ගොසිප් පප්පා

ගොසිප් පප්පා "Daily fun gossip hub 🔥 #ගොසිප්පප්පා"

2000දී ටිපිප් එකක් රු.12යි… එතකොට අවුරුදු 26ට 733.3%කින් වැඩි වෙලාහැබැයි මේකේ ලොකුම කතාව මිල වැඩිවීම නෙමෙයි…**මම මේ ටිපි...
17/08/2026

2000දී ටිපිප් එකක් රු.12යි… එතකොට අවුරුදු 26ට 733.3%කින් වැඩි වෙලා
හැබැයි මේකේ ලොකුම කතාව මිල වැඩිවීම නෙමෙයි…
**මම මේ ටිපිටිප් පැකට් එක හොයාගත්තේ ඊයේ, ඒ ගෙදර තිබිලා නෙමේ සිරිපාදේ නාය ගියපු තැනකින්.**
හිතන්න… මේක **අවුරුදු 26ක්** සිරිපාදේ උඩ තිබිලා.
අවුරුදු 26ක් ගියත් පැකට් එකේ කල් ඉකුත්වීමේ දිනය පවා තාම පැහැදිලිව පේනවා😳
එදා පැකට් කරපු දේවල්වල කොලිටිය සුපිරි හැබැයි *අරන් ගිය මිනිස්සුන්ගේ කොලිටිය?*
අදටත් සිරිපාදේ යන අය ප්ලාස්ටික්, බෝතල්, කෑම පැකට් එහෙම තැන තැන දාලා එනවා.
අපි අද දාන එක කුණු කෑල්ලක් විතරයි කියලා හිතුවට,
**අවුරුදු 20ක්… 30ක්… 50ක් ගියාම ඒ කුණු කොහෙ තියෙයිද?**
තව අවුරුදු ගානකින් සිරිපාදේ ගිහින් බලන්නේ පූජනීය කන්දක්ද…
නැත්නම් **ලංකාවේ උසින්ම පිහිටි කුණුගොඩද?** 💔
**“කුණු කෑල්ලක් විතරයි” කියලා හිතලා දාන හැම කුණු කෑල්ලක්ම කවදාහරි කෙනෙක්ට මේ වගේ අවුරුදු 26ක සාක්ෂියක් වෙන්න පුළුවන්.** 😔

#සිරිපාදේ

16/08/2026

ස්ක්‍රිප්ට් එක හොද මදි
දැන් හරිනේ අමාරැව 😂😂
හැලි ලියපු උන්ට ගෞරවයෙන් බුදු සරනයි 😂😂

උතුම් මිනිසුන් මයි ෆුට් 😆😆😆 ඕකට නම දාගනියව් " අවස්ථාවදී තේඋඩිච්චියන් " කියලාමනුස්සයෙක්ගෙ ලස්සනම දවසේ බියුටිශියන්ගෙ වැරැද...
16/08/2026

උතුම් මිනිසුන් මයි ෆුට් 😆😆😆 ඕකට නම දාගනියව්
" අවස්ථාවදී තේඋඩිච්චියන් " කියලා
මනුස්සයෙක්ගෙ ලස්සනම දවසේ බියුටිශියන්ගෙ වැරැද්ද හෝ කැමරා ඈන්ගල් වල අවුලක් නිසා මේකප් දාන්න කලින් සාමාන්‍ය පෙනුම කිසි අවුලක් නැති , බ්‍රයිඩ්ල් මේකප් එකෙ අවුලක් පොඩ්ඩක් තියෙනවා වගෙ පේන මොකක් හරි වීඩීයෝ ක්ලිප් එකක් හොයාගන්නවා😁😁
හොඳට මතක තියාගන්න ටික් ටොක් අස්සෙ මේවා හොය හොය ඒක ශෝශල් මීඩීයා ප්ලැට්ෆෝර්ම් අස්සෙ ගෙනත් අත අරින්න වයිරල් යවන්න නිකම් මිනිස්සුන්‍ට බරපතල උවමනාවක් නෑ..
අනිවාර්‍යෙන් මේක මේ මනාලියගෙ අවසරයකින් තොරව උපුටා අරන් වෛරල් යවලා තියෙන්නෙත් මේ සැලෝන් ෆීල්ඩ් එකෙ ඉන්න සෙට් එකක් විසින්ම තමයි ..😝ඒක ඉතා පැහැදිලියි!!
උන්ම මේක උපුටා දක්වලා
"අඥී මේ මලමාලි මට හුයලා දෙම්න මන් එයාට free of charge අන්දන්නම් " 😎😎😎
කියලා උන්ගෙ page වල පෝස්ට් දානවා🤣🤣
ඉතින් මන්ද මෝල් බේසික් බේසිකාවො ටික ගිහින් අහවල් බියුටීශියන්ලා ටිකට
" අඥී අක්කි උවා නම් ග්‍රේට්!!
" ඔවාලා තමා මිනිස්සු"
" ඔවාලට හලි යනෝනෝනි අක්කි ජාති ජාතිත්"
ගගා කමෙන්ට්ස් දානවා😝
අනේ අපි නොදන්න නල්ල මලේ සත් ගුණවත් සැලෝන් අක්කිලා😜
අර මනමාලිටවත් නැති අමාරුවක් රටපුරා සැලොන් අක්කිලට තියෙන්නෙ..😝😝
ආයි එන්නලු ... නිකම් අන්දලා දෙන්නම්ලු.. 😆😆
ආයි ඔහොමම කසාදෙත් අරන් දුන්නා නම් ඉවරනෙ බන්!!
ඉතින් මේ ෆීල්ඩ් එකෙ ඉන්න පට්ටම වැඩ්ඩො වැඩ්ඩියො ටිකට පුලුවන් නෙහ් මනමාලිට ආයිම අන්දනවා වගෙ මෙලෝ තේරුමක් නැති ලපටි ලාවුලු වැඩක් කරනවා වෙනුවට අර හරියට මේකප් කරේ නෑ කියලා හිතන බියුටීශියන් හොයාගෙන
එයාට free of charge බ්‍රයිඩ්ල් මේකප් එකක් දාන්න උගන්නන්න?😁😁
හා මන් කියන්නෙ ඒක නේද වඩාත් ප්‍රායෝගික මෙතන?
උබලා සෙට් එකට ඔච්චර තෙත් උනා නම් අනුකම්පාවෙන් අර කෙල්ලට අන්දපු බියුටීශියන් හොයාගෙන ඒකිට නොමිලේ උබලගෙ දැනුම් සම්භාරයෙන් බිඳක් දීපල්ලකො!!😌😌
අඩුගානෙ තව කෙල්ලන්ගෙ ලස්සන දවස් ඊට පස්සෙ නාස්ති වෙන එහෙකුත් නෑ..අර අන්දනවා කැතයි මේකප් දානවා කැතයි කියලා දොස් අහපු සැලොන් කෙල්ලත් ඒ වැඩේ ලස්සනට ඉගෙනගෙන ජිවිතේ ගොඩයයි!!😌
ඒක නේද මෙතන වෙන්නෝනෙ??
බැඳපු එකීට ආයි අන්දනවා වගෙ උබලටත් අපිටත් ඒකිටත් මෙලෝ තේරුමක් නැති මංද මෝල් වැඩක් කරනවා වෙනුවට ඒ වගෙ වැඩක් කරන්න උබලට කවදාවත් උවමනා නැත්තෙ ඇයි?😁😁
එහෙම බැලුවොත් අර බියුටීශියන් අන්දපු පලමු මනමාලි අර ගෑනු ලමයා නෙමේනෙ..
මෙතෙක් අන්දපු හැම බ්‍රයිඩ්ගෙම නම්බර්ස් හොයලා ලිස්ට් එකක් හදලා එවන්නත් පුලුවන් ..
" යන්න ගිහින් මේ අක්කිලාට කියලා ආයිම අන්දගන්න කියලා "😁
එහෙම නැත්තම් මං අර බියුටිශියන්ගෙ නම්බර් එක හොයලා දෙන්නම්..
අනේ පීස් එයාට හරියට අන්දන්න මේකප් දාන්න සල්ලි ගන්නැතුව කියලා දෙන්න කැමති සැලෝන් අක්කියෙක් නැද්ද හොයාගන්න? 🤭🤭🤭🤭❤️

15/08/2026

ආරක්ශාව තමයි අන්ක 1,motor එකක rpm එකක් තියෙනවා,දාන බර අනුව වෙනස් වෙනවා මේ අගයත්,කොහොම උනත් වැදුනහම පොරෝ පාරක් කෑවා වගේ තමයි,මේ තියෙන්නේ dji ප්‍රදාන කෘෂිකාර්මික ඩ්‍රෝන කාන්ඩයන් කිහිපයකගේ මෝටර kv අගයන් කිහිපයක්,T70 / T70P: 65 rpmV
T60: 83 rpm/V
T50: 48 rpm/V
T40: 48 rpm/V
T25P / T25: 59 rpm/V
T20P: 48 rpm/V
T20: 75 rpm/V
T10: 84 rpm/V ඉතින් පරිස්සමින්,විශේෂ දෙයක් කීවොත්,dji විටෙක පවසලා තියනවා ඩ්‍රෝන මගින් වෙන අනතුරු සම්බන්දයෙන් කීවාම ( අප විසින් නිශ්පාදනය කරනු ලබන කෘශිකාර්මික ඩ්‍රෝන යානා කෘෂිකාර්මික භූමියක ඇරෙන්න,හුදෙක් මිනිස් ජනාවාසයක් ගැවසෙන ස්තානයක් උඩින් හෝ සත්ත්ව ගොවිපලක් උඩින් පියාසර කිරීමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් එවැනි ක්‍රියාවන්ගෙන් හැකිතාක් වැලකී සිටින ලෙසත් දැනුවත් කරයි) යනුවෙනි.පසුගිය වසර 44 ක කාල සීමාව දක්වා ගත් විට ලොව පුරා rc ගුවන් යානා ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදු වූ මරණ දැනට 11 ක් වාර්තා වේ.

👾වීඩියෝව මුල් අයිතිකරු සතු වේ.

💥සීනිගම පෙරහැර හොල්ලපු VIP ගාඩ් එකක් මැද නටපු දකුණේ බුලට් එක..ලංකාවෙම කෙල්ලෝ පිස්සුවෙන් වගේ හොයන දකුණේ කොල්ලා 'ෂෙනාල්' ග...
14/08/2026

💥සීනිගම පෙරහැර හොල්ලපු VIP ගාඩ් එකක් මැද නටපු දකුණේ බුලට් එක..
ලංකාවෙම කෙල්ලෝ පිස්සුවෙන් වගේ හොයන දකුණේ කොල්ලා 'ෂෙනාල්' ගේ ඇත්ත පැටිකිරිය මෙන්න..

"ඒයි... අර කවුද බං ඒ VIP එකෙක් වගේ එන්නේ?"
සීනිගම පෙරහැර බලන්න පාර දෙපැත්තේ පිරී ඉතිරී ගිහින් හිටපු සෙනඟ අස්සෙන් එකපාරටම ලොකු කසුකුසුවක් පැතිරිලා ගියා. කට්ටියම හිස් උස්සලා බැලුවේ මොකද වෙන්නේ කියලා.

දෙයියෝ සාක්කි.. බෝඩිගාඩ්ලා වගේ ඉන්න නිලධාරීන් හත අටදෙනෙක් මැදින් එන්නේ ලංකාවේ ලස්සනම කොල්ලා කියලා කියන්න පුළුවන් පට්ටම ලුක් එකක් තියෙන කොල්ලෙක්.. මිනිහා එන්නේ පෙරහැරේ නටනගමන්..

පෙරහැරේ ආව මේ කොල්ලා බෙර පදේට නටන්න ගත්තම වටේ හිටපු කෙල්ලන්ගේ විතරක් නෙවෙයි, කොල්ලන්ගේත් ඇස් උඩ ගියා "අරේ වාහ්... බලපන්කෝ ඒ ලුක් එක" කියල තමයි හැමෝටම කියවුණේ.

මේ වගේ කොල්ලෙක්ට ගාඩ් එකක් නැතුව කොහොමත් මෙහෙම නටන්න බැහැ තමයි ඉතිං. මොකද පොඩ්ඩක් හරි ඉඩ දුන්නොත් කෙල්ලෝ ටික කොල්ලව උස්සන් යන්න බලාගෙන හිටියේ

මේ කොල්ලා කාගේ කවුද, කින්ද බන්ද කියලා අදටත් හරියටම කවුරුත් දන්නේ නෑ. හැබැයි මේ වෙද්දී මුළු බුකියම හෙල්ලීගෙන යන ප්‍රධානම ප්‍රශ්නය තමා කවුද බං මේ ප්‍රභූ ආරක්ෂාවත් එක්ක ඇවිත් සීනිගම පෙරහැරේ නටපු අද්භූත ලස්සන කොල්ලා.. මේ තමයි ෂෙනාල් ආදිත්‍ය.. මෙයා නිරූපන ශිල්පියෙක්, ඒවගේම ටයිකොන්ඩෝ ශූරයෙක්.. Mister Global Sri lanka 2025 ජයග්‍රහණය කලෙත් ෂෙනාල් ආදිත්‍ය,

නව නිපැයුම් හයක් කළ තරුණයා අද කලකිරිලා. (විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න) විදෙස් රටක හිටියා නම් ඔබට නිසි පිළිගැනීම සහ වටිනා...
13/08/2026

නව නිපැයුම් හයක් කළ තරුණයා අද කලකිරිලා.
(විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න) විදෙස් රටක හිටියා නම් ඔබට නිසි පිළිගැනීම සහ වටිනාකම ලැබෙනවා නොවනු මානයි...

*පයිනස් ශාකයෙන් පෙට්‍රල් හැදුවා. ප්‍රාදේශීය ලේකම් ඒක අනුමත කළේ නෑ.

*මා හැදූ හෙලිකොප්ටරය කුඹුර මැද දිරනවා

මං හදපු නව නියැපුම් නිර්මාණවලට යොදාගත්ත යකඩ කෑල්ලක්, ඇණයක් ගානේ මේ රටට ඒ තුළින් යහපත් දෙයක් වේවි කියලා මහා විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා.

ඒත් ඒ නිර්මාණ අද අබලි​ෙවන්නට අතෑරදාලා. ඒවා දකිද්දී හදවත මුවහත් බ්ලේඩ් එකකින් කපනවා වගේ දරන්න බැරි වේදනාවක් මට දැනෙනවා.
විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් තරුණයා එසේ කියයි. ඔහු කළ නව නිපැයුම් තුළින් අද පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුව ඇත. ලංකාවේ කසළ ගැටලුවට විසඳුමක් සොයාගත්, පයිනස් ශාකයෙන් පෙට්‍රල් සෑදූ, අගනා හෙලිකොප්ටරයක් නිර්මාණය කළ ඒ වගේම තම අලුත් නිර්මාණය ලෙස රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීමට සැරසෙන විකුම් තරුණයා ගම්පල, දොළුව, ගොඩවල ප්‍ර​දේශයේ ජීවත් වෙයි.

ඔහු ඉන්ජිනේරුවකු නොවුණත් ඊටත් එහා ගිය ප්‍රායෝගික දැනුමෙන් ඔහු නව නිපැයුම් කළ අයෙකි. තමා වඩාත් හිතකර නිර්මාණය වන්නේ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයයි. කසළ රැස් කරමින් කොටස් 4කට බෙදා ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අයුරින් කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් විකුම්ගේ දෑතින් නිර්මාණය ​ෙවන්නේ මීට වසර 4කට පෙරය. එහෙත් විෂයභාර ඇමැතිවරුන්, රජයේ වගකිවයුත්තන් එමගින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය පරිසරයක් සාදා නොදීම හේතුවෙන් ඔහුගේ මහන්සියෙන් නිර්මාණය වූ කසළ ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍ර ත්‍රිත්වයක්ම මේ ​ෙවනවිට ප්‍රයෝජනයක් නොගෙනම ඉවත් කිරීමට සිදුව ඇත.

අලුත් දේ හිතන අලුත් දේ තනන මෙවැනි නිර්මාණකරුවන්ට අපේ රටේ නිසි තැනක් ලැබෙන්නේ කවදාද?.

*පයිනස් ශාකයෙන් පෙට්‍රල්*

මම මුලින්ම කළේ පයිනස් ශාකයෙන් පෙට්‍රල් හදපු එක. දවසක් මං ප්‍රවීණ ලේඛක රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයාගේ ලංකාවට අලුත් දේශපාලනයක් කියන පොත කියෙව්වා. ඒ පොතේ එක්තරා පරිච්ඡේදයක තිබුණා ලංකාවට පයිනස් ශාකය හඳුන්වලා දුන්නේ ඇයි? එහි අහිතකර ප්‍රතිඵල මොනවද? කියලා. ඵල හට ගන්නේ නැති ලීවලින් ප්‍රයෝජනයක් ගන්න බැරි පයිනස් ශාක ඉතා ඉක්මනින් දහනය ​ෙවන නිසා මම හිතුවා පෙට්‍රල් වගේ දෙයක් ශාකයෙන් හදලා බලන්න. ඒ වෙනකොට ලෝක වෙ​ෙළඳපොළේ බොරතෙල් මිල ගොඩක්ම ඉහළ ගිහින් තිබුණේ.

මේ ශාකයේ කොටස් එකතු කරලා පල්ප් එකක් හදලා ඒක වියළීමකට පත් කළා. එවිට මේකෙන් වායුවක් නිකුත් වුණා. ඒ වායුව නැවත කූලින් සිස්ටම් එකක් හරහා සිසිල් කළාට පස්සේ වතුර වැනි ද්‍රාවණයක් බවට පත්වෙනවා. මේ ද්‍රාවනය ඉතාම ඉක්මනින් පත්තු වෙනවා. ඒ විදිහට පෙට්‍රල් නිෂ්පාදනය කළ මම ගමේ ත්‍රීවීල්වලට පෙට්‍රල් ලීටරයක් රුපියල් 60ක වැනි මුදලකට විකිණුවා. මම මේකට එවකට හිටපු ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් ඉල්ලුවා මේක වැඩිදියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කර දෙන්න කියලා.
එතුමා කිව්වා මේ පිළිබඳ උප​දේශයක් ගත යුතුයි කියලා. දවස් දාහතරකට පස්සේ එතුමාගේ සෘජු නිවේදනය වුණේ කිසිම අවස්ථාවක මෙය නීත්‍යානුකුල කිරීමේ හැකියාවක් නොමැති බවයි. අවසනයේ මට නඩු දාන්නත් හැදුවා.

අන්තිමට ඉන්ධන නිෂ්පාදනය කරන්න හදපු යන්ත්‍රය කඩලා යකඩවලට විකුණුවා. පයිනස් ශාකයෙන් පෙට්‍රල් පෙරීම සංකල්පයට අවසානයේ අත්වූ ඉරණම ඕන්න ඕකයි.

*හෙලිකොප්ටරය කුඹුර මැද දිරාපත් වෙලා*

මගේ අනිත් නිපැයුම වුණේ හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම. හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම අරුමයක් නෙමෙයි. මගේ අරමුණ වුණේ පොලිසියට සහ වනජීවී මහත්වරුන්ට අදාළ රාජකාරියට පහසු ආකාරයට හතර දෙනකුට යා හැකි හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීමයි.

ට්‍රැෆික් බයිසිකලයක් ගන්න විශාල මුදලක් යනවා. අපේ රටේ ආර්ථිකයට ගැළපෙන විදිහට මෙය ඉතාම අඩු මුදලකින් සිව් දෙනෙකුට ගමන් කළ හැකි හෙලිකොප්ටරය අද වසර 3ක් තිස්සේ දිරාපත් වෙමින් පවතිනවා. අදටත් මේක පණගන්වන්න පුළුවන්. ලංකාවේ තියෙනවා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක්, නව නිපැයුම් කොමිසමක් තියෙනවා. ඒත් නව නියැපුම් යන්ත්‍රයක් හැදුවට ඒක ක්‍රියා කරලා බලන්න අපේ රටේ නීතියෙන් අවසරයක් නැහැ.

මෙතනින් එහාට මොකක්ද ඔබේ අරමුණ:

අපි රටේ තියෙන මොළවලින් මේ රටේ අලුත් අලුත් දේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ තරම් දක්ෂයෝ මේ රටේ ඉන්නවා. මම කරන නව නිපැයුම් අද කැලෑවට ගිහින් දිරාපත් වුණත් මම මගේ ගමන නවත්වන්නේ නැහැ. මට කාගෙන්වත් සත පහක්වත් එපා. මට ඕනැ ආශිර්වාදය සහ මගපෙන්වීම විතරයි.

ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලනවා නව නිපැයුම් හැදුවා කියල මල්මාල දාලා උත්සව තියන එක නෙවෙයි කළ යුත්තේ. ඒ නිපැයුමෙන් ඉදිරියට මේ රටේ ව්‍යාප්ත කළ යුත්තේ කෙසේද කියලයි බැලිය යුතු ​ෙවන්නේ.

මම අ.පො.ස. උසස් පෙළ වෙනතෙක් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. කාර්මික අංශයෙන් ඉලෙක්ට්‍රිකල් අංශයේ ඉංජිනේරු අංශයෙන් මම කවදාවත් ඉගෙන ගෙන නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි නව නිපැයුම් ලෙස මම නිර්මාණ කළේ. ඉදිරියටත් මම තවත් බොහෝ දේ නිර්මාණය කරනවා.
මම මේ දිනවල ලක්ෂ 70ක් පමණ වියදම් කරලා ජංගම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර හදනවා. තවත් දින කිහිපයකින් ඒ යන්ත්‍රය සාදා නිම කරන්න පුළුවන්. පළාත් පාලන ආයතන 325 තුළ දිනකට බැහැරවන කසළ ප්‍රමාණය අනුව මැෂින් 1800 පමණ අවශ්‍ය වෙනවා. රජයේ අවධානය යොමු වෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේවි කියන විශාල විශ්වාසයකින් තමයි නැවත මම මේ යන්ත්‍රය හැදුවේ.

නගර සභාවල කුණු එකතු කරන අහිංසක මිනිස්සුන්ට මේ යන්ත්‍රය හැදුවට පස්සේ අතින් කුණු අල්ලන්න අවශ්‍ය නැහැ. රජයෙන් මා බැගෑපත් ඉල්ලීමක් කරනවා. මේ ගැන සොයලා බලලා කසළ ගැටලුවට මා සොයාගත් විසඳුමට අනුමැතිය දෙන්න කියලා.

*කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය*

දැන් මම මේ දවස්වල නිර්මාණය කරන්නේ හතරවෙනි කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය. මීට පෙර යන්ත්‍ර තුනක්ම හදලා අවසානයේ යකඩවලට විකුණලා දැම්මා.
ගම්පොළ නගරයේ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල ප්‍රශ්නයක් මතු වුණා. 2015 අම්බුලුවාවේ කුණු කන්ද නාය ගිහිල්ලා ඇති වුණ ප්‍රශ්නයත් එක්ක තමයි මම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවේ.

ලක්ෂ 27ක් වියදම් කරලා මැෂින් එක හදලා පාවිච්චි කරන්න බලන කොට මෙවැනි නිර්මාණයක් වාහනයක් සම්බන්ධ කරලා හැදුවට පස්සේ ඒක පාවිච්චි කරන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැහැ.

අද තියෙන අවාසනාවන්ත තත්ත්වයක් මේක. වාහනයක් හැදුවට පරීක්ෂණයක් කරන්නවත් පාරේ ධාවනය කරන්නත් මේ රටේ නීතියෙන් තහනම්. ඉතින් ලක්ෂ ගාණක් වියදම් කරලා එක කසළ ප්‍රතිචක්‍රීකරණ මැෂින් එකක් ධාවනය කරන්න බෑ කිව්වම හදවත බ්ලේඩ් තලයකින් කපාගෙන යනවා වගේ දැඩි වේදනාවක් ආවා. මේ මැෂින් එකට දාපු ඇණයක් ගානේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේක මිනිස්සු ප්‍රයෝජනයට ගිනිවී කියලා.

මේ යන්ත්‍රයේ යන්ත්‍රානුසාරයෙන්ම කුණු පටවා ගන්නවා. ප්ලාස්ටික්, වීදුරු, යකඩ කාබනික, පොලිතින් යන්ත්‍රය ආධාරයෙන්ම තෝරා ගැනීමත් කරනවා. පසුව ඇඹරීමත් එක්ක ඇති වෙන දුගඳ නැතිකරන්න රසායනික ද්‍රව්‍යයකුත් ​යොදනවා. කුණු පටවා ගැනීමේ ඉඳලා තේරිලා ඇඹරෙන තැනට වෙනකම්ම පුද්ගලයන් දෙදෙනකුගෙන් මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.

පසුව මේවා කාබනික පොහොර වශයෙන් ගන්න පුළුවන්. ඒවා ප්ලාස්ටික්, යකඩ, වීදුරු කර්මාන්ත ශාලාවලට සපයන්න පුළුවන්. මේ යන්ත්‍රයෙන් ක්‍රමවේදයන් 8ක් සිදු වෙනවා. මිනිස්සු දෙදෙනෙකුගෙන් මේ යන්ත්‍රය මගින් කසළ ටොන් 45ක් පැය 3 ඇතුළත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මේ යන්ත්‍රය මගින් කසළ ප්‍රතිචක්‍රීකරණය කරනවා නම් රජයට ලැබෙන ආදායම සුළුපටු නැහැ.



කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඇගයීමට ලක්වුණ වෙලාවේ මට මහත් සතුටක් දැනුණා. ඒ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වේවි කියලා. ඒත් අත්වුණු ඉරණම හරිම ඛේදනීයයි. මේ රටේ ජාතික ආරක්ෂාවට වඩා කසළ සම්බන්ධයෙන් මේ රටේ මිනිස්සුන්ට සංවේදී බවක් තියෙනවා. මැෂින් එක ක්‍රියාත්මක කරන්න නීතිමය තත්ත්වයක් නැහැ කිව්වම මම යන්න පුළුවන් හැමකෙනා ළඟටම ගිහිල්ලා මේකට අවසර අරගෙන දෙන්න කියලා බැගෑපත් මුණා. ඒත් වැඩක් වුණේ නැහැ. පස්සේ මැෂින් එක පැත්තකට දාලා නිකං හිටියා.

දේශපාලන පොරොන්දු නම් දීලා මාව ගොඩක් අය රවට්ටලා තියෙනවා. මම දැන් ඒ පොරොන්දුවලට අහුවෙන්නේ නැහැ. එයාලා සාකච්ඡා කරනවා විතරයි. රටට ආදරේ මිනිස්සු දේශපාලනයේ නැහැ.

වසර ගාණකට පස්සේ අලුත් පාලනයත් එක්ක අලුත් බලාපොරොත්තුවක් ආවා. ඒ නිසා නැවත කසළ ප්‍රතිචකීකරණ යන්ත්‍රය මම හදන්න පටන් ගත්තා.

මීට අමතරව අතිවිශාල ටර්බයින් තාක්ෂණයෙන් කරකවා විදුලිය නිපදවීම ඔහු ඉදිරිපත් කරනු ලැබූ සංකල්පයක් අතුරින් තවත් නිර්මාණයකි. රසදියෙන් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවිය හැකි එන්ජිමට රාජ්‍ය මට්ටමෙන් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කනගාටුවකට කරුණක්.

මගේ අලුත්ම අරමුණ වන්නේ රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීම. මේක ශබ්දයෙන් තොරයි. ග්‍රහලෝකවලින් එන යානා ශබ්දයෙන් තොරව ගමන් කරන්නෙත් රසදිය මගින් ධාවනය කරන තාක්ෂණයක් යොදාගෙන තිබෙන නිසයි. රාවණා රජුට දඬුමොරණයෙන් යෑමට තරම් අපේ තාක්ෂණය දියුණුවී තිබුණා නම් අද තියෙන තාක්ෂණයත් එක්ක මගේ තාක්ෂණික දැනුම සාර්ථක නම් ගුවන් යානා ධාවනයට රසදිය යොදා ගත හැකියි.

ඒ විතරයි නෙමෙයි විදුලිය නිපදවීමට, ජෙනරේටර් දිවීමටද ​යොදාගත හැකියි. විශේෂයෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ටර්බයින් කැරකැවීමටද රසදිය යොදාගෙන තනන ඇන්ජිමට හැකියාව තිබෙනවා. මේ වෙනකොට මගේ රසදිය තාක්ෂණික ක්‍රමවේදය නොබෙල් ත්‍යාග සඳහා ද ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් නොරොච්චෝලේ වැනි විදුලි බලාගාරයකට ගල් අඟුරු පුච්චා රුපියල් කෝටි ගණන් වියදම් කරන එක මේ රසදිය තාක්ෂණ යන්ත්‍රය මගින් අවම කර ගන්න පුළුවන්. වැස්ස, සුළඟ අවශ්‍ය නැහැ. විදුලිය සීමා සහිතයි කියන්න කාටවත් බැහැ.

මිනිසුන්ට විදුලිය වෙනුවෙන් මේ තරම් මුදල් ගෙවන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ලස්සන දිය ඇළි හරස් කරලා විදුලි බලාගාර ඉදිකරන්න අවශ්‍ය නැහැ. මේ වසරේ මාර්තුවල විදුලිය හිඟයක් එනවා කියලා මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ව්‍යාපෘති වාර්තාවක් පවා දීලා තියෙනවා. ඒවට තාම ප්‍රතිචාරයක් නැහැ.

මේ රසදියෙන් වැඩ කරන යන්ත්‍රය මම හැදුවේ මිනිරන්වලින්. මෙහි අකෘතිය මේ ​ෙවනවිට මම නිර්මාණය කර අවසන්. අපේ දක්ෂතාවන්ට අත හිත දෙනවට වඩා කකුලෙන් අදින මිනිස්සු හරිම වැඩියි.

සුවිශේෂි නිර්මාණයන් රැසක් නව නිපැයුම් තුළින් බිහිකළ විකුම් සැබෑම දක්ෂයෙකි. රුපියල් ලක්ෂ ගණනක් විදයම් දරමින් ඔහු නිපදවූ සුවිශේෂ නිර්මාණ රැසක් කිසිදු ඇගයීමක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. එය කාගේ අවාසනාවද? ඔහුගේ නිර්මාණයන්ට නිසි ඇගයීමක් ලබා දෙන්නේ නම් ඔහුගේ දක්ෂතා ඉතිහාසගතවනු නොඅනුමානය.

Anura Kumara Dissanayake
Harini Amarasuriya

12/08/2026

hadawatheee nayakaya!!😼🤍

12/08/2026

මණ්ඩාගල ⛳ |
Video credit First Owner

Address

No/69/, 4th Village, Muthukandiya
Kandy
91000

Alerts

Be the first to know and let us send you an email when ගොසිප් පප්පා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share