Anuradha s herath.

Anuradha s herath. නිල් තණකොල බුදින්ටයි..
හිතුනු තැනක ලඟින්ටයි..
කැලේ වැටී නටන්ටයි..
කැලේ අයිති අලින්ටයි.. hobby photographer.

ඔන්න ලංකාවේ පෝය දිනයට අපිට ලැබෙන තොරතුරැ..අභය ස්ථානවලත් අභය නොලබන අපේ අලි පරපුර…..සමාවෙන්න පෝය දවසේ කියන්න වුණාට….ඇයත් අ...
08/08/2025

ඔන්න ලංකාවේ පෝය දිනයට අපිට ලැබෙන තොරතුරැ..
අභය ස්ථානවලත් අභය නොලබන අපේ අලි පරපුර…..
සමාවෙන්න පෝය දවසේ කියන්න වුණාට….
ඇයත් අහිංසක අම්මා කෙනෙක්…..
හිසට වෙඩි තබා මරා දමා තිබෙන්නේ……

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ මාදුරුඔය ජලාශය ආසන්නයේ හිසට වෙඩි තබා මරා දමන ලද ඇතින්නිකගේ සිරුරක් හමු වෙයි…..

https://www.facebook.com/share/p/19JeZhcfLj/

06/08/2025

නැගිටපන්..ඉස්කෝලේ යන්නැද්ද උඹ..😁😍

Vedio credit original owner .❤️❤️
(ලංකාවේ අලි ඇත්තු, ලංකාවේ අනන්‍යතාවයි ,රැක ගැනීම අප සැමගේ යුතුකමයි.)

01/08/2025

මහඉලුප්පල්ලම කැලේදිවුල්වැව වැවේ මේ වෙලාවේ අලි ඉන්නවා පාර යන අය අවධානයෙන් යන්න.🙏

ඒ ගමෙන් මේ ගමට පන්නනවා,මේ ගමෙන් ඒ ගමට පන්නනවා. පන්නන අතරතුරේ බඩගින්න නිවාගන්න කෙසෙල් ගහක් පොල් ගහක් බාගෙට ඇදගෙන කනවා.රෑ ...
31/07/2025

ඒ ගමෙන් මේ ගමට පන්නනවා,මේ ගමෙන් ඒ ගමට පන්නනවා. පන්නන අතරතුරේ බඩගින්න නිවාගන්න කෙසෙල් ගහක් පොල් ගහක් බාගෙට ඇදගෙන කනවා.රෑ තිස්සේ පැල් රකින මිනිස්සු හූ මොර දෙනවා.ඔය අතරේ වන ජීවි එකට කෝල් එකකුත් දෙනවා.ගමට අලි ඇවිල්ලා,වනජීවී එකෙන් ඇවිත් අලි වෙඩිල්ලක් දෙකක් ගහලා යනවා.
ලයිසන් තුවක්කුත් තියෙනවා,ලයිසන් නැති තුවක්කුත් තියෙනවා.හිතේ එන ආවේගයට වෙඩිල්ලක් දෙකක් තියෙනවා.අනේ වේදනාවෙන් කෑ ගහලා ටිකක් ඈතට යනවා.වේදනාවට වඩා බඩගින්න දැනුණු විට ආයෙත්ම එනවා.ඕං හැමෝම කතා වෙනවා දළදිග සද්ධන්තයා.පොඩ්ඩක් කොර ගහනවා.ඌ තරහ ගියාම එලවනවා.

දරාගන්න බැරිම තැන වේදනාවෙන් මිරිකි මිරිකී ඌ ආයෙත්ම කෑම හොයනවා.
ටික කලකට පස්සේ මිනිස්සුම දකිනවා සද්ධන්තයා අරෝ අබලං කියලා.අනුකම්පාව නිසාමදෝ වනජීවී එකට කෝල් කරලා ආයෙත් ම කියනවා.එතකොටයි ඇරෙන්නේ වන ජීවී නිලදරුවන්ගේ ඇස්. දැන් නමකුත් ලැබෙනවා.
ගැමුණට අසාධ්‍යයි.පත්තරෙත් යනවා.
සමාජ මාධ්‍යවලත් වැළපෙනවා.කවි කතන්දර ගොඩ ලියවෙනවා. ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඒ අතරේ තවත් නම් නැති සද්ධන්තයෝ වෙඩි කනවා.

"අහන්නෙම එක දෙයයි. භාතිය සමුගෙන අවසන් මුත් ලැබී ඇතිද විසඳුම් අපේ ඇත් පරපුරට"

සත්‍යය සිදුවීමක ප්‍රබන්ධයක් පමණි....

ඡායාරූප FB තුලින් උපුටාා ගන්නා ලදී.

Copied

31/07/2025

එයාලා දන්නවා මිනිස්සු නොමිනිස්සු කවුද කියලා..😍😍

දැක්කනේ ගිහින් එන්නම් අයියේ කියලා යන්නේ..❤️❤️

වීඩියෝ එක උපුටා ගැනීමකි අයිතිය මුල් හිම්කරුවන්ට.

ලෝකේ වැඩිපුරම දුක් විඳින අලි, මේ එකම රංචුවේ අලි 4 දෙනෙක් , සත්තු  තුන්දෙනාගෙම ඉස්සරහා කකුල් වලට වෙඩි වැදිලා.😢😢රංචුවේ ඉන්...
31/07/2025

ලෝකේ වැඩිපුරම දුක් විඳින අලි, මේ එකම රංචුවේ අලි 4 දෙනෙක් , සත්තු තුන්දෙනාගෙම ඉස්සරහා කකුල් වලට වෙඩි වැදිලා.😢😢

රංචුවේ ඉන්න සද්දන්තම හතරක්, ඒ කියන්නේ ශක්තිමත් ජාන, උඹලා මේ සත්තු මරලා ලඟා කරගන්න සංවර්ධනේ ගැන කියපල්ලා රටටම. මේවා කරන උන්ට වැඩිකල් යන්නෑ පොලීයත් එක්ක ලැබෙයි.😠

අද ( 2025/07/31 ) උදේ අඹන්පොල ගැටදිවුල.තොරතුරු සහ පින්තූර .👇

© Pathum Bandara | PathumS WILD

31/07/2025

ශ්‍රී ලංකාව ලෝකයේ සුන්දරම දිවයින.ඒ අලිඇතුන්,වනසතුන් හා සොබාදහම නිසා මිනිසුන් නිස නෙවේ.ලෝකයට ව්ටිනා ලංකාවට නොවටින සුන්දර
🐘🐘

කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය අනතුරේ ❌❓🐘බලධාරින් තවමත් නිහඬ ඇයි.... ?මද සමය ආරම්භ කරමින් ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව එහෙ මෙහ...
29/07/2025

කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය අනතුරේ
❌❓🐘

බලධාරින් තවමත් නිහඬ ඇයි.... ?

මද සමය ආරම්භ කරමින් ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව එහෙ මෙහෙ සැරිසරමින් සිටින ලංකාවෙ දල යුගල සහිත උසම (ශරීර ප්‍රමාණයෙන් විශාලම) හස්තියා ලෙස සලකන "කාවන්තිස්ස" ඇත් රජු, පසුගිය දා අපගේ වනජීවී ඡායාරූපකරණශිල්පීන්ට මුණගැසුණු අතර ඔහුගේ වම් පස උරහිස ප්‍රදේශය ආශ්‍රිතව තුවාලයක් නිරීක්ෂණය වී තිබුණි....

ඒ වෙඩි පහරක් ද ? ඇත් දල පහරක් ද ? එසේත් නැත්නම් වෙන යම් තුවාලයක් ද....???

පසුගිය මාස කිහිපය තුළ අපට අහිමි වූ අකාලෙ හුස්ම බිලි දුන් දලධාරීන් මෙන් ඉතිරිව ඇති හස්ති පරම්පාරවත් නැති වෙන්නට ඉඩ නොදී රැකගත යුතුව ඇත....

මේ වන විටත් අදාල පාර්ශව දැනුවත් කිරීමට අපගේ හිතවත් ඡායාරූපශිල්පීන් කටයුතු කර ඇති නමුත් තවමත් සුදුසු පියවරක් මේ සම්බන්දව අදාල බලධාරීන් විසින් ගෙන නොමැති බව කණගාටුවෙන් මතක් කර සිටිමු.

කඩිනමින් සොයා බලා ඇත් පරපුරේ රජු ඇතුළු අනෙකුත් හස්තීන් සුළු පිරිස වෙනුවෙන් වත් නිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර උන්ගේ ජීවිත අකාලයේ අහිමි වෙන්නට ඉඩ නොදී වහා ක්‍රියාත්මක් වන ලෙස,
හස්තියාගේ වටිනාකම තඹ සතේකට මයිම් නොකර ඇස් අන් නැති උන් සේ බලා හිදින බලධාරීන්ට නැවත නැවතත් තරයේ මතක් කර සිටිමු....

📸 වනජීවී ඡායාරූපශිල්පී Saranga Deva de Alwis

Department of Wildlife Conservation, Sri Lanka අවදානයට ☝️

…෴🐘🖤🐘...................................................................................

වන සතුන් පීඩාවට පත්ව සිටින අවස්ථාවන් පිළිබඳව ඔබ දුටුවහොත් හෝ ඔබට තොරතුරක් ලැබුණහොත් ලගම ඇති වනජීවී කාර්යයාලය දැනුවත් කර හෝ 1992 දුරකථන අංකය මාර්ගයෙන් දැනුවත් කර සතුන්ගේ ජීවිත බේරා ගැනීමට සහය වෙන්නට අමතක කරන්න එපා....

මිනිස්සු මේ ලෝකෙ තමන්ගෙ කියලා විතරක් හිතන එක නතර වුණ දවසට මේ ස්වභාදහම ගොඩක් ලස්සන වේවි....


මේ ඔවුන් වෙනුවෙන් අපි අවදිවිය යුතුම කාලයයි….
Let’s Protect the Wildlife 💚👆🤝

[මෙවැනි දේ මෙලෙස post කරන්නේ,
ඔබත් මෙවැනි හිත්පිත් නැති නොමිනිසෙකු බවට පත් නොවී, වන සතුන්ට හා පරිසරයට ආදරය/ඇලුම් කරන අයෙක් වී මේ ව්‍යසනයන් මැඩපැවැත්වීමට සහය දක්වනු ඇතැයි අපේක්ෂාවෙනි...]




Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Anuradha s herath. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anuradha s herath.:

Share

Category