Ruvi Art Gallery

Ruvi Art Gallery Ruvi Art Gallery captures emotions, stories, and beauty through artistic photography. Specializing in professional visuals, I turn moments into masterpieces.

Follow for creativity, inspiration, and stunning imagery!

❤️📸

ආදරේ හිතෙන ජීවිත ! ❤️              ゚viralシ  ゚
29/05/2026

ආදරේ හිතෙන ජීවිත ! ❤️

゚viralシ ゚

සෑහෙන්න කාලෙකට පස්සෙ ! ❤️🦋✨️
06/05/2026

සෑහෙන්න කාලෙකට පස්සෙ ! ❤️🦋✨️

ඡායාරූපයේ දැක්වෙන මෙම සත්ත්වයා ගස් ගෙම්බා ලෙස හදුන්වන (Tree Frog) වන අතර  මොවුන් ශ්‍රී ලංකාවේ වනාන්තර, ගෙවතු සහ තෙතමනය ස...
24/03/2026

ඡායාරූපයේ දැක්වෙන මෙම සත්ත්වයා ගස් ගෙම්බා ලෙස හදුන්වන (Tree Frog) වන අතර මොවුන් ශ්‍රී ලංකාවේ වනාන්තර, ගෙවතු සහ තෙතමනය සහිත පරිසර පද්ධතිවල ඉතා සුලභව දැකිය හැකි අපූරු උභයජීවී විශේෂයකි. පැරණි විද්‍යාත්මක නාමය Polypedates cruciger වන අතර අතර නව විද්‍යාත්මක නාමය වන්නේ Taruga cruciger යන්නයි.❤️🐸

සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී වැඩිපුර ක්‍රියාකාරී වන මොවුන්ගේ සමේ වර්ණය පරිසරයට අනුව වෙනස් කර ගැනීමේ හැකියාවක් පවතින බැවින් වියළි කොළ හෝ ගස් කඳන් මත සිටින විට සතුරන්ගෙන් සැඟවී සිටීමට ඔවුන්ට විශාල හැකියාවක් ඇත. විශාල ඇස් යුගලක් සහ ඇඟිලි තුඩුවල ඇති කුඩා මෘදු කොටස් නිසා ගස් අතු සහ පත්‍ර මත ඉතා පහසුවෙන් ගමන් කිරීමට මොවුන්ට හැකි වේ.🖤😍

මොවුන් පරිසරයේ සිටින කුඩා කෘමීන් ආහාරයට ගනිමින් ජෛව පාලනයක් සිදු කරන අතර, රාත්‍රී කාලයේදී පවත්වන ඔවුන්ගේ නාද රටාවන් වැසි වනාන්තරයක හෝ ගෙවත්තක පරිසරය වඩාත් අලංකාර කිරීමට මෙන්ම සජීවී කිරීමට ද ඉවහල් වේ.🌱🖤✨️

- Ruvi Art Gallery -

fans

Nature ! 🖤✨️මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ  කහ/තැඹිලි පැහැති ඉරක් ශරීරයේ දෙපස දිගේ දිව යන ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි Co...
23/03/2026

Nature ! 🖤✨️

මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ කහ/තැඹිලි පැහැති ඉරක් ශරීරයේ දෙපස දිගේ දිව යන ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි Common Skink / Bronzemback Skink විශේෂයට අයත් සත්වයෙකි.✨

හිකනලා යනු ශ්‍රී ලංකාවේ ගෙවතු සහ පාෂාණමය පරිසරවල ඉතා සුලභව දැකිය හැකි මිනිසුන්ට කිසිදු හානියක් නොකරන අහිංසක උරග විශේෂයකි. මෙම විශේෂයේ ශරීරය සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර දිලිසෙන සුළු කොරපොතු වලින් වැසී ඇත. මොවුන්ගේ ශරීරයේ පැති දෙපසින් දිවෙන දීප්තිමත් කහ හෝ තැඹිලි පැහැති ඉරි ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරන ප්‍රධාන ලක්ෂණයයි. දහවල් කාලයේදී පාෂාණ මත හෝ බිම මත හිරු එළිය තපින මොවුන් අනතුරක් දැනුණු සැණින් ඉතා වේගයෙන් දිව ගොස් සැඟවීමට දක්ෂ ය. පරිසරයේ සිටින කුඩා කෘමීන් සහ පණුවන් ආහාරයට ගන්නා බැවින් මොවුන් ගෙවතු පද්ධතියේ පලිබෝධ පාලනයට සෘජුවම දායක වන ඉතා ප්‍රයෝජනවත් සත්ත්වයෙකි.

​විද්‍යාත්මක තොරතුරු සලකා බැලුව හොත්,👇🏻

​විද්‍යාත්මක නාමය: ශ්‍රී ලංකාවේ බහුලව දැකගත හැකි මෙම විශේෂය සාමාන්‍යයෙන් Eutropis ගණයට අයත් වේ

​රාජධානිය: Animalia
​වංශය: Chordata
​වර්ගය: Reptilia
​ගෝත්‍රය:Squamata
​කුලය: Scincidae

​තව දුරටත් සලකා බලනව නම් ,

​ආරක්ෂාව: අනතුරකදී මොවුන්ගේ වලිගය ගැලවී යා හැකි අතර එම වලිගය පසුව නැවත වර්ධනය වේ. මෙය සතුරාගේ අවධානය වෙනතකට යොමු කර ජීවිතය බේරා ගැනීමට මොවුන් භාවිතා කරන උපක්‍රමයකි.

​වැරදි මත: බොහෝ දෙනා හිකනලූන් සර්පයන් ලෙස වරදවා වටහාගෙන බිය වුවද මොවුන් සතුන්ට හෝ මිනිසුන්ට විෂ සහිත හෝ භයානක සතුන් නොවේ.❤️✨️

fans

08/03/2026

yooo yooooh 🖤🔥 fans

"නොපෙනෙන විලංගු"_______________________​යකඩ දැල් පවුරු මතරටා ඇඳි සෙවණැලි..සිරකරයි සිතුවිලිනෙතු අගම හිරවෙවී..​අඳුරු ඉම දෙ...
27/01/2026

"නොපෙනෙන විලංගු"
_______________________

​යකඩ දැල් පවුරු මත
රටා ඇඳි සෙවණැලි..
සිරකරයි සිතුවිලි
නෙතු අගම හිරවෙවී..

​අඳුරු ඉම දෙස බලා
ඈ සොයන තනි එළිය..
තවම හුස්මක් පතයි
පැතුමකට පණ දිදී..


මෙය ගැහැනු ළමයෙකුගේ මුහුණේ ඉතා සමීප දර්ශනයකි (Close-up). කම්බි වැටක් පිටුපස සිටින ඇයගේ මුහුණ මත එම වැටේ සෙවනැලි ජ්‍යාමිතික රටාවකට වැටී ඇත. මෙයින් යම් සිරවීමක්, බලාපොරොත්තුවක් , හුදකලාවක් වැනි ගැඹුරු හැඟීමක් ප්‍රකාශ වේ. හිර වී ඇත්තේ ඇගේ හුදු හෞතික සිරුර ම නොව ඇය ඇගේ ම සිතුවිලි අතර මනසින් හිර වී ඇත. ඇය ඈත බලා කල්පනා කිරීමෙන් මා අදහස් කරන්නේ ඇය ඇගේ අනාගතය පිළිබද සිතුවිලි වල සිරවී හෝ කල්පනා කරමින් සිටිනා බවයි.

​පින්තූරයේ වඩාත්ම අවධානයට ලක්වන කොටස වන්නේ ඇයගේ ඇසයි. එම ඇසේ සෘජු බවක් නැතත්, එහි යම්කිසි මලානික බවක් හෝ යමක් සොයන ස්වභාවයක් පෙනේ. ඇස තුළ පරාවර්තනය වන ආලෝකය ඇගේ අභ්‍යන්තරයේ තවමත් ඉතිරිව ඇති "බලාපොරොත්තුව" සංකේතවත් කරයි.

​මුහුණ හරහා වැටී ඇති කම්බි වැටේ සෙවනැල්ල මම අර්ථකථනය කරන්නේ "බාධකයක්" ලෙසයි. සමාජ සම්මුතීන් නිසා ඇති වූ සීමා කිරීම් හෝ වේවා තමන්ගේම සිතුවිලි තුළ සිරවී සිටින ස්වභාවයක් හෝ වේවා ඉන් නිරූපණය වේ. වැටේ සෙවනැල්ල මුහුණේ සම මත තියුණු ලෙස සටහන් වී තිබීමෙන් හැඟවෙන්නේ එම සිරවීම ඇගේ ජීවිතයේ ඉතා තදින් මුල් බැස ඇති බවයි. එමෙන් ම එම සෙවනැලි මගින් ඇගේ ජීවිතයේ ඇති සංකීර්ණ බව මනාව පසක් කරයි.

-රුවී නිම්-

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ #බලාපොරොත්තුව​ #රුවීනිම්​ #විචාරය

fans

"Beauty begins the moment you decide to be yourself !" 🌻🧡✨️​              ​              ​              ​ #සිනහව  #සුන්ද...
24/01/2026

"Beauty begins the moment you decide to be yourself !" 🌻🧡✨️

​ ​ ​ ​ #සිනහව #සුන්දරත්වය #මතක #ඡායාරූප

Ruvi Art Gallery

21/01/2026

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Amazing Nature ! 💚📸 Album by Ruvi Art Gallery ​                                        ​
16/01/2026

Amazing Nature ! 💚📸

Album by Ruvi Art Gallery

​ ​

Hey 🖤😌​
15/01/2026

Hey 🖤😌

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Ruvi Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category