Studio Cloudy Production

Studio Cloudy Production We love wedding photography. We love being part of one of the most important days in your life.

07/07/2026

Studio Cloudy 10th Anniversary.. Celebrating a Decade of Excellence. 📸💫

2016දී පුංචි හීනයක් විදියට ආරම්භ වුණු Studio Cloudy, අද වන විට අපේ ජීවිතයේ ලස්සනම සන්ධිස්ථානයක් වන 10 වැනි සංවත්සරය සමරන...
07/07/2026

2016දී පුංචි හීනයක් විදියට ආරම්භ වුණු Studio Cloudy, අද වන විට අපේ ජීවිතයේ ලස්සනම සන්ධිස්ථානයක් වන 10 වැනි සංවත්සරය සමරන තැනට ඇවිත් තියෙනවා. 🤍

මේ අවුරුදු 10 කියන්නේ දින ගණනක් විතරක් නෙවෙයි… ඒ කියන්නේ හීනවලට පණ දුන්න කාලයක්. කැපවීම්, අභියෝග, නිදි නැති රාත්‍රී, සතුටු කඳුළු, බලාපොරොත්තු, ජයග්‍රහණ සහ කිසිදා අමතක නොවන මතකයන්ගෙන් පිරුණු ලස්සන ගමනක්.

සමහර වෙලාවට මහන්සිය ඉවසන්නත් අමාරු වුණා. ඒත් හැම අභියෝගයක්ම අපිව නවත්තන්න නෙවෙයි, තවත් ශක්තිමත් කරන්නයි ආවේ. ඒ නිසා තමයි අද මේ තැන ඉඳගෙන මේ වචන ලියන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ.

අපිව විශ්වාස කරලා, තමන්ගේ ජීවිතයේ වටිනාම දවස අපේ කැමරාවට භාර දීපු අපේ ආදරණීය couplesලාට හදවතින්ම ස්තූතියි. ඔබලාගේ විශ්වාසය තමයි මේ අවුරුදු 10 පුරා අපේ ලොකුම ශක්තිය වුණේ. ඔබලාගේ සිනහව, ආදරය, කඳුළු සහ හැඟීම් තමයි අපේ ඡායාරූපවලට පණ දුන්නේ. අදත් අපි ගන්න හැම frame එකක් පිටිපස්සේම තියෙන්නේ ඔබලා අපිට දුන්න ඒ විශ්වාසයයි.

ඒ වගේම, අපි දෙන්නාටත් වඩා මේ ගමන තමන්ගේම ගමනක් වගේ හිතලා, කැපවීමෙන්, ආදරයෙන් සහ වගකීමෙන් අපිත් එක්ක හිටපු අපේ ආදරණීය staff එකටත් විශේෂ ස්තූතියක්. මේ සාර්ථකත්වය අපේ විතරක් නෙවෙයි. ඒ ඔබ හැමෝගෙම මහන්සිය, කැපවීම සහ එකමුතුකමේ ප්‍රතිඵලයක්. Studio Cloudy කියන නම පිටිපස්සේ ඉන්න සැබෑ ශක්තිය ඔබලායි.

අද අපි සමරන්නේ අවුරුදු 10ක ගමනක්. ඒත් මේක අවසානයක් නෙවෙයි… මේක තවත් ලස්සන පරිච්ඡේදයක ආරම්භය විතරයි. තවත් ආදරණීය කතා, තවත් හීන, තවත් මතකයන් සහ තවත් හදවත් ස්පර්ශ කරන නිර්මාණ එක්ක අපි ඉදිරියට යනවා.

මේ අවුරුදු 10 පුරා අපි එක්ක හිටපු, අපිව විශ්වාස කරපු, අපිට ආදරේ කරපු, අපිව දිරිමත් කරපු හැමෝටම අපේ හදවතින්ම ස්තූතියි.

අවුරුදු 10කට කලින් අපි පටන් ගත්තේ කැමරාවක් අතේ තියන් හීනයක් හිතේ තියාගෙන. අද අපි ළඟ තියෙන්නේ ඒ හීනය විශ්වාස කරපු මිනිස්සුන්ගේ ආදරය. ඒක තමයි අපේ ලොකුම ජයග්‍රහණය.

Studio Cloudy කියන්නේ ඡායාරූප ගන්න තැනක් විතරක් නෙවෙයි… ජීවිතයේ ලස්සනම මතකයන් ආදරයෙන් සදාකාලික කරන පවුලක්.

ඉදිරියටත් මේ ලස්සන ගමනේ කොටසක් වෙලා අපිත් එක්ක ඉන්න.

ස්තූතියි… ආදරෙයි… 🤍

— රමිත් & අධිශිකා
Studio Cloudy

06/07/2026

Two creators. One vision. Countless unforgettable moments..📸💫
Studio Cloudy Ramith De Silva Adishika De Silva

2026 Studio Cloudy. All rights reserved.

For Bookings
077 778 3001

04/07/2026

ඔබේ සුවද මා දිවියේ..හුස්ම සේ ඇත ලංවී..❤🥰

Photography - Studio Cloudy
HMUA - Roshan Hettiarachchi Bridal Salon

2026 Studio Cloudy. All rights reserved.

For Bookings
077 778 3001

30/06/2026

ඇස් කොනින් නුරා බැලුම්.. දෙතොල් අගින් සිනා කැලුම්.. මන්දහාස මුවග වෑහෙනා..❤️💫

Photography - Studio Cloudy
HMUA - Salon Thish

2026 Studio Cloudy. All rights reserved.

For Bookings
077 778 3001

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!!!☸️ 🙏
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!!!☸️ 🙏

Address

832 2/A/2 New Parliament Road , Pelawatta
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+94767663000

Alerts

Be the first to know and let us send you an email when Studio Cloudy Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Cloudy Production:

Share