14/02/2026
ශ්‍රී බුද්ධ වර්ෂ 236දී ඉන්දියාවේ අශෝක මහාධිරාජයාණන් විසින් එවකට සමකාලීනව ශ්‍රී ලංකාව පාලනය කළ දේවානම්පියතිස්ස මහා රාජයාණන් හට ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි ඓතිහාසික අති පූජනීය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ දක්ෂිණ ශාඛාව පරිත්‍යාග කරන ලදී෴
මෙම අති පූජනීය ත්‍යාගය අරහත් සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදුව රෝපණය කරන ලදී. මෙසේ රෝපණය කරන ලද ජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේ එදා සිට අද දක්වා ලෝක වාසී කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා පුද පූජාවට පාත්‍ර වේ෴
එම අති පූජනීය ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ අංකුරයක් වර්ෂ 2026ක් වූ පෙබරවාරි මස දසවන දින ඌවපරණගම ඌමාඇල ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ඌමෑලේ ජිනරතන හිමියන්ට හා විහාරාධිකාරී පූජ්‍ය කොරදේකුඹුරේ ජයබෝධිරතන හිමියන්ට අටමස්ථානාධිපති, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් පරිත්‍යාග කරන ලදී෴
Videography : Promises Weddings | Udesh Weerasinghe