Dilshan Photography

Dilshan Photography “Great photography is about depth of feeling, not depth of field.” 📷

01/08/2024

හෙම්මාතගම මාවනැල්ල සහ මාවනැල්ල හෙම්මාතගම බස් රථ ගැටලුවේ සම්පුර්ණ කතාව කියවමු.

මම මේ බස් කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්න ඔනෑ... මේ කතාව දැම්මාට පස්සේ ඉතා සුළු පිරිසක් මට කොල් කරලා විවිධ දේවල් කිවා. සියට 80 ට වැඩි දෙනෙක් හොඳ කිවා ලෝකය වටේ අය මම මේක දාපු එක ගැන හොඳයි කියලා තමයි ඒ අයගේ අදහස වේලා තිබුණේ. මම මේක ප්ලැන් කරලා ලංගම සහ පෞද්ගලික බස් රථ වල වෙනසක් පෙන්වන්න හෝ කාටවත් අමනාපව කරපු දෙයක් නෙවෙයි. එයාලා කරන සේවය ගැන ගෞරවාන්විතව පිළීගන්නවා. ඒ වාගේම මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් මම අදුරන දන්න අය නමුත් ලෝකයට මේ කතාව කියන්න ඔනෑ වුනේ දියුණූ සමාජ වට පිටාවක අපි මිට වඩා ප්ලැන් එකක් සමග වැඩ කරන්න ඔනෑ කියන කතාව.

මේ විඩියෝ එක දාලා ටික දවසකින් ඒ කියන්නේ ජුලි 29 වැනිදා මට දෙන්න කියලා පුංචි පාර්සලයක් මාගේ හිතවත් කෙනෙක් මාවනැල්ලෙන් පෞද්ගලික බස් රථයකට දෙනවා. ඊට පස්සේ එතන හිටපු රියදුරා සහ කොන්දොස්තර මාගේ යාළුවාට කියලා තිබුණා එයා අපිට නිවුස් එකක් කර නිසා අපි මේක අරන් යන්නේ නැහැ කියටවත් කියලා. තවත් දේවල් කියා තිබුණා. අවසානයේ ඔහු ලංගම බස් එකක පාර්සලය එවලා තිබුණා.

එකට ගැටලුවක් නැහැ. බුදුන්ටත් හොද කියපු මිනිස්සු සහ විවිධ බැන වැදිම් නින්දා කරපු අය සිටියා නම් අපිට ඔක කරන එක අරුමයක් නොවෙයි. ඔවුන් මා කෙරෙහි දක්වන වෛරය මාගේ හිතේ නැහැ. පොදු සමාජ ගැටලු මම දාන්නේ මේක මම නැතිව වෙන කවුරුවත් මේ වාගේ දෙයක් දාන්නේ නැහැ. ගල් මුල් ,මඩ, හොඳ නරක හැම දෙයක්ම ලැබෙන නිසා.

නමුත් මේ කතාව හරහා දවසේ අමාරුවෙන් කරන ඒ අයගේ රැකියාව නැති කරන්න මට වුවමනා වුනේ නැහැ. එක එහෙම කරන්න කියන අදහසකුත් නැහැ.

එකම අරමුණ වුයේ විනාඩි 35 කට මේ ගමන යමු කියන අදහස දෙන්න බස්නැවතුමෙන් ආරම්භ වන බසය පළමු ජියර් එකේ දාගෙන අලුදෙනිය දිහාට යනකම් ගාටන්නේ නැතිව ටිකක් හයියෙන් යමු කියන අදහස දෙන්න. මම එදා ලංකා බැංකුව ලග ඉදන් ගිනිහප්පිටියට යනකම් පසු පසින් ඇවිද ගෙන ගියා. ඒ ගිහින් නැවතිලා බලන් හිටියා ඒ බස් එක මම දැක්කා හෙමින් තව දුරටත් ගාටනවා. අපේ හෘද සාක්සියට අනුව කල්පනා කලොත් මේක ලොකු ගැටලුවක් අද කාලයට අනුව මේක වෙනස් වෙන්න ඔනෑ. දැන් පරම්පරා ගානක් අපි ගියේ මේ ඉබි ගමනින්. හෙමින් යන චෝදනාවෙන් පෞද්ගලික බස් රථ කිහිපයක් එහෙම නැහැ කියන එකත් මතක තියා ගන්න.

මාගේ පිටුවේ රිච් වැඩි කරගන්න වුවමනාවක් නැහැ මේක හැමදාම විශාල පිරිසක් බලනවා. මිලියන, බිලියන ගනන්. මිට වඩා රිච් තියෙන පිටු මාගේ ගාව තියෙනවා. එහෙම කියන අය ඒ වැරදි අර්තකථනයෙන් මිදෙන්න ඔනෑ. තවත් සමහර අය මාගේ නම දාලා අපහාසාත්මක දේවල් කරලා තිබුණා. අසියාතික රටවල ගොඩාක් මිනිස්සු තමන්ගේ තරහා පිට කරන්නේ එහෙමයි.

මේ සිදුවිම පාදක කරගෙන

මම කතාව මේ විදිහට ලිවා. හැම කෙනෙකුගේම අදහස් අරන්. මට කියන්න හෝ ලියන්න දෙයක් අතපසු වි ඇත්නම් ඔබලා මාව දැනුවත් කරන්න. මේක ජාතික පුවත් පත් කිහිපයක් වෙනුවෙන් මම ලියලා යවා තිබෙනවා. හෙට අනිද්දා ඒවා පල වේවි...

ඔන්න පහලින් ඒ කතාව තමයි මේ පටන් ගන්නේ...
********
කිලෝමිටර් 14 ක් පමණ දුරකින් යුත් හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ මගී බස් රථ ධාවනයේදි එක් ගමන් වාරයක් වෙනුවෙන් මගී බස් රථයක් පැයකට ආසන්න කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අපහසුතාවයට මේ වන විට ලක් වි ඇති අතර බස් නැවතුමෙන් සිට බසය පිටත් වි කිලෝමිටරයක් පමණ ගියත් පා ගමනින් ගොස් සමහර දෙනෙක් බසයට ගොඩ වෙන්නේ එහි වේගය ඉබි ගමනක් වන නිසාවෙනි.

ජනතාව පවසන්නේ වෙනත් දුර බැහැර නගරයන් වල සිට මාවනැල්ල දක්වා පොඩි කාලයක් ඇතුලත පැමිණියත් මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා පැයකට ආසන්න කාලයක් හෙම්මාතගමට පැමිණිමට වැය කර යුතු බවයි. කොළඹ හෝ නුවර ඇතුලු වෙනත් පිට පළාත් වල රාජකාරි සඳහා යන හෙම්මාතගම සමහර ජනතාව මාවනැල්ලට පැය එක හමාරක් වැනි කාලයකින් පැමිණෙන අතර එතන් සිට හෙම්මාතගම දක්වා යන්නට ඔවුන් ඉහත කාලයක වැය කරයි. මේ නිසා හෙම්මාතගම පදිංචි සමහර දෙනෙක් සිය නිවාස වතු පිටි විකුණා වෙනත් ප්‍රදේශ වලට පදිංචියට ගොස් ඇති අතර තවත් පිරිසක් කුලි නිවාස වල පදිංචියට ගොස් ඇත. එපමණක්ද නොව පාසල් යන අමතර පන්ති වලට සහභාගි වන දරුවන්ද මේ නිසා පිඩාවට පත් වි ඇත.

සමස්තයක් ලෙස ගත් විට ලංගම බස් රථ බොහෝ අවස්ථා වල විනාඩි 45 කටත් වඩා අඩු කාලයකින් මාවනැල්ල නගරය දක්වා ගමන් කරද ? පෞද්ගලික බස් රථ වලින් කිහිපයක් හැරුණූ විට සෙසු බස් රථ විනාඩි 55 ක් පමණ එක් ගමන් වාරයක් සඳහා ගත කරයි.

මිට දසකයකට පමණ කලින් හෙම්මාතගම මාවනැල්ල මාර්ගය ඉතා අඹලන්ව පැවැති අතර පසුව කොටි ගණනක් වියදම් කර මෙම මාර්ගය මං තීරු දෙකක් ලෙස සංවර්ධනය වුයේ මාවනැල්ල හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල නගරය දක්වාය. අධීක වැසි පවතින අවස්ථා සහ නාය යෑම් නිසා වසා දැමු පහල කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස නිසා දුර ගමන් බස් රථ ගම්පොලට, නුවරඑළියට, මහනුවර, නාවලපිටිය වැනි ප්‍රදේශවලට ගමන් කරන ලද්දේ මාවනැල්ලට පැමිණ හෙම්මාතගම නගරය පසු කරමින් ඉහත මාර්ගයෙනි. එම බස් රථ පැය භායකටත් වඩා අඩු කාලයකින් මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය දක්වා ගමන් කිරීම සිදු විය.

පසුව එම අවදානම් තත්වයන් පහ වු පසුව මේ වන විට එම බස් රථ මෙම මාර්ගය භාවිතා නොකරන නමුත් හෙම්මාතගම ප්‍රදේශයේ ජනතාව දුර ගමන් බස් රථ හෙම්මාතගම හරහා ලබා ගැනීමට ඉල්ලීම් කර තිබුණත් මේ දක්වාම එය ඉටු කර ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් ජනතාවගේ පොදු මතය වන්නේ මෙම මාර්ගයේ එක් ගමන් වාරයකදි බස් රථයක් විනාඩි 35 ක් ඇතුලතවත් සිය ගමනාන්තය අවසන් කර දැමිමයි. බොහෝ දුර පළාත් වල විවිධ රාජකාරි වලට මෙන්ම විභාග වලට රෝහල් වලට යන එන මගී ජනතාව මේ නිසා දැඩි අපහසුතාවයකට කාලයක සිට පත්ව අසරණ වි ඇත. එමෙන්ම ජනතාවගෙන් තවත් පිරිසකගේ මතය වි ඇත්තේ පෞද්ගලික බස් රථ වලට මගී ප්‍රවාහන අධිකාරීවෙන් විනාඩි 40 කට හෝ 45 කට ගමන් වාරය අවසන් කර යුතුයි. නැතිනම් දඩයක් නියම කරන බව බස් රථ වල ස්ටිකරයක් අලවා මගීන් දැනුවත් කර එහි දුරකථනය අංකයක්ද දැමිම බව බොහෝ දෙනෙක් පවසයි.

කෙසේ හෝ මෙම ගැටලුකාරි තත්වය සම්බන්ධයෙන් අප හෙම්මාතගම පෞද්ගලික බස් රථ පරියන්ත පාලක එන්. දිනේෂ් තරංග සෙනෙවිරත්න මහතාගෙන් විමසිමක් කර අතර ඔහු මේ සම්බන්ධයෙන් අප සමග මෙසේ පැවසීය.

හෙම්මාතගම මාවනැල්ල ලියාපදිංචි බස් රථ 33 ක් පමණ තිබෙනවා. දෛනිකව මෙම බස් රථ වලින් 16 ත් 18 ත් අතර දෛනිකව ධාවනය එක් කරනවා. ඉස්සරට වඩා මගීන් බස් රථ වලට අඩුයි. නිතීය අනුව ගමන අවසන් කරන්න ඔනෑ විනාඩි 45 ක් ඇතුලත නමුත් ඓහෙම වෙන්නේ නැහැ ලංගම බස් රථ විනාඩි 15 ක් බස් නැවතුමේ නවත්වාගෙන ඉන්නවා. පෞද්ගලික බස් රථ වලට විනාඩි 10 යි. අපේ ඉල්ලිමක් තියෙනවා ලංගම සහ පෞද්ගලික බස් රථ වලට විනාඩි 10 බැගින් නැවතුම් කාලය සමාන කර දෙන්න කියලා. එතුමන් එසේ පවසන නිසා අලුයම් කාලයේ සහ රාත්‍රී ගමන් වාර පෞද්ගලික බස් රථ යෙදවිම සිදු නොකරන්නේ මන්දැයි කර විමසිමකදි තරංග මහතා මෙසේ පැවසිය.
උදෑසන 6.10 සිට සවස 5.40 දක්වා අපි බස් රථ ධාවනය කරනවා. නමුත් මාවනැල්ලෙන් රාත්‍රී 8.00 අවසන් පෞද්ගලික බස් රථය හෙම්මාතගමට එනවා. යැයිද ඒ මහතා අප කරන ලද විමසිමකදි පවසන්නට විය.

කෙසේ වෙතත් හෙම්මාතගම මාවනැල්ල සහ මාවනැල්ල හෙම්මාතගම බස් රථ ධාවනය මන්දගාමීව සිදු විම ගැන සමාජ මාධ්‍යයේ මේ දින වල දැඩි කතා බහක් ඇති වි ඇති අතර ලක්ෂ ගණන් ජනතාව මෙම බස් රථ සේවය පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් කරුණූ සඳහන් කර ඇති අයුරුද දැක ගත හැකි විය.
කෙසේ වෙතත් මෙම ගැටලුව දැනට වසර ගණනාවක් පවතින අතර ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් කිහිපයක් පමණක් පහත දක්වා ඇත.

වයි.ටී.ඉෂන්ක

මම හෙම්මාතගම මාවනැල්ල පාරේ පා පැදිය පදිනවා ව්‍යායාමයකට. බයිසිකලය හෙම්මාතගම ඉදන් පැදලා මග නවත්වලා වොෂ් එකක් දාලා ප්ලෙන්ටි එකක් බීලා නැවත බයිසිකලය පදින්න ගත්තාම තමයි හෙම්මාතගමින් ආපු බස් එක මාගේ ඉස්සරහින් යන්නේ.

එච් මොහොමඩ්

නාවලපිටිය ගම්පොල ඩිපෝ වලින් හෝ පෞද්ගලික දුර ගමන් බස් රථ දාන්න පුළුවන් නම් ඒවායින් පැයකට එකක් හෝ හෙම්මාතගම හරහා ගමන් කලොත් මේ ගැටලුවට විසදුමක් වෙයි. සමහර වේලාවට ලංගම බස් රථයක නැන්ගාම හෙම්මාතගමින් ඉස්සරා ගිය පෞද්ගලික බස් රථ ඉස්සර කරගෙන යනවා.

එම්.ආර්.සී.එන්.කලුගල්ල

මේක වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ වටිනා කාලය මේ අය පාරටම කාලා දානවා. මේක තේරුම් ගන්න මේ අයට තාම බැරි වුනා.

කෙහෙල්පන්නල සමන්ත උපුල්

කිලෝමිටර් 14 ක් යන්න පැයටත් වඩා වැඩි කාලයක් ගත කරන අවස්ථා තියෙනවා. ලෝකේ කොච්චර දියුණූද ? අධිවේගී මාර්ග ඉලෙක්ටි්‍රක් වාහාන එන යුගයක් හෙම්මාතගම අපි ඉන්න තැන... මේ ගැටලු වලට එකම විසදුම දුර පලාත් මගී බස් රථ මේ නගරය හරහා යෙදවීමයි. එසේ කළහොත් මගීන්ට ඉක්මනින් තමන්ගේ ගමන් යා හැකියි. එවිට මෙයාලාත් ගමන වේගවත් කරන්න සිදු වෙනවා. එවිට ඒ බස් වලත් මගීන් යන්න පටන් ගනිවී. සමහර විට මේ වාගේ යෝජනාවක් ආ සැණින් වර්ජනයක් පටන් ගන්නවා. වර්ජනය ගණන් නොගෙන දුරගමන් සේවා ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට ඊට අනුගත වෙන්න වෙනවා. නමුත් මේ යෝජනා ක්‍රීයාත්මක කරයි කියලා හිතන්න බැහැ. ජනතා යහපතට වඩා තමන්ගේ දේශපාලන යහපත ගැන සිතා මැටි තීන්දු ගන්නා සමාජයක කෙසේ අප ඒ ගැන විශ්වාසයක් තබන්නේ. නමුත් මෙතෙක් ආ මග වෙනස් කරීමට දැන් කාලය පැමිණ ඇත.

කේ.වි.එස්.බණ්ඩාර

ළගඳි මම මාවනැල්ලෙන් හෙම්මාතගමට යන පෞද්ගලික බස් රථයක නැන්ගා ඔහුට කිලෝමිටර් 5 ක පමණ දුරක් එන්න පැය භාගයක් ගියා. බැරිම තැන මම ඒ ඩ්‍රයිවර්ගෙන් ඇසුවා ලයිසන් ගන්න ලර්නස් යන ගමන්ද කියලා. ඩ්‍රයිවර් සහ කොන්දොස්තර රවන්න ගත්තා ඕක දිපන් පොඩි ළමයෙකුට කියලා මම බැස්සා. මම බසයෙන් බැහැලා කල්පනා කරා සමහර විට ඒ බස් එක හෙම්මාතගමට පැය එකහමාරක් විතර යන්න ඇති.

ගිනිහප්පිටිය එම් එච්. මොහොමඩ් මහතා.

මිනිස්සු එකතු වුනොත් දුර ගමන් සේවා බස් රථයක් අපිට ලබා ගන්න පුළුවන්. නුවරඑළිය ඩිපෝව සමග කථා කරලා. නුවරඑළියෙන් පෙ.ව. 4.10 කොළඹ යන බස් එක මේ පාරෙන් ධාවනය කරන්න. හෙම්මාතගමින් වේලාවක් හදලා දීලා ලියුම් ඇරියා එක හෙම්මාතගමට 6.45 එනවා නැවත කොළඹින් සවස 5.15 මේ පාරෙන් ධාවනයට එක් කරන්න එහි ඩිපෝ කළමණාකාරතුමා සමග මේ වැඩේ කර ගන්න පුළුවන්.

රාජා ගුණතිලක.

මාවනැල්ල හෙම්මාතගම කිලෝමිටර් 13 ක පමණ දුරක් තමයි තියෙන්නේ කිලෝමිටර් 1 ක් තුල බස් නැවතුම්පොලවල් හතරක් තිබුණොත් බස් නැවතුම්පොලවල් 52 විතර තියෙනවා. බස් නැවතුමක විනාඩි එකහමාරක් නවතා සිටියත් ඒ සඳහා විනාඩි 26 ක කාලයක් ගතවන අතර ඒ අනුව මේ ගමන අවසන් කරන්න පැයකට ආසන්න කාලයක් ගත වෙනවා.

සිසිර කුමාර

දවසට පාරට එන මගීන් සංඛ්‍යාව නියතයි. ඒ මගීන් තමයි බස් වලට බෙදිලා යන්නේ බස් හිමින් ගියත් වේගයෙන් ගියත් මගීන් සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බස් වල සමස්ත ආදායම එකයි. හෙමින් යන එකෙන් වෙන්නේ මගීන්ට විශාල කාලයක් අපතේ යෑමයි. මේ විදිහට කොට කොට යද්දි බස් වලට නොපනෙන අවාසියකුත් වෙනවා. ඒ තමයි මගීන් බස් වල වන එක නවත්වලා විකල්ප ප්‍රවාහන වලට යොමු විම.

මෙම බස් රථ ධාවනයේ යෙදෙන රියදුරෙකු මෙන්ම බස් රථ හිමිකරුවෙකු වන නිශාන්ත සුමනතිලක මහතා අදහස් දක්වමින් පවසන්නේ මෙවැන්නකි.
ඇත්තෙන්ම කියනවා නම් අපේ බස් රථ වලට ඉස්සර වාගේ මගීන් නැහැ සමහර බස් රථ හවස යන්නේ රුපියල් 500 ක් හෝ 1000 ක් අරන් දුක් වෙමින් පාඩු පිට. ඒ තරම් ගැටලුකාරී ත්තවයක අපි ඉන්නේ උදේ සහ සවස බස් රථ වලට සෙනෙග ටිකක් හිටියාට දවල් කාලයට සෙනෙග නැහැ. ගෝලයන්ට රියදුරන්ට වැටුප් ගෙවපුවාම බස් රථ අයිතිකරුවන්ට ඉතුරු වන දෙයක් නැහැ. ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ වලට සාමාන විනාඩි ගාණක් නොදිමත් ගැටලුවක්. ඒ වාගේම අපි මේ පාරේ ගියාට මගක් යද්දි අඹදෙනිය, උයන්වත්ත, තල්ගමුවෙන් බස් එලියට දානවා එතකොට මගීන් හෙම්මාතගමින් යන බස් වලට නැහැ. මේ ගැටලුකාරී තත්වයට අපි කාලයක සිට මුහුණ දෙනවා ගොඩාක් අය බස් රථ විකුණනලා වෙනත් අතක් බලා ගන්නවා අපිටත් මෙහෙම ගියොත් වෙන්නේ ඒ ටික තමයි.

අප මේ කරුණූ සොයා ගිය අවස්ථාවේ මාර්ගස්ථ සහ වේලා සටහන් කරුවන්ගේ ද ගැටලු තිබෙන බව දැන ගැනීමට හැකි වු අතර මේ සියල්ල ගැන පුළුල් විමර්ෂණයක් කර ක්‍රම වේදයක් සැකසිය යුතු අතර එය කවදා සිදු වේදැයි ජනතාව සහ බස් රථ රියදුරන් බලා සිටියි.

සටහන මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර

Nimesh Nimeshkasun Naveen Buddika Shami Ka Hasitha Amarasingha Amarasingha Janaka Janaka Sadew Anura Kumara Dissanayake Ranil Wickremesinghe Nimesh Shaminda Rathnayake Dinesh Thusitha Nandana Sodarangalla HLPL - Hemmathagama Legends Premier League Shamila Rukshan Thusitha Silwa Mawanella Travel \ Tourism \ Hotels \ Restaurant \ Food Sameera Perneeth Hiru News Live Dasatha Lanka News Kanchana Wijesekera - කංචන විජේසේකර Mohamed Rushdi Hadhi Rashad Mohammed

CBR RR Owner Shanaka GayanWith Dilshan Photography
13/07/2023

CBR RR
Owner Shanaka Gayan
With Dilshan Photography

Eka ❤️🌻
03/04/2023

Eka ❤️🌻

2023.02.19 බලවත්ගම ශ්‍රී රතනජෝති දහම් පාසල විසින් සංවිධාන කරනු ලැබු පින්නපාත දානය ☸️🙏
20/02/2023

2023.02.19 බලවත්ගම ශ්‍රී රතනජෝති දහම් පාසල විසින් සංවිධාන කරනු ලැබු පින්නපාත දානය ☸️🙏

17/02/2023
12/01/2023
ශ්‍රි දළදා මාලිගාව                      ( මහනුවර ) - 📸
12/01/2023

ශ්‍රි දළදා මාලිගාව
( මහනුවර ) - 📸

Address

B12/1 Kumblaga Dewanahala
Mawanella
71500

Telephone

+94775940150

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilshan Photography:

Share

Category