28/06/2026
වනාතවිල්ලුව තුල තවත් සාර්ථක ප්‍රජා සත්කාර වැඩසටහනක් සඳහා සම්පත් දායකත්වය ලබාදීමට ෆොටෝ ටෙක් වෙඩින් ස්ටුඩියෝ ( PHOTO TECH WEDDING STUDIO ) අපට ඊයේ දින ( 27) හැකි වුනි.
මෙම වැඩසටහන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.
මේ යටතේ රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීම, වෛද්‍ය වාර්තා ලබා ගැනීම, රියදුරු පුණුණුව ඇතුළු අවශ්‍ය දේ සහනදායී මිළ ගණන් යටතේ සිදුවනු ඇත.
මේ සඳහා 150 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර වැඩසටහන සඳහා අනුග්‍රහය Chrysalis ආයතනය විසින් ලබා දී තිබුණි.
මෙම අවස්තාව සඳහා වනාතවිල්ලුව සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සමිත් ඉලංකෝන් මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මිය, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු ධර්මසිරි වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර වැඩසටහන සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩබ්. ඒ. කේ. සමන්ත මහතා ඇතුළු සමෘද්ධි අංශය විසින් සංවිධානය කර තිබුණි.
--------------------------------
ජායාරූප උපුටා ගැනීම - Divisional secretariat - Wanathavilluwa පිටුවෙන්
#