09/01/2022
❤ ගෙම් ගහන කෙල්ලන්ට කොල්ලන්ට පොඩ් මතක් කිරිමක් 2022 එකක් තියෙන්න එපැයි දෙකක් දැන්මා 2021 එකේ ❤ tiypen by..✍️✍️️ Isuru Krishan
ඇහැක් වගේ බලාගන්න බැරිනම් බැරි නම් කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරන්න එපා..
මම කෙල්ලෙක්ට ආදරය කළා හැබැයි මට එයාව බලාගන්න බැරි වුණා..ඒ ඇයට ආදරේ නොකළ නිසා නෙමෙයි මගේ උවමනාවක් නැතිකම නිසා..
ඇය මට කතා කළත් පුළුවන් තරම් ඉක්මනින් ඒ කතා ඉවර කරලා මං ෆෝන් එක තිබ්බා...හැබැයි ඇයට මං ආදරෙයි නොකළා කියන්න නම් බැහැ..
කෑවද ,බිව්වද ,ආවද, ගියාද, මොකද කරන්නේ හැම තත්පරයේම ඇය මං ගැන හොයලා බැලුවා.එත් හැම වෙලාවකම දෙන්න පුළුවන් කෙටිම පිළිතුර දීලා මම නිහඬ වෙනවා..
ඇයව මග ඇරලා ඉන්න හේතුව වුණේ වෙන කෙල්ලෙක්වත් වෙන ආදරයක්වත් මගේ කාර්ය බහුල කම වත් නෙමෙයි ..මම ගේම් වලට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක්..ලෙවල් එකෙන් level එක උඩට යනවා ඇරෙන්න ඇය හොඳින්ද ඇය අසනීපෙන්ද කියලා වගේ වගක් මට තිබුණෙ නැහැ.
මම නිදාගන්න පැය කිහිපය විතරයි ඔන්ලයින් නැත්තේ අනිත් හැම වෙලාවකම මම ඔන්ලයින් ඉන්නවා ..ෆේස්බුක්, වට්ස්ඇප්, ස්නැප්චැට් මේ කියන හැම මඟුලක ම වගේ මමත් ඉන්නවා හැබැයි එකකින්වත් එයාට කලින් මම මැසේජ් එකක් දාලා නැහැ...
සමහර දවස් වලට මේ හේතුව නිසා එයා මාත් එක්ක රණ්ඩු කරලා තියෙනවා..හැබැයි ටික කාලයක් යද්දි එයා ඒකට හුරු උනා..සමහර දවස් වල මට බැනලා තියෙනවා "මගේ යාලුවොන්ට ඉන්න කොල්ලෝ කොච්චර හොඳට හොයලා බලනවද ඇයි ඔයාට එහෙම ඉන්න බැරි කියලා " කියලා ඒත් මට ඒ කිසිම දේකට උවමනාවක් තිබුනෙ නෑ ..
සමහර දවස් වලට අඬලා තියෙනවා...සමහර දවස් වලට රණ්ඩු වෙලා තියෙනවා ..සමහර දවස් වලට මුකුත්ම නොකියා හැමදේම දරාගෙන ඉඳලා තියෙනවා ...මුල් කාලේ වැඩිපුරම ඇඩුවා රණ්ඩු කරා ...හැබැයි පස්සේ කාලෙ වෙද්දි මොකුත්ම නොකියා හැමදේම ඉවසගෙන හිටියා...මං හිතනවා ඒ හැමදේම එයා එහෙම කළේ මාව එපා වෙලා නම් නෙමෙයි ..ඒ මට තියෙන ආදරේ නිසාමයි කියලා..
ගිරවෙක් වගේ හැමදේම කියවගෙන කියවගෙන යන පුරුද්දක් ඇයට තිබුණා ...ඇය එවපු මැසේජ් ආයෙ ආයෙ කියවල බැලුවහම ඇය මොන තරම් අහිංසක ද කියලා හිතෙනවා... ඇය මොන තරම් ආදරණීයයි ද කියලා හිතෙනවා.. ඒත් mobile game අස්සේ යූටියුබ් එකේ ම ජීවත් වුණු මම ඒ කිසි දෙයක් ඒ දවස්වල දැකලා තිබුණෙ නැහැ ...
ඒ වරද ආයි හදා ගන්න කවදාවත් බෑ හැබැයි මට ආයි පෙම්වතියක් ලැබුන දාට හුස්මක් ගානේ පරිස්සං කරනවා..ඒ මං අරයට වඩා මෙයාට ආදරේ කරන නිසා නෙමෙයි ඇයට කළ වරද ඒ පසුතැවීම මගේ ජීවිතය මකාගන්න
අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ..අපි ඒ කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕන ..අපි කාලය පරිත්‍යාග කරන්න ඕන..රැකවරණය දෙන්න ඕන ..නැතුව කෙල්ලෙක් ඉන්න ඕන පලියට කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිට එකේ පාඩුවේ ඉන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්න ගියොතින් ඒක ඒ කෙල්ලට කරන ලොකු අසාධාරණයක්...ඕන තරම් ගේම් ගහපල්ලා ඕන තරම් youtube videos බලපල්ලා ඕන තරම් ෆේස්බුක් පලයල්ලා හැබැයි හැම හුස්ම ගානේම උඹ ගැන හිතන එකියක් උඹ ගැන නැහෙන එකියක් ඉන්නවා කියන එක මතක තියා ගනින් ...වරදක් වුණොත් ඒ වරද හදාගන්න එක ලේසි නෑ ..ඒ වගේම තමයි ඒ වරද අමතක කරන්න බැහැ..ජීවිත කාලෙම විඳව විඳව ජීවත් වෙන්න අවස්ථාවන් හදා ගන්න එපා ..හැමදේම කරපන් ඒකිට එක දීලා..ඒක උඹේ පිරිමිකමට ලැජ්ජාවක් කියලා හිතන්න එපා..ඒක තමයි නියම මහත්මා ගතිය .
අපි නොහිතන තැන්වලින් කෙල්ලොගෙ ජීවිතවල පසුතැවීම ඇතිවෙනවා .ඒවා තනියම කළමනාකරණය කරගන්න පුලුවන් කෙල්ලො ඉන්නවා හැබැයි හැමෝටම ඒ දේවල් කරගන්න බැහැ...අම්මා තාත්තටවත් නොකියන රහස් කෙල්ලො කොල්ලොන්ට කියන්නේ ඒකයි ...ඒවාට ඇහුම්කන් දෙන්න වෙලාවක් හදාගන්න බැරි උනොතින් ඇත්තටම ආදරෙන් පරාද වෙනවා ජීවිතේම පසුතැවෙන්න වෙනවා ...
උඹ යවන ඉමෝජි එකකින් ස්ටිකර් එකකින් ඒකිගේ ආදරේ බාල්දු කරන්න එපා බං... ආදරෙන් එක වචනයක් ටයිප් කළත් ගෑණුන්ට ඒ ඇති සැනසෙන්න...
එදා මට මේ ටික කරගන්න පුලුවන් වුණා නම් සමහර විට මගේ ජිවිතේ හුගක් වෙනස් වෙන්න තිබ්බා .. හොයලා බලපන් හැම තත්පරේම උඹ ඒකිගේ ළගිනම ඉන්නවා කියන එක දැනෙන්න ඇරපන්..ඒ වගේම ඒකිට ආදරෙන් සලකපං
ගෑණුන්ට පුළුවන් බං හැමදේම තේරුම් ගන්න ඇති තරම් ගේම් ගහපං හැබැයි ඒකිටත් ටිකක් හරි ඇහුම්කන් දීපන් ...අඩුම අසනීපයක් වූනු වෙලාවට හැමදේම අමතක කරලා දාලා ඒකි ගැන හොයලා බලපන් ..ඒකයි බං මං කිව්වේ පරිස්සං කරන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා බලාගන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා...
tiypen by....✍️✍️Isuru krishan 😊💔