14/06/2022
පාස්පෝර්ට් හදන එක ගැන නිතර නිතර අහන ප්‍රශ්න කීපයකට පොදු උත්තරයක් දෙන්න හිතුවා...
මුලින්ම පාස්පෝර්ට් හදන්න ඕන ෆොටෝ එකක් ගන්න ඕන. ස්ටූඩියෝ එකෙන් මේ ෆොටෝ අරගෙන ඒක පාස්පෝර්ට් ඔෆිස් එකට යවලා ඔයාලට රිසිප්ට් එකක් දේවි. මේ වැඩේ හැම ස්ටූඩියෝ එකටම කරන්න බෑ. ඒකට අනුමැතිය තියෙන එකකට යන්න වෙනවා. තමන්ගෙ පලාතෙ තියෙන ඒ ජාතියේ ස්ටූඩියෝ මොනවද කියලා මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
ඊ ලගට අයදුම්පත පුරවගන්න. ඒකට මෙන්න මෙතන තියෙන K35A අයදුම්පත භාවිතා කරන්න.
http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=en
ඊටත් පස්සේ අයදුම්පත එක්ක බාරදෙන්න පහල ලියලා තියෙන ලියකියවිලි එකතු කරගන්න.
1. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් සහතික කල උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්
2. ජාතික හැදුනුම්පත සහ එහි පිටපතක්
3. අර උඩින්ම කිව්ව ෆොටෝ එක ගනිද්දි දෙන රිසිප්ට් එක
4. කලින් පාස්පෝර්ට් එකක් තියෙනව නම් ඒක සහ ඒකෙ දත්ත පිටුවේ කොපි එකක්
5. ඔබේ වෘත්තීය/ තනතුර ඇතුලත් කරගන්න ඕන නම් එය සනාත කිරීම සදහා අධ්‍යාපන/ වෘත්තීය සහතික
අයදුම්කරු අවුරුදු 16 ට අඩු ළමයෙක් වෙන වෙලාවකදි ඉහත 1,3,4 ට අමතරව දෙමව්පියන්ගේ පාස්පෝර්ට්/ජාතික හැදුනුම්පත් කොපි සහ දරුවාට වෙනම පාස්පෝර්ට් එකක් හදන්න කැමතියි කියලා දෙන්නම අත්සන් කරපු ලියුමකුත් ඕන.
ඊලගට කරන්න ඕනේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අයදුම්පත බාරදෙන්න තමන්ට පහසු දිනයක් සහ වේලාවක් වෙන්කර ගන ඒ වෙලාවට ඇවිත් අයදුම්පත බාරදෙන්න. මේ දවස්වල ඉදිරියට මාසයකට වඩා කාලයක් සදහා මේ වේලාවල් සියල්ලම පිරිලා තියෙන්නෙ. ඒ නිසා ඊට කලින් දවසක පාස්පෝර්ට් එක ඕන නම් පෝලිමේ ඉදලා තමා බාරදෙන්න වෙන්නෙ.
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
ගමන් බලපත් ගාස්තුව
එක්දින සේවා රු. 15000 යි
සාමාන්‍ය සේවා රු. 3500 යි
අයදුම්පත බාරදුන්නට පස්සේ අලුතෙන් සකස් කරන ලද එක්දින සේවා ගමන් බලපත් එදිනම ද සාමාන්‍ය සේවා ගමන් බලපත් මාසයක් ඇතුලද ලබා දෙනවා. ( මේ දිනවල ලැබෙන අධික අයදුම්පත් ප්‍රමාණය නිසා මේ කාලය වැඩි වෙන්නත් පුලුවන්)
පොදු කරුණු:
1. උප්පැන්න සහතිකය මාස හයක් ඇතුලත ලබාගත් එකක් වීම අනිවාර්‍යය නැහැ. රෙ.ජ.දෙ. නිලධාරියෙක් විසින් සහතික කරන ලද, පැහැදිලිව කියවිය හැකි, ඉරිලා විනාශ වෙලා නැති ඕනම එකක් බාරගන්නවා.
2. ජාතික හැදුනුම්පත අනිවාර්‍යයයි. ඒක නැති අවස්ථාවකදි ඒ වෙනුවට විකල්ප භාර ගැනීම හෝ නොගැනීම අයදුම්පත අනුමත කරන නිලධාරියා මත තීරණය වේ.
3. දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් මියගොස් ඇති අවස්තාවලදි මරණ සහතිකය ඉදිරිපත් කල යුතු අතර දික්කසාද අවස්ථාවලදී එම සහතිකය ඉදිරිපත් කල යුතුය.
4. ළමයින්ගෙ අයදුම්පත් බාරදෙද්දි ළමයි එක්කගෙන එන්න ඕන නැහැ. නමුත් මව සහ පියා දෙදෙනාම පැමිණීම අත්‍යාවශ්‍යයි. එක් අයෙක් හෝ දෙදෙනාම විදේශයක ඉන්න අවස්ථාවකදි ඒ අදාල රටේ ශ්‍රී ලංකා තානපති කාර්‍යාල හරහා ගමන් බලපතේ පිටපත සහ කැමැත්ත පල කිරීමේ ලිපිය සහතික කරලා එවන්න ඕන.
5. කලින් පාස්පෝර්ට් එක නැති වෙලා නම් සහ ඒක වලංගු එකක් නම් පොලීසියෙ පැමිණිලි කරලා ඒ පැමිණිලි පිටපත් අයදුම්පත සමඟ බාරදෙන්න ඕනෙ. ඒ සඳහා රු 11500 ක දඩ මුදලක් අය කරනවා.
✍️ ජනක ප්‍රේමරත්න
Info : Department of Immigration & Emigration - Passport Office
Joomla! - the dynamic portal engine and content management system