Sahan Jayasooriya

Sahan Jayasooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan Jayasooriya, Matale.

හිත සතුටු කරන දේවල් 💚මෙයත් දැනට වසර කීපයකට කලින් තටුව තුවාල කරගෙන පියාඹන්න බැරුව ඉද්දි මට හම්බවුණ අසරනයෙක්
18/08/2026

හිත සතුටු කරන දේවල් 💚

මෙයත් දැනට වසර කීපයකට කලින් තටුව තුවාල කරගෙන පියාඹන්න බැරුව ඉද්දි මට හම්බවුණ අසරනයෙක්

ශ්‍රී ලංකාවේ සර්පයෝ ගැන ලියවුන ⁣⁣සවිස්තරාත්මකම,නිවරදි කරුණු තියන එකම පොත තමා ශ්‍රී ලංකාවේ සර්පයන් පොත්, හැබැයි මේ පොතේ ද...
18/08/2026

ශ්‍රී ලංකාවේ සර්පයෝ ගැන ලියවුන ⁣⁣සවිස්තරාත්මකම,නිවරදි කරුණු තියන එකම පොත තමා ශ්‍රී ලංකාවේ සර්පයන් පොත්, හැබැයි මේ පොතේ දෙවනි සංස්කරණය දැන් හොයාගන්න නැහැ, ඒ නිසාම අලුත්ම යාවත්කාලීන කිරීම් එක්ක එන 3 වන සංස්කරණය ඔක්තෝබර් මාසයේදී නිකුත් වෙනවාලු....
මගෙන්ම සෑහෙන⁣ දෙනෙක් ඇහුවා දෙවනි සංස්කරණය ගන්න විදිහක් ගැන, දැන් ඒ අයට අලුත්ම update එක්ක පොත ගන්න පුලුවන්....
ඔය පොත එනවා විතරයි පේන්නේ,ටික දවසකින් හොයාගන්නවත් නැති වෙයි, ඒ නිසා කලින්ම වෙන්කරගන්න,ආය මේ වගේ අවස්ථාවක් හම්බෙන එකක් නෑ....
🐍❤️

පෙර ඇනවුම් මිල 5500/-

ලින්ක් එකෙන් ගිහින් විස්තර ගන්න....
https://www.ruchira-somaweera.net/snake-book

18/08/2026

බත්තරමුල්ලේ උත්සව ශාලාවක් ඇතුලට ආව කිඹුලා 😁 🐊
Crocodile Spotted At Battaramulla Hotel

Guess the snake name 🐍🙄
18/08/2026

Guess the snake name 🐍🙄

16/08/2026

🩷 🐶

සර්පයන් යනු මිනිසා දැඩිව බියක් දක්වන සතෙකු උවත් එම සතුන්ගෙන් මිනිසාට හා මේ පරිසරයට ඉතා වටිනා මෙහෙවරක් සිදුවේ. අපි මනසින්...
16/08/2026

සර්පයන් යනු මිනිසා දැඩිව බියක් දක්වන සතෙකු උවත් එම සතුන්ගෙන් මිනිසාට හා මේ පරිසරයට ඉතා වටිනා මෙහෙවරක් සිදුවේ. අපි මනසින් උසස් මිනිසුන් වයයෙන් එම සතුන්ව රැකගත යුතුයු. ආරක්ශා කළ යුතුය.

ඉතිං අපි සර්පයන් රැක ගනිමු,ආරක්ශා කරගනිමු. නිරපරාදේ මේ අහිංසක සතුන්ව මරලා දාන එක නතර කරමු
මාතලේ දිස්ත්‍රික්කය අවට නිවසකට හෝ ඔබට අනතුරක් වේ යැයි හිතන ස්තානයකට සර්පයෙක් ආවොත් මට කතා කරන්න එම සතුන්ව ආරක්ශිතව අල්ලා ඉවත් කරගන්න. ❤

( සර්පයා ඉවත් කරගන්නා ස්තානය අවට නැවත එම සර්පයා නිදහස් කිරීමට රක්ශිතයක් නොමැතිනම් එම සතාව මොරගහකන්ද රක්ශිතය වැනි රක්ශිතයකට මුදා හැරිය යුතුය. ඉතිං ඒ නිසා ට්‍රාන්ස්පෝට් ලබා දිය යුතු වේ. )

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවාද.. 😩🥹💔අද උදේ අපි හරිම ආදරයෙන් හදාගත්ත අපේ මේ බල්ලා වයර් එකකට බෙල්ල හිරවෙලා මේ විදියට අපේ වත්...
16/08/2026

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවාද.. 😩🥹💔

අද උදේ අපි හරිම ආදරයෙන් හදාගත්ත අපේ මේ බල්ලා වයර් එකකට බෙල්ල හිරවෙලා මේ විදියට අපේ වත්ත පල්ලෙහා වැට ගාව මැරිලා හිටියා. මට දැනගන්න ඕන මේක කවුරුහරු හිතාමතාම කරපු දෙයකට බෙල්ල හිරවෙලාද කියන එක. අපේ වත්තට එහා පැත්තෙ කුලියට කොටුවක් කරන කට්ටියක් ඉන්නවා. හරියටම බල්ලා මැරලා හිටියේ ඒ වත්තයි අපේ වත්තයි වෙන් වෙන වැට ගාව. ඒ කොටුව කරන අය එක වතාවක් කොටුවට බල්ලො ආවොත් වහ දෙනවා කියලා තර්ජනය කරලා තියනවා. ඒ නිසා අපි සීට් කෑලි දාලා cover කරලා තියෙන්නෙ සත්තු යන එක වළක්වගන්න. මේ සතා ගැන විස්තර කළොත් මේ සතා අපේ පාරෙම අයිතිකාරයෙක් නැතුව කන්න බොන්න නැතුව පාරෙ දුක් විඳ විඳ හිටපු බල්ලෙක්. අපි දැන් අවුරුදු 8ක විතර ඉඳලා කන්න බොන්න දීලා අසනීපයක් හැදුනොත් ඒවට බෙහෙත් කරලා වැස්සකටවත් තෙමෙන්නේ නැතිවෙන්න නිදාගන්න මෙට්ටයක් පවා දීලා අපේ වත්ත ඇතුලේ සැපට හදාගත්තෙ. ඒ වගේ මේ සතා ඇතුලුව අනාත වෙච්චෙ බල්ලො 5ක් අපි පුලුවන් හැම සැපක්ම දීල හදනවා. මට හරියටම තහවුරු කරගන්න ඕන මේක මද්දක් වගේ දෙයක්ද කියන එක. එහෙම වුණොත් ඒක අපේ අනිත් බල්ලන්ගෙ ජීවිත වලටත් තර්ජනයක්. ඒ බල්ලගෙ බෙල්ල හිරවෙලා තියනවා වගේ වයර් වලින් හදපු තව රවුම් එතනම තිබ්බා.

උපුටා ගැනීමක්

14/08/2026

තටුව කඩාගත්ත ගිරා හාමි ❤️‍🩹
ගිරවුන් සාමන්‍යෙන් රාත්‍රියේ ලැගුම් ගන්නේ පොල් ගස්වල පොල් අතුවල රංචු පිටින් පහළට එල්ලිලා. මෙයත් එහෙම රෑ නිදාගෙන ඉද්දි මොකක් හරි වෙලා ගහෙන් බිමට වැටිලා. 😑 එහෙම වැටිලා මේ තටුවට හානිවෙලා තියෙන්නෙ කොහොම හරි මෙයාට බෙහෙත් කරලා මෙයාගෙ තටුව සුවකරලා දෙන්න අපිට පුලුවන් උනා 😍

පොලොන් තෙලිස්සා / කුනකටුවාමේ ඉන්නෙ අපි කවුරුත් දන්න කුනකටුවෙකුගේ කොරල පේළිය පිහිටලා තියන විදිහ සමීප දසුනක් 🐍
14/08/2026

පොලොන් තෙලිස්සා / කුනකටුවා

මේ ඉන්නෙ අපි කවුරුත් දන්න කුනකටුවෙකුගේ කොරල පේළිය පිහිටලා තියන විදිහ සමීප දසුනක් 🐍

12/08/2026

ගමක්ම හොල්ලගෙන හිටිය යෝද නාගයා 😍
වටේ පිටේ සද්ද ගනන්ගන්නෙපා 😁

Address

Matale
21###

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Jayasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share