The Family Kalu

The Family Kalu DM for collaboration - 0711322740 (WhatsApp )

කවුද අනේ අකමැති Ba Na Hills යන්නBa Na Hills ඒ මොකද්ද ඒ 🤔Vietnam වල තියන ලස්සනම ලස්සන theme park එකක්, ඔයාලා Danang යනවා ...
04/09/2026

කවුද අනේ අකමැති Ba Na Hills යන්න

Ba Na Hills ඒ මොකද්ද ඒ 🤔

Vietnam වල තියන ලස්සනම ලස්සන theme park එකක්, ඔයාලා Danang යනවා නම් මිස් නොකර යන්න ඔනේ තැනක් තමයි Ba Na Hills කියන්නේ,
මේක එසේ මෙසේ theme park එකක් නෙමෙයි, ලෝකප්‍රසිද්ද Golden Bridge එක තියෙන්නේත් මෙතන. ඊට අමතරව play area එකක්, ලස්සන locations ගොඩායි.
මේතන හදලා තියෙන්නේ French Village එකක ආකෘතියකට.
මෙතනට යන්න පැය බාගෙක විතර cable car ride එකක් තියනවා, ඒක යන්නේත් දිය ඇලි එහෙම තියෙන කැලයක් මැදින්, මේ cable car operate වෙන්නේ උදේ 8 ඉදන් හවස 5 වෙනකන් විතරයි, ඒ කාලය ඇතුලත ඔයාලාට ticket අරන් මෙතන බලන්න එන්න පුලුවන්.
හැබැයි එහෙම එනවාට වඩා හොදම විදිය තමයි, මෙතන ඇතුලේ තියන hotel එකක නතර වෙලා, රෑයක් මෙතනම ගත කරන එක. මොකද දවල්ටත් වඩා රෑට මෙතන පුදුම ලස්සනයි. Enjoy කරන්න කන්න බොන්න ඕනේ තරම් දේවල් තියනවා.

අපේ The Family Kalu YouTube Chanel එකේ තියන vlog එක බැලුවා නම් ඉතින් ආයේ ඔයාලාත් Ba Na Hills ගියා වගේ තමයි 🥰

Until our next travel vlog byeee…….. 👋

02/09/2026

මේ මොන ජාතියේ මලක්ද ?
ඕක තමයි ඉතින් මගේ පුන්චි මොලේට මුලින්ම මෙතන videos දැක්කාම ආවේ 😝
එතනටම ගියාමනේ තේරුනේ මේ මොන මල්ද කියලා 🤣🤣

30/08/2026

එදා තිබ්බ මීදුමයි වැස්සයි හැටියට මෙහෙම හරි බලන්න ලැබිච්ව එක ලොකු දෙයක් 😊
Sa Pa යනවා නම් මග අරින්නේ නැතුව බලන්න වටින දර්ශනයක්,
මේ තියෙන්නේ පුන්චි කෝච්චියක්, මේකට කියන්නේ funicular train කියලා, වැස්සයි මීදුමයි නැත්නම් හරිම ලස්සනට පේනවා, ඊටත් වඩා ලස්සනයි මේකේ නැගලා Fansipan වලටම යන්න තිබ්බා නම්

මුහුද මැද හොටෙල් එකක stay එකකට යන්න chance එකක් හම්බවෙනවා නම් ඔයාඒක miss කරගන්නවාද ?Technically මේක මුහුදක්ම නෙමෙයි "බොක...
29/08/2026

මුහුද මැද හොටෙල් එකක stay එකකට යන්න chance එකක් හම්බවෙනවා නම් ඔයා
ඒක miss කරගන්නවාද ?

Technically මේක මුහුදක්ම නෙමෙයි "බොක්කක්" ( හෑ ඒ මොකද්ද ඒ 😳)
සිංහලෙන්ම කියනවා නම් “Bay” එකක්.
ලංකාවේද තියෙන්නේ ???
නෑ..……..
Vietnam වල Halong Bay එක තමයි මේ.
හුනු ගල් වලින් වට වුනු ලස්සනම ලස්සන location එකක්.
ඉතින් ඔයාලා Vietnam යනවා නම් රැයක් ගත කරන්න හොදම තැනක්.
කොහොමද ඉතින් දැන් මේ වතුර මැද රැයක් ඉන්නේ 🧐
මේ Bay එකේ තියෙන, නැව් තියනවා, අර cruise කියලා කියන්නේ, අන්න එහෙම ඒවා. ඒවායින් එකක reservation එකක් දාගත්තොත් ඔයාලාට මේ Halong Bay එකේ නතර වෙන්න පුලුවන්.

උදේ ඉදන් රෑ වෙනකන්, luxury room එකක, full board meals එක්ක, තව කැමති නම් kayaking යන්න, swim කරන්න ඕනේ තරම් activities කරන්න පුලුවන්.

ඉතින් වැඩි විස්තර බලන්න අපේ The Family Kalu YouTube Channel එකේ තියන vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/aLykuf08fjs?si=5zs_G24SCdAzgWhT

Until Our Next Travel Vlog Byeeee……….

27/08/2026

ෂුවර්ද ඔයාට,
ඒ cafe එකක් කියලා,
ඔව් අනේ, මේ Vietnam වල තියන Moana cafe 🤗

24/08/2026

සමහර මෝඩ වැඩ තියනවා අපි පුදුම උනන්දුවකින් කරන්න යන, හැබැයි කරාට පස්සේ තරු පේන 🫣🫣🫣

✨ හැනෝයි හැනෝයි 🇻🇳✨Vietnam ගිහිල්ලාත් එයාලාගේ capital එකට ගිහින් නැත්නම් වැඩකුත් නෑ. අපේ Vietnam trip එකේදි අපි Hanoi වල...
22/08/2026

✨ හැනෝයි හැනෝයි 🇻🇳✨

Vietnam ගිහිල්ලාත් එයාලාගේ capital එකට ගිහින් නැත්නම් වැඩකුත් නෑ. අපේ Vietnam trip එකේදි අපි Hanoi වල දවස් 4ක් හිටියා.

ඉතින් ඔච්වර උඩ දාන් ගිහින් මොනවාද Hanoi වල බලන්න තියෙන්නේ 🤔

1) Beer Street - නමෙන්ම තේරෙනවානේ, පාරවල් පුරා beer and food විකුනන වීදි කීපයක්, රෑට අතුරු සිදුරු නැතුව පිරෙන පාරවල්, music, dance, enjoy කරන්න ඕනේ තරම් දේවල්

2) Hoan Kiem Lake - නගරය මැද්දේ තියන ලොකු විලක්, හරිම relax එකේ ඉන්න පුලුවන් area එකක්.

3) Old Quarters - Hanoi යන ඕනේම කෙනෙක් නවතින්න ඕනේම මේ හරියේ තමයි, කෑම බීමද, shopping ද, නැති දෙයක් නෑ

4) St’Joseph Cathedral - ලොකු දෙයක් නෑ, but aesthetic church එකක්

5) Incense Village - instagram එකට photo ගන්න නම් ආයේ ඉතින් මේ තරම් ලස්සන තැනක් නැති තරම්, කැමති නම් හදුන්කූරු හදන හැටිත් බලලාම එන්න පුලුවන්

6) Train Street- හැමෝම ආසාවෙන් බලන්න යන experience එකක්, හැබැයි හරිම hectic, යන්නම ආසායි නම් අපේ vlog එක බලලා ඕක්කෝම විස්තර දැනන්ම යන්න, නැත්නම් එපා වෙයි

7 )Hat making village - Vietnamies traditional hat හදන්න ඉගන ගන්න, ඒවා paint කරන්න පුලුවන්

8)ආයේ ඔය ඉතිහාසයට අදාල museum, පන්සල් වගේ දේවලුත් තියනවා ( අපි නම් ගියේ නෑ )

9) wellness - මගින් මගට තියෙනෙ Spa, hair care, skin care, massage therapy හරිම cheap and luxury

10) coffee culture - අඩියෙන් අඩිය තියෙන coffee shops, ලංකාවේදි කවදාවත් try කරලා නැති coffee වර්ග - ex - egg coffee, salt coffee, coconut coffee, avocado coffee, banana coffee etc etc 🤭

11) Vietnamese කෑම - එයාලාගේම කෑම වර්ග වලත් අනිවාර්යයෙන් රස බලන්න අමතක කරන්න එපා. එහේ ගිහිල්ලාත් බත් පරාට කකාම ඉන්න එපා ( Pho, Bhun Cha, Bhan Cuon , Bhan me, Fried spring rolls)

12) shopping - ලාබෙට shopping කරන්න ඔනේ තරම් night market

ඉතින් තේරෙනවානෙ , මේ මට මතක් වෙන ඒවා විතරයි, තව ඕනේ තරම් දේවල් තියනවා Hanoi වල කරන්න, Vietnam යනවා නම් අනිවාර්යයෙන්ම miss නොකර යන්න ඕනේ නගරයක් තමයි Hanoi කියන්නේ.
ඔක්කෝම විස්තර ටික බලන්න අපේ Hanoi Vlog දෙකත් බලලාම ඉන්න

First Episode - https://youtu.be/dA40cZVN9nQ?si=TIHVcDE1_B3iJNzR

Second Episode - https://youtu.be/zZQy-PdPgBk?si=VEFD9Lai0pmdtWMI

Until Our Next Travel Vlog, Byeeee ……..

18/08/2026

නිකං හරි ළගින් වාඩි වුනත් case 😂😂😂

ඔයාලා බලාගෙන හිටියාද අපි Vietnam දෙවෙනි vlog එක දානකන්,ඔන්න අද අපි කතා කරන්නේ අපි Vietnam වල ගියපු දෙවෙනි destination එක...
14/08/2026

ඔයාලා බලාගෙන හිටියාද අපි Vietnam දෙවෙනි vlog එක දානකන්,

ඔන්න අද අපි කතා කරන්නේ අපි Vietnam වල ගියපු දෙවෙනි destination එක ගැන,

ඒ තමයි Northern Vietnam වල Sapa කියල නගරය

ආයේ ඉතින් වෙනම ලෝකෙකට ගියා වගේ තමයි, සීතලම සීතල මීදුමෙන් වැහිච්ච නගරයක්.

Sapa වලට Hanoi වල ඉදන් යන්න transport method දෙකක් තියනවා, එකක් කෝච්චියෙන්, අනිත් එක bus එකෙන්, මේ දෙකේම නිදියගෙනම යන්න පුලුවන් ඇදවල් තියනවා. මේ ගමනට පැය 5-7 ක් අතර කාලයක් ගත වෙනවා, කාලය ඉතුරු කරගන්න හොදම විදිය තමයි රෑ කාලය ඇතුලත Hanoi වලින් Sapa වලට පිටත් වෙන එක.

ඉතින් මෙච්වර දුර ගෙවාගෙන Sapa යන්නේ ඇයි, මොනවාද එහේ බලන්න තියෙන්නේ

1) වියට්නාමයේ අනිත් සියලුම ප්‍රදේශ වලින් වෙනස් වුනු සීතල කොල පාට පරිසරය

2) Fansipan Mountain - ඉන්දු-චයිනා කදු පන්තියේ උසම තැන, වලාකුලු වලින් වටවුනු ලස්සන තැනක්, ඒතනට යන්න hiking කරන්නම ඕනේ නෑ, cable car එකක නැගලා ලේසියෙන්ම යන්න පුලුවන්

3) Catcat Village - Sapa වල ස්වදේශිකයන්ගේ නගරයක්, එයාලාගේ සාම්ප්‍රදායික ඇදුම් අදින්න, ගැමි සාම්ප්‍රදායන් බලන්න පුලුවන්, ඒ වගේම rainbow slide එකක යන්නත් පුලුවන්,ලස්සන ගමක්

4) Moana Cafe - ලස්සන cafe එකක්, instagram එකට photo ගන්න ideal place එකක්

5) Sa Pa නගරය - weekend එකක රෑ වෙනකොට ඇවිදින්න ලස්සනම නගරයක්

6) Hmong Valley - ලස්සන කුබුරු වලින් වටවුනු ගම්මානයක්

7) Alpine Coster යන්නත් පුලුවන්

8 ) තව theme park කීපයක්ම තියනවා

දවස් දෙකක් වත් Sa Pa නවතින්න ඕනේ මේ ඔක්කෝම cover කරන්න නම්,
ඔන්න අපි Sapa වල කරපු හැම දේම දාලා තියෙන The Family Kalu YouTube Video එකත් බලලාම ඉන්න

මීදුමෙන් වැහුනු නගරයක් / Sapa Vietnam / Vietnam Vlog 2 / Cat Cat Village / Moana Cafe / Sapa Station
https://youtu.be/hKrCB1Y_0Ms

Until our next travel vlog byeee…..

12/08/2026

මේ රට කුමක්දැයි නිවැරදිව සදහන් කර, වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න 🤗🤗
(හීනෙන් තමයි ඉතින් 🫣😝)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Family Kalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share