Devinda Bandara

Devinda Bandara Aviator 🛫 Astrophile 🌌 Wanderer 🚶‍♂️Digital Creator 👨‍💻

21/04/2026

😍😍😍

19/04/2026

මේ vibe එක හැමෝටම set වෙන්නෙ නෑ 🥺😍

2026 අප්‍රේල් 6 | ආටෙමිස් II කණ්ඩායම චන්ද්‍රයාගේ ඔරියන්ටේල් ද්‍රෝණියේ ඓතිහාසික පළමු මිනිස් දසුන් ඡායාරූප ගත කරගෙන තිබෙනව...
08/04/2026

2026 අප්‍රේල් 6 | ආටෙමිස් II කණ්ඩායම චන්ද්‍රයාගේ ඔරියන්ටේල් ද්‍රෝණියේ ඓතිහාසික පළමු මිනිස් දසුන් ඡායාරූප ගත කරගෙන තිබෙනවා 🌕

මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට, ගගනගාමීන් ඔවුන්ගේම දෑසින් විශ්මයජනක ඔරියන්ටේල් ද්‍රෝණිය දැක ඡායාරූප ගත කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ආටෙමිස් II කණ්ඩායම වන- රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් - 2026 අප්‍රේල් 6 වන දින ඔවුන්ගේ චන්ද්‍ර පියාසැරිය අතරතුර මෙම විශ්මයජනක රූපය ග්‍රහණය කරගෙන තිබෙනවා.

මෙම දැවැන්ත ගැටුම් ව්‍යුහය විෂ්කම්භයෙන් කිලෝමීටර් 930 ක් (සැතපුම් 590) ක් පමණ වන අතර දර්ශනීය bull's eye රටාවක් සාදන වෙනස් කේන්ද්‍රීය වළලු තුනක් සහිත ආවාටයක්. සඳෙහි විශාල ගැටුම් ද්‍රෝණිවල ලාබාලතම සහ හොඳම සංරක්ෂණය ලෙස, ඔරියන්ටේල් වසර බිලියන ගණනක් තිස්සේ සෘජු මිනිස් නිරීක්ෂණයෙන් සැඟවී තිබුනා.

චන්ද්‍රයාගේ දුර පැත්ත හරහා පැය හතක ගමන් කාලය තුළ ගන්නා ලද ඡායාරූප අභ්‍යවකාශ ගවේෂණයේ ස්මාරක ජයග්‍රහණයක් නියෝජනය කරන අතර, විද්‍යාඥයින්ට වසර බිලියන 3.8 කට පමණ පෙර නිර්මාණය වූ මෙම පුරාණ භූ විද්‍යාත්මක පුදුමය පිළිබඳ පෙර නොවූ විරූ අත්දැකීම් සමූහයක් ලබා දී තිබුනා.

Image credits : NASA

පළමු ඡායාරූපය 1972 දී ඇපලෝ 17 යානයෙන් ගන්නා ලද අතර දෙවැන්න ඊයේ උදෑසන ගන්නා ලද්දේ ආටෙමිස් II විසිනි. මේ ඡායාරූප දෙකෙහි වි...
04/04/2026

පළමු ඡායාරූපය 1972 දී ඇපලෝ 17 යානයෙන් ගන්නා ලද අතර දෙවැන්න ඊයේ උදෑසන ගන්නා ලද්දේ ආටෙමිස් II විසිනි.

මේ ඡායාරූප දෙකෙහි විශේෂත්වය එවා අතර කාල පරතරය අඩ සියවසකටත් වැඩි වීමයි 🥺😍

මේ අවුරුද්දෙ capture කරපු මගෙ කැමතිම photos ටික 😍මේ අවුරුද්දෙ හොඳ photos ගන්න තරම් හොඳ කාළගුණයක් තිබුනෙම නැති තරම්. අවුර...
31/12/2025

මේ අවුරුද්දෙ capture කරපු මගෙ කැමතිම photos ටික 😍

මේ අවුරුද්දෙ හොඳ photos ගන්න තරම් හොඳ කාළගුණයක් තිබුනෙම නැති තරම්. අවුරුද්දෙ වැඩි කාලයක් වැස්ස සහ වළාකුලු නිසා සෑහෙන්න අමාරු උනා මේ photos ටිකත් capture කරගන්න.

2026 අවුරුද්දෙ අලුත් වැඩ ටිකකින් හම්බෙමු 😍

උතුම් සිරිපා සමය ඊයෙ දිනයට යෙදුන උඳුවප් පොහෝ දිනෙන් නැවතත් ඇරඹුනා. නමුත් ශ්‍රී පාදයේ පවතින තත්ව සහ රටේ පවතින තත්වය සැලකි...
05/12/2025

උතුම් සිරිපා සමය ඊයෙ දිනයට යෙදුන උඳුවප් පොහෝ දිනෙන් නැවතත් ඇරඹුනා.

නමුත් ශ්‍රී පාදයේ පවතින තත්ව සහ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව මාස කිහිපයක් කල් දමන්න කියන ඉල්ලීමත් ඔයාලගෙන් කරන්නම වෙනවා 😢

උතුම් ශ්‍රී පාදයට ඉහළින් බැස යන ඔරායන් තාරකා පද්ධතිය 😍

Nikon D5200 Astro Modified with Nikon 55-300mm,14-24mm
Sky : 30sec ISO640 F5 X 50
Foreground : 30sec ISO500 F5 X 4

Stacked in Deep Sky Stacker, Blended in photoshop

Thank you Twin Pixel 😍 ඒක මාර ගති 😍හාමු මහත්තයා බුජි. කරදර නොකර ගන්නත් එපැයි පොම්ටෝ ටික 😒
12/11/2025

Thank you Twin Pixel
😍 ඒක මාර ගති 😍

හාමු මහත්තයා බුජි. කරදර නොකර ගන්නත් එපැයි පොම්ටෝ ටික 😒

පහළින් පෙනෙන වල්ගාතරුව අපිට පියවි ඇසට දැක බලාගන්න හැකි වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දි මේ අවුරුද්දෙ පියවි ඇසින් අපිට නි...
04/10/2025

පහළින් පෙනෙන වල්ගාතරුව අපිට පියවි ඇසට දැක බලාගන්න හැකි වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දි මේ අවුරුද්දෙ පියවි ඇසින් අපිට නිරීක්ෂණය කරන්න පුලුවන් වෙයි කියලා හිතෙන අලුත්ම වල්ගා තරු දෙකක් හොයාගෙන තියනවා.

C/2025 R2 (SWAN) සහ C/2025 A6 (Lemmon) ලෙස හඳුන්වන මේ වල්ගා තරු දෙකම අපිට ඔක්තෝබර් මාසෙ මැද ඉඳන් පියවි ඇහෙන් නිරීක්ෂණය කරන්න ලැබෙයි කියලා තමා කියවෙන්නෙ. මේ දෙකේ පිහිටීම ඔයාලට Stellarium සහ Sky Tonight කියන mobile app දෙක භාවිතා කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ වල්ගාතරු දෙක ගැන තව විස්තර මම ඉස්සරහට කියන්නම්.

පහළින් තියෙන්නෙ මම ගිය අවුරුද්දෙ ගත්ත අපිට පියවි ඇහැට දර්ෂණීය විදියට පෙනුන C/2023 A3 (Tsuchinshan–ATLAS) වල්ගා තරුවෙ photo එකක් 😍

20/09/2025

This is what I call my kind of luxury 🥺
Jimny + Astro nights 🥺

19/09/2025

To escape and sit quietly on the beach and watch stars twinkle, that's my idea of paradise 🥺😍🌌

Address

Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when Devinda Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share