SCBC Photos only

SCBC Photos only ධම්මං ජානතෝ පඤ්ඤා පරිපූරති

18/08/2026
අප නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේගේ මූලික ධන පරිත්‍යාගයෙන්  ගමේ පන්සලේ (අංවාරම,  ශ්‍රී සෙනෙව...
15/08/2026

අප නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේගේ මූලික ධන පරිත්‍යාගයෙන් ගමේ පන්සලේ (අංවාරම, ශ්‍රී සෙනෙවිරත්නාරාම ශ්‍රී මහ බෝධි පිරිවෙන් විහාරස්ථානය) වාහල්කඩ ඉදිකරවා එය විවෘත කිරීම සහ එම පිරිවෙන් විහාරස්ථානයෙහි වැඩ වසන කුඩා සාමණේර හිමිවරුන් සඳහා සිදුකළ දානමය පුණ්‍යකර්මය.
2026-08-14

රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක බාලිකා විද්‍...
15/08/2026

රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක බාලිකා විද්‍යාලයන්හි නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ගොඩගම ශ්‍රී චන්දානන්ද මංගලාභිධාන අප නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මහනුවර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහා ඇස් කණ්ණාඩි බෙදා දීම
2026-08-14

14/08/2026

අපගේ ගෞරවණීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුභ ම සුබ ජන් ම දිනයක් වේවා.

29/07/2026

ඇසළ පෝය දිනය වෙසක් පොසොන් පෝය දින මෙන් වැදගත් පෝය දිනයකි. ශාසනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද මෙම ඇසළ පෝය දිනය බෞද්ධ ජනතාවට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් දිනයක් මාසයක් ලෙස අගය කළ හැකිය.

ශාසනික වශයෙන් ගත් කල ශාසන ඉතිහාසය ආලෝකවත් කරන ඇසළ මාසය පින්බර මාසයක් ලෙස විශේෂයෙන් බෞද්ධ ජනතාව විසින් අගය කරනු ලැබේ. ඉන් පළමු කාරණය වශයෙන් සිද්ධාර්ථ කුමරු තම මව වූ මායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම දැක්විය හැකිය. සුදු ඇත්පැටවෙකු සුදු පියුමක් ගෙන මව් කුසට ඇතුල්වීම හරහා මෙම සිද්ධිය බෝසත් සිරිතට අන්තර්ගත වී ඇත.

සිද්ධාර්ථ බෝසත් කුමරු ගිහි ගෙයින් නික්ම යෑම සංකේතවත් වන්නේ ද ඇසළ පුන් පෝයදා සිදු වූ සංසිද්ධියක් වශයෙනි. මෙය මහාභිනිෂ්ක්‍රමණය ලෙස ශාසන ඉතිහාසයට එකතු වේ. ලොවට බුදුවරයකු පහළ වීම සටහන් කරන මෙම සිදුවීම ලොව අසිරිමත් සිදුවීමකි. තමන් නව භද්‍ර යෞවනයේ සිටියදී මව්පියන් හඬා වැලපෙද්දී කෙස් රැවුල් කපා දමා කසාය වස්ත්‍රයක් පෙරවාගෙන ලබාගන්නා කුසලය කුමක්ද? සත්‍යය කුමක්ද? සොයමින් සුදු වැලිතලාව සහිත නේරංජනා නදී තීරය අසබඩට පැමිණි බව අභිනිෂ්ක්‍රමණය සම්බන්ධ පුවත බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හෙළි කළ ආකාරය මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ මැනවින් විස්තර වේ. සය අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු ආලාර කාලාම ආදීන්ගේ දේශනා තුළ තමන් සොයන සසර දුක නිවාලන ක්‍රමවේදය නොමැති බව වටහාගත් සිද්ධාර්ථ කුමරු හේතුඵල දහමට අනුව ලොව සියල්ල ක්‍රියාත්මක වන බව වෙසක් පුන් පොහෝ දිනක අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වූ සේක.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SCBC Photos only posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category