Theekshana Wijayasiri Photography

Theekshana Wijayasiri Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Theekshana Wijayasiri Photography, Photographer, Kandy.

Heaven🌍
14/10/2023

Heaven🌍

05/07/2023

•නුවර ලස්සන රෑට කිව්වත් වැරැද්දක් නෑ😌🖤🥀Theekshana Wijayasiri Photography                      #නුවර
26/01/2023

•නුවර ලස්සන රෑට කිව්වත් වැරැද්දක් නෑ😌🖤🥀
Theekshana Wijayasiri Photography

#නුවර

•Sri Dalada Maligawa🌟
05/10/2022

•Sri Dalada Maligawa🌟


•🌲
17/08/2022

•🌲

Bellwood🌲❤️
04/06/2022

Bellwood🌲❤️

Galboda ella🍃❤️
03/06/2022

Galboda ella🍃❤️

 #මීයන්ඇල්ල  /   /    #බතලේගල      #අලගල්ල    Sri lanka                            ත්‍රාසජනක ගමන් යන්න හුගක් අය කැමතී.එහ...
01/03/2022

#මීයන්ඇල්ල / /
#බතලේගල #අලගල්ල
Sri lanka

ත්‍රාසජනක ගමන් යන්න හුගක් අය කැමතී.එහෙම ත්‍රාසජනක අත්දැකීමක් ගන්න ඕනි අයට යන්න ලස්සන තැනක් තමයි මේ මීයන් ඇල්ල කියන්නේ.😍
කොළඹ නුවර උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අසල ඇති 5A යනුවෙන් හදුන්වන බිංගේට පිටින් තමයි මේ මීයන් ඇල්ල ගලා යන්නේ.මෙතෙන්ට යන්න පාරවල් දෙකක් තියනවා.(නොදන්න සමහර පාරවලුත් ඇති☺️).නුවර සිට Train එකේ එනවනම් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බහින්න ඕනි.කොළඹ ඉදලා Train එකේ එනවනම් ඒත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බහින්න ඕනි. බැහැලා කොළඹ පැත්තට රේල් පාර දිගේ 500m වගේ එන්න ඕනි.එතකොට 5A Tunnel එක හම්බෙනවා.තමන්ගේ වාහන වල එහෙම එනවනම් මාවනැල්ලට ඇවිල්ල මාවනැල්ලේ ඉදල රඹුක්කන පාරේ ඇවිල්ලා මාකෙහෙල්වල ගමෙන් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට එන්න පුලුවන්.
මෙතන බිංගෙට පිටින් වම් පැත්තෙන් පාරක් තියනවා ඒ පරණ රේල් පාර ගියපු පාර දැන් ඒක අඩි පාරක් වෙලාම ගිහිල්ලා. හරිම ලස්සනයි පහල බැලුවහම මාවනැල්ල-රඹුක්කන පාරත් පේනවා.ඉතින් මේ අඩි පාර දිගේ ගිහාම පලවෙනියට පාලමක් හම්බෙනවා එතනත් මීයන් ඇල්ල ගලා යනවා. තව ටිකක් දුර ගිහාම තව පොඩි පාලමක් හම්බෙනවා ඒත් එක්කම දකුණු පැත්ත බැලුවාම බිංගෙට පිටින් මීයන් ඇල්ලේ අනිත් දිය ඇල්ල බලාගන්න පුලුවන් හරිම ලස්සන තැනක් මේක වතුර වැටෙන කාලෙට. ඉංග්‍රීසි කාලේ මේ බිංගේ වෙනුවට ඔය පරණ පාර තමයි තිබිල තියෙන්නේ.මීයන් ඇල්ලෙන් දුම්රිය මාර්ගයට බාධා ආපු නිසා තමයි කලු ගල විදලා බිංගයක් හදලා තියෙන්නේ..ඒ වෙනකොටත් ඉංග්‍රීසීන් විසින් බිංග නම් කරලා තිබුන නිසා මේකෙ අනන්‍යතාව තහවුරු වෙන්න A අකුරක් දාලා 5A යනුවෙන් සදහන් කරලා තියනවා. ඒ මීයන් ඇල්ල වැටෙන තැන ටිකක් උඩින් ලොකු සිදුරක් තියනවා.මේ සිදුර බිංගේ ඇතුලේ ඉදන් හාරලා තියෙන්නේ හරියට නිකන් බිංගේ ඇතුලේ ඉදන් එලියට උමගක් හාරලා වගේ☺️.ඒ සිදුරට යන්න අපිට බිංගේ ඇතුලෙන්ම යන්න වෙනවා.ආයෙත් බිංගේ මුලට ගිහින් බිංගෙ දිගේ 200m වගේ යන්න ඕනි ඇතුලට.(මතක් කරල ටිකක් එළිය හොද ටෝච් එකක් අරන් යන්න ඕනි හේතුව කියන්නම්) තනි කලු ගලින් නිසා සහ කෙලවරවල් ඈතට පේන්නෙ නැති නිසා බිංගේ ඇතුල හුගක් කරුවලයි කිසිම එළියක් එන්නේ නෑ වගේම කිසිම දෙයක් පේන්නේ නෑ ගොඩක් ඇතුලට ගියහම. හරියටම වම් පැත්ත බලාගෙන ගියොත් ලොකු කැපුම් පාරක් එක්ක අර සිදුරට යනතැන හම්බෙනවා.ටිකක් අවධානෙන් යන්න ඕනි නැත්තන් මිස් වෙනවා. හරියටම 2m වගේ උසින් තමයි සිදුර තියෙන්නේ.අපිට එතෙන්ට නගින්නනම් තව කෙනෙක්ගෙ උදව් තිබ්බොත් හුගක් ලේසි.එහෙම ලේසියෙන් නගින්නනම් අනිවාර්යෙන් හොද එළියක් ඕනේ ඒකයි මන් ඉස්සෙල්ලා කිව්වේ හොද එළිය තියන ටෝච් එකක් අරන් යන්න ඕනි කියලා.එතන උමගෙන් එහාට ගියහම ඇල්ල ගාවටම යන්න පුලුවන්.
තව දෙයක් කියන්න ඕනේ Safety first නේ ඒ නිසා අවධානයෙන් ඉන්න ඕනේ..JBL, speakers දාගෙන හිටියට කමක් නෑ විඩින් විඩේ අවධානෙන් ඉන්නවනම්.මොකද ඈතින් එන කෝච්චියත් ඇහෙන්නේ බේස් එකක් වගේ. බිංගේ ඇතුලේ ඉද්දී කෝච්චියක් ආවොත් Cover වෙන්න පොඩි පොඩි කැපුම් තැන් හදලා තියනවා ඒත් එන හුලං පාරට දූවිලි,දුම් වලින් එහෙම නාන්න වෙන්නේ.කෝකටත් ඒ අවදානම ගන්නේ නැතුව සිදුරට නැගලා හරි ඉන්න.මොකද ඒ එන හුලං පාර හුගක් තදයි.සමහරු කියනවා ඒ එන හුලං පාරේ සැර බාල කරන්නලු වාත කවුලුවක් විදිහට සිදුර හදලා තියෙන්නේ කියලා ඒත් ගම්මු කියන විදිහටනම් ඒ කලු ගල කඩද්දී ගල් එලියට ගෙනියන්න දෙපැත්තටම දුර නිසා ලේසියෙන් එලියට දාන්නලු ඔය සිදුර හදලා තියෙන්නේ. බිංගේ කෙලවරටම යනවනම් යන්න පුලුවන් කෝච්චියක් එන්න කලින් යනවානම් වඩාත් හොදයි.අපිටනම් හම්බුනේ කුහරෙදි විතරයි.එළියෙනුත් කෙලවරට යන්න පුලුවන් අඩි පාර දිගේ.
මේ අලගල්ලේ පාමුල නිසා මෙතන ඉදන් අලගල්ල කන්ද නගින්නත් පුලුවන්.Camp ගහන්නත් කියාපු තැනක් මෙතනින් උඩට නැග්ගහම.දැන්නම් ගිනි තියලා තියලා තියෙන්නේ හේතුව හැමතැනම වල් වැවිලා නිසා. ඒ නිසා හැම අවුරුද්දකට සැරයක්ම ගිනි තියනවාලු.දැන්නම් මේ මීයන් ඇල්ලේ වතුර සෑහෙන්න අඩුයි ඉස්සර සැහෙන්න තිබ්බාලු.සමහරු කියන විදිහට මේකලු තිබ්බ උසම දිය ඇල්ලත්.

කෙමෙන් කෙමෙන් පරිසරය වෙනස් වෙනවා. බලපු බලපු තැන් වල බියර් ටින්,විදුරුබෝතල් බිදලා,ප්ලාස්ටික්,සිලිමලු හැමතැනම දාලා තියනවා මන් දැක්කා..කරුණාකරලා කුණු අපද්‍රව්‍ය දාන්නේ නැතුව මේ දැන් තියන ටිකවත් රැකගන්න උත්සහ කරන්න කියලා ඉල්ලමින් සමුගන්නවා
ස්තූතියි.🌲❤️

මම Theekshana Wijayasiri Photography මගේ අත්දැකීම් සමග

27/02/2022

❤️🌲

#මීයන්ඇල්ල

20/02/2022

• මන් ගත්තුවගෙන් ටිකක්🙈❤️

#නුවරමචන්

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Theekshana Wijayasiri Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category