25/05/2026
මේ අවුරුදු 50ක විතර මනුස්ස එක සැරේම කෑම ගිලින්න බැරිවෙලා බලනකොට උගුරේ පිළිකාවක්....
ඔපරේෂන් කරලා කරන්ට් (radio ther)අල්ලලා දැන් ඉන්නේ....
කන්න බොන්න බෑ ඒ හරිය සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා එයාට කෑම දියර විදිහට මේ බඩට හයි කරලා තියෙන නලේ දෙනවා.....දැන් ඉන්නෙ බොහොම අමාරු තත්වෙක ු
නිතරම බේත් ගන්න.. මගේ පුද්ගලික වෛද්‍ය ආයතනයට එනවා....
පරම්පරාවක පිළිකා තියෙන ලෙඩෙක් නෑ .සීකරට් බුලත් විට පාවිච්චියක් නෑ . නිතර මිරිස් කාලා..
මේ රෝගියා දකිනකොට මට මතක් වෙනවා
මගේ තුන්තොට ෆාම් එකේ ළඟදි මිරිස් වගාවකට සුදු මැස්සන්ගෙන් මළ කරදරයක් ආවා බේරන්ඩම බෑ...
මම ඒ පලාතේ මිරිස් හොඳට වවන ගොවියෙකූගෙන් ඇහුවා මොකක්ද මාමේ කරන්න ඕන කියලා..මේ ගොයිරාලල කෙමි වගේ දේවල් දන්නවා...
සර් monocrotpus දිය කරලා ගහන්න..
මම උඩ ගිහින් බිම වැටුනේ මොනකොටපස් කියන්නේ පොල් ගස්වල රතුකුරුමිනියට ගහන අති උග්ර විෂ කෘමි නාශකය ා
මොන කොට පස්..ගහන්න ඉස්සෙල්ලා ම පොල් ගහේ කුරුම්බා වලු හිටන් කපන්න කියලා කියන්නේ..
මාස ගානකට පොල් කඩන්න එපා කියලා...කියනවලු
අනික මේක ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. පොල් මණ්ඩලයෙන් දෙන්නේ ගොවීන්ගේ ලිස්ට එකකට.
මම ගොවිය ගෙන් ඇහුවා මාමේ කොහෙන්ද ගන්න තියෙන්නෙ?.
මහත්තයා කල්පිටියට ගියා නම් ඉන්දියාවෙන් හොරෙන් ගේන බඩු ඕනතරම් තියෙනවා උන්ද කිසි ගානක් නැතිව මට කිව්වා
මම මිරිස් වැවිවහම ලස්සන නැති එකයි ඉන්දියාවෙන් එන
මිරිස් දිලිසි දිලිසි ඉන්න හැටියි මට මතක් වුනා..
✍ 📷 Dr. Uthpala Sankalpa