18/03/2025
සම්පූර්ණ චක්‍රාවාටයක් වටා ඇති මේ නිල් පැහැති වස්තුව මොකක්ද. ? මෙය අයින්ස්ටයින් මුදුවක් (Einstein ring) ලෙස හැඳින්වේ.
මැදින් පිහිටි රතු පැහැති විශාල චක්‍රාවාටයේ ගුරුත්වාකර්ෂණය මගින් අවකාශ-කාලය. නැමීමකට ලක් කරනු ලබයි. එම නිසා එම චක්‍රාවාටයට පිටුපසින් පිහිටි තවත් නිල් පැහැති චක්‍රාවාටයක සිට පැමිණෙන ආලෝකය මේ ආකාරයක මුදුවක් ලෙස නැමීමට ලක්වී දර්ශනය වේ. මෙහෙම. මෙම ක්‍රියාවලිය ගුරුත්ව කාචනය ( Gravitational lensing)ලෙසද හැඳින්වේ .
මෙවැනි සංසිද්ධි පැවතිය හැකි බවට ඇල්බට් අයින්ස්ටයින් විසින් පෙන්වා දුන්නේ මීට වසර හැත්තෑවකට පමණ පෙරවන නමුත් පළමුවරට මෙවැන්නක් පවතින බවද ඡායාරූප සාධක වසර 2007 දී තහවුරු කර ගන්නා ලදී.
දෙවන ඡායාරූපයද එතරම් පැහැදිලි නැති නමුත් මධ්‍යයේ පිහිටි චක්‍රාවාටය වටා පිහිටන අයින්ස්ටයින් මුදුවක් ඇත.
Photo credits ESA