13/07/2026
දැන් ඉතින් අපේ සෝෂල් මීඩියා වීරයෝ ටික ගිහින් අර මියගිය තරුණයාගේ බිරිඳගේ ප්‍රොෆයිල් එකට කමෙන්ට් කර කර ඒ මනුස්සයට බනිනවා. ඇත්තටම එතන මොකක්ද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ. පවුල් ජීවිත ඇතුළේ අපි නොදන්න කොච්චර දේවල් තියෙන්න පුළුවන්ද? යාළුවෝ, නෑදෑයෝ, දෙමාපියෝ නිසා ඒ දෙන්නටම මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා වෙන්නත් පුළුවන්. ඒ කිසිම දෙයක් හරියටම නොදැන, නඩු තීන්දු දීලා, ඒ ගැහැණු මනුස්සයවත් මානසිකව වට්ටලා ඒකිත් මොනවා හරි කරගන්න තැනට වැඩ සිද්ධ වුණොත්, උඹලද ඒ සයිබර් බුලින් (Cyberbullying) එකට වගකියන්නේ? වගකීමක් ඇතුව හැසිරෙන්න ඉගෙනගනිල්ලා.