20/03/2026
අතීත මතක...
ඇත්තටම මීට අවුරුදු 9 කට කලින් 2016.12.26 දවස, ලොකේශන් මානෙල්වත්ත, ඉන්ද්‍රා හොටෙල් කඩවත...
පලවෙනි වෙඩින් එකේ පලවෙනි එන්ලාජ්මන්ට් එක..
ඒ දවස් වල කරපු එඩිට් එකත් එක්කම එහෙන්මම Upload කරා.
පැකේජ් එක රුපියල් 85000/=
මට වියදම් වූ මුදල රුපියල් 92000/=
ඇත්තටම...
මගෙන් දුන්නු දේවල් අහන්න එපා. නොදුන්නු දේවල් අහන්න. එතකොට උත්තර දෙන්න ලේසි...😂
Free Mug දෙකකුත් දුන්නා 🤣
ඇත්තටම Thank You සචී ඒ අවස්ථාව මට ලබා දුන්නට. 🙏🏻🙏🏻
එතනින් පටන් ගත්තු මම, අවුරුදු 9ක් තුල ආව ගමන ගැන ඇත්තටම සතුටුයි....🤎
** සචී, මං කැමතී ඔයා මේ පෝස්ට් එක දැක්කොත් කමෙන්ට් කරනවට ඔයා මාත් එක්ක වැඩ කරපු ඒ අත්දැකීම...
( ප්‍රීශූට් දවසෙ ඔයාලගෙ තාත්තගෙ කාර් එක පැදගෙන කළුතර ගියපු ඩ්‍රයිවරුත් මම, ෆොටෝග්රැෆත් මම කියලා කියන්නෙ එහෙම නෑ 🤣🤣 )
හැමදේම මෙතන දිගඇරලා දාමු සචී. මං ආසයි ඒ මතක නැවත අළුත් කරන්න...
ආදරෙයි ඔයාලා දෙන්නටම...
තුසිත 🤎 සචී