18/12/2023
ශ්‍රීලංකාවේ ආදිවාසීන් ( වැද්දන් ) අතරට ගියෙමු ...... ඔවුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හාත් පසින් වෙනස් ජීවන රටාවක්ය . කැලයම හා බැදුන සංස්කෘතියක්ය , දඩයම ජීවන රටාවය , ඔවුන් ගැන බිදක් ......❤️🇱🇰🌍
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය...🔰
ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්‍ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කිරීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.
වෙරළබඩ වැද්දන් හෙවත් මූදු වැද්දන් යනු නැඟෙනහිර වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වන වැදි ජනයාය. අතීතයේ රට අභ්‍යන්තරයේ ජීවත් වූ වැදි ජනයා, ගංගා මාර්ග ඔස්සේ ආහාර සොයමින් යන අතරතුර වෙරළබඩට සේන්දු වීම, වෙරළබඩ වැදි ජනයාගේ ආරම්භය යැයි විශ්වාස කරයි. එහෙත්, අද වන විට වෙරළබඩ වැද්දන් ඔවුන්ගේ අසල්වැසි දෙමළ ජනයා සමඟ සම්මිශ්‍රණය වීම හේතුවෙන්ම තම වැදි උරුමයෙන් ඈත්ව ගොසිනි.
සාම්ප්‍රදායික වැදි ජනයා හට තම ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉටුකර ගත යුතුව ඇත්තේ ඉතා සීමිත අවශ්‍යතා කිහිපයක් පමණි. එකී සීමිත අවශ්‍යතා අතර, ආහාරවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. වැදි ජනයාගේ ආහාර පුරුදු, සිරිත් විරිත්, ආහාර සොයා යෑම, ආහාරවල භාවිතය මෙන්ම, ආහාර කල් තබා ගැනීම් ආදිය පොදු ජන සමාජයේ භාවිතාවන්ට වඩා සුවිශේෂී ලක්ෂණවලින් පෝෂිත වූවකි.
🐝මී පැණි භාවිතය
මී පැණි යනු වැද්දන්ගේ ප්‍රියතම ආහාරයකි. මී වද සොයා යෑමේදී වැද්දන් භාවිත කරන ක්‍රම සැබැවින්ම විස්මයජනකය. එය නූතන විද්‍යාඥයන් ද මවිත කරවන්නකි. මන්ද, වැද්දන් තම ජීවිත අත්දැකීමෙන් හා පාරම්පරික ඥානයෙන් උරුම කරගත් දැනුම, නූතන පර්යේෂණ ප්‍රතිඵලවලට ද එහා ගිය මහා දැනුම් සම්භාරයකි.
මී මැස්සන් යනු ගණාවාසී දිවි පැවැත්මක් ගත කරන ජීවී කොට්ඨාසයකි. එහිදී තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සුවිශේෂ සන්නිවේදන හැකියාවක් මී මැස්සන් සතුය. ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළ මහාචාර්ය කාල් ෆොන් ෆ්රිෂ් හට 1973 වසරේදී නොබෙල් ත්‍යාගය ද හිමි විය.
නූතන පර්යේෂණවලින් හඳුනාගත් මී මැස්සන් සතු එක් සන්නිවේදන සංඥා ක්‍රමයක් ලෙස, ‘බිඟු නැටුම‘ හැඳින්විය හැකිය. බිඟු නැටුම යනු රිද්මයාකාර ශරීර චලන ක්‍රම කිහිපයකි. එම බිඟු නැටුම රඟ දක්වන්නේ බිඟුවකු තමන් සොයා ගත් ආහාර ප්‍රභවයක් පිළිබඳ අන් බිඟුන්ට දැන්වීමටය. එහිදී, නූතන පර්යේෂකයන් සොයාගත් පරිදි, වට නැටුම, දෑකැති හැඩ නැටුම හා උර ලෙළන නැටුම ආදී බිඟු රැඟුම් ආකාර කිහිපයකි. මේ එක් එක් බිඟු රැගුම මඟින්, ආහාර ප්‍රභවයට කැදැල්ලේ සිට ඇති දුර පිළිබඳ වටහා ගත හැකිය. නිදසුනක් ලෙස, චර බිඟුවකු වට නැටුම රඟ දක්වන්නේ නම්, එහි අදහස ආහාර ප්‍රභවය කැදැල්ල ආසන්නයේම ඇති බවය. එහෙත්, උර ලෙළන නැටුම රඟ දක්වන්නේ නම් එහි අදහස, ආහාර ප්‍රභවය ඇත්තේ කැදැල්ලේ සිට මීටර දෙකකට වඩා වැඩි දුරකින් බවය. මේ නූතන පර්යේෂණවලින් මී මැස්සන්ගේ සන්නිවේදන හැකියා පිළිබඳ කළ අපූර්ව සොයා ගැනීම්ය. එහෙත් විස්මයජනක කරුණ නම්, මෙරට වැදි ජනයා මේ නූතන පර්යේෂණ කිරීමටත් පෙර සියවස් ගණනාවක ඈත අතීතයේ සිටම, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානය මඟින් මී මැස්සන්ගේ මෙකී අපූර්ව සන්නිවේදන හැකියා පිළිබඳ මීට වඩා දැන සිටීමය.
වැද්දන්ට මී මැස්සන්ගේ චර්‍යා විධි නිරීක්ෂණය කර, බොහෝ පුරෝකථන කළ හැකිය. එම හැකියා, මී වද සොයා ගැනීමට ඔවුහු භාවිත කරති. නිදසුන් ලෙස, මල් රොන් රැගෙන පියාසර කරන මී මැස්සන් දුටු විට, එම මී මැස්සන් පියාසර කරන දිශාවෙන් හා පියාසර කරන විට නැඟෙන හඬින් මී වද ඇති දිශාව නිවැරැදිවම ප්‍රකාශ කිරීමට, වැද්දෝ සමත්කම් දක්වති. මී මැස්සන් නොදැක වුව ද, ඔවුන්ගේ පියාසර හඬට සවන්දී, මී මැස්සන් පියාසර කරන්නේ මී වදය දෙසට ද? නැතහොත් මී වදයෙන් ඉවතට ද? යන්න නිවැරැදිව කිව හැකිය.එපමණක් නොව, මී මැසි චර්‍යා නිරීක්ෂණය කර, එම මී මැස්සන් තනා ඇති මී වදය නොදැකම එහි ඇති පැණි ප්‍රමාණය මෙන්ම, අලුතින් බැඳි මී වදයක් ද? පරණ මී වදයක් ද? ආදී ලෙස නිවැරැදිව බොහෝ පුරෝකථන කිරීමේ හැකියාව, වැද්දන් සතුවේ.
මී පැණි සොයා යෑමේදී පමණක් නොව, දඩයමේ යන විට ද වැද්දෝ තමා සතු පාරම්පරික ඥානය ප්‍රකට කරවති. වැද්දෝ සතුන් නොදැක ඔවුන්ගේ වසුරු, පා සලකුණු , ශබ්දය, ගන්ධය ආදියෙන් අවට සැරිසරන සතුන් පිළිබඳ නිවැරැදිව නිගමනයකට එළැඹීමට සමත්කම් දක්වති.
වැද්දන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර, මී පැණි මෙන්ම දඩමස් වලට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එහෙත්, ඔවුහු සමහර සතුන්ගේ මස් ආහාරයට නොගනිති. ඉබ්බා, ගවයා, නරියා, ගම් කුකුළා, හබන් කුකුළා, වලිකුකුළා, කොටියා ආදී සතුන්ගේ මෙන්ම සේරු, කොකුන් ආදී ජලාශ්‍රිත පක්ෂීන් ද ආහාරයට නොගනිති. වැද්දෝ, අමු දඩමස් මෙන්ම, වියළි දඩමස් ද විවිධාකාරයෙන් පිළියෙළ කර ආහාරයට ගනිති. මෙහිදී සමහර මස් වර්ග පිසින විශේෂ ක්‍රම ද දැකිය හැකිය.
🥗හම භාවිත කර අමු මස් පිසීම
වැද්දන්, දඩයම් කළ ස්ථානයේදීම මස් ආහාරයට ගන්නාවිට, ඒවා පිස ගැනීම සඳහා බඳුන් වෙනුවට දඩයම් කළ සතාගේ හම භාවිත කරන අවස්ථා ද ඇත. ගෝනකු දඩයම් කළ විට, එම සතා හම ගසාගත් පසු ඔවුහු එම හම තිරස්ව වියනක් ලෙස ලී කණු ආධාරයෙන් ගැට ගසා ගනිති. මෙය ගැට ගසන්නේ මස් පිසීමට දල්වන ලද ගිනි මැළයට ඉහළින් හා ප්‍රමාණවත් උසකිනි. එමෙන්ම, ඔවුන් දෙසට මුහුණ ලා තිබෙන අයුරින් හා එම හම මධ්‍යයේ වක්‍ර හැඩයක් ගන්නා අයුරිනි. මෙහිදී සතාගේ මස් කපා, උගේ ලේ සමඟ මිශ්‍ර කර, හම මත තබා පිස ගැනේ.
සමහර සතුන්ගේ උදරයේ හම භාවිත කර, අමු මස් පිසින අවස්ථා ද ඇත. එහිදී ඔවුහු පළමුව දඩයම් කළ සතා හම ගසා ගනිති. පසුව උදර ප්‍රදේශයේ හම යොදාගෙන, එයින් හමේ ඇතුළු පැත්තට මිරිස්, කරපිංචා ආදිය යොදා වැල්වලින් ගැට ගසා ගනියි. මස් පිටතට නොපෙනෙන පරිදි මේ මස් පොදිය ගිනි අඟුරු ගොඩේ බහා, හොඳින් තැම්බුණු පසු ඔවුහු එය ආහාරයට ගනිති.
🥗මස් සම්බෝලය
මස් සම්බෝලය සෑදීමට ගන්නේ, හොඳින් වියළන ලද මස්ය. වැද්දෝ, වියළන ලද මස් වංගෙඩියේ ලා කොටා, එයට මිරිස් හා ලුණු ද එක් කර සම්බෝලය සාදති. එසේ නොවේ නම්, මස් කැබැලි සමඟ ලුණු හා කොච්චි එක්කාසු කර, වංගෙඩියේ දමා කොටා සම්බෝලය සාදයි. අවසානයේ සම්බෝලයට ඇඹුල් ද එක්කර අනා ගනියි.
🥗මස් මැල්ලුම
මස් මැල්ලුම සෑදීමේදී වියළන ලද මස් ජලයෙහි පොඟවා ගත යුතුය. පසුව එය වංගෙඩියෙලා කොටා එයට ලුණු කුඩු හා මිරිස් එක් කර අනා මළවා ගැනේ.
🥗ලේ පිරුම
වැද්දෝ දඩමස් පමණක් නොව දඩයම් කළ සතාගේ රුධිරය ද පිස ආහාරයට ගනිති. මෙහිදී මස් මෙන්ම අල වර්ග ද භාවිත කර රුධිරය ද සමඟ පිස ආහාරයට ගැනීම සිදුවේ. මේ ආහාර ‘ලේ පිරුම‘ ලෙස හැඳින්වේ.
දඩයම් කළ සතාගේ අන්ත්‍ර කොටස් භාවිත කරමින් ද ඔවුන් ලේ පිරුම පිළියෙළ කරයි. මෙහිදී සතකු දඩයම් කළ පසු එම අන්ත්‍ර කුහර තුළ සතාගේ ලේ පුරවා, එහි කෙළවරවල් ගැට ගසා, ඒවා ගිනි මැළයකට උඩින් එල්ලා තබයි. අන්ත්‍ර තුළවූ ලේ කැටි ගැසුණු පසු, එම අන්ත්‍ර කොටස් ආහාරයට ගැනේ. මේ අන්ත්‍ර තුළ ලේ පිරුම වර්තමානයේ නිපදවන සොසේජස්වලට අනුරූප ආහාර සැකසීමේ ක්‍රමයකි.
නූතන ලෝකයේ මස් ආහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රමයක් නම්, මස් පුළුස්සා ආහාරයට ගැනීමයි. එහෙත්, වැද්දන් මෙලෙස මස් හා මාළු වර්ග පුලුස්සා ආහාරයට ගැනීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ සාමාන්‍ය අංගයකි.
මෙහිදී මස් වියළීම සඳහා මස් මැස්ස භාවිත කරන අතර, මාළු වියළීමට හා පුලුස්සා ගැනීමට මාළු මැස්ස භාවිත කරයි. වැද්දෝ මස් හා මාළු වලට දුම් ගැසීම සඳහා වනයේ ඇති සියලුම ශාකවල දර භාවිත නොකරති. තම පාරම්පරික ඥානය හා ජීවන අත්දැකීම් තුළින්, දුම් ගැසීමට වඩාත් සුදුසුම වන්නේ කවර වර්ගයේ දර දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ඔවුහු බුරුත, වැලිකෝන්, කරඳ ආදී දර දුම් ගැසීම සඳහා භාවිත නොකරති. මන්ද, එම දර යොදා වියළා ගන්නා මස් ආහාරයට ගත් විට, මත් ගතියක් දැනෙන අතර, උදරාබාධද ඇති වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. සියලුම ශාක දැව පිලිස්සීමේදී පිටවන දුමෙහි රසායනික සංයුතිය එක හා සමාන නොවේ. සමහර ශාක දැවවලින් හට ගන්නා දුම්වල, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ද අඩංගුවේ.
වැද්දෝ කිසි විටෙක විනෝදය උදෙසා සතුන් දඩයම් කිරීමක් සිදු නොකරති. හුදෙක් ඔවුන් දඩයමේ යන්නේ, කුසගින්න උදෙසා සතකු දඩයම් කිරීමටය. එහිදී ඔවුන් දඩයම් කරන්නේ, තම පිරිසට ප්‍රමාණවත් තරමේ සතුන් පමණි. කිසි විටෙක ආහාර අපතේ නොදැමීම වැද්දන්ගේ සිරිතකි. යම් හෙයකින් ආහාර අපතේ දැම්මේ නම්, නෑ යකුන් කෝපවී, තමාට අනාගතයේදී ආහාර අහිමි කරවන බව තරයේ විස්වාස කරන වැද්දන්, කිසි විටෙක ආහාර අපතේ නොදමයි. එහෙයින්ම ඔවුහු ආහාර පරීක්ෂණ ක්‍රම මඟින් වැඩිපුර ආහාර කල් තබා ගැනීමට හුරුපුරුදු වූහ. එකී පරීක්ෂණ ක්‍රමවේද සරලය. එහෙත්, විද්‍යාත්මක පසුබිමකින් යුක්තය. එම විද්‍යාත්මක කරුණු, පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානයෙන් ලද දායාදය. මස්, පැණිවල බහාලා කල් තබා ගැනීම එයට කදිම නිදසුනකි.
පැණි තුළ බහා මස් කල් තබා ගැනීම ආකාර කිහිපයකටම සිදු කෙරේ. ඒ, මැටි බඳුන්, ගස් බෙන හා ගල් බෙන තුළට පැණි දමා, එයට මස් එක් කිරීමෙනි. වැද්දන්, මැටි මුට්ටි තුළ මී පැණි බහා මස් කල් තබා ගැනීමේදී, පළමුව වියළන ලද මස්, කැබැලිවලට කපා ගැනීමය. පසුව, මැටි මුට්ටියක් ගෙන, එහි පතුලට මී පැණි ස්ථරයක් හෙළා, ඒ මත මස් කැබැලි ස්ථරයක් ද තැන්පත් කරති. ඊට පසු නැවත මී පැණි ස්ථරයක් ඒ මතට එක් කෙරේ. මෙලෙස අනුයාත මස් හා මී පැණි ස්ථර පිළිවෙළින් මුට්ටිය තුළට තැන්පත් කරන අතර, අවසානයේ තැන්පත් කරන්නේ ද මී පැණි ස්ථරයකි. මෙලෙස මැටි මුට්ටිය මී පැණි හා මස්වලින් පිරී ගිය පසු, උයන් හෝ කැන්ද කොළයක් ගෙන, එහි කට වසා, වාතය ඇතුළු නොවන සේ මුට්ටිය වටා බාහිරින් මැනවින් මැටි ගසයි. මෙහිදී මී පැණි මස්වලට යහමින් උරා ගැනේ. එම මස් ඉතා ප්‍රණීතය. මෙලෙස සැකසූ මස් බඳුනක් අවුරුදු කිහිපයක් හෝ නරක් නොවී කල් තබා ගත හැකි බව, වැද්දෝ තම අත්දැකීමෙන් දනිති.
පැණි යනු අධි සාන්ද්‍ර සීනි ද්‍රාවණයකි. මී පැණි තුළ දඩමස් ගිල්වා තැබීමේදී, ආස්‍රැති ක්‍රියාවලිය හේතු කොට ගෙන දඩමස්වලවූ සැලකිය යුතු තරමේ ක්‍රියාකාරී ජල ප්‍රමාණයක් එයින් ඉවත්ව, මී පැණි ද්‍රාවණයට එක්වේ. එමනිසා, දඩමස්වල අඩංගු වන්නේ අඩු ක්‍රියාකාරී ජල ප්‍රමාණයකි. එය ආහාර නරක් වීමට බලපාන එන්සයිම හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම හා නිශේධනයට බලපායි. එමෙන්ම, බහාලන දඩමස් කැබැලි කිරීම නිසා, දඩමස්වල පෘෂ්ඨික වර්ගඵලය වැඩිවී, මී පැණි සමඟ එම මස් මැනවින් ස්පර්ශවේ. එහෙයින්, දඩමස්වලින් ජලය ඉවත් වීම කාර්යක්ෂමව සිදුවේ. කැන්ද කොළ හා මැටි ස්ථරය මඟින් වායුරෝධනයවී, බාහිර පරිසරයෙන් ආහාර නරක් කරන ක්ෂූද්‍ර ජීවීන්ගේ ඇතුළුවීම වළක්වයි. මේ සරල විද්‍යාත්මක පසුබිම සාම්ප්‍රදායික වැද්දෝ පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීමෙන් දනිති.
වැද්දෝ ආහාර රසකාරක පිළියෙළ කිරීමේදී, හොඳින් මෝරා පැසුණු වට්ටක්කා ගෙඩිවල ඇට සෝදා, අව්වේ වේලා ගනිති. පසුව, වියළා ගත් එම වට්ටක්කා ඇට කබලේ බැද, වංගෙඩියේලා කොටා පිටි ලබා ගැනේ. මේ පිටි ස්වල්පයක් ගෙන, වෑංජන රසකාරකයක් ලෙස යොදා ගැනේ. එය වෑංජනවල රසය මෙන්ම සුවඳ ද තීව්‍ර කරවයි. වර්තමානයේ සමහර පිළිකා ඇති කරන කෘත්‍රිම රසකාරක සඳහා මෙය කදිම, රසවත් හා ගුණවත් ආදේශකයක් වනු ඇත.
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය අධ්‍යයනයේදී පැහැදිලි වන තවත් එක් සුවිශේෂී කරුණක් නම්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව, අතීත ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයාගේ ආහාර රටාව සමඟ දැක්වූ බන්ධුතාවයි.
බලංගොඩ මානවයාගේ සමහර ගල් ආයුධ, උසස් ශිල්පීය ලක්ෂණවලින් යුක්ත ඒවාය. එම ආයුධ අතර, ගල් දුන්නෙන් විදීමට යොදා ගත් ගල් මූනිස්සම් ද විය. වැද්දන් තම ආහාර සොයා යාමේදී භාවිත කළ එක් ප්‍රධාන මෙවලමක් වූයේ ගල් දුන්නය. එමෙන්ම, බලංගොඩ මානවයා මෙන්ම වැද්දන් ද වනයේ ගහකොළ සතා සීපාවන්ගෙන් තම ආහාර අවශ්‍යතාව සපුරා ගත්හ. මේ අනුව වැද්දන්ගේ ආහාර හා සැබැඳි තාක්ෂණික ඥානයේ මූලාරම්භය, අතීත බලංගොඩ මානවයාගෙන් උරුම වූවා යැයි සිතිය හැකිය.
Traditional food technology of adivasis...🔰🔅
The Vedi people of Sri Lanka are a unique group of people living in the world. Their distinctive human characteristics, language, customs and culture, as well as their own unique culture, are evidenced by their long history. The Veddi society in Sri Lanka is divided into three groups namely Gal Veddas, Village Veddas and Coastal Veddas. Galveddans are a group of people who lived in stone caves in the forests. But today, the Vedic group known as the Stone Veddans, who lived in the rock caves in the forest, have not been found. Although the Stone Veddas were not seen, the Village Veddas still live there today. Outside the caves, the villagers live in huts. They are engaged in hunting as well as farming. At present, only a few villages like Dambana, Hennanigala, Ratugala, Pollebedda, Dalukana etc. live in villages.
Coastal Veddas or Mudu Veddas are the Vedda people living along the eastern coast. Coastal Vedi people are believed to have originated in the past when the inland Vedi people migrated to the coast while searching for food along river routes. But today, the coastal Veddas have drifted away from their Vedda heritage due to the intermingling of their neighboring Tamils.
Traditional Vedi people have to fulfill only a few very limited needs to sustain their life. Among those limited needs, food occupies a prominent position. The food habits, customs, foraging, use of food, food preservation etc. of the Vedi people are endowed with unique characteristics compared to the practices of the common people.
🐝 Use of honey
Honey is a favorite food of Veddas. The methods that bees use to find hives are truly amazing. It also amazes modern scientists. Because the knowledge inherited by the Veddans from their life experience and traditional knowledge is a great wealth of knowledge that goes beyond the results of modern research.
Bees are a group of organisms that live a sedentary lifestyle. Bees have a special communication ability to confirm their existence there. Professor Carl von Frisch, who conducted deep research on it, also won the Nobel Prize in 1973.
One of the communication signaling methods of bees identified by modern research, can be called 'Bingu dance'. Bigu dance is a series of rhythmic body movements. The bigu dance is performed by a bigu to inform other bigu about a found food source. There, as discovered by modern researchers, there are several forms of dance such as round dance, sickle shape dance and shoulder swing dance. From each of these chicks, the distance from the nest to the food source can be determined. For example, if a warbler performs a round dance, it may signal that a food source is close to the nest. But if the shrug dance is performed, it suggests that the food source is more than two meters away from the nest. These modern researches have made amazing discoveries about the communication abilities of bees. But the surprising fact is that the people of this country have known more about this extraordinary communication ability of bees through their life experiences and traditional knowledge since many centuries before this modern research was done.
Beekeepers can observe the behavior of bees and make many predictions. They use that ability to find beehives. For example, when they see bees in flight carrying nectar, Veddos are able to accurately predict the direction of the beehive by the direction of the bees' flight and the sound they make as they fly. Do the bees fly to the hive even though they do not see them but hear their flight? Or away from the hive? It can be said correctly. Not only that, but observing the behavior of the bees, without seeing the beehive built by the bees, the amount of honey in it, as well as a newly built beehive? An old beehive? Veddan has the ability to make many accurate predictions, etc.
Not only in searching for honey, but also in hunting, the Veddas display their traditional wisdom. Veddas are capable of coming to a correct conclusion about the animals roaming around by their skins, footprints, sounds, smells, etc. without seeing them.
Among the traditional foods of the Veddas, honey and honey also occupy a prominent place. But, they do not eat the flesh of some animals. They do not eat animals such as tortoise, cow, fox, village chicken, haban chicken, wallikula, tiger etc. Veddas eat raw damas as well as dried damas in various ways. Here you can also see special methods of cooking some types of meat.
🥗Cooking raw meat using the skin
Veddas also sometimes use the skin of the hunted animal instead of pots to cook them, when they eat the meat on the spot. When an ox is hunted, after the animal is skinned, they tie the skin horizontally into a canopy with the help of wooden stakes. This is tied above the fire lit and high enough to cook the meat. Also, facing them and taking a curved shape in the center of the skin. Here the meat of the animal is cut, mixed with its blood and cooked on the skin.
There are also cases where the stomach skin of some animals is used and raw meat is cooked. There they first skin the animal they hunted. Then the skin of the abdominal area is used, and the inner side of the skin is tied with vines using chillies, curry powder etc. They put this bundle of meat on the pile of coals so that the meat is not visible
Madhubhashini Ranasingha
Javiya photography ❤️📸😮