13/11/2025
ගොඩක් අය හිතන් ඉන්නෙ හොඳ නම දරාපු ආයතනයකින්, නම් දරාපු බ්‍රෑන්ඩ් එකකින් හොඳ කැමරා ටිකක් ගෙදර වටේට හයිකරගත්තට පස්සෙ ගෙදර තිබුණු ප්‍රශ්න ගොඩක් ඉවරයි කියලා.
හැබැයි එතනදි ඔයාල නොදන්න තව ප්‍රශ්න ටිකක් ගේ ඇතුළට අරන් එනවා වෙන්නත් පුලුවන්
ඔයාල නොහිතන ඒ දේවල් වලින් පරිස්සම් වෙන්නෙ කොහොමද කියල කියන්න තමයි මේ සටහන ලියන්න හිතුවෙ.
මුලින්ම සරලම තැනින් පටන් ගන්නම්
🔴Hard Disk Error- කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකකින් Hard Disk එකක් හයිකරත්, සමහරවිට අද හයිකරපු එක හෙට වෙද්දි වැඩ කරන්නෙ නැතිව යන්න පුලුවන්. (Hard Disk එකේ තමයි හැමදේම පටිගත වෙන්නෙ) ඉලෙක්ට්‍රොනික් උපකරණ ගැන 100%ක් වගකියන්න අමාරුයි. ඒ නිසා ඔයා හිතන්නෙ නැති වෙලාවක ඔයාගෙ කැමරා ටිකේ කිසිම දෙයක් පටිගත නොවී තියෙන්න පුලුවන්.
ඒක නිසා අනිවාර්‍යෙන්ම දවසට එක විනාඩියක් හරි වෙන්කරලා ඔයාගෙ DVR එකේ කැමරා වල වීඩියෝ පටිගත වෙනවද කියල පරික්ෂා කරල බලන්න අමතක කරන්න එපා.
🔴Date time error - DVR එකේ වෙලාව මතක තියාගන්නෙ ඒක ඇතුළෙ තියෙන පුංචිම පුංචි බැටරියක ආධාරයෙන් (CMOS) මේ බැටරිය බැහැලා ගියාට පස්සෙ (මේකට නම් අවුරුද්දක් දෙකක් යනවා ගොඩක් වෙලාවට) DVR එක ඕෆ් වෙලා ආයෙ ඔන් වෙද්දි DVR එකේ වෙලාව 2004 වගේ ගොඩක් ඈත අවුරුද්දක් සටහන් වෙලා වෙනස් වෙනවා.
නමුත් ඔයා ඒක දකින්නෙ නෑ. කැමරාවලත් කිසිම අවුලක් නැතිව වීඩියෝ රෙකෝඩ් වෙනවා. හැබැයි හදිස්සියක් වෙලා පරණ සිද්ධියක් හොයන්න ගියාම පහුගිය දවස්වල වෙච්ච කිසිම දෙයක් පටිගතවෙලා නෑ කියල තමයි පෙන්නන්නෙ. ඒකට හේතුව කැමරාවල වීඩියෝ රෙකෝඩ් වෙන්නෙ 2004 වර්ෂයේ දවසක. නමුත් අපිට පටිගත උණු දර්ශන DVR එකෙන් බලන්න හැකියාව තියෙන්නෙ අවුරුදු දෙකක් තුනක් වගේ ආපස්සට යනකන් විතරයි. එතකොට ඒ හේතුව නිසා ඔයාට අත්‍යාවශ්‍ය දේවල් පටිගත උණත් ආයෙ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිව යනවා.
(කට්ටක් කාලා වියදම් කරලා ඒවා හොයාගන්න බැරි නෑ, සාමාන්‍ය විදියට ගන්න බෑ)
🔴motion alerts - ගොඩක් අය කරගන්න වරදක් තමයි කැමරා හයිකරද්දි කැමරාව තියෙන තැනට අනවශ්‍ය ඇතුල්වීමක් සිදුවුනොත් ෆෝන් එකට එසැනින් වීඩියෝ එකක් එන විදියට හදවගන්නවා.
නමුත් UPS එකට සම්බන්ධ කරන්නෙ කැමරා සහ DVR එක විතරයි. Router එක ගෙදර සාමාන්‍ය ප්ලග් එකකට සෙට් කරල තියාගන්නවා.
කවුරුහරි ආවොත් ඇලර්ට් එකක් එනවනේ කියන විශ්වාසයත් එක්ක ෆෝන් එක ළඟ තියන් හිටියත් කරන්ට් එක ගියපු ගමන් රවුටර් එක ඕෆ් වෙන නිසා කිසිම ඇලර්ට් එකක් ෆෝන් එකට ලැබෙන්නෙ නැතුවම ගෙදරට ආපු හො|රා ඌට ඕන වැඩේ කරගෙන යන්න යනවා. ඒ නිසා අනිවාර්‍යෙන්ම කැමරා ටිකට වගේම රවුටර් එකටත් UPS powet connectivity එකක් දෙන්න කියල installer මහත්වරුන්ව දැනුවත් කරන්න.
*රවුටර් එකට ඩේටා දාල තියන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ
🔴stream encryption - මෙන්න මේක තමයි ටිකක් භයානක ඒත් ගොඩක් installer මහත්වරු කස්ටමර්ස්ලට කියාදෙන්නෙ නැති, ඒත් ගොඩක් වටින ඔප්ශන් එක.
ඔයාගෙ ගෙදරට, ඔයා ලක්ෂ ගානක් වියදම් කරලා කැමරා හයිකරවගෙන, කැමරා හයිකරපු කෙනා ඔයාගෙ ගෙදර කැමරා වල පටිගත වෙන දේවල් බලනවනම් එතන ඇත්තටම ඔයා ආරක්ශිතයිද?
මේක ටිකක් quality brand වල DVR වල විතරක් එන option එකක්.
මේකෙන් වෙන්නෙ ඔයාගෙ mobile surveillance app එකේ ඔයා බලන කැමරා ටිකට login වෙන්න අවශ්‍ය කරන username, password වෙන කෙනෙක් ලඟ තිබුණත් එයා ලොග් උනාට පස්සෙ එයාට කිසිම කැමරාවක දර්ශන බලන්න බැරිවෙන විදියට stream එක encrypted වෙන එක. අඩුමතරමෙ මේ පෝස්ට් එක දකින ඔයාලාහරි කැමරාවල මෙන්න මේ ඔප්ශන් එක ඔන් කරගන්නෙ කොහොමද, ඒකට තමන්ට කැමති key එකක් දාගන්නෙ කොහොමද කියන එක installer මහත්වරුන්ගෙන් අහලා දැනගන්න. මොකද ඒකට ඔයාලා දාන key එක installer මහත්වරුවත් දැනගන්න අවශ්‍ය නෑ.
Copied..
Dilshan Eranga