25/11/2021
💔💔
ඔයා ජීවිතේ කොහෙදිම හරි කාගෙන්ම හරි ප්රතික්ෂේප වෙලා, ඒ කියන්නේ reject වෙලා තියනවද?
අම්ම තාත්තාගෙන් , පෙම්වතාගෙන් , සහකාරියගෙන් , යාළුවන්ගෙන් , රස්සාවකින් , සමාජ තලයකින් හරි මෙකී නොකී කොහෙදීම හරි අමු අමුවෙන් ප්රතික්ෂේප වෙලා, කුජීත වුනාම දැනෙන ඒ හැඟීම ෆීල් වෙලා තියනවද?
ප්රතික්ෂේප වීම කියන්නෙ සසර කලකිරවන දුකක් , ඒ වගේම දරාගන්න බැරි කළකිරීමක්.. ඒ ඔක්කොම අමු ඇත්ත..
මොන තරම් ලොකු චරිතයක් උනත් reject වුන වෙලාවට හීනියට හරි කඩන් වටෙනවම තමයි.
හැබැයි ඒ දුක මුසු කලකිරීමෙන් තව පොඩ්ඩක් එහාට ගිහින් හිතුවොත් ප්රතික්ෂේප වෙනවා කියන්නෙ ජීවිතේට ලැබෙන ලොකුම motivation එකක් ..
මොකද, කොහේදී හෝ ප්රතික්ෂේප වීමේ කාලකණ්නි දුක දැනුනට පස්සේ , ජීවිතේට ඒ ලැබෙන පන්නරය,reject feel එක නොවිඳපු කෙනෙක්ට හිතාගන්න වත් බෑ.
කවුරුම හරි කෙනෙක් අහේතුකව ඔයාව ප්රතික්ෂේප කරනවානම් ,
එතන ඔයා තනියෙන් තේරුම් ගන්න ඕනෙ වෙනම පණිවිඩයක් හැංගිලා තියනවා ..
එහෙම වෙන්නෙ එක්කෝ,
1) ඔබේ කඩාවැටීම් දරාගන්න බැරි නිසා නිසා ,
තවදුරටත් ඔයා ළඟ වටිනා යමක් නොමැතිනම් , හෝ ඔබ සිටින්නේ පරිහානියට පත් වෙමින් නම් බොහෝ තැන් වලදී , ඔයාව ප්රතික්ෂේප වෙනවා.
එහෙමත් නැත්තම්,
2) ඔබේ ජයග්රහණ දරා ගන්න බැරි නිසා ,''
මිනිස්සු ඔයාට මොන තරම් හිතවත් වුවත් ඔයා ඔවුන්ව පසුකරමින් ඉහළ යනවා දකින්න මිනිස්සු අකමැතියි ,කෙනෙකුගේ ජයග්රහණ දරාගන්න , ඒ දිහා බලන් ඉන්න බැරි උනාම ඔවුන් බොහෝ විට කරන්නෙ ඒ දේවල් වගේම ඒ කෙනාව ප්රතික්ෂේප කරන එක තමයි.
සරළ වම කිව්වොත් ප්රතික්ෂේප වීම කියන්නෙ පණිවිඩයක් ,
මුලින්ම ඒ පණිවිඩය මොකද්ද කියලා ඇනලයිස් කරගන්න නම් කොතනකදී හෝ කවරෙකුගෙන් හෝ ප්රතික්ෂේප උනාම , ඒ වේදනාව අතරින් ආපසු හැරී මොහොතක් යලිතමන් දිහාම බලන්න වෙනවා
එක්කො ඔබ ඉන්නෙ කට්ටටම වරද්දගෙන , එහෙමත් නැත්තම් ඔබ ඉන්නෙ අනිත් අයට බලන් ඉන්න බැරි තරමට ජීවිතේ දිනාගෙන ..
මුලින්ම ඔයා අයිති මේ දෙකෙන් කොයි පැත්තටද කියලා ඔයා තීරණය කරන්න ,
කොයි පැත්තට අයිති උනත් කමක් නැහැ , සතුටු වෙන්න ,
මොකද ප්රතික්ෂේප වීම කියන්නේ හැම කෙනෙක්ම බලෙන් හොයාගෙන හරි විඳින්නම ඕනෙ positive effects තියන වේදනාවක් ..
මේ ලෝකේ ප්රසිද්ධම , ජනප්රියම පුද්ගලයින් බොහෝමයක් , කාලෙකට කලින් දරුණුම විදිහට ප්රතික්ෂේප වීම අත්විඳපු මිනිස්සු ..
⚡️කැටී පෙරී හේතුවක් නැතුව තමන්ගෙ සැමියාගෙන් ප්රතික්ෂේප වෙනවා , ඒ වේදනාව පන්නරයක් කරගෙන අන්තිමට ඇය ලෝක ප්රසිද්ධ ගායිකාවක් බවට පත්වෙනවා .
⚡️Steve Jobs ව තමන්ම ආරම්භ කරපු ඇපල් කොම්පැනියෙන් එළියට දානවා , ඒ ප්රතික්ෂේප වීමෙන් ටික කාලෙකින් පසු ඔහු ලෝකෙ ලොකුම ධනවතෙක් බවට පත් කරවනවා .
⚡️වෝල්ට් ඩිස්නි සතුව කිසි ම නිර්මාණශීලීත්වයක් නැහැ කියලා ඔහුගේ ආයතනය ඔහුව එලවලා දානවා ,අවසානයේ ඔහු නවතින්නේ තමන්ගේ නම මුළු ලෝකෙමනස්සක් මුල්ලක් නෑරම ඇහෙන්න සලස්වලා .
⚡️තමන් ලියපු පොත් ප්රකාශකයෝ 12 දෙනෙකුගෙන් ප්රතික්ෂේප වුනාට පස්සෙත් අරමුණ අත නොහැරපු J K රෝලින් අවසානයේ ලොව ධනවත්ම කතුවරිය බවට පත්වුනා .
⚡️තමන් තදින්ම ආදරය කරපු පෙම්වතා තමන්ව ප්රතික්ෂේප කලාට පස්සේ ,විශාදය හැදිලා දුක් විඳපු දීපිකා පදුකෝන් වර්තමානයේ බොලිවුඩ් වල වැඩිම මිලක් අයකරන නිළිය බවට පත්වුනා .
ලොකු ලොකු චරිත කතාම ඕනෙ නැහැ නිකමට ඔයා අවට ඉන්න ජීවිතේ දිනපු දෙතුන් දෙනෙක්ගෙන් ආපු ගමන ගැන අහල බලන්නකො ,ඒ ගමනෙ කොහේ හරි තැනක තදින් ප්රතික්ෂේප වුනු හැටි එයා කියල දෙයි.
තනිවෙලා , පැරදිලා , කලකිරිලා , ප්රතික්ෂේප වෙලා , මේ ඔක්කොම උනාට පස්සේ , තමයි ඔයාට ඔයාගෙ ඇතුලෙ හැංගිලා ඉන්න ඔයාව පේන්න පටන්ගන්නෙ ,අන්න එතකොට තමයි අරමුණු පස්සේ කඟ වේනෙක් වගේ දුවන්න මොරාල් එකක් දැනෙන්නේ ,
එතැනදී තමයි , මේ මහපොළවේ නමක් තිබ්බ මිනිහෙක් වෙන්න ඕනෙමයි කියලා ඔයාට දැනෙන්න පටන් ගන්නේ ..
අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ ප්රතික්ෂේප වීම තමයි බලවත්ම මෝටිවේෂන් එක කියලා .
මේ වෙනකන් ජීවිතේ කවදාවත් ,කාගෙන්වත් ඔබව ප්රතික්ෂේප වෙලා නැත්තම් ඔබ වාසනාවන්ත බව ඇත්ත , හැබැයි තාමත් ඔබ ඔබගේ හැකියාවේ උපරිමය නම් ස්පර්ශ කරලා නැහැ ,
ඒ නිසා බලෙන් හරි එක සැරයක් හරි ජීවිතේ ප්රතික්ෂේප වීම අත් විඳින්න .ප්රතික්ශේප වීම මුලදී වේදනාවක් උනාට ටික කාලෙකින් ඒක මොන තරම් පළදායි විඳීමක් ද කියලා ඔයාටම තේරෙයි .
Reject වෙන හැම සැරේකම එක දෙයක් ඔලුවට ගන්න,
සතයක් වටින්නේ නැති බොරළු කැට වගේම මිලදී ගන්න බැරි දියමන්ති කියන දෙකම මිනිස්සු ප්රතික්ෂේප කරනවා.
බොරළු වෙලා පයට පෑගිලා යනවද දියමන්තියක් වගේ අගේට දිස්නේ ගහනවද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.
❤️🌎❤