11/06/2026
ඔබව දුරස් කළේ නැත
සගය,
මා වෙනත් කවයකට ඇතුල් වූවා පමණි.
කොන්දේසි විරහිතව පැමිණි ගමනක,
බාහුබල දරා ගොඩදැමූ සිදුවීම් ද...
කඳුළු සැඟවූ අඳුරු අහුමුළු ද...
සාද මතින් අවසන් කළ විරසක ද...
එතැනම තබමි.
ආචාර කරමි.
මා වෙනත් කවයකට
ඇතුළු වූවා පමණි.
එහි මා පමණි.
📙: ආදර සාදය
🖋️: සංජය ඈපා සෙනෙවිරත්න