14/03/2026
📍 කයියයි - රෙද්දයි දෙකම බේරගන්න බැරි වුණු තෙල් දේශපාලනය ⛽🌍
ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙනකොට මෙහේ මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද? ඕක පිටකොටුවේ තොග වෙළෙන්දෙකුටත් කරන්න පුළුවන්! 🤔 එදා එහෙම කියපු අය අද කියන්නේ මොකක්ද?
ලෝක යුද්ධය ඉවර වෙනකම් ඉන්න... 🛑⚔️
🔍 මතකය අලුත් කරගනිමු:
එදා විපක්ෂයේ ඉඳන් පාරට බැහැලා, තෙල් මිල රුපියලකින් දෙකකින් වැඩි වෙනකොටත් ජනතාව පීඩාවට පත් කරනවා කියලා කෑගහපු අය, අද බලයේ ඉඳන් ලෝක දේශපාලනය ගැන දේශනා පවත්වනවා. 📢
👉 එදා: ලෝක වෙළඳපොලේ මිල ගැන කතා කරන එක විහිළුවක්.
👉 අද: තෙල් මිල තීරණය වෙන්නේ ලෝක යුධමය තත්වය මත කියන එක මහා ලොකු සොයාගැනීමක් වගේ පෙන්නනවා. 🤡
🎭 දේශපාලන දෙබිඩි රංගනය
ලංකාව වගේ රටක තෙල් මිල තීරණය වෙන්නේ ගෝලීය සාධක මත බව ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට තේරෙන සරල ඇත්තක්. ඒත් ප්‍රශ්නය තියෙන්නේ එතැන නෙවෙයි. ✋ බලය ලබාගැනීම වෙනුවෙන් එදා ඒ සරල ඇත්ත අමතක කරලා හෝ කොමා තත්වයට පත්වෙලා, ජනතාව උසිගන්වමින් රට පාලනය කරන්න බාධා කරපු පිරිස අද ඒ සපත්තුවටම බැහැලා ඉන්න එකයි. 👞🚫
රට කරවන එක කයිය ගහනවා වගේ ලේසි නෑ කියලා දැන්වත් තේරෙනවා ඇති. 🏗️🇱🇰
පුටු රත් කරගන්න ජනතාව නොමග යවපු අය, අද දෛවෝපගත ලෙස තමන් එදා විවේචනය කරපු තර්ක වලම හිරවෙලා ඉන්නවා. 🕸️
⚖️ සදාචාරාත්මක ප්‍රශ්නය:
විපක්ෂයේ ඉද්දි එක ප්‍රතිපත්තියකුත්, බලයට ආවම තව ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන මේ දේශපාලන නාටකය තවත් කොච්චර කල් ජනතාව ඉවසයිද? 🎭❓
මේ හා සබැදි වීඩියෝ පලමු කමන්ට් එකෙන් ....