Keshara Sri

Keshara Sri Sharing Life Hack,Food,Motivation,
Life Styles,
Passion,Places,nature Life,Traveling..Photos,Videos All in one..Get in here Guys� Fallow,Share,Like,Comment �

30/07/2024

කසාද බැන්දට පස්සෙ හුඟක් ගැහැනුන්ට එයාලගෙ තිබ්බ සමහර හීන නැති වෙලා යනවා.ඒක ඇත්ත😔පිරිමින්ට එහෙම වෙන්නෙ නැද්ද ?නැති වෙනවා ,...
27/06/2024

කසාද බැන්දට පස්සෙ හුඟක් ගැහැනුන්ට එයාලගෙ තිබ්බ සමහර හීන නැති වෙලා යනවා.ඒක ඇත්ත😔
පිරිමින්ට එහෙම වෙන්නෙ නැද්ද ?
නැති වෙනවා ,ගෑණුන්ට වගේම පිරිමින්ටත් කසාද බැන්දට පස්සෙ එයාලගෙ තිබ්බ හුඟක් හීන නැති වෙලා අහිමි වෙලා යනවා ...
🕯️ඉස්සර කොල්ලා කාලේ දවසෙම යාළුවො එක්ක ඉඳල යාළුවො ජීවිතේම කරගෙන ඉඳල බැන්දට පස්සෙ ඒ හැමදේම කැපකරලා බිරිඳව ජීවිතේම කරගත්ත පිරිමි තොග පිටින් ඉන්නවා .
දරුවෙක් හම්බුනාම බිරිදගේ ඒ තිබ්බ ආදරේ අඩුවෙනවා.ඒත් උං ආදරේ නොබෙදා ආදරේවැඩි කරනවා.
🕯️තමන් ආස දේවල් ගන්න කලින් නෝනා දරුවො අම්මා තාත්ත ගැන බලලා එයාලට ඕන ,එයාල ආස හැමදේම අරන් දීලා ඉතුරු වුනොත් විතරක් තමන්ගෙ දේවල් ගන්න පිරිමි ඕන තරම් ඉන්නවා
🕯️තමන්ට ජීවිතේ කෑ ගහල අඬන්න හේතු තියෙද්දිත් හිතෙන් ඇස් වහගෙන අනිත් අයගෙ කඳුළු පිහදාන්න මහන්සි වෙන පිරිමි ඉන්නවා
🕯️දවසක බයික් එකක් ගන්න ,කාර් එකක් ගන්න ඔය වගේ ජීවිතේ තිබ්බ සමහර ලොකු ලොකු ආදරණීයම හීන හිත් අස්සෙ මරලා දාලා දරුවන්ගෙ බිරිඳ ගෙ හීන වලට පාර කපන පිරිමි ඇති තරම් ඉන්නවා .
තමංගේ දරුවා ගෑනි වෙනුවෙන් උංට නහින කාලයක් එනවා.
අම්මා තාත්තා ළඟ සැපට ඉදලා හොද වාහන පැදලා.පොඩි වාහන කට්ටක් එක්ක ගේම ගහන උං මං අත්දැකලා තියෙනවා.
හැබැයි උන්ට ලොකු හීන තියෙනවා.ඉස්සර වගේ නෙවෙයි.උගේ හීනේ තියෙන්නේ පවුලත් එක්ක.
සම හරක් උන් නැති උනාට බහුතරයක් පිරිමින්ට තියෙන්නේ.තමංගේ දරු පැටව්,ගෑනි,අම්මා අප්පා එක්ක දකින හීන.
උන්ට ඕනේ තමංගේ රැලත් එක්කම ගොඩ යන්න
වේදනා දැනෙන්න හොද නෑ ඒ වගේ උංට❤🙏

#උපුටාගැනීමකි

1 වසරේ හිටපු යාලුවෝ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් වෙන්වුනා6 වසරේ හිටපු යාලුවෝ O/l වලින් පස්සේ වෙන්වුනා12 වසරේ හමුවුනු යාලුවෝ A/l ...
23/06/2024

1 වසරේ හිටපු යාලුවෝ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් වෙන්වුනා

6 වසරේ හිටපු යාලුවෝ O/l වලින් පස්සේ වෙන්වුනා

12 වසරේ හමුවුනු යාලුවෝ A/l වලදී වෙන්වුනා

ඒ ඇතැම් වෙන්වීම් වලදී හිතට දැනුන සමහර යාලුවෝ හදවතේ රැදුනා

එහෙම යාලුවෝ අතර ,

අදුරගෙන පොඩි කාලයක් උනත් අවුරුදු ගානක සහෝදර බැඳීමක් තරම් ලංවෙච්ච යාලුවොත් ඉදියා ,

දුකට සතුටට හැමදේටම අපිව තනි නොකර අපි එක්ක ඉදපු යාලුවොත් ඉදියා .

කාලයත් එක්කම අපි වයසින් තරුණ වෙනකොට
ජීවිතේ කියන අරගලය ඇතුලෙ

අපි දැකපු හීන වෙනුවෙන් මහන්සි වෙද්දි අපි හැමෝටම අපිව මඟ හැරුනා .

ගතින් කොච්චර දුර ඈතක හිටියත්
ඉස්සර ඉදන්ම හිතට අරක්ගත්ත ඒ යාලුකම් අදටත් අපිට හදවතින්ම ගොඩක් ලෙන්ගතුයි !

ඉතිං මගේ ආදරණීය මිතුරනි ,
ආයෙමත් දවසක අපිට හුරු පුරුදු තැන්වල සුපුරුදු විදිහටම යළිත් අප මුණ ගැසෙමු .

මොහොතකට සිනාසී ජීවිතේ දුක සතුට පෙර ලෙසම බෙදාගමු .

ආදරෙයි !!! ❤️🍃

- උපුටා ගැනීමක් -

පුංචි දරුවන්ගෙ හිත් එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න කියලා post එකක් දැක්කා....ඒක සම්පූර්ණ ඇත්ත....ඒක මං එහෙම කි...
20/06/2024

පුංචි දරුවන්ගෙ හිත් එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න කියලා post එකක් දැක්කා....
ඒක සම්පූර්ණ ඇත්ත....ඒක මං එහෙම කියන්න හේතු වෙන පුංචි මාව පුංචි පුංචි කෑලිවලට ඉරලා දාපු සිද්ධියක් ගැන කියන්න ඕනෙ....
ඉතින් ආදරණීය ගුරුවරුනි, ගුරුවරු වෙන්න ඉන්න මගේ වයසේ ගෑනු ළමයින්ටත් මං කියන්නෙ...සිදුවීමකින් හෝ පොඩි දරුවෙක්ගෙ හිත තලා පෙලා දාන්න කලින් හුගක්ම පරිස්සම් වෙන්න ඕනෙ දෙවෙනි ලොකු ම වගකීම තියෙන්නේ ඔයාලටයි....පලවෙනි එක දෙමව්පියන්ගෙ.....❤️

මම ගෙදර ගොඩක් ආදරණීය ව හැදුණු ගැහැණු ළමයෙක් නිසාම මං ඉස්සෙල්ලාම සමාජයකට කියලා අවතීර්ණ වුණු පෙරපාසල්වලත් ගුරුවරියන්ගෙන් ඒ ආදරය බලාපොරොත්තුවුණු ළමයෙක්....ඒකට මං ගිය පළවෙනි පෙරපාසලේ පරිසරයත් බලපාන්න ඇති...මං ඉස්සෙල්ලම ගිය පෙරපාසල ටොට්ටො චං ගෙ අරුම පුදුම ඉස්කෝලෙ වගේ තැනක්....ඒක තිබුණෙ මහවැලි ගග ළඟ ලස්සන තැනක....උණ ගස් හෙවණක හදපු පොඩි බිල්ඩිමක්....එහා පැත්තෙ ගුරුතුමීගෙ ගෙදර තිබුණා....ඔය පෙරපාසලට යනකොට මට වයස තුනයි....ගුරුතුමී අපිට හරීම ආදරෙයි....බඩගිනි වුණාම එයා අපිට පහළ තට්ටුවේ පුංචි කුස්සියට එක්ක ගිහින් කෑම හදලා දෙනවා...අපේ පන්තියෙ අඬන ළමයෙකුට හිටියෙ එකම එක පිරිමි ළමයයි...අනිත් හැමෝම හරි ආසාවෙන් තමයි එහෙ ආවෙ....හවස ඇරුණාම ගෙවල්වලින් එනකල් ගුරුතුමීගෙ ගෙදර අපිව තියාගන්නවා....

ඊළඟ pre school එකට යද්දී මට වයස හතරයි...එහෙ හිටියෙ අර වගේ ටීචර් කෙනෙක් නම් නෙවේ....ඉතින් පුංචි මට තුවාල සිදුකරපු, අදටත් මතක් වෙද්දී හදවත පසාරු වෙලා යන සිදුවීම් සිද්ධවුණා....හරියටම අවුරුද්ද කියනවා නම් 2004.....
ඔය pre school ටීචර් ට මොකක්හරි හේතුවක් නිසා මාව පේන්න බැරිවුණාද කියලා නම් දන්නෙ නෑ...එයා කොහොමත් නපුරුයි කියලත් ගොඩක් අය කියනවා මතකයි....මං හුගාක් සංවේදී පොඩි එකෙක් වුණ නිසා ඔය පුංචි පුංචි සිද්ධි හරියට නොමැකෙන Scars වගේ මගේ මතකයේ තදින්ම රැඳුණා....
කවුරු හරි මේක ඇහුවාම මට හිනාවේවි හරිම පොඩි සිද්ධියක් නෙ කියලා...ඒත් ඒක පුංචි මට කරපු හානිය කොච්චරද කියනවානම්...කොච්චර ලොකු වුණත් පොඩ්ඩක්වත් මං ඒක මේ ලියන මොහොතෙවත් මතක් කරන්න කැමති නෑ....

මං ගෙදරට හරීම ආදරේ ළමයෙක් නිසා...ගෙදරින් දෙන කෑම එකේ කොළේවත් විසිකරන්න දුක නිසා ඒක මං හැමදාම පොඩිකාලේ ගෙදර අරන් එනවා....කෑම පෙට්ටියේ බත් ඇටයක්වත් කෑම ඉතුරුවුණත් මං විසිකරන්නෙ නම් නෑ...ඇයි දන්නෙ නෑ...ගෙදරින් හදලා දෙන දේකට මොනවා හරි වුණොත් මගෙ ඇස් කඳුලින් පිරෙනවා...හිත කඩාගෙන වැටෙනවා...අම්මී අප්පච්චි අත්තම්මා මැවිලා පේනවා....ඒ නිසා මං ගෙදරින් ගේන පුංචිම දේත් හරිම පරිස්සමට ආයෙ අරන් යන්න පුරුදු වෙලා හිටියා......අදටත් අම්මා හදලා දෙන බත් එකක් නරක් වෙලා තිබ්බත් කොහෙන් හරි මුල්ලකින් හරි කටක් කනවා විසිකරන්න කලින්......
අපිට preschool එකේ තිබ්බා බිත්තර කටුවකින් බබෙක් හදන්න....ඒකට ගෙදරින් බිත්තර කටුවක් පරිස්සමට අරන් එන්න කියලා තිබුණා...අප්පච්චි කලින් දවසෙ රෑ ඇතුලෙ බිත්තරේ අයින් කරලා කටුව විතරක් ලස්සනට හදලා දුන්න හැටි මං හරීම පුදුමයෙන් බලා හිටියා....මං පුංචි නිසා මට පුදුමයි බිත්තර සාරු ඔක්කොම එලියට ගත්තෙ කොහොමද කියලා කටුව දෙකට කඩන්නැතුව....ඉතින් මං හරීම පරිස්සමට ආදරෙන් මගේ බිත්තර කටුව අරං ගියා පහුවදා බිත්තර බබාව හදන්න......

අවුරුදු 26 කට පස්සෙත් කැළැල් ඉතුරු කරපු ඒ සිද්ධිය වුණේ එදායි....මගේ මේසෙට පිටිපස්සෙ හිටිය පිරිමි ළමයගෙ බිත්තර කටුව බිම වැටිලා එයා ඒක බිඳගෙන.....දැන් නවත්තන්නැතුව අඬනවා.... මට හරියට දුක හිතිලා මං ගියා ඒ ළමයගෙ හිත හදන්න....එයා මොකුත් නොකියා දිගටම අඬනවා....

අර නපුරු ගුරුවරිය ඒ වෙලාවෙ මෙතනට ආවා....එයා හිතුවෙ ඒ ළමයගෙ බිත්තර කටුව බින්දෙ මම කියලයි....මගේ බිත්තර බබාව මං ඒ වෙද්දි ඇස් දෙක නහය කට අලවලා මේසෙ උඩින් තියලා ඇවිත් තිබ්බෙ....."ඔයාද ඒක කළේ..." එයා මට කතාකරන්නවත් දුන්නෙ නෑ....අර ළමයත් මොකවත් නොකියා අඬනවා දිගටම..."මෙන්න බලනවා එහෙනං.." එහෙම කියමින් ගුරුවරිය මගේ බිත්තර බබාව අතට ගත්තා.....මට දැනුනෙ පුංචි මගේ හදවත එතන තියෙනවා වගේ.....ඊටපස්සේ මොහොතක් යන්න කලින් මහ නපුරු මූණක් එක්ක එයා ඒක අතින් මිරිකලා කුඩුකලා....මගෙ මුලු ඔලුවම බර වුණා....හැමදේම කලුවර වුණා වගේ දැනුණා...අම්මා අප්පච්චි මට ආදරෙන් බිත්තර කටුව දුන්න හැටි මැවිලා පෙනුනා....මං හුඟාක් ඇඩුවා... එයා මට ගොඩක් බැනලා ඒක අතුගා දැම්මා.............

ඉතින් ඒ ගොඩනැගිල්ල දිහා preschool ගිහින් ආවට පස්සෙ තාමත් මං බලන්නෙ නෑ....ඒ සිද්ධිය මතක් වෙන නිසා....හැමදාම මං බස් එකේ යන්නෙත් ඒ පාරෙමයි....ඒ වගේ සිද්ධි තව හුගක් සිද්ධවුණා...මටත් අනික් ළමයින්ටත්....ඒ ගුරුවරිය මෑතක් වෙනකම් එහෙ හිටියා....ඇය මට වගේ හුඟක් දරුවන්ගෙ හිත් බිඳින්න ඇති....බිඳුනු ළමයින් බිහිකරන්න ඇති ඒ අවුරුදු ගානට, කියලා හිතෙනවා....තාමත් ඒක මතක් වෙද්දි මට බය හිතෙන්නෙ ඇයි කියලා මං දන්නෙ නෑ...ඒ මං තුල ඉන්න පොඩි එකා වෙන්න ඇති....

තව මට අවුරුදු දොළහක් වගේ වෙද්දී හදපු පින්තූර පොතකට ගුරුවරියක් කුණු ගොඩක් කිව්වා මතකයි....මොන දේ අමතක වුණත් ඔය සිදුවීම් ගල් කැට වගේ බරට හිත ඇතුලෙ එල්ලෙනවා දැනුණා......ඔබ නොහිතුවට පොඩි දරුවෙක්ට ඒ වගේ දේවල් හරි බරයි....සමහර පොඩි එවුන් තුළ දරුණු සිතුවිලි ඇතිකරන්නත් ඒ දේවල් හේතු වෙන්න පුලුවන්....ළමයෙක් කියන්නෙ පොඩි වැඩිහිටියෙක් නෙවෙයි......❤️❤️

ඒ නිසා පොඩි ළමයි එක්ක වැඩ කරද්දී හුගාක් පරිස්සම් වෙන්න....එහෙම බැරිනම් එවැනි රැකියා කරන්න යන්න එපා....මට හම්බවෙලා තියෙනවා කවි ලියන්න ආසාවෙන් ලියපු පලවෙනි කවිය ගැන කමෙන්ට් කරපු ගුරුවරු නිසා ජීවිතේ නැවත කවදාවත් නොලියපු දක්ෂ ලියන්නෝ....චිත්‍රයකට කිව්ව දෙයක් නිසා ආයෙ චිත්‍ර අඳින්නැතිව ඉන්න තීරණය කරපු ළමයි.....ගුරු වෘත්තිය සාමාන්‍ය රැකියාවක් නෙවේ....කැපකිරීමක්....අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ පමණින්ම හොඳ ගුරුවරියක් ගුරුවරයෙක් වෙන්න හැමෝටම බැහැ....මගේ ජීවිතය මෙතෙක් දුර හරිගස්සපු මගේ අම්මා ඇතුලු ආදරණීය ගුරුවරුනි, ඔබ කළේ වෘත්තිය විතරක් නෙවේ....ළමයින් වීදුරු බෝල වගේ පරිස්සම් කරලා ඔප දාලා තේරෙන වයසක් එනකල් උණුසුම, ආදරය දුන්න ගුරුවරු හැමෝටම අනේකවාරයක් පින්.....ඔයාලා හැදුවෙ අධ්‍යාපනය විතරක්ම නෙවෙයි....මනුස්සකමින් පිරිපුන් සුන්දර මිනිස්සු❤️❤️❤️

-හෙළමිණි විජේකෝන් ✍ Copied

ඊද් අල්-අදා: ආගම්වල සත්ව බිලි පූජා සිදුවන්නේ ඇයි?ඊබ්‍රහීම් නබිතුමන් තම පුතු පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කිරීම සිහිපත් කෙ...
20/06/2024

ඊද් අල්-අදා:

ආගම්වල සත්ව බිලි පූජා සිදුවන්නේ ඇයි?

ඊබ්‍රහීම් නබිතුමන් තම පුතු පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කිරීම සිහිපත් කෙරෙන මුස්ලිම් වැසියන්ගේ ඊද් අල්-අදා උත්සවය හෙවත් පරිත්‍යාගයේ මංගල්‍යය සෙනසුරාදා ආරම්භ විය. ඊබ්‍රාහීම් යන නම ක්‍රිස්තියානි ආගමේ සහ යුදෙව් ආගමේ ආබ්‍රහම් ලෙස හැඳින්වේ.

විශ්වාසය නම්, අවනතභාවය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවක් ලෙස තම පුත් ඉස්මයිල් පූජා කරන්නැයි අල්ලා දෙවියන්ගෙන් ලද පණිවිඩයක් ලෙස ඊබ්‍රහීම් නබිතුමන් සිහිනයක් දුටු බව ය. ඔහු මේ බව තම පුතුට දැනුම් දුන් විට, ඉස්මයිල් එය පිළිගෙන, අණට කීකරු වන ලෙස තම පියාගෙන් ඉල්ලා සිටියේ ය. ඊබ්‍රහීම් තම පුත්‍රයා මරා දැමීමට සූදානම්වද්දී, අල්ලා දෙවියන් ඔහුව නවතා ඒ වෙනුවට ඔහුට පූජා කිරීම සඳහා ‘බැටළුවෙකු’ ලබා දුන්නේ ය.

[එහි ප්‍රතිඵලයක් ලෙස] ලොව පුරා සිටින මුස්ලිම් වැසියෝ, කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති දැඩි කරන විවිධ වර්ගයේ ගෘහාශ්‍රිත සතුන් චාරිත්‍රානුකූලව බිලි දීම සිදු කරති. සාම්ප්‍රදායිකව, යමෙකු තම අවශ්‍යතාවට වඩා වැඩි ධනයකට උරුමකම් කියන්නේ නම්, එම ක්‍රියාව සිදු කිරීම අනිවාර්ය වේ.

එසේ නම්, අනෙකුත් ප්‍රධාන ආගම් ගැන කුමක් කිව හැකි ද? සතෙකු බිලි දීම හින්දු ආගමේ, යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානි ආගමේ දකින්නේ කෙසේ ද?

යුදෙව් ආගම
ඇතැම් කණ්ඩායම් තවමත් යුදෙව් ආගමික උත්සවවලදී සතුන් බිලි දීමේ චාරිත්‍රය ඉටු කරති
ඉස්ලාම් ආගමේ ඉතිහාසය යුදෙව් ආගම හා ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයට බොහෝ සෙයින් සමාන වේ.

යුදෙව් ආගමික ග්‍රන්ථවල විවිධ පූජාවන් ගැන සඳහන් කරන අතර ම එක් එක් පූජා සිදුකළ යුතු නිශ්චිත වේලාවන් සහ ස්ථාන ද දැක්වෙන බව එක්සත් රාජධානියේ ලියෝ බෑක් විද්‍යාලයේ අධ්‍යයන සේවා අංශයේ ප්‍රධානී, යුදෙව් ධර්මාචාර්යවරයෙකු වන ගැරී සෝමර්ස් පවසයි. (රැබයි [Rabbi] යනු, යුදෙව් ධර්මාචාර්යවරුන් හඳුන්වන නාමය යි.]

"දැන් අපි මේ බිලි පූජා පවත්වන්නේ නැහැ, මොක ද මේ පුද පූජා පැවැත්වූ දේවමාලිගාව දැන් නැති නිසා. ඒ වෙනුවට අපි යාච්ඤාවෙන් මේ පරිත්‍යාග කිරීම් සිහිපත් කරනවා," ඔහු පවසයි.

යුදෙව් ධර්මාචාර්ය, ආචාර්ය බ්‍රැඩ්ලි ෂැවිට් ආර්ට්සන් යනු, ඇමෙරිකානු යුදෙව් විශ්වවිද්‍යාලයේ උපසභාපතිවරයා වන අතර ඔහු සිග්ලර් රැබිනික් අධ්‍යයන පාසලේ (Ziegler School of Rabbinic Studies) ඇබ්නර් සහ රොස්ලින් ගෝල්ඩ්ස්ටීන් ඩීන්ස් චෙයාර් (Abner & Roslyn Goldstine Dean’s Chair) ධූරය දරයි.

"රෝමවරුන් විසින් දෙවන දේවමාලිගාව විනාශ කිරීමත් සමග යුදෙව් ආගමේ සත්ව බිලි පූජාව තහනම් වුණා. බොහෝ අය විශ්වාස කරන්නේ ඒක දැන් ස්ථිරව ම තහනම් කරලා තියෙන්නේ කියලා. ඒත් තවත් සමහරක් විශ්වාස කරනවා, මෙසියස්ගේ පැමිණීමෙන් පසු ඒක යථා තත්ත්වයට පත් වේවි කියලා," ඔහු පැහැදිලි කරයි.

මෙහි සඳහන් දේවමාලිගාව යනු, ජෙරුසලමේ පැරණි නගරයේ අල්-අක්සා පල්ලිය මේ වන විට පිහිටා ඇති 'ටෙම්පල් මවුන්ට්' නම් ස්ථානය යි.

යුදෙව්වන් දේවමාලිගාව නැවත ගොඩනගන ලෙසට යාච්ඤා කරන්නේ, එය නැවත ගොඩනගන ලද පසු සත්ව බිලි පූජා යළි පැවැත්විය හැකි යි යන විශ්වාසයෙනි.

Samaritans standing around a pen with sheep in it in the occupied West Bankඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේදී අප්‍රේල් 22 වන දා ගත් මෙම ඡායාරූපයේ සමරිතානුවන් තවමත් යුදෙව් පාස්කු සමයේ සතුන් බිලි දෙන ආකාරය දැක්වේ
බොහෝ යුදෙව්වන් දේවමාලිගාව නොමැති වීම නිසා සත්ව බිලි පූජා නොපවත්වන නමුත් සමරිතානුවන් වැනි ජෙරුසලමේ සිටින ඇතැම් කණ්ඩායම් තවමත් පාස්කු සමයේදී බිලි පූජා පවත්වති. අනෙක් අය බිලි දෙන සතෙකුගේ වටිනාකමට සමාන මුදලක් පරිත්‍යාග කරති.

බැටළුවෙකු, මී හරකෙකු, ගවයෙකු හෝ එළුවෙකු හෝ වේවා, පරිත්‍යාග කරන ලද සත්වයා ආගමික වශයෙන් සුදුසු හෝ 'කොෂර්' විය යුතු ය. ඉතිහාසය ගැන විස්තර කිරීමට ආචාර්ය ආර්ට්සන් පැහැදිලි කරයි: "ඝාතන කරන්න අවසර ලැබුණේ කොෂර් සතුන් විතරයි. ඒවායින් කොටසක් අල්තාරය මතදී පුළුස්සා දැමුවා. සමහරක් පූජකයන්ගේ පවුල්වලට ලබා දුන්නා. තවත් කොටසක් මේ උත්සවයට සම්බන්ධ වුණු අය සහ ඒ අගයේ පවුල් විසින් පරිභෝජනය කළා."

ඍජුව ම සතුන් බිලි දීම සාමාන්‍ය දෙයක් නොවූවත්, බොහෝ උත්සව සඳහා මාංශ පරිභෝජනය අනිවාර්ය විය. සත්ව බිලි පූජා සඳහා ඇති යුදෙව් චාරිත්‍ර විවිධ වන අතර ඒවා පූජාවේ අරමුණ අනුව වෙනස් වේ.

අතීතයේ, යුදෙව් ආගමික උත්සව තුනක් වන පාස්කුව, සති මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය යන උත්සවවලදී සත්ව බිලි පූජා සඳහා වැදගත් ස්ථානයක් හිමි විය.

එක්සත් රාජධානියේ ලියෝ බෑක් විද්‍යාලයේ අධ්‍යයන සේවා අංශයේ ප්‍රධානී, යුදෙව් ධර්මාචාර්ය ගැරී සෝමර්ස්, යුදෙව් අලුත් අවුරුද්ද (රොෂ් හෂානා) සහ සමාදානයේ දිනය (යොම් කිපූර්) වැනි අනෙකුත් උත්සවවලට ද සත්ව බිලි පූජාවන් ඇතුළත් වූ බව පැහැදිලි කරයි.

ආබ්‍රහම් නබිතුමන්ගේ පරිත්‍යාගය පිළිබඳ කතාව යුදෙව් ආගමික ග්‍රන්ථවල ද දක්නට ලැබේ. කෙසේ වෙතත්, සත්ව බිලි පූජා පැවැත්වීමේ නියෝගය පසුව පැමිණි අතර එය යුදෙව්වන්ගේ එම පිළිවෙත තරමක් වෙනස් විය.

ක්‍රිස්තියානි ධර්මය
Jesus Christ nailed to the cross with clouds behind himඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,ක්‍රිස්තියානි බයිබලයේ ද මුස්ලිම් ආගමික ග්‍රන්ථවල සඳහන් ඊබ්‍රහීම් තම පුතු බිලි දීමට කැමැත්ත පළ කිරීමට සමාන සිදුවීමක් සඳහන් කරන නමුත් එහි ඊබ්‍රහීම් ආබ්‍රහම් ලෙස හඳුන්වා තිබේ
ක්‍රිස්තියානි ධර්මයේ මූලයන් යුදෙව් ආගමේ ඇති අතර යුදෙව් ආගමික ග්‍රන්ථවල සහ ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුම අතර බොහෝ සමානකම් පවතී.

"පුරාණ ගිවිසුමේ පොත්වල, විශේෂයෙන් ම ලෙවී කතාව 17 සහ ද්විතීය කතාව, සත්ව බිලි පූජා පවත්වන ආකාරය විස්තර කරනවා. සාමාන්‍යයෙන් උදේ සහ සවස කාලයේ වගේ ම විවිධ උත්සව අවස්ථාවලදී ඒවා සිද්ධ වුණා," ඩකාහි කෆ්රුල් කතෝලික පල්ලියේ දේවගැතිවරයා වන ආචාර්ය ප්‍රොෂාන්තෝ ටී රෙබෙයිරෝ පවසයි.

එකල සත්ව බිලි පූජා සිදු කරනු ලැබුවේ, පවිටු ක්‍රියා හේතුවෙන් ඇති වන පශ්චාත්තාපයෙන් ගැළවීමේ සහ ඒවාට සමාව ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

නමුත් එම චාරිත්‍රය තවදුරටත් ආගමික වශයෙන් ක්‍රියාත්මක නොවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පරම පරිත්‍යාගය ලෙස සලකන බැවිනි. ක්‍රිස්තියානි ධර්මය තුළ යේසුස් වහන්සේ සලකන්නේ ‘දෙවියන්ගේ බැටළු පැටවා’ ලෙස ය.

A lambඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,කිතුනුවන් යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්නේ 'දෙවියන්ගේ බැටළු පැටවා' ලෙස ය
බිලි පූජා සඳහා ආගමික ප්‍රතිපාදන නැතත්, බොහෝ අවස්ථාවලදී "යමෙක් දෙවියන්ට භාරයක් හෝ පොරොන්දුවක් ලබා දෙන්නේ නම්, සතුන් බිලි දීම වෙනත් ආකාරයකින් සිදුවේ."

යුදෙව් සම්බන්ධය හැරුණු කොට, මැවුම්කරුගේ නාමයෙන් සත්ව බිලි පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් ක්‍රිස්තියානි ධර්මයේ නොතිබූ බව ආචාර්ය රෙබෙයිරෝ සඳහන් කරයි.

කෙසේ වෙතත්, මාංශ පරිභෝජනය සඳහා සීමාවන් නොමැත. බොහෝ රටවල, යුදෙව් පාස්කු උත්සවයේදී බැටළු මස් අනුභව කිරීම සම්ප්‍රදායක් වන අතර, රෙබෙයිරෝ සඳහන් කරන්නේ, ඔහු ඉතාලියේ සිටි කාලය තුළ පාස්කු ඉරිදාට පෙර බැටළු මස් අනුභව කිරීම අනිවාර්ය කටයුත්තක් ලෙස හැඟුණු බව ය.

කෙසේ වෙතත්, ක්‍රිස්තියානි ධර්මය තුළ කුර්බාන් චාරිත්‍රයක් නොමැත. කුර්බාන් යනු, ආගමික අරමුණු සඳහා සතුන් බිලි දීමේ යුදෙව් සම්ප්‍රදාය යි.

හින්දු ධර්මය
A priest dances holding a sacrificial goat over his back during Deodhani festival at Kamakhya Temple on 19 August 2022 in Guwahati, Assam, Indiaඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කාමඛ්‍යා කෝවිලේ දෙව්ධානී උත්සවය අතරතුර බිලි දීම සඳහා වන එළුවෙකු අලාගෙන පූජකයෙකු නර්තනයේ යෙදෙන අයුරු
හින්දු ආගමේ සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් විවිධ මතභේද පැවතිය ද, එය හින්දු භක්තිකයන්ගෙන් කොටසක් අතර ක්‍රියාත්මක වී ඇත.

නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ බොහෝ ප්‍රදේශවල, දුර්ගා පූජා සහ කාලි පූජා වැනි උත්සව ඇතුළු ආගමික චාරිත්‍රවලදී සතුන් බිලි දෙනු ලැබේ.

“රාමායනය [සහ] මහා භාරතය වැනි විවිධ පුරාණ හින්දු ග්‍රන්ථ සහ [පුරාණ වැනි] ආගමික ග්‍රන්ථ, මෙම සත්ව බිලි පූජා ගැන සඳහන් කරනවා," චිතගොං විශ්වවිද්‍යාලයේ (බංග්ලාදේශයේ) සංස්කෘත අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය කුෂාල් බරන් චක්‍රබෝර්ති පවසයි.

"හින්දු ආගමේ පැරණි ආගමික ග්‍රන්ථවලින් එකක් වන ඍග්වේදයේ, බිලි දෙන ලද සත්වයාට විමුක්තිය ලැබෙන බව [සහ] වහල්භාවයෙන් නිදහස් වන බව සඳහන් වෙනවා," ඔහු ගෙනහැර දක්වයි.

ක්‍රිස්තු පූර්ව 1500 සහ 500 අතර වෛදික යුගයේ සත්ව බිලි පූජා බහුලව සිදු වූ බවට විශ්වාස කෙරිණි. එම මාංශ දෙවිවරුන්ට පූජා කර පසුව උත්සවලදී පරිභෝජනය කරන ලදී. කෙසේ වෙතත්, නූතන ඉන්දියාවේ විශේෂඥයින් අතර සත්ව බිලි පූජා පිළිබඳ විවිධ මත තිබේ.

ඇතැම් පුරාණ කෝවිල්වල තවමත් සත්ව බිලි පූජා පවත්වන බව ආචාර්ය චක්‍රබෝර්ති පවසයි. ඔහු බංගලාදේශයේ ධකේශ්වරී, සහ ඉන්දියාවේ ත්‍රිපුර සුන්දරී, කාමඛ්‍යා සහ කාලිඝට් කාලි වැනි කෝවිල් ගෙනහැර දක්වයි.

කෙසේ වෙතත්, හින්දු ආගම පිළිබඳ තවත් විශේෂඥවරියක වන ආචාර්ය රෝහිණී ධර්මපාල් පවසන්නේ, නූතන ඉන්දියාවේ සත්ව බිලි පූජා බහුලව සිදුවන බවට තමන් නොසිතන බව ය.

ආචාර්ය චක්‍රබෝර්ති සඳහන් කරන්නේ, හින්දු ආගමේ සත්ව බිලි පූජා සිදු කිරීමේ නවීන පිළිවෙත් බොහෝ විට අධ්‍යාත්මික වැදගත්කමට වඩා ආත්ම තෘප්තිය, තරගකාරිත්වය හෝ අස්වැසිල්ල කෙරෙහි අවධානය යොමු කරන බව ය. එමගින් එහි පූජනීයත්වය හීන කරන බව ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ කණ්ඩායම් කිහිපයක් විවිධ ආගමික ස්ථානවල සත්ව බිලි පූජා සිදු කිරීම ස්වේච්ඡාවෙන් නවතා ඇති අතර ආගමික කටයුතු සඳහා සතුන් මැරීම තහනම් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව සහ නේපාලය හින්දු භක්තිකයන් විසින් සිදු කරනු ලබන සත්ව බිලි පූජා තහනම් කර ඇත. නමුත් එම තහනම සැමවිට ම පිළිපදින බවක් දක්නට නොලැබේ.

සබැඳි විෂයයන්
ක්‍රිස්තියානි
ඉතිහාසය
මුස්ලිම්
ආගම
හින්දු
ඉස්ලාම්

අපි හැමෝම දන්න අදුනන මිහිර ❤️😢නැවැත්විය යුතුම දේවල් මෙච්චර තියන රටේ ...අවුරුදු ගණනාවක සිට දැනුම බෙදා දුන්න මිහිර පත්තරේ ...
15/06/2024

අපි හැමෝම දන්න අදුනන මිහිර ❤️
😢
නැවැත්විය යුතුම දේවල් මෙච්චර තියන රටේ ...අවුරුදු ගණනාවක සිට දැනුම බෙදා දුන්න මිහිර පත්තරේ 😢...
අපි ඉපදෙන්න කලින් සිටමත් අපි පාසල් වලට ඇතුලත් වූ කාලයේ සිට මෑතක් වන තුරු අපිට දැනුම බෙදා දීපු..එක පිටුවක් නෑරම කියවපු රස විදපු ඒ ආදරණීය මිහිර පත්තරය නවත්වනවා කියන එක පුදුම තරමේ අපරාධයක් ....🥺
"එක පාසලක් වහනවා කියන්නේ හිර ගෙවල් දහයක් විවෘත කරනවා වැනිය " වගේ කතවක් තියනවා නේ...අන්න ඒ වගේ මේ පත්තරෙන් ජීවිතේට දැනුම එකතු කර ගත් කෙනෙක් නැති තරම්...ඉතිං එතනින් එහාට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ....😢

ස්තූතී මිහිර හය හතර තේරෙන කාලයේ පටන් අපිව දැනුමෙන් පොහොසත් කලාට...
(මිහිර පත්තරයට ඒ දැනුම එකතු කල සියලු දෙනාටමත් ස්තූතී 🙏❤️)
🙏❤️🫶
( e- paper ) එකක් විදියට එනවා කියලා තියනවා ඉස්සරහට ..ඒත් එහෙම e-paper කියවන්න බැරි කමක් තියන ළමයි කීදෙනක් නම් ඉන්නවද...
පුද්ගලිකව මම හරිම අකමැති e-paper හෝ pdf කියවන්න ,ඔලුව ,ඇස් රිදෙන්න ගන්න නිසයි සහ ඒක කුතුහලයෙන් කියවන්න බැරි නිසයි...

     ゚                           🇶🇦
07/06/2024

゚ 🇶🇦

තාත්තගෙ සෙක්ස් චැට්අපේ තාත්තා කෙල්ලෙක් එක්ක කරපු සෙක්ස් චැට් එකක ස්ක්‍රීන් ෂොට් වගයක් සෝෂල් මීඩියා කළඹන්න පටන් ගත්තෙ මගෙ...
20/05/2024

තාත්තගෙ සෙක්ස් චැට්

අපේ තාත්තා කෙල්ලෙක් එක්ක කරපු සෙක්ස් චැට් එකක ස්ක්‍රීන් ෂොට් වගයක් සෝෂල් මීඩියා කළඹන්න පටන් ගත්තෙ මගෙ වෙඩින් එකට දවස් විස්සක් තියලා.

මට ඒවා එව්වෙ විහඟ.විහඟ කියන්නෙ මගෙ ආදරවන්තයා. එතකොට මගෙ වෙඩින් එක ලෑස්ති වෙමින් තිබුණෙ සච්න්ත එක්ක. සචින්ත කියන්නෙ යෝජනාවක්. විහඟ කියන්නෙ මගෙ ආදරේ .

අපේ තාත්තා විහඟට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. විහඟ හිටියෙ රට හින්දා මට තාත්තට විරුද්ධ වෙලා විහඟ ළඟට යන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ. පුළුවන්කමක් තිබුණත් ඒ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන තරමට මම මගේ තාත්තට ආදරේ කළා. අනිත් එක මගේ තාත්තා ගෞරවනීය මිනිහෙක්. එයා පෙන්ෂන් ඇවිල්ලා අවුරුද්දයි.දැන් එයා නිදහසේ ජීවත් වෙනවා.

ජොබ් එක කරපු කාලේ එයා වැඩ කරපු තැනක උනත් ගමේ උනත් නෑදෑයෝ ඉස්සරහ උනත් එයා ගෞරවනීය චරිතයක්. ඇත්තටම මිනිස්සු ඔයාට ගරු කළා. අම්මා නැති වෙලා දැන් අවුරුදු දහයක්. ඒ කියන්නේ අම්මා නැති වෙනකොට තාත්තට වයස පනස් එකක් පනස් දෙකක් වගේ ඇති. අම්ම මැරෙනකොට අක්කායි අයියයි බැඳලා හිටියෙත් නෑ. ඒ දෙන්නව බන්දලා දුන්නෙත් තාත්තා. ඊට පස්සේ මම ඉගෙනගෙන ඉවර වෙනකන් ඉඳලා දැන් මාව බන්දලා දෙන්නයි හදන්නේ. ඔය දේවල් නිසාත් ගමේ අය උනත් තාත්තව අගය කළා.එයාට ගරු කළා.එහෙව් ගෞරවනීය මිනිහෙක් වුණු තාත්තව දාලා මම පැනලා ගියොත් මිනිස්සු උනත් මට සාප කරාවි.

අපේ තාත්තට අනුව විහඟ කියලා කියන්නේ කලහකාරී මනුස්සයෙක්.එයාට පොඩ්ඩක් කේන්ති යනවා.පොඩ්ඩක් කේන්ති ගියාට විහඟ කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා තාත්තට ඔප්පු කරන්න මම කොච්චර උත්සාහ කළත්, තාත්තා ඒක පිළිගත්තේ නෑ.

"කලබලකාරයොත් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි.ගෑණු කලබලකාරියෝ උනත් ඒක ලොකුවට බලපාන්නේ නෑ ඒත් පිරිමි කලබලකාරයෝ වුණහම ඒක ලොකුවට බලපානවා" තාත්තා කිව්වේ එහෙමයි.

හොඳ ඉවසීමක් තිබ්බ අපේ තාත්තා යසට කරගෙන තිබුණේ ඔය.
වැඩක් නෑ කියලා.

අපේ තාත්තා සෝෂල් මීඩියා වලට එනකොට මුලදිම මම ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.ඒත් තාත්තා සෝෂල් මීඩියා වලට ආවට පස්සේ, ඇත්තටම කිව්වොත් එයා මට වඩා හුඟාක් ඇඩ්වාන්ස් විදිහට ඒවා පාවිච්චි කරන්න පටන් ගත්තා . තාත්තට කලාව සාහිත්‍ය ගැන තිබුණු දැනුම මම දැක්කේ එයා සෝෂල් මීඩියා වල ලිව්ව දේවල් වලින්. ඉතින් වැඩි කල් නොගොහින් එයා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. සෝෂල් මීඩියා හින්දම හම්බවුණු හුඟාක් යාළු මිත්‍රයෝ එයාට හිටියා.
ඉතින් තාත්තා අනිත් හැම තැනම වගේ සෝෂල් මීඩියා ඇතුලෙත් ගෞරවනීය වැඩිහිටියෙක් බවට පත්වෙලා හිටියා. ඒ ගැන මම ආඩම්බර වුණේ නෑ කියන්න බෑ එයා මගේ තාත්තා කියලා මම කට පුරා කිව්වෙ ආඩම්බරයෙන් තමයි.

අවසානයට විහඟටයි මටයි සිද්ධ වුණා වෙඩින් එකට ඔහේ ලෑස්ති වෙන්න අරින්න. හැබැයි තව හරියටම දවස් හයකින් එයා ඇවිත් මාව එක් කරගෙන යනවා. තාත්තලා නැන්දලා ඔක්කොම වෙඩින් එකට ලෑස්ති වෙන අතරේ මම විහගත් එක්ක රට යන්න ලෑස්ති වෙමින් හිටියා. වෙඩින් එකේ වැඩ වලට කියලා එළියට බැහැලා රට යන එකේ හැම වැඩක්ම කරගන්නත් මට පුළුවන් වුණා.

සචින්ත කියන්නේ හොඳ කෙනෙක්, නරක කෙනෙක් නෙමෙයි. ඒක හින්දා මට ඕන උනා සචින්තව රවට්ටන්නේ නැතුව එයාට ඇත්ත කියන්න. ඔය කියන තාත්තගේ සෙක්ස් චැට් ලීක උන දවසෙ දවල් මම සචින්තව හම්බුණා. තවදුරටත් මේ වෙඩින් එකේ සූදානම් වලට වියදම් කරන්න එපා කියලා එයාට ,එදා කියන්න මම හිතාගෙන හිටියේ නැතත් ..ඒත්..එක සිදුවීමක් හින්දා මට එයාට ඒක කියන්න සිද්ධ වුණා.

"මෙලී...ඔයාට මැරේජ් එකක් ඇතුළෙ ඇත්තටම ඕන කරන දේවල් මගෙන් ලැබෙයි කියලා ඔයා විශ්වාස කරනවද?" එයා මගෙන් ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"එහෙම අහන්න ඕන. හරිනම් ඔයත් මගෙන් එහෙම අහන්න ඕන. යම්කිසි විදිහකින් අපි මැරේජ් එකක් ඇතුලේ බලාපොරොත්තු වෙන දේවල් ගැලපෙන්නෙ නැත්නම්..මේ තමයි අවසාන දවස් ටික අපිට ඒ ගැන තීරණයක් ගන්න තියෙන ඇත්තටම මට මං සම්බන්ධයෙන් ගත්තම ඔයා මට පර්ෆෙක්ට් කෙල්ල කියලා හිතෙනවා..ඒ වගේම ඔයාටත් මාව එහෙම දැනෙනවා නම් විතරයි අපි බඳින්න ඕනේ.ඔයාට මං කියන දේ තේරෙනවද?"

එයා අන්න එහෙම ඇහුවම තමයි මට එයාට බොරුවක් කරන්න බෑ කියලා හිතුනේ. මම විහඟ ගැන කිව්වහම සචින්ත මුකුත්ම කිව්වේ නෑ. එයා ඇස් දෙක පියාගෙන හිනා වෙලා හුස්මක් පහළට දාලා ඔලුව වැනුවා.

"අනේ මේක අපේ තාත්තට කියලා කලබලයක් නම් ඇති කරන්න එපා" මම එහෙම කිව්වා.
"පිස්සුද ළමයො.මොකුත්ම වෙන්නේ නෑ. ඔයා ඔයාගේ වැඩේට ලෑස්ති වෙන්න" එයා එහෙම කිව්වා.
"සචින්ත මාත් එක්ක තරහ නෑ නේද?"
"ම්හු...අපි හැමෝම අපිට වැඩියෙන්ම සැනසීම තියෙන්නේ කා ළඟද කියලා හොයාගන්න ඕන මෙලී....තමන්ට ඒ අයිතිය තියෙනවා වගේම අනිත් හැමෝටමත් තියෙන්න ඕන"

සචින්තගේ අම්මා හදිසියේ කෝල් කරපු හින්දා අපිට එතනින් එහාට කතා කරන්න වෙලාවක් තිබුණේ නෑ. මෙතනින් එහාට මොකක් වෙයිද, සචින්ත මොනවා කරයිද කියලා හිතන්නවත් මට වෙලාවක් ඉතුරු නොවී මං ආපහු ගෙදර එනකොට අර ස්ක්‍රීන් ෂොට් ටික මට ඇවිත් තිබ්බා. ඒවා මට එවලා තිබුණෙ කාලයක් ඉන්නවද මළාද කියලවත් හොයාගන්න නැතුව හිටපු ඉස්කෝලේ කාලෙ යාලුවෙක්.

"මේකට මොකක් හරි කරපං.නම්බුව නැති වෙන්නෙ උඹේ" එයා එහෙම එවල තිබුණා.

ඇත්ත. නම්බුවේ ආයෙ ඉතුරු වෙන්න දෙයක් තිබුණෙ නෑ.මම දකිනකොටත් හුඟක් පේජ් වලින් ඒ ස්ක්‍රීන් ෂොට් වලින් හදපු පෝස්ට් ,ඉමේජ් ශෙයා වෙලා ඉවරයි .අපේ තාත්තාගේ නමයි ෆොටෝ එකයි එක්කම.

"ගරු කටයුතු නීල් කාන්ත සීනි තාත්තා "

තාත්තගේ නම සර්ච් බාර් එකේ ගැහුවාම එයා පොපියුලර් නව් ...

එතකොට ඒවගෙ මොනවද තිබුණෙ? වැඩක් නෑ කියලා.දුවෙක් හැටියට මට ඒ ගැන කතා කරන්න ලැජ්ජා හිතෙන තැනට වැඩ සිද්ධ වෙලා තිබුණා.

එයා හුඟක් තරුණ ගෑනු කෙනෙක්.

තාත්තා ඒ ගෑනු කෙනත් එක්ක අම්මා ඉන්න කාලේ එයා ගත කරපු සෙක්ස් ලයිෆ් එක ගැන කියලා තිබුණා. ඒකෙදි සිද්ධ වුණු අඩුපාඩු කියලා තිබුණා. වර්තමානයේ සෙක්ස් වීඩියෝ එකක් බලනකොට එයාට ඇති වෙන හැඟීම් කියලා තිබුණා. හොඳ ලිංගික ජීවිතයක් තිබුණු මිනිහෙකුට ස්වයං වින්දනය කියලා කියන්නෙතලිංගික අවශ්‍යතා සපුරා ගන්න මොන විදිහකින්වත් හොඳ ක්‍රමයක් නෙවෙයි කියලා එයා කියලා තිබුණා.
නොකර බැරිකමට ඒකට යොමු වුණත් ඇත්තටම සෙක්ස් කරනකොට යන කාලයට වඩා දෙතුන් ගුණයක් වෙලාව යන බවත් එයා කියලා තිබුණා.

"ඇත්තටම මට ගෑනියෙක් ඉන්න තිබුණේ පෙන්ෂන් ගියාට පස්සේ මේ දැන් කියලා මට සමහර වෙලාවට හිතෙනවා"

"සෙක්ස් කියන දේ ගැන ඉස්සර නොතේරුනාට වඩා ගොඩාක් දේවල් දැන් තේරෙනවා.හැබැයි අවාසනාවකට දැන් මගේ ළඟ ගෑනියෙක් නෑ.අලුතින් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න දැන් අපිට වයසකුත් නෑ"

"ඔය මගේ වෝල් එකේ තියෙන්නේ මගේ ඇත්තම ෆොටෝ.ඒ තමයි මගේ උස මහත මගේ විදිය. ඇත්තටම කිව්වොත් මට ආයේ විවාහයක් කර ගන්න බෑ නේ.ඒත් මම උනත් සම්බන්ධයක් ඇතිකර ගන්න අවස්ථාවක් ඇති වුනොත් ඒක ඇතිකර ගන්නවා.කාටවත් කරදරයක් නෑනේ"

"ඔයා කැමති නම් මට කියන්න..අපි හම්බවෙලා කතා කරමු. ඔයා මගෙ වයසෙ අයට කැමති කියලා පෝස්ට් දාන නිසා මම ඔයාට මේක කිව්වෙ"

ඒ විතරක් නම් බැරියැ එක එක ලිංගික ඉරියව්වල තියෙන ෆොටෝ වගයක් තාත්තා යවලා තිබුණා.

"මේ මම කැමතිම දේවල්. කැමති ම දේවල් වලින් එකම එකක් වත් ඇත්තටම මගෙ වයිෆ් කැමති නැති නිසා කවදාකවත් කරලා නෑ.ඔයා කැමති දේවල් මට එවන්න .අපි අකමැති දේවල් දැනගන්න ඕන නෙ"

ඒ ස්ක්‍රීන්ෂොට් වල හැටියට තාත්තා මේ ගෑනු කෙනාව හම්බවෙන්න ගිහිල්ලා තියෙනවා.

"ඔයා මගෙ හීන වල තිබුණ දේවල් කොටසක් සම්පූර්ණ කරා ළමයෝ. තෑන්ක්‍ යූ" තාත්තා එහෙම යවලා..ඒ කියන්නෙ..

අවසානෙට තිබුණ ස්ක්‍රීන් ෂොට් එකේ තිබුණෙ ඒ ගෑනු කෙනා සල්ලි ඉල්ලන එකක්.
"ඔයා මට කිව්ව සල්ලි දෙනවා කියලා.මම ඒකයි මේකට කැමති වුනේ" ඒ ගෑනි.
"ඔය කියන තරම් සල්ලියක් ඔයාට වියදම් කරන්න පුළුවන් කියලා මම කවදාවත් කියලා නෑ"
"ඒ වුනාට මට මේ වෙලාවේ මේ මුදල ඕන"
"ඇත්තටම මට දෙන්න විදියක් නෑ.අපි කරපු දෙයක් අපි දෙන්නගෙම කැමැත්තෙන් කළා මිසක් මම ඔයාට බලෙන් කිසිම දෙයක් කරල නෑ"
තව තව දිගට තිබුණා. මම ආයේ බලන්න ගියේ නෑ.ඒ ස්ක්‍රීන්ෂොට් වලින් මගේ ඉන් බොක්ස් එක පිරිලා තිබුණා.

ඉස්සෙල්ලම කෝල් කලේ නෑනා.
"මොකක්ද චූටි නංගි මේ තාත්තගෙ නාඩගම? විලිලැජ්ජාවේ බෑ"

ඊට අස්සෙ අක්කා.
"තාත්තා අපිව මේ වගේ ලැජ්ජාවක දායි කියලා නම් ජීවිතේට හිතුන්නෑ ඕයි.බලනවා.මට අයියලගෙ එවුන්ගේ මූණ බලන්න වෙන්නෑ ආයෙ"

ඊට පස්සෙ මස්සිනා
"දැන් ඉතින් අපි කොහොමහරි ඔයාගෙ වෙඩින් එකට මේකෙන් හානියක් නොවෙන්න කරන්න පුළුවන් දෙයක් බලමු.ඔලුව උස්සන්න පුළුවන් වෙන්න විදිහට නං නෙවෙයි කෙලවගෙන තියෙන්නේ"

අයියා මොකුත්ම කිව්වෙ නෑ. නෑන කිව්වෙ අයියා ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා කියලා විතරයි.

විහඟ ගෙ කෝල් එක එනකොට රෑ එකොළහයි.
" මගේ සත්‍යගරුක නීතිගරුක යහපත් විනීට මාමණ්ඩිකාරයා ලෙසටම කෙලවගෙන තියෙන්නේ..බලන්න බබා මම හිතාගෙන හිටියේ කවදාහරි දවසක මේ මනුස්සයා අපි දෙන්නට කැමති වෙයි. එහෙම දවසකට මේ මනුස්සයාව මැරෙනකම් බලා ගන්නවා කියලා . ඇති වෙනකම් කෙළලා කෙළලා ළමයිනුත් වදලා ඔක්කොම ඉවර උනාට පස්සෙත් කුපාඩිකම ගිහිල්ලා නැති හැටි..යකෝ අපිවත් සෝෂල් මීඩියා වල කෑලි ටෝක් කරන්නෑ මූ බලහංකො නාකියා"

අවසාන කෝල් එක, ඒ කියන්නෙ එදා දවසෙ මම බලාපොරොත්තු උනේවත් නැති කෝල් එක ආවේ රෑ දොළහට. ඒ සචින්ත.
"මගෙන් මොනව හරි කෙරෙන්න ඕනද මෙලී?"
"ඒ කිව්වෙ?"
"තාත්තා ගෙදර ඉන්නවද?ඔයා එයත් එක්ක මේ ගැන මොකුත් කතා කරන්න ගියේ නෑනේ. ඔයා මේ ගැන දන්න බව වත් එයාට අඟවන්න යන්න එපා.කොහොමත් ඔයා දන්න බව එයාට මේ වෙනකොට තේරිලා ඇතිනේ"
"අඟවන්න එලියට එන්න එපැයි.කාමරෙන් එළියට ආවේ නෑ"
"දවල් ඉඳන්?"
"ඔව් .මදෑ තාත්තා ඉඳල ඉඳල කරපු විනාසේ"
" එයා ඔතන කරපු විනාශයක් නෑ මට නම් පේන විදිහට. ඔයා ඉස්සෙල්ලා ගිහින් බලන්න ඇත්තටම එයා කාමරේ නිරුපද්‍රිතව ඉන්නවද කියලා.එයා මේක කොහොම දරාගන්නවද කියලා අපි දන්නේ නෑනේ. කතා කරල තේ එකක්වත් දුන්නනම් නේද හොඳ"
"පිස්සුද . මම කොහොමද එයාට මූණ දෙන්නේ?
"මෙලී ..මට මේක කියන්න..ඔයත් දැන් හිතනවද තාත්තා වැරැද්දක් කරලා කියලා?"
සචින්තගේ ඔන්න ඔය ප්‍රශ්නේ මාව ටිකක් නිරුත්තර කරලා තිබ්බා.
"ඔයා කියන්නේ අපේ තාත්තා වැරැද්දක් කරලා නෑ කියලද ඒ ස්ක්‍රීන්ෂොට් බොරුද?"
" ඒ ස්ක්‍රීන්ෂොට් වල තියෙන ඔක්කොම ඇත්ත. හැබැයි ඕවා පටන් ගත්ත විදිහ ඕවගේ නෑ. ඒ සේරම පැත්තක දැම්මත් හැම ඇත්තකටම වඩා ලොකු ඇත්තක් තියෙනවා අපි අමතක කරන්න නරක"
" ඒ මොකද්ද?"
" මිනිස්සුන්ට පංචේන්ද්‍රියක් තියෙනවා.ඇස කන නාසය දිව ශරීරය කියලා. මිනිස්සු වෙන අපිට ඇහෙන් දකින්න කනෙන් අහලා නහයෙන් සුවඳ කරලා දිවෙන් රස බලන්න ඕන..ඒ වගේම ඔය ශරීරය කියලා හඳුන්වන හම.. තියෙන්නේ ඒකේ ස්පර්ශයත් අපිට ඕන. මෙලී ගෑනියෙකුයි මිනිහෙකුයි එකට ජීවත් වෙලා උන් දෙන්නගෙන් එකෙක් මැරිල ගියාට පස්සෙත් අනිත් එකාට කන්න ඕන .බොන්න ඕන...ඔය මූලික මිනිස් අවශ්‍යතා කියලා කියන ටික පාට්නර් මැරිල ගියා කියලා ඉවර වෙන්නෙ නෑ .එතකොට පාට්නර් මැරිල ගියාට පස්සෙත් අනිත් සියලූ මූලික අවශ්‍යතා ඒ මනුස්සයාට තියෙන බව පිළිගන්න අපි ඒ මනුස්සයට ඇස් දෙකෙන් බලන එකවත් කනින් අහන එකවත් දිවෙන් රහ බලන එකවත් තහනම් කරන්න යන්නේ නෑ.හැබැයි ස්පර්ශය..අම්මෝ ඒක තහනම්. පව් නැද්ද?..මං මේ කිව්ව එක මටවත් තේරෙන්නේ නෑ බං මට පොඩි තරහක් ආවා ඒකයි කිව්වේ.අවුලක් ගන්න එපා.
" නෑ නෑ"
"මට නං ඔය ස්ක්‍රීන්ෂොට් ටික දැක්කහම තාත්තා ගැන හරි අනුකම්පාවක් ඇති වුණා. ඒ මනුස්සයටත් අවශ්‍යතා තියෙනවා.ෆිට් එකේ ඉන්න ලෙඩක් නැති ඇඟ.ඉටිපන්දන් හඳුන්කූරු කාලා පොල් තෙල් බොනවා නෙමෙයිනේ හැඟීමක් දැනීමක් නැති වෙන්න. අපි ඉන්න සංස්කෘතික රාමුව ඇතුලේ දැන් එයාට සෙක්ස් කරන්න කෙනෙක්ව හොයාගන්නත් බෑ.තියෙන ආර්ථික සහ සංස්කෘතික අර ලබ්බවල් මේ ලබ්බවල් හින්දා තව කසාදෙකට යන්නත් බෑ. ඉතිං මනුස්සයා හොයාගෙන තියෙනවා ඒ මනුස්සයාගේ වයසට කැමතියි කියලා පෝස්ට් ශෙයා කරන තරුණ ගෑනියක්.ඒ ගෑණිත් එක්ක සම්බන්ධයක් පවත්ව ගන්න පුළුවන් තැනට චැට් එකක් ගිහින් තියෙනවා.සම්බන්ධයක් ඇති වෙලත් තියෙනවා. හැබැයි ඔයාගේ තාත්තා හිතන් හිටියා වගේ ඒ වයසට කැමති වෙලා නෙවෙයි ඒ ගෑනි ඇවිල්ල තියෙන්නෙ සල්ලි ටිකක් කඩාගන්න බලාගෙන.තාත්තා වියදම් කරන්නත් ඇති. මේ ඊයේ පෙරේදා ඔයාගේ වෙඩින් එකේ වැඩත් එක්ක එයාට ඔය ගෑනිට සල්ලි දෙන්න බැරි වෙන්න ඇති. ඒක තමා ඔතන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණෙ..ඔය මනුස්සයා අම්මා ඉන්න කාලේ ඔය වගේ වැඩක් කරානම් වැරදියි කියලා හිතන්න තිබ්බා..අනිත් අතට ගෑනි ඉඳිද්දි වුණත් මිනිහට අඩුපාඩු තියෙනවා මෙලී. දැන් අපේ තාත්තව ගන්න. අම්මා තාත්තව ගණන් ගන්නේම නෑ මම නං කියන්නේ අපේ තාත්තා වුණත් එහෙම සම්බන්ධයක් තියාගත්තට වරදක් නෑ.කාටවත් හානියක් නැතුව"
"ඕවා නිකං කතාවට කිව්වට ඇත්තටම ඔහොම දෙයක් වුණොත් ඔයා උනත් තාත්තත් එක්ක තරහ වෙනවා"
"පිස්සුද..මම ඇත්තටම එහෙම හිතන්නේ නෑ මෙලී. සංස්කෘතියක රාමුත් එක්ක ගත්තහම මං මේ කියන කතාව කුණුහරපයක් වෙන්න පුළුවන්. ආපෝ කියලා හිතෙන්න පුළුවන් ..ඒත්..අම්මලා තාත්තලා උන පලියට මිනිස්සුන්ගේ ලිංගික හැඟීම් නැත්තටම නැතිවෙලා යනවයි කියලා අමුතු එකක් හිතන්න මං කැමති නෑ.අපි උගත් මිනිස්සු නේද.. ලොකු දරුවො ඉන්න එවුන්ගේ පල්ලෙහා එක පණ නැති වෙන්න ඕනේ කියලද කියන්නෙ..දරුවො ලොකු වෙනකොට උන්ට ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දෙමව්පියෝ තේරුම් ගන්නවා වගේම දෙමව්පියෝ උනාට වයස ටික ටික එහාට ගියාට ඒ මිනිස්සුන්ටත් ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දරුවෝ වෙන අපිත් තේරුම් ගන්න ඕන නැද්ද? ඔයාගේ තාත්ත කරපු දේ හරිද වැරදිද කියලා හොයන එක නෙමෙයි දැන් තියෙන වැඩේ. දැන් අපි බලන්න ඕන මේ මනුස්සයාව මේ අවුලෙන් ගලවගන්න දැන් එයා සෑහෙන ලැජ්ජාවෙන් ඇත්තෙ"

මම සචින්ත කිව්වා වගේ තාත්තගෙ කාමරේ පැත්තට ගියා.තාත්තගේ කාමරේ දොරක් තිබුණෙ නැති නිසා එයා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා මම දැක්කා.මම ඒක සචින්තට කිව්වා.ඊට පස්සේ සචින්ත කිව්ව විදිහට වැඩ කළා.

සචින්ත කිව්ව දේවල් ඇත්ත කියලා මට තේරිලා මම මුළුමනින්ම හිත හදාගත්ත නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ තාත්තා ජීවිතේට මොනවා හරි කර ගනී කියලා මට බයක් තිබුණා. මොනව උනත් ඒ වගේ දෙයක් වෙනවට මම කැමති වුණේ නෑ.තාත්තගෙන් වැරැද්දක් වුනේ ජීවිතේ පළවෙනි වතාවට. ඇත්තටම සචින්ත කියන විදිහට ඒකත් වැරැද්දක්ම නෙමෙයි.

මොකක් හරි ක්‍රමයකට තමන්ගේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න ගිහිල්ලා සිද්ධවුණු වැරදීමක්.

"ඔයා පවුලක් කියන එකේ ඇත්තම තේරුම දන්න කෙනෙක් නම් ඔයා මේ වෙලාවේ හිතන්න ඕන ඔය විදිහට නෙවෙයි මෙලී..තමන්ගේ පවුලේ සාමාජිකයින්ට තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉෂ්ට කර ගන්න බැරුව පීඩනයකින් ඉන්නවා කියන එක හොඳ දෙයක් නෙමෙයිනේ.එයාලට පුළුවන් විදිහට ඒ ටික ඉෂ්ට කරගන්න සපෝට් කරන එක තමයි අපේ යුතුකම කියලා මම හිතනවා.මේක කුණුහරපයක් වගේ දැනෙන්න පුළුවන් වුනත් මේ වෙලාවේ මට කියන්න පුළුවන් මෙච්චරයි. ලොකු දරුවන් සිටින
දෙමාපියන් යනු #%& # ම අකැප ජීවියෝය..වයසට යෑම යනු #%& # ට වැටෙන තහංචියකි. ගෞරවනීය සමාජ තත්ව හිමි අය #%& # නුසුදුසුය වගේ හිතන උන්ට මම නම් කැමති නෑ"
සචින්ත එහෙම කිව්වා. සමහර වෙලාවට එයා පදෙන්ම කියනවා.ඒ එයාගෙ හැටි.
"එතකොට අපේ තාත්තා වැරැද්දක් කරලම නැද්ද?" මම ආපහු ඇහුවා.
"මෙලී. එයා වැරැද්දක් කරලා තියෙනවාම කියමුකෝ.දැන් එයා කවුද?අපේ තාත්තා?බාලපරාදයක් කරලාවත් කාටවත් බලෙන් බලහත්කාරකමක් කරලාවත් නෙමෙයිනේ.අපි පවුලක් උනහම ඒ පවුල ඇතුලෙ ඉන්න එවුන්ගේ නම්බුව හරි සමානව බෙදාගන්නවා වගේම උන්ට එන අගෞරවයත් හරි සමානව බෙදා ගන්න ඕනේ. හැම මනුස්සයෙක්ම එක මනුස්සයෙක් හැටියට ගත්තහම ඒ ඒ මනුස්සයාට දිනුමුත් තියෙනවා පැරදුනුත් තියෙනවා.උන් දිනන වෙලාවටයි පැරදෙන වෙලාවටයි දෙකටම එකම විදිහට සලකන්න කවුරු හරි ඉන්න ළඟින් ඉන්න ඕන හින්ද තමයි මිනිස්සු පවුලක් කියලා එකක් හදාගන්නේ.ඇත්තටම පවුල කියන එක හැදෙන්නේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා හිතන එක ඇත්තටම ඇත්තම නෙවෙයි මෙලී.බඳින්නම ඕන නෑ #%& #. හැබැයි පවුලක් කියලා එකක් ඇතුලෙ අපිත් එක්කම නිදියන අපිත් එක්කම නැගිටින අපි ඉන්නවා කියන සැනසීමෙන් හොඳට නින්ද යන ,මොන සිටුවේෂන් එකක උනත් අතාරින්නෙ නැති එවුන් ටිකක් මට ඉන්නවා කියන සැනසීම දෙන එක තමා පවුල කියන්නේ.හරි වැරැද්ද හොයන්න ඉස්සරලා අපි අපේ එකාට දැනෙන්න දෙන්න ඕන උඹට අපි ඉන්නවා කියලා.වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒක තේරුම් කරලා දෙන්න ඕන දෙවනියට.ලෝකෙම අපට හිනාවෙන වෙලාවට අපෙමෙ පවුලෙ එවුනුත් ලෝකෙත් එක්ක එකතු වෙලා අපට හිනා වෙනවා නම් අපිට මොකටද බං පවුලක්"

විහඟගෙ කතාවෙ තිබුණෙත් ආවේගයක්.සචින්තගෙ කතාවෙත් තිබුණෙ ආවේගයක්.ඒත් ඒ ආවේග දෙක දෙකක්.

"ඔතනින් පිටත් වෙලා එනකම් මූණ බලන්න එපා ඔය නාකියාගේ"විහඟ කිව්වා.

"ඔයා හොඳට කිරි දාලා කෝපි එකක් හදන්න.තාත්තා එහෙම කැමතියි නේද? කෝප්ප දෙකම අරගෙන කාමරයට ගිහිල්ලා තාත්තේ මං කෝපි බොනවා ඔයාටත් හැදුවා කියලා කියන්න"
"එතකොට?"
"එතකොට එයා මොකුත් කිව්වත් නැතත් කමක් නෑ ඔයා කෝපි එක මේසේ උඩින් තියලා එළියට එන්න. ඒ හොඳටම ඇති.ඔයා එයත් එක්ක තරහ වෙලා නෑ කියලා එයාට තේරෙන්න. කවුරු නැතත් චූටි දුව ඉන්නවනේ කියලා තේරෙයි..ඒ ඇති"

මම සචින්ත කිව්ව විදිහට කළා. මං උදේ ඇහැරෙනකොට තාත්තා උයනවා. මම කුස්සියට ගියාම එයා උයන එක නවත්තලා කාමරේට ගියා.වෙනදට නං අපි දෙන්නම එකට උයනවා .එයාට මගේ මූණ බලන්න ලැජ්ජ ඇති. මට සචින්ත කිව්ව තව දෙයක් මතක් වුණා.

"උන්ගේ මුළු ජීවිත කාලෙම අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න නැහෙන උන්ටත් ,මූලික අවශ්‍යතා තියෙන ටික ඒ විදිහටම තියෙනවා කියලා ඇයි බං අපිට හිතන්න බැරි? ලිංගික ආශාව කියලා කියන්නේ හෙන ගහන වැරැද්දක්ද? ඒක කාටවත් හානි කර නොවන ක්‍රමයකට ඉෂ්ට කරගන්න හිතීම වැරැද්දක්ද?"

එදා හොඳටම වැස්ස දවසක්.තාත්තා ඉස්සරහ මිදුලෙ වතුර බැස්ම හදන්න ගිහිල්ලා වැටුණා.මඬ වතුරෙ එයා වැටුණා දැකලා මට දුක හිතුණා. ඊටත් පස්සේ තාත්තා එළියෙ ශවර් එකෙන් නාලා සබන් පිටින්ම ගෙට ගොඩ වුණා.එයාට සබන් හෝදගන්න අමතක වෙලා තිබුණා.
"ඇයි මේ සබන් පිටින්" මම එහෙම අහපුවම තමයි ආපහු ගිහින් සබන් හෝදගත්තෙ..

මම ඒ විස්තරේ සචින්තට කිව්වා. එයා කිව්වා "මම තව ටිකකින් එනවා" කියලා.

එයා කිව්වා මම විහඟත් එක්ක යන්න යන ගමන නවත්තන්න එයාට කිසිම ඕනකමක් නැති බවත් එයා දැනටමත් එයාගේ තාත්තත් එක්ක ඒ ගැන කතා කරලා තියෙන බවත්.

"අපි ටික කාලයක් එක පවුලක් වෙන්න හිතාගෙන හිටපු මිනිස්සුනෙ මෙලී. මේ වෙලාවේ මං ඔයාගෙ තාත්තට උදව් කරන්න ඕන"
"ඒ මොනවටද?"
"මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න.අපේ තාත්තා කැප්ටන් කූල් දන්නවනේ..මම පොරත් එක්ක එන්නම් අපි ඇත්තටම එන්නේ බොන්න බලාගෙන..අපි ගෙදරට ආවම ඔයා ලෑස්ති වෙලා කොහේ හරි යන්න.එච්චරයි වෙන්න ඕන"

සචින්ත කිව්වා වගේම එයයි එයාලගේ තාත්තයි ආවම මම ලෑස්ති වෙලා ගෙදරින් ගියා. ඕන මල දානයක් කියන්න පුළුවන් මගේ යාළුවා නෙහාරලාගේ ගෙදර.නෙහාරගේ අම්මයි තාත්තයි කියන්නෙත් පුළුල් සමාජ අවබෝධයක් තියෙන හරිම හොඳ මිනිස්සු.

"අපේ අම්මලා ගැන දන්නවනෙ.උඹ මෙහේ වරෙං.අපෙ අම්මලා ඕව ගැන කතා කරන්නෙවත් නෑ.තාත්ත නං කිව්වේ උඹලගේ තාත්තා දැන් කරන්න ඕන සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න එක නෙවෙයිලු. මේ වෙලාවේ මුකුත්ම උනේ නෑ වගේ වෙනදා වගේම ලියන දෙයක් ලියාගෙන හිටියනම් හරි කියලා අපේ තාත්තා කියනවා"

මම නෙහාරලාගේ ගෙදර දවසම හිටියා.හයට විතර තමයි සචින්ත මට කිව්වේ ගෙදර එන්න කියලා.

මම ගෙදර එනකොට තාත්තා හොඳටම නිදි.
එයාල බීපු තැන අපේ ගෙදර තිබුණු පරණ ෆොටෝ ඇල්බම් සේරම තිබුණා..
ඔව්..සේරම.......එයාලා මොනවා කතා කරන්නැද්ද...

පහුවදා උදේ තාත්තා පුරුදු විදිහටම සිංදුවක් ගැන විචාරයක් ලියල තිබුණා.

"තාත්තා දාන පෝස්ට් වල කමෙන්ට් කියවන්න යන්න එපා" සචින්ත මට මැසේජ් එකක් එවලා තිබුණා.

එදා රෑ සචින්තයි තාත්තයි ආපහු අපේ ගෙදර ආවා..රෑ කෑමට. එයාලම කෑමත් අරගෙනයි ආවේ. කෑම කන ගමන් සචින්ත මට කිව්වා තාත්තයි මමයි ඉන්න සෙල්ෆි එකක් ගහලා ඒක තාත්තව ටැග් කරලා දාන්න කියලා.

"එහෙම දකිද්දී ඔය කියවන අයගෙ කටවල් බාගයක් වැහෙනවා. ඒක නෙමෙයි තාත්තට හොඳටම දැනෙනවා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක්ම නෙමෙයි කියලා"

මම හැමෝම අහුවෙන්න සෙල්ෆි එක ගත්තට සචින්ත කිව්වා "ඔයා ඕක දාන්න එපා එපා විහගට ප්‍රශ්නයක් වෙනව නේද?" කියලා.

ඒත් මම තාත්තව ටැග් කරලා දාපු ෆොටෝ හතර ඇතුළත සචින්තයි එයාගේ තාත්තයි ඉන්න ෆොටෝ එකක් තිබුණා.

"ඔයාට අවුලක් නැත්නම් මට අවුලක් නෑ මෙලී.ඇත්තටම අපේ මැරේජ් එක වෙනවනම් එහෙම මම ඔය ෆොටෝ එකට දාන කැප්ෂන් එක මොකද්ද දන්නවද?"

එයා ඒක මට කිව්වා..ඇත්තටම ඒක එහෙම දාන්න තිබුණ නම් කොච්චර හොඳද කියල මට හිතුණා.

දවස් දෙක තුනකට පස්සේ මම කලින් හිටිය මෙලීට වඩා හුඟාක් වෙනස් නෙළී කෙනෙක් කියලා මට දැනෙන්න ගත්තා.

පවුලක් කියන්නේ මොන වගේ එකක්ද? ඇත්තටම පවුලක් ඕන කරන්නේ ඇයි?මම බලාපොරොත්තු වෙන පවුල මට හම්බවෙන්නේ විහඟව බැන්දොත්ද සචින්තව බැන්දොත්ද?ඔවු මම එහෙම හිතන්න පටන් ගත්තා.

මම සචින්තට කිව්වා මට එයාව හම්බවෙන්න ඕන කියලා.. අපි හිටියේ වැව රවුමේ බංකුවක ඉඳගෙන.

"මැරේජ් එකකින් මට ඕන මොනවද කියලා ඇහුවොත් ඒ හැමදේම තියෙන්නේ ඔයාලඟ කියලා මට හිතෙනවා. ඒක මට හරියටම තේරුනේ තාත්තගෙ ප්‍රශ්නෙ වෙලාවේ.මම විහගත් එක්ක පැනලා යන්න හිටපු කෙල්ලෙක්.ඒත් මගේ හිතේ විහඟ ගැන තිබ්බ ආදරයට වඩා ආදරයක් ඔයා ගැන දැනෙනවා..දැන් මම කැමති අපේ වෙඩින් එක එදාට එහෙමම වෙනවට. ඔයා කැමති නම්" මම කෙලින්ම කියල දැම්මා.

සචින්ත කිසිම දෙයක් කිව්වේ නෑ. එයාට මාව එපා වෙන්න ඇති හැබැයි මට මිස් උනේ මේ ලෝකෙ ඉන්න කසාද බඳින්න හොඳම වර්ගයේ මිනිහෙක්ව කියන එක හිතේ තියාගෙන මම ගෙදර ගියා.

සචින්තව මට න නැතිවුණත් මම විහඟව බඳින්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ මගේ තාත්තා සම්බන්ධයෙන් විහඟ හැසිරුණු විදිය නිසා ම නෙවෙයි. එයා ඇත්තටම මම බලාපොරොත්තු වෙන තරම් මානුශීය නැති නිසා.මානුෂීය නෑ කියනවටත් වඩා මානුෂීය වෙන්න තරම් එයා පරිණත නෑ කියලා මට හිතෙන නිසා. ඒක විහගෙ වැරැද්දක් නෙමෙයි ඒ තමයි විහඟ.

මම වැරදි ඇති. හැබැයි මම ඒ වැරැද්දෙදි මගේ හදවතට එකඟයි.ඉතින් ලෝකෙ මොනවා කිව්වත් මට කමක් නෑ.

එදා රෑ සචින්ත මාවයි අපේ තාත්තවයි අපේ මුළු පවුලෙම ඉන්න අයවයි ටැග් කරලා ෆොටෝ එකක් පෝස්ට් කරලා තිබුණා.

ඒ අර එයයි තාත්තයි අපේ ගෙදර රෑ කෑම ආව දා කෑම කාපු වෙලාවේ මම ගත්ත සෙල්ෆි වලින් එකක්. අපේ තාත්තයි සචින්තයි දෙන්නම එක වතුර වීදුරුවක් අල්ලගෙන ඉන්නවා. දෙන්නම එකම වතුර වීදුරුවට වැරදිලා අත තියපු අවස්ථාවක්.සචින්තගේ තාත්තා කට ඇරගෙන හිනාවෙනවා.

"අපේ මාමණ්ඩියා තාම කොල්ලා. පොරට තාම හැමදේම පුළුවන්. ආඩම්බරයි ලොක්කා"

ඒ ෆොටෝ එකයි ඒ කැප්ශන් එකයි තාත්තගෙ ජීවිතය ආපහු වෙනස් කළා.ඊට පස්සේ වෙඩින් එකේ වැඩ වලට සචින්ත එක්කම එලියට යන්න තාත්තා කැමති වුණා. තාත්තා ඕනම නැති තැන්වලට උනත් තාත්තා සචින්ත එක්ක ගියා. සමහර තැන්වලදී සචින්ට තාත්තත් එක්ක ගත්ත ෆොටෝ සෝෂල් මීඩියාවල දැම්මා.

හෙමින් හෙමින් නෑනත් අපෙ අක්කත් මස්සිනත් ඒවට ස්ටිකර් එකක් හරි කමෙන්ට් කළා.බෑනට අවුලක් නැත්තං අපිට මොකෝ මේ හැටි අවුල් කියලා හිතන්න ඇති.නැත්තං වෙන මොකක් හරි හිතෙන්න ඇති.එයාලට මොකක් හිතුනහම අපිට මොකද...

සෝෂල් මීඩියා නම් මොනවද..එයාලා කතා කරන්නේ එයාලට අලුත් මාතෘකාවක් එනකන් විතරයි.අනිත් එක අපි ගණන් නොගන්නා තාක් අපිව බුලි කරන්න කාටවත් බෑ.

ඉතිං මම එක හිතින්ම සචින්තව බඳිනවා.

"පවුල කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි .සරල දෙයක් නෙමෙයි.පවුල් වෙනවා කියලා කියන එක සරල දෙයක් නෙමෙයි. පවුල කියන්නෙ එකට ජීවත් වෙනවා විතරක් නෙමෙයි දවසක පොළොව යටට දාලා අවසාන පස් ටික දාලා තද කළාට පස්සෙත් අපි වෙනුවෙන් දාන මාන දෙන අපි හොඳ තැන්වල උපදින්න ඕන කියලා හිතන අය ඉන්න තැනට. මැරෙන්න ඉස්සරත් මැරුණට පස්සෙත් හොඳටම අපිව බලාගන්න අය ඉන්න තැනට. පවුල කියන්නෙ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා කියන අටලෝ දහමෙදිම කම්පා නොවී ඉන්න පෘතග්ජන සාමාන්‍ය මිනිහෙකුට තනියම බැරි නිසා ඒ වෙලාවට සපෝට් එකට ඉන්න කොන්දේසි විරහිතව එකිනෙකාට සපෝට් කරන මිනිස්සු ඉන්න තැනට " සචින්තලාගේ තාත්තා එහෙම කියනවා.

ඒ වගේ පවුල් බිහිවෙන්නේ සචින්ත වගේ ,එයාගේ තාත්තා වගේ මිනිස්සු ගැන, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ගැන ,ජීවිතය ගැන පරිණත විදිහට දකින පුළුල් හිත් තියෙන මිනිස්සුත් එක්ක.

"දෙමව්පියෝ වෙච්ච පලියට මිනිස්සුන්ගේ ලිංගික ආශාවල් නැති නොවන බවත් අපේ දෙමව්පියොත් ලිංගික අවයව සහිත ඒ අවශ්‍යතා තියෙන මිනිස්සු බවත් අමතක කරන්න එපා"
කියලා සචින්ත කිව්ව එක මතක තියාගෙන මම චාන්දනී නැන්දටත් වෙඩින් එක කිව්වා.

චාන්දනී කියන්නේ ඒ කාලේ අපේ තාත්තගෙ පස්සෙන් ආපු, අපි පොඩි කාලෙත් තාත්තගේ පස්සෙන් ඇවිල්ලා අපේ අම්මගෙන් ගුටිත් කාපු ගෑනියෙක්. එයත් ඉන්නෙ තනියමනෙ. ඔන්න ඔහේ සම්බන්ධයක් ඇතිවෙනවා නම් ඇතිවුණාවේ..මගේ මොකෝ. මාත් බැඳලා ගියාට පස්සේ තාත්තා හොඳටම තනි වෙනවනේ..
මිනිස්සු නම් ඉතින් එක එක කතා කියයි. මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද...
මේක කියවලා කවුරු ස්තුතියි මොන සදාචාරය ගැන මොන මොන බයිලා ගැහුවත් මට මොකද. මගේ තාත්තා සතුටින් ඉන්න ඕන මට වැදගත් එච්චරයි..
=====
සුජාතා මැණිකේ ඉහළගෙදර

පහල පොටෝව ....see more

Address

Colombo
01

Telephone

+94769627557

Website

Alerts

Be the first to know and let us send you an email when Keshara Sri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Keshara Sri:

Share