16/02/2026
“No matter how powerful the vessel, once it reaches the harbor, it yields to the guidance of the tug.” ⚓🚢.
⚓ ටග් බෝට් (Tug Boat) වරායේ නොකියන වීරයා ❤️⚓ටග් බෝට් කියන්නේ ලොකු නැව්වලට වඩා පොඩි වුනාට බලයෙන්, තාක්ෂණයෙන්, වගකීමෙන් අතිශය බලවත් නාවික යානයක්.මෙවල දිග අඩුයි,ඒත් එන්ජින් horsepower එක ඉතා උසයි.බොහෝ ටග් බෝට් වල 2,000 – 6,000 HP දක්වා ශක්තිය තියෙනවා.ප්‍රධාන එන්ජින් දෙකක් හෝ ඊට වැඩි ගණනක්,ඒවා direct drive හෝ azimuth thruster systems එක්ක ඉතා නිවැරදි පාලනයක් ලබාදෙනවා.Bollard Pull කියන්නේ ටග් බෝට් එකේ සත්‍ය බලය මනින එකකය.බොහෝ වරාය ටග් බෝට් වල 40 – 80 ටොන් bollard pull තියෙනවා.360° හැරෙන්න පුළුවන් propulsion system නිසාපොඩි ඉඩකඩකත්ලොකු container ships, tankers, bulk carriersආරක්ෂිතව හසුරවන්න පුළුවන්.Hull design එක short & wide,ඒක stability එකට සහ thrust transmission එකටඅතිශය වැදගත්.Fire-fighting systems (FiFi-1 / FiFi-2),towing winches,tow hooks,fender systemsමේ හැම එකක්ම safety එක වෙනුවෙන්.රැයකදි, වැසිදි,උණුසුම, සුළං, තරංග මැදටග් බෝට් crew එක නැව්වලට අත්දෙයි.වරාය වැඩ smooth වෙන්න,accident avoid වෙන්න,ඩොලර් බිලියන වටිනා නැව් ආරක්ෂිතව නවත්තන්න මෙම ටග් බෝට් අත්‍යවශ්‍යයි.ටග් බෝට් නැත්තං වරාය කියන්නේ අඩක්ම නවතින පද්ධතියක්.පොඩි බෝට් එකක් වුනාට වරායේ බර වැඩ ඉස්සරහට ඇදගෙන යන්නේ මෙයයි.ටග් බෝට් බලය, තාක්ෂණය,ආරක්ෂාව,සහ වරායේ ගෞරවය.❤️⚓️ #