Eyemage

Eyemage Photography is a way of feeling, of touching, of loving.

What you have caught on film is captured forever… It remembers little things, long after you have forgotten everything.

22/05/2026

The Sri Lankan rupee has been identified as the worst-performing currency in Asia this month, according to a report published by a leading global business news platform.

The report stated that the Sri Lankan rupee had weakened significantly against the US dollar in recent days and warned that the currency could depreciate further.

Commenting on the situation, Professor Wasantha Athukorala of the Department of Economics and Statistics at the University of Peradeniya said the rapid depreciation of the rupee within a short period posed a serious risk to the country’s economy.

He warned that inflation could rise sharply in the future if urgent measures were not taken to control the situation.

Meanwhile, Member of Parliament Ravi Karunanayake claimed that the current government had no proper mechanism in place to prevent the rupee from depreciating further.

Former MP Piyal Nishantha also stated that both the government and opposition should work together to take immediate action to address the prevailing economic crisis.

සල්ලි තියෙනවා නම් නීතියත් නිකන්ම නිකන් Price Tag එකක් විතරයි!🤯💸ලෝකේ ධනවතම මිනිස්සුන්ගෙන් කෙනෙක් වෙන Jeff Bezos ට, එයාගේ ...
22/05/2026

සල්ලි තියෙනවා නම් නීතියත් නිකන්ම නිකන් Price Tag එකක් විතරයි!🤯💸

ලෝකේ ධනවතම මිනිස්සුන්ගෙන් කෙනෙක් වෙන Jeff Bezos ට, එයාගේ Beverly Hills වල තියෙන සුපිරි මන්දිරය වටේට ගහපු නීති විරෝධී වැටක් (privacy hedge) තියෙනවා. 🌳🚫

හැබැයි මෑන්ස් ඒක කපලා අයින් කරනවා වෙනුවට කරන්නේ ගාණක්වත් නැතුව හැම මාසෙම ඒකට අදාළ දඩේ ගෙවලා දාන එකයි! 😎

2020 අවුරුද්දේ David Geffen ගෙන් මිලදී ගත්ත මේ දැවැන්ත Warner Estate එක වටේට ගහලා තියෙන මේ වැටේ උස, එහේ තියෙන සාමාන්‍ය නීති වලට (local rules) වඩා සෑහෙන්න වැඩියි.

ඉතින් දඩේ කීයද?🤔
මාසෙකට ඩොලර් 1,000ක් විතර! සාමාන්‍ය මනුස්සයෙක්ට නම් මේ ගාණ ගෙවනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. හැබැයි Bezos වගේ බිලියනපතියෙක්ට මේක හරියට නිකන් තමන්ගේ පෞද්ගලිකත්වය (privacy) වෙනුවෙන් ගෙවන මාසික Subscription Fee එකක් වගේ වැඩක්. 💳🤷‍♂️

මේ කතාව ඉන්ටර්නෙට් එකේ මේ තරම් Viral වුණේ එක හේතුවක් නිසයි.
ඒ තමයි, නීතියට අවනත වෙනවට වඩා දඩේ ගෙවන එක ලාබයි නම්... ඒක තවත් දඬුවමක් නෙවෙයි. ඒක නිකන්ම නිකන් භාණ්ඩයකට ගහපු "Price Tag" එකක් විතරයි! 🏷️🔥

සල්ලි කාරයන්ට සමහර නීති වලින් කියන්නේ "මේක කරන්න එපා!" කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් කියන්නේ:
*"මේ දේ කරන්න ඔයා කීයක් ගෙවන්න ලෑස්තිද?"* කියන එකයි. 🧠💥

08/05/2026

ඔයාටත් මේ ලෝකේ වැඩියෙන්ම වටින දේ …
අම්මගේ ආදරේ ද ❤️🙏

04/05/2026

😢💔 වන අලි ප්‍රහාරයකින් නිවසේ බිත්තියක් කඩා වැටී 5 හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස මියයයි . පුංචි දුවට අමා මහා නිවන් සුව අත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු!

පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් බිත්තියක් කඩා වැටීම හේතුවෙන් 5 හැවිරිදි පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ ඉතා සංවේදී පුවතක් වාර්තා වේ. අද (04) අලුයම අරලගංවිල, රත්මැල්තැන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආර්.ඩී.සෙනිලි දිනෙත්මා නැමැති කුඩා දැරියකි. වන අලියා නිවසේ බිත්තියට පහර දෙන අවස්ථාවේදී එම බිත්තිය අසල නිදා සිටි දැරිය ඒ යටට හසුවී ඇති අතර, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.

මූලික පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ, වන අලියාගේ ශබ්දය ඇසීමත් සමඟ දැරිය අසල නිදා සිටි ඇයගේ මව විදුලි ලාම්පුව දැල්වීමට උත්සාහ කළ අවස්ථාවේදී වන අලියා කෝපයට පත්ව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. වන අලි තර්ජනය දැඩි ලෙස පවතින මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමුවිය යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

29/04/2026
29/04/2026

✈️ "මම සල්ලි දීපු සීට් එක මට ඕන එච්චරයි.."
අවුරුදු 2ක දරුවෙක්ට ගුවන් යානයේ ජනේලය ළඟ අසුන නොදුන් තරුණියට අන්තිමට වුන වැඩේ.. 📱💔

අද කාලේ ෆේස්බුක් එකේ වීඩියෝ එකක් වයිරල් වෙන්න යන්නේ තත්පර ගාණයි. හැබැයි ඒ තත්පර ගාණ ඇතුළේ කෙනෙක්ව හීරෝ කෙනෙක් කරන්නත්, තවත් කෙනෙක්ව ලෝකයම පිළිකුල් කරන විලන් කෙනෙක් කරන්නත් මේ අන්තර්ජාලයට පුළුවන්.

අද අපි කියන්න යන්නේ බ්‍රසීලයෙන් ඇහුණු, මුළු ලෝකයම දෙපිලකට බෙදපු පුදුම කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතය 29 හැවිරිදි Jeniffer Castro. ඇය වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්.

📍 ජෙනිෆර් බ්‍රසීලයේ Rio de Janeiro ඉඳලා Belo Horizonte බලා යන GOL Airlines යානයට ගොඩවුණේ සාමාන්‍ය මගියෙක් විදිහට. ඇය කලින්ම සැලසුම් කරලා, අමතර මුදලක් ගෙවලා ඇයට අවශ්‍ය Window Seat එක (ජනේලය අසල අසුන) වෙන් කරගෙනයි හිටියේ.

හැබැයි ඇය යානයට ගොඩවෙලා තමන්ගේ අසුන ගාවට යනකොට ඇය දැක්කේ පුදුම දෙයක්.. 😲 ඇය සල්ලි දීලා වෙන් කරගත්ත අසුනේ දැනටමත් අවුරුදු දෙකක විතර පුංචි දරුවෙක් වාඩි වෙලා ඉන්නවා.

දරුවාගේ අම්මා ජෙනිෆර්ගෙන් බොහොම ආදරයෙන් ඉල්ලීමක් කළා

"අනේ මිස්, මගේ දරුවා මේ සීට් එකට ආසයි. ඔයාට පුළුවන්ද වෙනත් අසුනකට මාරු වෙන්න?"

ඔන්න ඔතනයි ප්‍රශ්නය පටන් ගත්තේ. ජෙනිෆර් ඉතාම සන්සුන්ව, හැබැයි කෙළින්ම මෙහෙම කිව්වා.
"නැහැ, මට මාරු වෙන්න බැහැ. මම මේ සීට් එකට කලින්ම සල්ලි ගෙවලා වෙන් කරගත්තේ මට මේකේ යන්න ඕන නිසා."

🔥 ජෙනිෆර් තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. ඇය දරුවාට අසුන දුන්නේ නැහැ. අන්තිමේදී දරුවාගේ අම්මාට සිද්ධ වුණා අඬන දරුවාව වඩාගෙන වෙනත් අසුනකට යන්න. විනාඩි 50ක ඒ කෙටි ගුවන් ගමන පුරාවටම දරුවා අඬන්න පටන් ගත්තා.

ප්‍රශ්නය එතනින් ඉවර වුණේ නැහැ... මේ දර්ශනය දකින වෙනත් මගියෙක් තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක අරන් ජෙනිෆර්ව හොරෙන් වීඩියෝ කරන්න ගත්තා. 🤳

ඒ මගියා වීඩියෝ එක අන්තර්ජාලයට දාලා මෙන්න මෙහෙම ලිව්වා
"ඇත්තටම පිළිකුල් සහගතයි... පොඩි දරුවෙක් වෙනුවෙන් අසුනක් දෙන්න බැරි තරම් මේ ගෑනු මනුස්සයා මේ තරම් ආත්මාර්ථකාමී වුණේ කොහොමද?"

🌍 වීඩියෝ එක ලැව්ගින්නක් වගේ පැතිරුණා. මිලියන ගණන් මිනිස්සු මේක බැලුවා. කමෙන්ට් සෙක්ෂන් එක යුධ පිටියක් වුණා.

🔴පිරිසක් මෙහෙම කිව්වා "මනුස්සකම සල්ලි වලට වඩා වටිනවා. පොඩි දරුවෙක් අඬද්දී කොහොමද හිතක් පපුවක් නැතිව ජනේලෙන් එළිය බල බල යන්නේ? ඇයට තිබුණා ඒ දරුවා ගැන හිතන්න."

🔵 තවත් පිරිසක් මෙහෙම කිව්වා "ඇය කිසිම නීතියක් කැඩුවේ නැහැ. ඇය ඒ අසුනට ගෙව්වා. අම්මා කෙනෙක් වුණ පළියට අනුන්ගේ අයිතිවාසිකම් බලෙන් ගන්න බැහැ. තමන්ගේ දරුවාට ජනේලය අසල අසුනක් ඕන නම්, ඒ අම්මා ඒක කලින් වෙන් කරගන්න තිබුණා."

🤔 අපි හැමෝම කැමතියි හොඳ මනුස්සයෝ වෙන්න. හැබැයි තවත් කෙනෙක්ගේ සැලසුමක් නැතිකම නිසා හෝ නොසැලකිලිමත්කම නිසා, තමන් සල්ලි දීලා ගත්ත දෙයක් කැප කරන්න කෙනෙක් බැඳිලා ඉන්නවද?

ගුවන් යානයක සීට් එකක් කියන්නේ දිගු වෙලාවක් සුවපහසුව යන්න මිනිස්සු අමතර මුදලක් ගෙවලා ගන්න දෙයක්. දරුවාට ඒ පහසුව ඕන නම් මවුපියන් ඒක කලින් සූදානම් කරගත යුතුයි.

අද කාලේ ඕනෑම කෙනෙක්ට පුළුවන් වීඩියෝ එකක් දාලා කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න. හැබැයි ඒ වීඩියෝ එකේ පෙනෙන දේට වඩා ලොකු කතාවක් යට තියෙන්න පුළුවන්.

ජෙනිෆර්ට තිබුණා අසුන දීලා හොඳ කෙනෙක් වෙන්න. හැබැයි ඇය තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ඇයව නරක කෙනෙක් කරනවද?

✍️ජෙනිෆර් කැස්ත්‍රෝ කියන්නේ නීතියක් කඩපු අපරාධකාරියක් නෙවෙයි. ඇය කළේ තමන් ගෙවපු මිලට නියමිත සේවාව ලබාගැනීම විතරයි. හැබැයි අපේ සමාජය හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ කැපකිරීම් කරන මිනිස්සුන්ව. කෙනෙක් තමන්ගේ අයිතිය ඉල්ලනකොට අපි ඒකට ආත්මාර්ථකාමිත්වය කියන ලේබලය අලවනවා.

ඔබ හිතන්නේ මොකක්ද?
ඔබ ජෙනිෆර්ගේ තැන හිටියා නම්, අමතර මුදලක් ගෙවලා වෙන් කරගත්ත ඔබේ අසුන නොසැලකිලිමත් දෙමාපියන් ඉන්න අඬන දරුවෙක් වෙනුවෙන් දෙනවද? නැත්නම් මම මේකට සල්ලි ගෙව්වා, මම මේකේ යනවා කියලා කෙළින් ඉන්නවද?

ඔබේ අදහස මොකද...? 👇

29/04/2026

📛 Tim Cook Calls Apple Maps Launch His 'Biggest Mistake' 🗺️📉

​⭕ වසර 15කට පසු Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරෙන් ඉවත් වීමට නියමිත Tim Cook මහතා, සිය පාලන කාලය තුළ තමා අතින් සිදුවූ ලොකුම අත්වැරැද්ද කුමක්දැයි පසුගියදා අනාවරණය කර තිබේ.

​⭕ ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ ලොකුම අත්වැරැද්ද වන්නේ, 2012 වසරේදී කිසිදු නිසි සූදානමකින් තොරව Google Maps වෙත අභියෝග කිරීම සඳහා ඔවුන්ගේම Apple Maps සේවාව හඳුන්වා දීමයි.

​⭕ මුල් කාලයේදී මෙම Apple Maps හි විශාල තාක්ෂණික දෝෂ පැවති අතර, මාර්ග ආදිය වැරදියට පෙන්වීම සහ 3D Maps විකෘති වී තිබීම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත් ව තිබේ. ඇතැමුන් කැලෑ මැද අතරමං වූ අවස්ථාද එකල වාර්තා වී ඇත.

​⭕ මෙම අසාර්ථකත්වය කොතරම් දරුණු වූවාද කිවහොත්, ඒ සඳහා පාරිභෝගිකයින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමටත්, තම සේවාව සම්පූර්ණයෙන් නිවැරදි කරන තුරු Google Maps භාවිතා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමටත් Tim Cook ට සිදුව ඇත.

​⭕ එළඹෙන සැප්තැම්බර් මාසයේදී CEO තනතුරෙන් ඉවත් වීමට පෙර සිය සේවකයින් සමඟ පැවති විශේෂ සමුගැනීමේ රැස්වීමකදී ඔහු මෙම අතීත සිදුවීම විවෘතවම ප්‍රකාශ කර ඇති අතර, එය මේ දිනවල ලොවපුරා තාක්ෂණික පුවත් අතර දැඩි කතාබහකට ලක්වෙමින් පවතී.

For More Updates Follow Sky Inside

Address

Gampaha
11870

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94762955429

Website

Alerts

Be the first to know and let us send you an email when Eyemage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eyemage:

Share

Category