20/10/2024
සුරතලාගේ සංවේදනා
2011 වසරේ ජනවාරි මස 11වනදා සිට 21 වනදා දක්වා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ ප්‍රාන්තයට ඇද වැටුනු දරුණු වර්ශාපතනය සමග ඇතිවූ ගංවතුර තත්වය බ්‍රසීලයට කලු පැහැ ඉතිහාස පිටුවක් වෙන් කල අතර බ්‍රසීලය තුල ස්වභාවික සම්පත්වලට එරෙහි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ එම ගංවතුර සහ නායයෑම් මගින් මිනිස් ජීවිත 901 ක් අවාසනාවන්ත ලෙස අහිමි විය...
අතුරුදහන් සංක්‍යාව 215 ක් ලෙස සටහන් විය
ඔබ පහත දකින්නේ එම ව්‍යසනයට ලක්ව මියගිය සිය ගනනකගේ සිරුරු වලදමා ඇති සමූහ මිනී වලක තම ස්වාමියා වෙනුවෙන් තෙවැනි දිනටත් රැදී සිටින ලියෝ නැමැති සුනඛ හිතවතෙකි......
ඔබ ප්‍රේම කල යුත්තේ අසල්වැසියාට පමණක් නොවේ .
මන්ද අසල්වැසියන් සියල්ලම සමාදානයේ ඔහු සමග සැතපී ඇති විට
අවදියෙන් ඔහු අසල රැය පහන් කිරීමට ඉතුරු වූයේ ආදරණීය බලු සුරතලා පමණි
චරිත් ජනප්‍රිය පරණවිතාන