23/07/2026
K.S.S.L - 1918 : මහනුවර නගරයේ සැඟවුණු බ්‍රිතාන්‍ය උරුමය 🇬🇧
මහනුවර නගරයේ සැරිසරන විට ඔබටත් මේ පරණ ගොඩනැගිල්ල ඇස ගැටී තිබෙනවාද?
K.S.S.L කියන්නේ "Kandy Soldiers' and Sailors' Lyceum" යන්නයි. 1918 වසරේ, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වූ වකවානුවේදී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සහ නාවිකයන්ගේ විවේකය හා සුබසාධනය වෙනුවෙන් තමයි මේ ගොඩනැගිල්ල ඉදිවෙන්නේ.
ගොතික් (Gothic) වාස්තුවිද්‍යාත්මක ආභාෂය, උල් ආරුක්කු සහ ඝන බිත්ති සහිත මෙම ගොඩනැගිල්ල අදටත් අතීත බ්‍රිතාන්‍ය පාලන සමයේ අභිමානය නගර මධ්‍යයේ සන්සුන්ව කියාපානවා...
ඔබත් මහනුවර නගරයේදී මේ ගොඩනැගිල්ල දැකලා තියෙනවද? මේ ගැන ඔබේ මතකයත් Comment එකකින් කියන්න!
ළමාගාරය පාර කියන්නෙ මෙතනින් යන පාරට..