Wanderlogue by Ush

Wanderlogue by Ush A journey through places, memories & little moments 💫 | Capturing the world to share 🌍
🇱🇰🇬🇧🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿🇪🇸🇹🇷🇲🇦

අපේ ගම සහ Tom 👨‍🌾අලුත් ගමට ආවට පස්සෙ පලවෙනි වතාවට අපි දෙන්න එලියට ගියෙ ඊයෙ.🙂 ගෙදර අස් පස් කරන වැඩත් එක්ක පහුගිය දවස් ටික...
26/05/2026

අපේ ගම සහ Tom 👨‍🌾

අලුත් ගමට ආවට පස්සෙ පලවෙනි වතාවට අපි දෙන්න එලියට ගියෙ ඊයෙ.🙂 ගෙදර අස් පස් කරන වැඩත් එක්ක පහුගිය දවස් ටික ගොඩක් busy. 😌 ඊයේ england හරියට ලංකාව වගේම රස්නෙයි, 30'c 🥵 මෙහෙම දවස් එන්නෙ ඉතින් හරිම පොඩි කාලෙකට තමයි. රෑ 8 වෙනකොටත් හරියට දවල් 12 වගේ ඉර බහින්න හිතලවත් තිබුනෙ නෑ ඉතින් අපි ඒ වෙලාවෙ තමයි ගෙදරින් එලියට බැස්සෙ. ගෙට පිටිපස්සෙ පාර දිගේ යනකොට සුපුරුදු බැටලු රංචු වෙනුවට වත්ත පුරාවට හරක් පට්ටි තමයි හිටියෙ.🐮 ඇලපාරක් තියෙනවා කියලා Map එක් පෙන්නපු නිසා අපි පාර දිගේ දිගටම ගියාට ඊට කලින් කම්බි වැටකින් පාර ඉවර උනා. 🥹 එතනින් පනින්න හදනකොට අපේ ඉස්සරහින් ට්‍රැක්ටර් එකකින් අපු කෙනෙක් ට්‍රැක්ටර් එක නවත්තලා අපි දිහා බලාගෙන හිටියා, ඒ වෙලාවෙ ටිකක් හිතට අවුල් උන මම ගත් කටටම "Hi, We just walking around and need to cross this yard to enter the road but seems like it’s not possible 🥹 “ කියලා කිව්වා. එහෙම කියලා "ok එහෙනම් අපි යන්නම්" කියලා වගේ ලෑස්ති වෙනකොට මේ නාදුනන සුදු මහත්තයා wait කියලා ට්‍රැක්ටර් එකෙන් බැහැලා එතන තිබුනු මඩ වගුරෙන් පැනලා ඇවිත් එයාගෙ jacket එක කම්බි වැට උඩින් තිබ්බා සීරෙන එක නවත්තන්න, So kind 😌 ඊට පස්සෙ අපි දෙන්න එතනින් පැනල මඩ වගුරෙන් එලියට යන්නත් "ok young man, take your lady now” කියලා එයාත් එතනින් උඩට ආවා.

මේ කරුනාවන්ත සුදු මහත්තයා “Tom”, මේ yards ටිකයි හරක් පට්ටි ටිකෙයි අයිතිකාර ගොවිමහත්තයා.👨‍🌾 එයාගෙ හුරතල් බලු පැටියා ට්‍රැක්ටර් එකේ ඉදන් මේ වෙන දේවල් ඔක්කොම දිහා හරිම කුතුහලයකින් බලාගෙන හිටියා. ඉතින් එයාට Hi කියන්න ගියාම Tom කියනවා "I have another five in the tractor” කියල, ඉතින් ඒකට අපි දෙන්නගෙ reaction එක " please can we see them” කියලා🥹 එයාලා working dogs ලා, එයාලා Tomට farming වලට ගොඩක් උදව් කරනවා කිව්ව. Tom කාලෙකට කලින් එයාගේ wife ගෙන් divorce වෙලා,තනියම ජීවත් වෙන අවුරුදු 77ක් වයස උනත් පෙනුමෙන් ඉතාම ශක්තිමත් උස 6ක් විතර පුද්ගලයෙක්.එයා පොඩිකාලේ ඉදන්ම තමයි පවුලෙන් පැවතගෙන එන farming වලට යොමුවෙලා තිබුනෙ. 🏡 එයා මේ වෙනකොට අවුරුදු 16ක් පුරාවටම alcohol භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තලා ඒකට හේතුව එයා කාලෙකට කලින් හොදටම අසනීප වෙලා තියෙනවා "pancreatitis” සහ "Gallstone” හැදිලා. 😷 මේකට හේතුව එයා daily බොන විස්කි බෝතලය කියලා තේරුම්ගත්ත Tom, alcohol සම්පූර්ණයෙන්ම එයාගෙ ජීවිතෙන් අයින් කරල.👏 එයා ඊට පස්සෙ ආයෙ ගමට යන්න පාරවල් දෙකකුත් පෙන්නුවා, එතනින් දකුනු පාර තෝරගත්ත අපි දෙන්න මේ සුන්දර සුදු මහත්තයට සමුදීලා යන්න පිටත් උනා.🙋‍♂️

Tomගෙ කතාව මට හරි motivative, තනියම හරි අපූවට ජීවිතය ගෙවන හැටි, තමන්ගෙම mistake අදුරගෙන හදාගන්න හැටි, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන එක,ඒ කතාකරපු පොඩි වෙලාවට ගොඩක් දේවල් හිතන්න ඉතුරු උනා.💭

ඉතින්, මේ ගම Staxton, නිස්කලංක පුංචි ගමක්... ♥️

If you love travel ✈️+ art, 🖌️we’re already friends🫂♥️
04/05/2026

If you love travel ✈️+ art, 🖌️we’re already friends🫂♥️

“The Life List-2025” 📋මේ මම ඊයෙ රෑ බලපු film එක.🎬 මේක මම තනියම ඉන්න වෙලාවට බලන්න කැමති විදිහෙ film එකක්.👌 මේ කතාවෙන් gri...
28/04/2026

“The Life List-2025” 📋

මේ මම ඊයෙ රෑ බලපු film එක.🎬 මේක මම තනියම ඉන්න වෙලාවට බලන්න කැමති විදිහෙ film එකක්.👌 මේ කතාවෙන් grief and healing, dreams,personal growth වගේම romance වගේ themes,focus කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ♥️

ඉතිං මේ film එක බැලුවට පස්සෙ ටික දවසකින් මගේ list book එකේ මුකුත් ලියන්න බැරිවුණා නේද කියලා මතක් උනා.🙄 film එක ඉවරවෙනකොට මගෙ හිතෙත් plan එකක් මම හදාගෙන තිබුනා.🙂

Scarborough වල අවුරුදු දෙකක් ජීවත් උන මම මේ ලස්සන city එකේ කැමතිම තැන තමයි මේ lake එක.”The mare”. 🐟 ගොඩක් වෙලාවට මම තනියමත් මෙතනට එනවා.🚶‍♀️මෙතන ලොකු variation එකකින් ජලජ ජීවීන් වගේම ශාක තියෙනවා.🦆විශේෂම දේ මෙතන තියෙන ඒ ස්වාභාවික පරිසරය.🍃 කාලෙන් කාලෙට මෙතන ඉන්න සත්තු වර්ග වගේම ප්‍රමාණයනුත් පුදුම විදිහට වෙනස් වෙනවා.😌

මගේ අද plan එක තමයි මම ආසම ඒ තැනට ගිහින් මගේ පොතේ පිටුවක් පුරවන එක.📄.හවස තුනට වගේ තමයි අද දවසම අදුරු වෙලා තිබිලා ඉර එළියක් වැටුනේ.☹️ ඉතිං හවස් වෙලා Mare එකට ගිහින් පොඩිවෙලාවක් ඇවිදලා මම පොඩි වචන ටිකක් මගේ පොතේ ලිවුවා.✍️ වතුර තියෙන තැනක් ලග මේ වගෙ ටිකක් තනියම ඉදගෙන ඉදලා බලන්න කවුරුහරි කෙනෙක් කැමති නම් එක දවසක් ඒක කරලා බලන්න.🙂 ඔයා ඒකට addict වෙයි.😄

The life list කියන film එක මට ගොඩක්ම දැනුන දේ තමයි Alex එයාගෙ list එක tick කරගෙන යනකොට මටත් මම මේ අවුරුද්දෙ මුල පටන් ගත්ත මගේ bucket list book එක මතක් උන එක. 💜

27/04/2026

You won’t see it at first… but it’s there 🤍

ගහක් උඩ ගෙයක් 🏠මේ තියෙන්නෙ ලෝකේ විශාලම tree house වලින් එකක්.😲 මේ tree house එක තියෙන්නෙ England වල Alanwick කියන city  ...
22/04/2026

ගහක් උඩ ගෙයක් 🏠

මේ තියෙන්නෙ ලෝකේ විශාලම tree house වලින් එකක්.😲 මේ tree house එක තියෙන්නෙ England වල Alanwick කියන city එකේ “Alanwick Garden එකේ”.⛲️

මේ garden එක වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නෙ හැම අවුරුද්දකම අප්‍රේල් අග කාලයේ. 🤔 ඒකට විශේෂම හේතුව තමයි මේ garden එකේ විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙන cherry orchard මල් යාය. 🌸 ගොඩක් අය එනවා මේ වත්තෙ තියෙන ඔංචිල්ලාවක් පැදල ලස්සන photos ටිකක් අරගෙන යන්න. 📸

මේ tree house එක හදල තියෙන්නෙ lime trees 16ක් පමණ ප්‍රමාණයකින්.🪾ඒ වගේම මේක හදල තියෙන්නෙ canadian cedar සහ Scandinavian redwood වැනි ස්වාභාවික ලී භාවිතා කරමින්.🪵 Tree house එකට යන්න තියෙන්නෙ elevated පාලමක් හරහා. 🌉 විශේෂයෙන්ම,මේ ගේ ඇතුලේ unique dining experience එකක් ගන්න පුලුවන් විදිහෙ restaurant එකකුත් තියෙනවා. 👩‍🍳 අද වෙනකොට මේ tree house එක මංගල උත්සව සහ විශේෂ අවස්ථා සදහා ද භාවිතා කරනවා. 🎉

Alanwick Garden එක අක්කර 42ක් විශාල වත්තක් වන අතර මේ garden එක ළගම Alanwick castle එකත් පිහිටලා තියෙනවා. 🏰 Garden එකට ඇතුලු වෙන තැනම මිනිත්තුවකට ගැලුම් 7000 කට වැඩි ජල පද්දතියක් සහිත ඉතාම ලස්සන වතුර මල් සහ ප්‍රදර්ශනයන් ලොකු පොඩි හැමෝගෙම හිත් ඇදගන්න දෙයක්.⛲️

මේ මුලු garden එක වටේම බලනවනම් මටනම් දවසක විතර දේවල් තියෙනවා. 🥹 UK වල ඉන්න කෙනෙක් මේ තැන බලන්න යනවනම් ඔයා visit කරන්න කැමති තැන් අනුව වෙලාව අනුව වෙනස් වෙනස් entrance packages තියෙනවා. 🎫 හැබැයි ඔයා හැමෝම කැමති cherry orchard yard එක බලන්න යනවනම් පරක්කු වෙන්න එපා. ❌
මොකද,
"මල් හැලෙන්න ළගයි......"🍃🌸🥹

සුභ අලුත් අවුරුද්දක් වේවා... 🇱🇰🙏🌞புத்தாண்டு நல்வாழ்த்துகள்…Happy New Year…
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා... 🇱🇰🙏🌞
புத்தாண்டு நல்வாழ்த்துகள்…
Happy New Year…

05/04/2026

Spread the love ♥️

"වහිනවා කියලා දැනගෙන හිටියා, ඒත් මෙහෙම වහියි කියලා හිතුවේ නෑ.. "😌📌Forest in Teesdale නිවාඩු දවස් දෙක තුනක් එකට තියෙනකොට ...
14/03/2026

"වහිනවා කියලා දැනගෙන හිටියා, ඒත් මෙහෙම වහියි කියලා හිතුවේ නෑ.. "😌

📌Forest in Teesdale

නිවාඩු දවස් දෙක තුනක් එකට තියෙනකොට ගෙදර ඉන්න බැරි ලෙඩක් තියෙනවා අපි දෙන්නට.🥲 කලින් හදාගත්ත plan එකකුත් නැති නිසා map එක බලලා high force waterfall බලලා trail එකක් දිගේ ඇවිදිමු කියලා අදහස දුන්නෙ කසුන්. 🥾 ඉතින් අපි තෝරගත්ත දවසෙ wheather update එක නම් තිබුනෙ එදාට වහිනවා කියලා,🌧️ කොහොම උනත් මට හිතුනා වැස්ස දවසක ගන්න experience එකත් වෙනස්ම දෙයක්,ඒ නිසා කමක්නෑ අපි යමු කියලා..😌

ඉතින් අපි Scarborough ඉදන් ටික දුරක් එනකොටම කිව්වත් වගේම වැස්ස පටන් ගත්තා.🌧️ ඒත් එක්කම හුලග,🍃 yellow warning wind ‼️⚠️. පැය දෙක හමාරක වගේ drive එකකට පස්සෙ අපි ආවා high force waterfall එක ලගට.💧එතනට එනකොට waterfall එකට යන foot path එක close.😩එහෙමයි කියලා ආපහු එන්නද මොකක් හරි හේතුවකට එදා එතන වහලා.අපි ආවේ trail එකක ඇවිදින්න නිසා map එක බලලා ඇවිදගෙන ගියා waterfall එකට.🚶‍♀️පලවෙනි pin point එක සාර්ථකයි.. 👍

එතනින් ආයේ අපි දෙන්න ගමන පටන්ගත්තා.🏔️ අපි ඇවිදගෙන ගියෙ Pennine Wy trail එක දිගේ, ඒක තිබුනෙ Tees river එකට parallelව 🏞️,ඒ හින්දා ඉතින් ගගත් එක්ක ඒ ගමන හරි ලස්සනයි.💚 ලස්සන වගේම තමයි එන්න එන්නම වැස්සත් වැඩි වෙන්න පටන් ගත්තා.⛈️ අපේ final destination එක උනේ White Force Waterfall එකට යන එක,ඒක ටිකක් දුරින් තමයි තියෙන්නෙ.🗺️ ඒ අතරමග තමයි Bleabeck Force කියන waterfall එක තියෙන්නෙ. දෙවෙනි pin point එකත් සාර්ථකයි.. 👍👍

Bleabeck Force Waterfall එක ලගදි අපි දෙන්නට මුහුන දෙන්න උනේ නිකන්ම නිකන් වැස්සකට නෙමෙයි,🥲 Ice වැස්සකට 🧊වැලිකැට වගේ ice වැටෙන්න පටන්ගත්තා ඒ වෙලාවෙ. ඒත් තවමත් අපි දෙන්නගෙ අන්තිම තැන තමයි White Force. දිගටම ඇවිදගෙන ගියා.💪 මේ දිය ඇල්ල ඈතින් පේන්න පටන් ගන්න තැනකට වෙනකන්ම අපි ඇවිදගෙන ගියා. ඒත් මේ වෙලාවේ තමයි අපි ඒ තරම්ම සැර හුලගට මූන දුන්න අවස්ථාව ගහගෙන යනතරමට හුලග සැරයි, 🍃 වැස්ස තදයි ⛈️ ඒ වෙලාවෙ තමයි මට හිතුනේ "we can’t do this anymore” කියලා. 🫩 එතනින් අපි ඉස්සරහට යන එක අතඇරලා ආයෙම main road එකට යන්න පාරක් හොයාගෙන යන්න පටන් ගත්තා.🛣️ තුන් වෙනි pin point එක අසාර්ථකයි..👎👎👎

එතනින් පස්සෙ අපට එන්න හරි trail එකක් තිබුනෙ නෑ.🥹 phone වලට signal ලුත් නෑ. 📶 map එක දිහා බලාගෙන ගල් වැටවල් දෙකක් තුනක් පැනලා තමයි farm එකක් හරහා ගිහින් foot path එකක් හොයාගත්තෙ. 🐑 මම මුලින්ම post කරලා තියෙන screen shot එකේ අපි ඇවිදපු පාර ආපහු car park එකට එන්න ආපු පාරම පෙන්නුවට අපි ඇත්තටම ආවේ පාරක් නැති තැන්වලින් හරහට ගිහින් main road එකට ආපු එක. මේ map එක මම අපේ ගමනින් පස්සෙ හදාගත්ත එකක් නිසා මේක මේ විදිහට පෙන්නන්නෙ..😌

ආපහු car park එකට එනකොටනම් අපි හිටියෙ සීතලත් එක්කම වැස්සට තෙමිලා හොදටම හෙම්බත් වෙලා.🥶ඒත් එදා සීතලට බොන්න කෝපි එකක්වත් ගන්න තැනක් අපිට හොයාගන්න බැරි උනා. ☹️

මේ story එක කියවපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මේ මොන ගමනක්ද?’ කියලා…
ඒත් මට නම් ඒ ගමන one of my best memories.
Simple, muddy, rainy… but I enjoyed it so much. ♥️

06/03/2026

Favourite destination in Spain 🇪🇸

28/02/2026

කියන්න මටත් එතකොට ඔයා කැමතිම season එක මොකද්ද....?

Address

York

Website

Alerts

Be the first to know and let us send you an email when Wanderlogue by Ush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share