Studio Uneesha & Digital Color Lab

Studio Uneesha & Digital Color Lab Photo Printing 4x6 to 24x60,
Wedding Album Printing & Binding,
Photo Framing

31/10/2024
21/10/2024

Photography ගැන දැනුවත් කිරීමක් සඳහා......😊
කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා Birth day එකක Photo Shoot එකක් කර ගන්න ගාන කීයද කියලා. මම 15000යි කිව්වා.
කස්ටමර් - මේ පොඩි Photo 2ක 3ක් ගහ ගන්න තියෙන්නේ. කේක් එක කපන ටිකයි,කොහෙට හරි ගිහින් Location එහෙකට ගිහින් Birthday එක තියෙන කෙනාගේ photo ටිකකුයි තව පවුලේ අයත් එක්ක photo ටිකකුයි. එකට එච්චර ගන්නවාද 🤓
මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකෝ. 😌
කස්ටමර් - වැඩිම උනොත් 5000 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ. අනික තව කෙනෙක් ගහලා දෙන්නම් කිව්වා 4000ට 🤨
මම කිව්වා '' අපරාදේ මට 5000 ක් දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' අනික 4000ට ගහලා දෙනවා කිව්ව කෙනාට දුන්න නම් ඔයාට 11000ක් ම ඉතුරුයිනේ කියලා....
කස්ටමර් - '' ඒත් මං Photo ගහන්න දන්නැනෙ මල්ලි'' අනික ඒ කෙනාගේ Photos එච්චර හරිත් නැහැ ලස්සනකුත් නැහැ ඉතින්.
මම - හරි. මං උගන්නන්නම්, ඔයාට 15000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම Photo ගහගන්න පුළුවන්.
කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහසක් මල්ලි'
මම - හැබැයි අයියේ තවදෙයක්, මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා කැමරාවක් 📷 ,ලෙන්ස් එකක්,light,memory card එකක් එහෙම ලෑස්ති කරගන්න ඕනේ.
කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා ගන්නේ....අනික මේ වැඩේට විතරක් මෙච්චර බඩු ගොඩක් අරන් වැඩක් නැහැනේ. අනික ලක්ෂ ගානක් වියදම් කරන්න බැහැ මට මේවා ගන්න. අනික මම Job එකක් විදියට මේක කරන්නෙත් නැහැනේ මම...😲
මම - " හරි....මට 7000 ක් දෙන්න, මං මගේ බඩු ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න.
කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
මම - අයියා සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් මගේ බඩු ටික...මං එදාට free.
කස්ටමර් - අපෝ මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්. අනික Birthday එකට කලින් Photo ටිකක් ගහ ගන්නත් ඕනනේ.
මම - එහෙනම් කරන්න දෙයක් නෑ අයියේ ...අනිත් දවස් වල මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නේ.
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනවා, වැඩේ කරගන්න.
මම - අනික අයියේ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනවා 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි අයියේ editing වලට, බැරිවෙලා හරි chip එක නැති වුනොත් හරි photo ගැහුවට පස්සේ Chip එක Format වුනොත් හරි photo ටික delete වුනොත් හරි ඔයාට Recovery කරන්න බර ගනක් යනවා. අනික අහ ගන්න වෙන කුනු බැනුම් ගොඩ 😅
😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.... 15000ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"
-------------------------------------------------------------------
විශේෂයෙන් ඡායාරූප කරන කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නේ නිකන්ම නිකන් Photo ටික ගහලා දෙන එකටම විතරක් ම නෙමේ, අදාල වැඩේ ගැන Photographer ට තියෙන,
🔺දැනුමට
🔺අත්දැකීම් වලට
🔺එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
🔺කැප කරන වේලාවට,
🔺ලබා දෙන සේවයට,
🔺අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
🔺අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
🔺කාර්යක්ෂමතාවයට,
🔺ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවාට.
කාටවත්ම බැ Photographer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන වැඩකදි.
මේක මම ලිව්ව දෙයක් නෙමේ, ඒත් මං මේක share කරනවා, Photographer ලාට වගේම අනික් වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
ජය වේවා...❤️✨
( Copyed Ishan Udayanga 😊)

Address

Kandy Road
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Uneesha & Digital Color Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share