09/30/2025
Janaka Edirisinghe මෙල්බොං නුවර සිට ලියූ සටහනේ ඔස්ට්‍රේලියාවට කැනඩාව රීප්ලේස් කිරීම වෑන්කූවර් සිට..
ආයුබෝවන් , වනක්කම්, අස්සලාම් අලෛකුම්..
ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල සහ දෙමළ කතා කරන හිතවත් ශ්‍රීලාංකික පුරවැසි ඔබ වෙතටයි..
ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩුන අපේ වර්ථමාන රට කැනඩාවයි..
මේ රටේ දේශපාලනයට, ආර්ථිකයට හෝ සමාජ ජීවිතයට ශ්‍රී ලාංකිකයන් වන ඔබට ශ්‍රී ලංකාවේ සිට අත පෙවීමට හැකියාවක් නැත..
එය සමහරුන්ගේ කණගාටුවට කරුණක් විය හැකි නමුත් ඒ ගැන ඔබට කලහැක්කක් නැත..
එබැවින් ඔබ ශ්‍රීලංකාවට වී ඔබේ රටේ කටයුතු නිදහසේ බලා හදාගන්න.. කැනඩාවේ සිටින අපි ගැන ඔබ වදවියයුතු නැත..
මක්නිසාද යත් අපේ කැනේඩියානු ජීවිත යහපත් හෝ අයහපත් කිරීමට ෆේස්බුක් එකේ පෝස්ට් දැමීමට වඩා ඔබට කලහැකි බලපෑමක් නැති නිසාය.
නමුත් ශ්‍රීලංකාවේ ඉපදී හැදීවැඩී කැනඩාවට සංක්‍රමනය වී සිටින ලාංකීය සමාජයේ තෙම්පරාදු වූ ශ්‍රී ලාංකිකයින් වන අපට එය එසේ නැති බව ඔබට මතක්කර දිය යුතුය..
ශ්‍රීලංකාවේ ඔබට නොයෙක් ආකාරයේ බලපෑම් කිරීමට කැනඩාවේ සිටින අපට හැකියාවක් ඇති අතර අවශ්‍ය විට එසේ කිරීමට අපි ක්‍රියාකරමු..
ඒවා ඇතැමුන්ගේ ප්‍රීතියටත්, තවකෙකුගේ කෝපයටත් හේතුවිය හැකිය..
නමුත් ඔබ අකමැති වූ පමණින් අපි විසින් ඇතිකරන බලපෑම නවතින්නේ නැත..
ශ්‍රී ලංකාව අපේද මවු රටයි..
එම රටේ ඉපදී හැදී වැඩුන අපි ශ්‍රීලංකාවේ ආර්ථික, දේශපාලන, සමාජයීය කරුණු වලට සංවේදී වීම ස්වාභාවික දෙයක් විනා අස්වාභාවික දෙයක් නොවේ..
ශ්‍රී ලංකාවේ වෙසෙන අපේ පවුල්වල සහෝදර සාමාජිකයින් සහ නෑදෑ මිත්‍රයින්ගේ එදිනෙදා ජීවිතයට බලපාන ඒ කරුණු ගැන අපි අවධානයෙන් සිටිමු..
ඒ ගැන අපට පුලුවන් ආකාරයට ක්‍රියාකරමු..
’අපේ වැඩ අපි බලාගන්නම් උඹලා කැනඩාවට ආවානම් කැනඩාවේ දේවල් බලාගෙන සිටිය යුතු”යැයි ජනප්‍රිය සටන් පාඨයක් ඇත..
නමුත් අප ජීවත්වන ස්ථිර පදිංචිය ඇති රටේ දේවල් බලාගත යුතු හැටි ගැන ඔබ අපිට අමුතුවෙන් කියා දියයුතු නැත..
මෙහි ඇති හොඳ නරක අඩුපාඩු ගැන අපි අවධානයෙන් සිටිමු..
මක්නිසාද යත් ඒවා බලපාන්නේ අපට මිස ඔබලාට නොවන නිසාය..
නමුත් ලංකාව නාඩගමකි..
එහි නාඩගම් ස්වභාවය වඩා හොඳින් දකින්නේ රටින් පිටවී සිටිනවිට බව මම අත්දැකීමෙන් දනිමි..
ලංකාවෙ දේවල්වලට පිටරටවල උන් මැදිහත් විය යුතු නැතැයි කීම හිස් සටන්පාඨයක් පමණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල සිටම ලංකාවට පිටරට උන් මැදිහත් වී තිබේ..
ප්‍රධාන වශයෙන්ඉන්දියාවද , චීනයද ඉන්පසු අනිත් බලවත් රටවල්ද ඔබ ජීවත්වන ශ්‍රීලංකාව තමුන්ගේ අවශ්‍යතා සඳහා නටවයි..
ඒ ගැන අබමල් රේනුවක දෙයක් කල නොහැකි ඔබ මේ ෆේස්බුකියේ අපි පලකරන පෝස්ටු ගැන දක්වන විරෝධය විහිලුසහගත නොවන්නේද..
හැබැයි අපේ කැනේඩියානු මැදිහත් වීම් එපා කියන ඔබලා මේවාට එපා කියන්නේ නැත..
• ශ්‍රීලංකාවේ ස්වාභාවික විපතකදී අප කරන මැදිහත්වීම එපා කියන්නේ නැත.
• දුෂ්කර පාසැලකට අත්‍යාවශය දේ ලබාදීමේදී ඔබේ විරුද්ධවයක් නැත.
• ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් එවීමේදී ඔබ එපාකියන්නේ නැත.
• ඔබේ දරුවෙක් උසස් අද්‍යාපනය සඳහා කැනඩාවට එද්දී ඒ සඳහා මැදිහත් වන්න යැයි ඉල්ලීමට ඔබ පැකිලෙන්නේ නැත..
• කැනඩාවට සංක්‍රමණය වීමට අවශ්‍ය තොරතුරු , සංචාරක වීසා ලබාගැනීමට ලියකියවිලි ලබාගැනීම සඳහා අපගේ මැදිහත් වීම ඔබ අපේක්ෂා කරන්නේය..
ලයිස්තුව දිගය නමුත් මේ ඇතැයි සිතමි..
කොටින්ම ඔබට වාසිවෙන මැදිහත් වීම හාය..
අනිත්වා වච්චිල් ය.. ඒකත් පට්ට යැ..
තවත් මතක් කලයුතු වැදගත් දෙයක් තිබේ..
එනම් බොහෝ කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ට තිබෙන, එහෙත් ඔබට නැති යමක් ගැනය.
ඒ ද්විත්ව පුරවැසි භාවයයි. ද්විත්ව පුරවැසියන්ට සර්වජන චන්ද බලයේ සිට අනෙකුත් සියලුම පුරවැසි වරප්‍රසාද හිමිවේ..
උඹලා කැනඩාවේ වැඩ බලාගනිල්ලා යන්නට මෙහිදී කිසිදු වටිනාකමක් නැත..
ඛේදයකි..
මගේ අත්දැකීමේ හැටියට ඉතාමත් අතලොස්සක් හැරෙන්නට සිරිලාංකික බහුතරයක් සිටින්නේ ශ්‍රී ලංකාවෙන් පිටවී දියුනු යැයි සම්මත රටකට කෙසේ හෝ පැනගැනීමේ බලාපොරොත්තුවෙනි..
ඇතැමුන් ඒ සඳහා සුදුවෑන් කතා, බෝට්ටු ආදී නොයෙකුත් ක්‍රම පවා භාවිතා කරනු පෙනෙන්ට තිබේ..
නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙකුට එසේ සංක්‍රමණය වීමේ උවමනාවක් තිබුනත් එය සැබෑකරගැනීමට අවස්ථාවක් නැත..
ඉතින් ඔබේ ඒ නොහැකියාවට අපි පලි නැත..
ශ්‍රීලාංකිකයිනි..
සංචාරයට, රැකියාවට හෝ නෑ හිතවතුන් බැලීමට කැනඩාවට එන ඔබව අපි සාදරයෙන් පිළි ගනිමු.. වීසා ලබාගැනීමේදී කරදරයකින් තොරව ඒවා කරගැනීමට හැකිවෙතැයි අපි අපේක්ෂා කරමු..
ඔබේ පැමිනීම අපට සතුටකි..
එසේ වුවත් ඔබේ සිතැඟි පරිදි හැසිරීමට අප බැඳී නැත..
අප ජීවත් වන රටේ මෙන්ම ශ්‍රීලංකාවේ මිනිස්සු ද සාමයට, නිදහසට, සමානත්මතාවයට සහ නූතනත්වයට කැමති බව අපි සිතමු.
එබැවින් දැන් කැනේඩියානු ශ්‍රි ලාංකිකයින් වන අපි ද ලංකාවේ මිනිසුන්ගේ ජීවන තත්වය සංවර්ධනවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
එබැවින් ෆේස්බුකියට පැමිනෙන ඔබත් අපේ අදහස් උදහස් උපේක්ෂාවෙන් විඳ ගැනීමට පුරුදු වන්න..
කැනේඩියන් ශ්‍රී ලංකිකයින් වන අපේ අතපෙවීම් වලින් හෙම්බත් වී ලංකාවෙන් පැනගැනීමට බලා සිටින ශ්‍රීලාංකික ඔබට ඉතා ඉක්මනින් ඒ අවස්තාව උදාවේවායි පතමු..
එසේ අවස්තාවක් ලැබුනොත් ඔබ ඒ රටට ගිය සැනින් ඒ රටට 100% අනුගත වෙමින් රූපාන්තරනය වූ තම ශ්‍රීලාංකික අන්‍යතාව සහමුලින්ම ඉවත්කල අමුතු ජීවියෙක් වෙනු ඇතැයිද බලාපොරොත්තු වෙමු…
බැරි වෙලාවත් ඔබට එසේ අනුගත වීමට නොහැකිවුවහොත් ඔබේ මතු ප්‍රයෝජනය පිනිස මේ ලියවිල්ල කොපි කර තබාගැනීම ගැන අපගේ විරෝධයක් නොමැත..
ස්තූතියි,
ඔබේ හිතවත්,
Janaka Edirisinghe ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලියූ සටහන කැනඩා වචනය යොදා නැවත පල කිරීම Canada කොල්ලො
කැනේඩියානු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්,
(ප.ලි : කැනඩාවේ සිටින ශ්‍රීලාංකියින් ලංකාව ගැන අදහස් දැක්වීමේදී ඔබේ පශ්චාත්භාගයේ ඉත්තෑවුන් පෙරලිකරන්නේ නැත්නම් ඔබට මේ පෝස්ටුව අදාල නොවේ)