වූ අතර, ජීවිතය රැක ගැනීම සඳහා උන්වහන්සේගේ එක් පාදයක් දෙසැම්බර් 3 වෙනිදා ඉවත් කිරීමට සිදුවිය.
මහා දම් ෆොම්මාසන් වහන්සේ Wat Lao Buddha Khanti විහාරයේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේවරයෙකු ලෙස සේවය කරමින් සිටින අතර, වර්තමානයේ ජෝර්ජියා ප්‍රාන්තයේ Snellville නගරයේ තම විහාරයට ආපසු පැමිණ ඇත.
එක් පාදයක් අහිමි වුවද, උන්වහන්සේ කෝපයකට ලක් නොවී, අනතුර සිදු කළ පුද්ගලයා පිළිබඳව කණගාටුවක් හෝ වෛරයක් නොව, සමාව සහ කරුණාව පළ කළ බවද සඳහන් වන අතර එම පුවත ලෝකයා පුදුම කරමින් ඇති අතර බෞද්ධ දර්ශනයේ සැබෑ ජීවිතය උන්වහන්සේලාගේ ජීවිතයට කොපමණ බලපා ඇති ද යන්නත් සැබෑ බෞද්ධයක් යනු කවුරුන්ද යන්නත් ඔබට තේරුම් ගැනීමයත් හැකි වේ.