M.Pehesara Photograph

M.Pehesara Photograph I Love Photograph���

      පාකර්ගේ ගල් ඉබ්බා/  Paker's Black Turtle.ශ්‍රී ලංකාවේ ඉබ්බන් විශේෂ තුනක් දැකගන්න පුලුවන්.ගල් ඉබ්බා, මේවර ඉබ්බා සහ ...
14/05/2021



පාකර්ගේ ගල් ඉබ්බා/ Paker's Black Turtle.

ශ්‍රී ලංකාවේ ඉබ්බන් විශේෂ තුනක් දැකගන්න පුලුවන්.
ගල් ඉබ්බා, මේවර ඉබ්බා සහ කිරි ඉබ්බා යනු එම විශේෂ තුනයි. ගල් ඉබ්බන් වර්ග දෙකකින් දැකිය හැකි අතර මෙම ඡායාරූපයේ දැක්වෙන පාකර්ගේ ගල් ඉබ්බා යනු ලංකාවට ආවේණික ඉබි වර්ගයක්. කුඩා කාලයේදී හිසේ කහ තැඹිලි පාටවලින් තිත් දැකිය හැකි අතර පරිණත වීමත් සමග ඒවා ක්ෂය වී යයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ බහුලව ම දැක ගත හැකි ඉබි විශේෂය වන්නේ ද මෙම විශේෂයයි.

මොවුන්ගේ පැතලි ස්වභාවය පිහිනායෑම පහසු කරවන අතර මාංශ භක්ෂණයට වැඩි රුචියක් දක්වනවා. කුඩා මසුන්, ගෙම්බන්, ඉස්ගෙඩියන්, පණුවන් ආදීන් වැඩි වශයෙන් ආහාරයට ගන්නවා.

විලෝපික බලපෑම්, මස් පිණිස මරා දැමීම ආදි කටයුතු නිසා මෙම ජෛව සම්පත වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා. එමෙන් ම වාහනවලට යට වීම ද මෙම සත්ත්වයාගේ ජීවිතයට තර්ජනයක් ගෙන එයි.

මේ වගේ හේතු නිසා වර්තමානයේ ඇති කිරීම, කටුවේ කොටස් ළඟ තබා ගැනීම නීතිවිරෝධී කටයුතු ලෙස සලකනවා. මේ වගේ අහිංසක සත්ත්වයෙකුගේ මස් ආහාරයට ගැනීම ඇත්‍තෙන් ම දුකට කාරණයක්.

ඒ නිසා මේ වගේ සතුන්ව රැක ගැනීමත්, දැනුවත් වීමත් අපේ වගකීමක්.
Malsha Pehesara.

Address

Morathiha
Kurunegala

Telephone

+94703325529

Website

Alerts

Be the first to know and let us send you an email when M.Pehesara Photograph posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category