16/01/2019
🌹මිනිසෙක් තමාගේ අලුත්ම
කාර් එක පොලිෂ් කරමින් සිටිනන්
අතරතුර ඔහුගේ අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.
🌹මේ දුටු කෝපයට පත් මිනිසා
දරුවා ගේ අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.
🌹ඔහු ගසා තියෙන්නේ යකඩ වීල් බ්‍රෂ් එකෙන් බව ඔහුට
වැටහුනේ පසුවයි.
🌹ඉස්පිරිතාලේදී , දරුවා ගේ අතේ ඇට සියල්ලම බිඳී යාම හේතුවෙන් , අතේ ඇඟිලි සියල්ලම ඉවත් කරන ලදී.
🌹දරුවා තාත්තා දුටු විට, ඉතා
දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!! ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.
🌹ඉතා සිත රිදුන නිසා ඔහුට කතා කරගන්න බැරි වුනා.
🌹ඔහු කාර් එක ළඟට ගිහින්
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.
🌹ඔහු කාර් එක ඉදිරියේ හිඳගෙන පුතා ඇඳපු ඉරි දිහා බලාගෙන සිටියා.
🌹එහි ඇඳ තිබුණේ " තාත්තේ මං ඔයාට ආදරෙයි " කියල.
🌹පසුවදා ඒ මිනිසා සිය දිවි
හානි කර ගත්තා.
🌹කේන්තියටත් , ආදරයටත් ,
සීමාවන් නැත.
🌹මේ දෙකෙන් දෙවැන්න
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත
🌹භාණ්ඩ ඇත්තේ පරිහරණය
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.
🌹එනමුත් අද ලෝකයේ ප්රශ්නය
මෙයයි.....
🌹මිනිසුන්ව පරිහරණය කරනු ලබයි. භාණ්ඩ ආදරය ලබයි.
🌹 සැමවිටම මෙය සිතේ තබාගෙන ,එසේ නොකරන්න
ප්‍රවේසම් වෙමූ.
🌹භාණ්ඩ ඇත්තේ පරිහරණයටත්,මනුෂ්‍යයන් ඇත්තේ,ආදරය ලැබීමටත්ය.
🌹ඔබේ සිතුවිලි ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා වචන බවට පත්වනු ඇත.
🌹ඔබේ වචන ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා ක්‍රියා බවට පත්වනු ඇත.
🌹ඔබේ ක්‍රියා ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා පුරුදු බවට පත්වනු ඇත.
🌹ඔබේ පුරුදු ගැන කල්පනා කාරී වන්න. මන්ද ඒවා ඔබේ චරිතය බවට පත්වනු ඇත.
🌹ඔබේ චරිතය ගැන කල්පනාකාරී වන්න. මන්ද එය ඔබේ ඉරණම බවට පත්වනු ඇත.
🌹ඔබට බුදු සරණයි.🌹
(උපුටා ගැනීමකි)
🌹ෂෙයාර් නොකිරීමෙන් ඔබට නරකක් නොවේ එහෙත් කෙනෙක් මෙය දැකීමෙන් ජීවිතය වෙනස් කර ගතහොත් ඔබේ සිතට සතුටක් ගෙන එනු ඇත 🌹
🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️