22/08/2026
යක්ෂයාගේ පඩිපෙළ තරණය 😌🙃🏞️
මුලින්ම කියන්න ඕනි මේක මම අවුරුදු ගානකට කලින් ගිය ගමනක් කියලා. ළගදි ඒ පැත්තට ගියත් එතනට යාගන්න බැරි උණා. 🫢😐
ඉතින් Devil's Staircase එහෙමත් නැත්තම් යක්ෂයාගේ පඩිපෙළ කියන්නේ මොකක්ද ?
පඩිපෙලක් ද? නෑලු.. යක්ෂයෙක් ඉන්නවද නෑලු.. ගොඩක් අය නමෙන් නොදන්නා, නමුත් ලස්සන HIking Adventure එකකට හොදටම ගැලපෙන නියම ගමනක් තමා මේක... එත් මේකට යක්ෂයාගේ පඩි පෙළ කියන්නේ ඇයි? මට තිබ්බ ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතුව එකත් ගිහින්ම බලන්න... නිදහස් සංචාරකයා විදිහට මෙච්චර කල් ගියේ සාමාන්යෙන් කට්ටිය යන තැන් වල.. මේක සාමාන්යෙන් ගොඩක් අය නොදන්නා, බොහොම ටික දෙනෙක් විතරක් දන්නා, යන තැනක්.. ඉතින් මේච්චර කල් තනියම ගියත් මේ ගමන යන්න ලැස්ති වෙද්දී මටමේ ෆේස්බුක් එකෙන්ම හම්බුනා යාළුවො ටිකක් මේ ගමන යන්න කැමැත්ත පල කළා.. අපි හැමෝමත් එක්ක ගමන පටන් ගත්තේ 3 වෙනිදා රෑ බදුල්ල නයිට් මේල් කෝච්චියේ... රෑ ඉදන් 4 වෙනිදා පාන්දර 4 වෙනකම් අපි ටික කෝච්චියේ ගිය ගමනත් ලේසියෙන් අමතක කරන්න පුළුවන් ගමනක් නෙමේ.. (කෝච්චියේ හිටපු උන් අපිට ගහල එලෙව්වේ නැති ටික විතරයි :3 ) පාන්දර 4.30 පමණ වෙද්දී අපි ඔහිය ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් උනා.. එලිය වැටෙනකම් එතැනට වෙලා හිටපු අපි ගමන ඔෆිසියල් විදිහටම පටන් ගත්තේ ඉතින් උදේ 6ට විතර.. ඒ කියන්නේ අපේ Trekking එක.. පා ගමන.. මුලින් පයින්, ටර්පන්ටයින් ගස් වලින් පිරුණු වනාන්තරයක් අතර වැටුන පාරකින් ගමන් ගත අපි කිලෝමීටර් කිහිපයක් යද්දී ලගා උනේ Y හන්දිය කියන තැනට.. එතැන තමා මේ පාරේ එන අය හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයටයනවද? නැත්තම් යක්ෂයාගේ පඩි පෙළ හරහා කලුපහනට යනවද කියන එක තීරණය කරන්නේ... තව ටිකෙන් එතනත් අපි පාර මාරු කරගන්නවා.. එත් අපි කොහොමහරි අවුලක් නැතුව හරි පාරට වැටුනා... ඒ කියන්නේ Y හන්දියෙන් වම් පැත්තට තියෙන පල්ලෙහා පාර.. දකුණට තියෙන පාර තියෙන්නේ හෝර්ටන් තැන්නටයි.. උදේ කෑමත් කාල අපි ඉතුරු ගමන ගියේ යන්නේ කොහෙද පාර කොහෙද තියෙන්නේ කියලවත් නොදැන.. අපේ උන් මට නඩේ ගුරා කිව්වට මමවත් දන්නේ නෑ පාර කොහෙද තියෙන්නේ යන්න කොහෙන්ද කියල.. මගදී හම්බුනා තේ වතු වල හිටපු දෙමල මිනිස්සුන්ගෙන් පාර අහගෙන තමා අපි ගමන ගියේ... ගමන වැටිලා තිබ්බේ කඳු වැටි 3ක් හරහා.. මුලින්ම අපි ඈත පෙන කඳු වැටියක් දැකපු වෙලාවේ එකේ ලස්සන වින්දා.. එත් අපි ඒ වෙලාවෙත් දැනගෙන හිටියේ නෑ අපි යන පාර වැටිලා තියෙන්නෙත් ඒ කඳු වැටිය මැද්දෙන් කියල.. :) පයින්ම තේ වතු මැද්දෙන් ඇවිදිමින්, ෆොටෝ ගනිමින් අපි ගමනේ මුල් භාගය ඉවර කලේ අපිටත් නොදනිම වගේ.. ලොකුවට කියල අගේ මහන්සියක් දැනුනේ නැත්තේ අපිට පරිසරයේ තිබ්බ සිසිල් බව නිසයි.. ඇත්තටම අපි කොච්චරක් දුර ගියාද කියලවත් , තව කොච්චරක් යන්න තියෙනවද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ.. හම්බෙන අයගෙන් පාර අහගෙනදිගටම ඉස්සරහට ගියා මිසක්.. මුල් කන්ද බැහැලා ඊලග කඳු වැටිය තරණය කරද්දී තමා කට්ටියටම ගමනේ වෙහෙස ටිකෙන් ටික දැනෙන්න ගත්තේ... එත් අපේ හිටියේ කොල්ලෝ ටිකක්.. නෑ බෑ කතා අපේ කා ළඟවත් තිබ්බේ නෑ කොයි වෙලාවකවත්... අපි ආපු ගමන ඉවර කිරීම උවමනාව ආසාව හැමෝ ලගම තිබ්බේ.. දෙවැනි කන්දත් පහු කරමින් අවසන් කඳු වැටිය තරන කරද්දී හැමෝටම ගමනේ වෙහෙස දැනෙමින් තිබ්බේ.. එත් ගමනේ අවසානයට තව දුරයි.. නැවතමින්, අරන් ගිය කෑම කමින් අපි ගමනේ කිලෝමීටර් 15ක් පමණ ඉවර කරලා සවස 2 පමණ වන විට බඹර කන්ද දිය ඇල්ල සෑදෙන වතුර පහර අසලට ආවේ.. එතැනට බහින්න තිබ්බ පාර වෙනුවට අපි තෝරාගත්තේ ටිකක් භයානක , අමාරු, ගල් පඩි වලින් සෑදුන නමුත් කෙටි මාර්ගයක්.. ඒ වෙන තෙක් අපි ආපු ගල් ගැලවුන පරන තාර, ගල් වලින් පිරුණු පාර වෙනුවට අපිට ඊ ටික බහින්න උනේ කන්දේ කපල තිබුන බිම් කඩවල් හරහා, ගල් පඩිහරහා... ඒ ටික ඇත්තටම ගමනේ අමාරුම කොටස උනා.. එතනින් ඇවිත් අපි පොඩි වතුර පාර ලඟට ලං වෙද්දී හැමෝම හිටියේ සෑහෙන විඩාවකින්. පොඩි වතුර පාර උනේ මේක මොකද මේ පායන කාලේ නිසා, වතුර පාරවල් ඔක්කොම හිඳිලා, අඩු වෙලා ගිහින්,, දිය ඇල්ලේ පවා පොඩි වතුර පාරක් විතරයි තිබ්බේ... අපි නැවතුන තැන ඉදන් තවත් කිලෝ මීටර් 7කැ පමණ ප්‍රමාණයක් අපිට තව යන්න තියෙනවා කියල දැනගත්තු අපි එතන නැවතිලා, නාල, අරන් ගිය කෑම ටිකක් හදාගෙන කාලම ගමනේ ඉතුරු කොටස ඉවර කරන්න තීරණය කළා.. කොහොම උනත් සවස 5 පමණ විට ගමන සම්පුර්ණ කරන්න අපට හැකි උනා.. (අවසානයේ වෙච්ච අවුල් සීන් එක අතැරලා :/
වීඩියෝ එකක් ලගදීම...
අවසාන වශයෙන් මේකට යක්ෂයාගේ පඩි පෙළ කියන්නේ ඇයි කියන එක තේරුම් ගන්නනම් කෙනෙක් මේ ගමන යන්නම ඕනේ... මේ පාරේ යකෙක් ඇත්තෙවත්, පඩි පෙළක් නගින්නවත් තියෙන නිසා නෙමේ.. ගමනේ තියෙන දුෂ්කර බව නිසයි මම හිතන්නේ මේකට යක්ශාගේ පඩි පෙළ කියන්නේ... කිලෝ මීටර් 20 ක පමණ අසීරු දුෂ්කර පා ගමනක් සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් උනා හැමෝටම.. ඇත්තටම ඒ ගමන සහභාගී උන හැමෝටම ජීවිතේට අමතක නොවෙන ගමනක් වෙයි කියන එකනම් ස්ථීරයි... ඒ වගේම ජීවිතේ විදපු හොදම අත්දැකීමක්, adventure එකක්...
මේ වගේ Adventure එකකට කැමති අයට මේ ගමන ගිහින්ම එකේ ආශ්වාදයවිදගන්න කියල මම කියන්න කැමති... ගමනේ ගත්තු චයාරුප මේ සමගම පල කරනවා..