Arafath Shanas's Photography

Arafath Shanas's Photography Best Moments....! clicked here...!!

17/06/2024
02/01/2024

මම Introvert කෙනෙක්.. 💛

22/12/2023

හදවත් ලස්සන මිනිස්සු....

20/12/2023

Nanu Oya, Sri Lanka 🇱🇰

📸 respective owner

20/12/2023

🥺☹️

19/12/2023

🌄 Discover the breathtaking beauty of Kodanadu Viewpoint in Ooty!

Situated in the charming town of Kotagiri in the Nilgiri districts of Tamil Nadu, this elevated locale offers stunning views of the Nilgiris valleys. Experience the pleasing weather and attractive landscape as you gaze at the dark and light-hued scenery. Don't miss the chance to immerse yourself in this mesmerizing natural wonder!

Feel free to visit www.tamilnadutourism.com for travel bookings.

15/12/2023
04/12/2023

හන්තානේ ගිහිල්ලා අතරමං වෙන්න පුලුවන් ද?

සාමාන්‍යයෙන් ලංකාවේ වැඩියෙන්ම Hiking කරන Trail එකක් තමයි හන්තාන කියන්නේ.
මොකද ලංකාව රාජය හා පෞද්ගලික වි.වි බහුතරය Batch Hike එකට එන්නේ හන්තානේ. සාමාන්‍යයෙන් ඒක අවුරුද්දකට Batch 60 - 100 අතර වෙනවා.
සාමාන්‍යයෙන් Average එක Team එකකට 200-300 වගේ ඉන්නවා.

සාමාන්‍යයෙන් වැඩිම පිරිසක් එන්නේ ජපුරෙන්. ඒක 1000 - 1100 වගේ වෙනවා එක Hike එකක⁣ට.

මේකට සාමාන්‍යයෙන් Procedure එකක් තියනවා. ඒ කියන්නේ පේරා කැම්පස් එක දැනුවත් කරලා ඒකේ තියන Hiking Club එකේ (PeraExplorers) එක්කෙනෙක් දෙන්නෙක් දෙනවා Guide කරන්න, එන පිරිස අනුව. Normmly මේක මුදලක් අය කරන්නේ නැතුව කරන වැඩක්.

ඒ කියන්නේ අවුරුද්දකට හන්තාන Hike 60 - 100 කට වගේ Normmly Guide කරනවා PeraExplorers Club එකෙන්.
සාමාන්‍යයෙන් ඔය Club එකේ ඉන්න එකෙක් අඩුම ගානේ පස් හය පාරක් වත් හන්තාන නැගලා තියනවා ඔය සීන් එක නිසා.
(සමහර වුන් ඉන්නවා 80 පාරක්, 50 පාරක් හන්තාන නැගපු)

එතකොට කොහොමද ඔය යන කැම්පස් වුන් හන්තානේ අතරමං වෙන්නේ ??
ඒකට ප්‍රධාන හේතුව මම කිව්ව පටිපාටියට විරුද්ධව කැම්පස් එකේ ඉන්න අදුරණ එකෙක්ගේ මාර්ගෙන් හරි, එහෙම නැත්නම් ඒ බැජ් එකේ නුවර එකෙක් හරි ඉදලා වුන් ටික Guide කරලා වැඩේ අනාගන්නවා.
( මේ පාර 180ත් අනාගත්තේ ඔය වගේ සීන් එකක් නිසා)

( මෙහෙම ගිහිල්ලා අවුලක් නැතුව එන වුනුත් ඉන්නවා. But මගේ Experience එක අනුව අවුරුදු 8 -9 ඉදලා හාගනිපු ඔක්කොම වගේ ඔය වගේ ගිහිපු ඒවා.)

මම කැම්පස් ගිටපු කාලේ ඔය වගේ ඔය වගේ අතරමං වෙච්ච Team 7-8 ක් බේරගන්න ගිහිල්ලා තියනවා. ( පොඩි පොඩි Hiking Team එකක්, කටුසුකොන්ද පැත්තත් එක්කම)
ඒත් එක්කම ඔය වගේ ආපු Team 150 - 200 ක් එකක් ගනුදෙනු කරලා තියනවා.

මේ පාරත් ආමි, පොලිස් එන්න කලින් කැම්පස් එකේ වුන් එතනට ගිහිල්ලා තියනවා.

ගොඩක් අය හන්තානේ යන්නේ නුවර Hospital එක පැත්තෙන් ඇවිල්ලා ඔය මැප් එකේ තියන Peak 1, Peak 2 ඇවිල්ලා එතනින් ගල්පොත්තට ඇවිල්ලා ඒ ආපු පාරෙම පහලට බහින එක.
ඒ Route එකෙන් සම්පුර්ණ ගමනට පැය 4න් 5න් පුලුවන්.

හැබැයි හන්තානේ හොදම ටික එතනින් එහා. ඒ ටිකෙන් බහුතරය අයිති පේරාදෙණිය කැම්පස් එකට.
සාමාන්‍යයෙන් කැම්පස් එකකින් එන බැජ් Hike එකක් ආවම අරගෙන යන්නේ,
පේරාදෙණිය කැම්පස් එකෙන් පටන්ගෙන Amaya Hills හොටෙල් එක ලගට ගිහිල්ලා
හන්තානේ Peak 1, 2, ගල්පොත්තට, Peak 3, CP2 ගිහිල්ලා, Hanthana Upper Lodge එතනින් ආපහු පේරාදෙණිය කැම්පස් එකටම එන එක. ඒ Route එකට Normmly පැය 8ක් - 9ක් විතර යන Route එකක් බැජ් Hike එකකදි.
(⁣මේ Route එක Normmly යන්න පුලුවන් කැම්පස් එකේ අයට විතරයි, මොකද ඒ සීමාව කැම්පස් එකේ. අනික මග security ලා ඒම ඉන්නවා Point වල.

කොහෙම කරත් Hike එක අවුල් ගියේ නැති වුනත් ඔය සෙට් එකක් සාමාන්‍යයෙන් නැගලා බහිද්දි රෑ 8, 9 වෙනවා. සමහර ඒවා රෑ 1, 2 වෙනවා පහලට බහිද්දි. ඒක යන පිරිස, Hike එක පටන් ගන්න වෙලාව, යන Guide මත Depend වෙනවා.

පරක්කු වෙන්න ⁣Main Reason එක වෙන්නේ
Hike එක පටන් ගන්න වෙලාව. මොකද ගොඩක් වුන්ට පේරාදෙණියට එන්න පැය ගානක් යන නිසා Hike එක පටන් ගන්න පරක්කු වෙනවා.
( 180 ත් Hike එක පටන් අරන් තිබ්බේ 11 ට වගේ 🥱)

ඒ ඇරෙන්න හොද Guide කෙනෙක් ඉදලත් යන සෙට් එක ගෙනියන වතුර ප්‍රමාණය, යන සෙට් එකේ ඉන්න බක පණ්ඩිත පිරිස, සහ Hike එක අතර තුරදි Down යන ප්‍රමාණය මත රදා පවතිනවා.
සාමාන්‍යයෙන් 100 ක් යන හන්තාන Hike එකක එක්කෙනෙක් දෙන්නෙක් Down යන එන සාමාන්‍යය දෙයක්.
එතකොට කරන්න ඕනේ දේවල් යන Guide සාමාන්‍යයෙන් දන්නවා.
අනික බඹරු ගහන්න පුලුවන්, ඒකත් සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට එක Team එකකට වත් බඹරු ගහනවා.

අනික වැස්ස කාලේක එනවා නම් සාමාන්‍යයෙන් දැනුවත් කරනවා මේ ටිකේ වැස්ස පහු කරලා එන්න කියලා, මේක තමයි එකම Vacation එක බ්ලා බ්ලා ගැවොත් එක්කන් ගිහිල්ලා, වැස්සොත් එක Peak එකක් වගේ අරණ ගිහිල්ලා පහලට බස්සනවා.

හන්තාන ගැන වැඩිය දන්නේ නැති කෙනෙක් Guide කලොත් සහ යන කෙනා Experience අඩු කෙනෙක් වුනොත් කාලගුණය මත Hike එක අවුල් වීමේ සම්බාවිතාව වැඩිය.
මොකද හන්තානේ කාලගුණය ක්ෂණිකව වෙනස් වෙන්න පුලුවන්.වැස්ස එක්ක තද මීදුම ආවොත් දෙයියන්ගේ පිහිටයි.

ඔය වගේ තැන් වලදි අතරමං වෙන්න ප්‍රධාන තැන් කීපයක් තියනවා. එකක් තමයි ගල්පොත්තෙන් පහලට බහින තැන, අනෙක් තැන Peak 3 වලින් CP2 වලට හැරෙන්නේ නැතුව Peak 4 පැත්තට, ඒ කියන්නේ කටුසුකොන්ද Range එකට ගියොත් නහුතෙටම කෙලම් වෙලවා.

අනික පොඩි පොඩි අඩි පාරවල් වල ගියොත් හරි, ඒත් එක්කම වැස්සත් එක්ක ගල්පොත්තෙන් බහින එක, බෑවුම් වලින් බහින එක ටිකක් අමාරුයි. අනික මේ එන සෙට් Hiking Experience නැති අය.

අනික වැස්ස ගමන් දෙන්නෙක්ට විතර ඇඟ හීතලා කරලා ගියාම තම හරි. වුන් ටිකත් කර තියන් ඕනේ පහලට බහින්න. අනික බහින්න බෑ කියලා බෙරිහන් දෙනවා.අනික ඔය වගේ දේකදි යන සෙට් එකෙන් බර ගානක් පැනික් වෙනවා.

ඒ වගේ Situation එකක යන අය පහලට ගේන එක එදා පවතින්නේ යන Guide ගේ දක්සතාවය මත. මොරාල් කරලා පහලට ගේන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

අනික 180 කට Guide ලා දෙන්නෙක් වගේ යද්දි අතර මැද Slow වෙලා Hike එකේ ගැප් එක ආවොත් පාර වරද්ද ගන්න පුලුවන් සෙට් එකක්. ඕක වැස්ස, මීදුම තියන වෙලාවට තව වැඩයි. අනික යන Guide ලා මත සෑහෙන්න වගකීක් තියනවා, යන අය හරි පාරේ වරද්ද ගන්නේ නැතුව අරන් යන එක.

දැන් හිතන්න යන Guide ට වැඩි Experience එකක් නැතුව ඒකටත් මීදුම හරි, වැස්ස එක්ක හරි පාර වැරදුනොත්. දෙයියන්ගේම පිහිටයි. 🥱
මේ වගේ වෙලාවට අත් අල්ලන් බහින ඒවා, මැප් බලලා පහලට බහින ඒවා, එක එකා පහලට ගිහිල්ලා බලලා පාර හොයන සීන්, වතුර පාරක් දිගේ පහලට බහින ඒවා හරි යන්නේ නෑ.
මොකද පිරිස වැඩියි. ඕවා කරන්න ගිහිල්ලා තව කොල වුනම වැඩේ තව අවුල් යනවා.
මොකද එතන ඉන්නේ Hiking Experience නැති අය. හොදම දේ තමයි එතන ඉදන් පිටස්තර සහය පතන ඒක.

ඒක නිසා හන්තානේ Batch Hike යද්දි අනිවාර්යයෙන් අදාල ක්‍රියාපටිපාටිය හරියටම අනුගමනය කරන්න.
Unknow Hiker Sl✍️

04/12/2023

Address

Gampola Wela
Gampola
254A

Telephone

+94779526030

Website

Alerts

Be the first to know and let us send you an email when Arafath Shanas's Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arafath Shanas's Photography:

Share

Category