GK ICT School

GK ICT School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GK ICT School, Kosgama.

ICT සරලව – පාඩම්, වීඩියෝ, Tips & Guides
🎥 YouTube Lessons | 📘 School ICT Support

💡 ජීවිතේ සාර්ථක output එකක් ලබා ගැනීමට, නිවැරදි process එකට නිවැරදි දත්ත සහ උපදෙස් input කිරීම අත්‍යාවශ්‍ය වේ.

16/06/2026

ලෝකය ජයගන්න කැමති හැමෝම අනිවාරෙන්ම මේ video එක බලන්න ඔයාගේ මුලු ජීවිතයම වෙනස් වේවි. 👇🥰😮

ජීවිතයට පාර කියන ICT
ගයාන් කරුණාතිලක සර්
071 327 6655

01/06/2026

ලංකාවම හොල්ලපු ලක්ෂ 53ක දැවැන්ත වෙසක් කූඩුව | මිල්ලතේ මහ වෙසක් නිර්මාණය 2026 🪔✨

​දේශීය කලාකරුවාගේ කලා හැකියාවයි, නූතන තාක්ෂණයයි එකතු වුණාම මොන වගේ අපූර්ව නිර්මාණයක් කරන්න පුළුවන්ද? 🤩

2026 මේ අවුරුද්දේ ලංකාවේ නිර්මාණය වුණු දර්ශනීයම සහ දකුණු ආසියාවේ දැවැන්තම වෙසක් පහන් කූඩුවක් බලන්න අපි කිරිඳිවැල, මිල්ලතේ නගරයට ගියා.

📍 Location :
https://maps.app.goo.gl/jTbvnDrNB2BGr8nj9

🎞️ සම්පූර්ණ වීඩියෝව
https://youtu.be/IJ7wxw_zEdg

​රුපියල් ලක්ෂ 53ක (මිලියන 5.3ක) දැවැන්ත පිරිවැයක් දරමින්, සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් Arduino Uno ක්ෂුද්‍ර පාලක (Microcontrollers), Relay Switches සහ විශාල Flasher කොට භාවිත කරමින්, පරිගණක කේතකරණය (Programming) හරහා විදුලි බුබුළු දහස් ගණනක ආලෝක රටා මවන අපූරු තාක්ෂණික වෙසක් කූඩුවක් තමයි මේක! 🤖💡

​මිල්ලතේ ප්‍රදේශයේ දක්ෂ තරුණ කැල සහ ගම්වාසීන් එකතු වෙලා මාස ගණනාවක් තිස්සේ නිදි මරාගෙන කරපු මේ මහා ශ්‍රම පූජාවේ සුන්දරත්වය සහ එහි ඇතුළත් තාක්ෂණික රහස් මේ වීඩියෝ එකෙන් ඔබට බලාගන්න පුළුවන්. ⚙️🎨

​වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් Comment කරන්න අමතක කරන්න එපා! 💬👇

​📌 වීඩියෝ එක හොඳයිනම් දැන්ම Like කරලා, යාළුවන්ට බලන්න Share කරලා, චැනල් එක Follow කරලා තියාගන්න! 🔔

ජීවමාන බුදුරුවක් සහිත දර්ශනීය ඩිජිටල් වෙසක් මහා පහන් කූඩුව | 2026 Wesak Kooduwa🏮පහල ලින්ක්  එකෙන් වෙබ් අඩවියට පිවිස කූඩු...
30/05/2026

ජීවමාන බුදුරුවක් සහිත දර්ශනීය ඩිජිටල් වෙසක් මහා පහන් කූඩුව | 2026 Wesak Kooduwa

🏮පහල ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිස කූඩුව නැරබීමට හැකිය
https://wesak.gkisit.com

🔅වෙබ් අඩවියට පිවිසිලා කූඩුව බලන ඔයාට Setting Button එක මගින් කූඩුවේ විවිධ සැකසුම් වෙනස්කරමින් නැරඹිය හැකිය.

🔅ඒ වගේම කූඩුව මැද තිබෙන ජීවමාන බුදුරුව Download කරගැනීමටද හැකිය. ඒ සඳහා බුදුරුව මත ක්ලික් එකක් ලබා දෙන්න.

🏮Youtube ලින්ක් එක
https://youtu.be/Ni9aW_57iYc

ඔයාගේ comment එකක් කූඩුව වෙනුවන් එකතුකරන්න අමතක කරන්න එපා.

මෙවර 2570 වන ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන්, බුදු දහමේ ගැඹුරු දර්ශනය විදහා දැක්වීම සඳහා මාගේ ICT දැනුම භාවිත කරමින් නිර්මාණය කල සුවිශේෂී ඩිජිටල් නිර්මාණයක් ඔබ වෙත පිරිනමන්නෙමි. මෙම කූඩුවේ සෑම අංගයක්ම ජීවිතයේ යතාර්ථය සිහිපත් කරවයි.

✨ ඩිජිටල් මහා වෙසක් කූඩුව: දාර්ශනික අර්ථකථනය ✨

🌸 ඉහළ නෙළුම් පෙති 24 (ද්විත්ව ස්ථර): නිවන සංකේතවත් කරයි. සසරින් මිදී ලබන අමා මහා නිවන් සුවය සහ බුද්ධත්වයේ උත්තරීතර බව මෙම ස්ථර මගින් නිරූපණය වේ.

☸️ පෙති 8ක චතුරස්‍රය: ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි). නිවන කරා යන නිවැරදි මාවත මෙයයි.

🍃 ඉහළ බෝපත් හැඩැති චතුරස්‍ර 4: සතර බ්‍රහ්ම විහරණයන් (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා). අපගේ සිත තුළ වර්ධනය කරගත යුතු උතුම් ගුණාංගයන් මෙයින් සිහිපත් කෙරේ. සිත මෙත් සිතින් පිරවීමෙන් මනස සමාධිමත් කිරීමේ වැදගත්කම මෙයින් කියාපායි.

🔄 කැරකෙන කුඩා කූඩු 8: අටලෝ දහම (ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක). ලෝක ස්වභාවය නිරතුරුවම වෙනස් වන බවත්, ඒ හමුවේ සිතේ සමබරතාව රැකගැනීමේ වැදගත්කමත් මෙයින් පෙන්වයි.

🧘‍♂️ මධ්‍යයේ වැඩසිටින ජීවමාන බුදුරුව: "සඳ වතුරක් සේ.. මෙත් සොමි ගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුණි ඔබ වේ..වා පියුම් ගොමු හද විල් ජලයේ..."
බුදු රජානන්වහසේ නමක් වනාහි ලෝකයේ පරම ශාන්තිය හා ප්‍රඥාව උදෙසා වූ ආලෝකයයි. අපගේ හදවත් නම් වූ විල් ජලය තුළ මෛත්‍රියෙන් පිරුණු බුදු දහමේ උත්තරීතර ආලෝකය රඳවා ගැනීම සහ තමන්ගේ ජීවිත මැදට එම කරුණා ගුණය ලබාගැනීම මෙයින් අදහස් වේ.

💠 බුදුරුව සම්බන්ධ වී ඇති කුඩා කූඩු 4: සතර සතිපට්ඨානය (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා). සිහිය පිහිටුවාගෙන ජීවිතය දැකීමේ කලාව මෙයින් නිරූපණය වේ.

🍃 පහළ බෝපත් හැඩැති චතුරස්‍ර 4: චතුරාර්ය සත්‍යය (දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය). ලෝකයේ යථාර්ථය සහ එයින් මිදීමේ මඟ මෙයයි.

🌸 පහළ නෙළුම් පෙති 24 (ද්විත්ව ස්ථර): ද්වාදශාංගික පටිච්ච සමුප්පාදය (හේතුඵල දහම). සංසාරික බැඳීම් සහ දුක හටගන්නා ආකාරය පෙන්වා දෙන අතර, මඩෙන් උපන් නෙළුමක් මඩෙන් පෝෂණය ලබන්නා සේ, අපගේ අත්දැකීම් තුළින්ම අවබෝධය ලබාගත යුතු බව සිහිපත් කරයි.

මෙම නිර්මාණය තුළින් සිහිපත් කරන්නේ, පහළ ඇති සංසාරික බැඳීම් අවබෝධයෙන් යුතුව ගෙවා දමමින්, ඉහළ ඇති උත්තරීතර විමුක්තිය කරා පියනඟන ලෙසයි.

ඔබ සැමට සාමකාමී සහ පින්බර 2570 වන ශ්‍රී බුද්ධ ජයන්තියක් වේවා! 🙏✨

මම ඔයාගේ ආදරණීය ICT ගුරුවරයා,
ගයාන් කරුණාතිලක සර්.

මෙය ධර්ම දානයක්ම වේවා...! 🙏

29/05/2026

මා විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් වෙසක් කූඩුව 🏮. වෙසක්පුර පසළොස්වක පොහෝ දින රාත්‍රී 7.00ට ප්‍රදර්ශනය කෙරේ.

🔅හරි හරී දුර ඉන්න අය අපේ ගෙදර එන්න ඕනෙ නෑ ලින්ක් එකෙන් බලන්න පුලුවන්. 🥰

ඔයා කැමති විදිහට කූඩුවෙ පාට වෙනස් කරගන්න, කූඩුව කරකවලා බලන්නත් පුලුවන්. ජීවමාණ බුදුරුවක් පවා තියනවා Download කරගන්නත් පුලුවන්. 😮🙏🪔

COMING SOON....

#වෙසක් #2026වෙසක්

🌧️⚠️ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ ගංවතුර අවදානමක්! – හෙට උදෑසනත් අවදානම ඉහළයි! 🌩️🚨​ඊයේ (2026.05.21) රාත්‍රියේ සිට ඇද හැලෙ...
22/05/2026

🌧️⚠️ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ ගංවතුර අවදානමක්! – හෙට උදෑසනත් අවදානම ඉහළයි! 🌩️🚨

​ඊයේ (2026.05.21) රාත්‍රියේ සිට ඇද හැලෙන නොනවත්වාම පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වෙනවා. 🌊👇

​අවිස්සාවේල්ල, රන්වල පාලම අසලින් මාර්ගය ජලයෙන් යටවී තිබේ.

​කොස්ගම නගරයේ අද උදෑසන පාලම අසලින් ද මේ වනවිට ජලය දමා තිබෙනවා.

​🔮 හෙට (සෙනසුරාදා 23) උදෑසන තත්ත්වය කෙබඳු වේවිද?

Windy කාලගුණ දත්ත සිතියම්වලට අනුව (ECMWF Forecast), හෙට (2026.05.22) උදෑසන 6:00 වනවිටත් බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට සක්‍රීය වැසි වලාකුළු මෙන්ම තද අකුණු (Light Thunder/Rain) ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවා.

විශේෂයෙන්ම අවිස්සාවේල්ල, කෝට්ටේ, කටුනායක, රත්නපුර සහ කළුතර වැනි ප්‍රදේශ අවට රතු/කහ පැහැති අධි අවදානම් කලාප ලකුණු වී තිබෙනවා.

​⚡ අකුණු අනතුරුවලින් ආරක්ෂා වෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම මතක තබාගන්න! ⚡
​වැස්ස වගේම අකුණු අනතුරු මේ දවස්වල ඉතාමත් වැඩියි.

ඒ නිසා self-safety එක ගැන ගොඩක් හිතන්න:

​🔌 විදුලි උපකරණ ගලවා තබන්න: නිවසේ ඇති වටිනා විදුලි උපකරණ (විශේෂයෙන්ම පරිගණක, රවුටර, රූපවාහිනී යන්ත්‍ර) ප්‍රධාන ස්විචයෙන් ගලවා තබන්න.

​📱 දුරකථන භාවිතය සීමා කරන්න: අකුණු ගසන අවස්ථාවලදී ස්ථාවර (Landline) දුරකථන සහ චාජ් කිරීමට සම්බන්ධ කර ඇති ජංගම දුරකථන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න.

​🌳 විවෘත ස්ථානවලින් ඉවත් වන්න: කුඹුරු, ක්‍රීඩාපිටි වැනි විවෘත ස්ථානවල හෝ උස ගස්, විදුලි කණු අසල රැඳී සිටීමෙන් වළකින්න.

​🚗 වාහන පදවන්නන් සැලකිලිමත් වන්න: මාර්ග ලිස්සා යාමේ සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ධාවන වේගය පාලනය කර ආරක්ෂිතව ගමන් කරන්න.

​🏠 ආරක්ෂිත ගොඩනැගිල්ලක රැඳෙන්න: අකුණු ගසන අවස්ථාවලදී තහඩු සෙවිලි කළ තාවකාලික මණ්ඩප හෝ නිරාවරණය වූ ස්ථානවල නොසිට, ආරක්ෂිත නිවසක් හෝ ගොඩනැගිල්ලක් තුළට වන්න.

​"පූර්ව සූදානම අනතුරකින් ජීවිත සහ දේපළ රැකගන්න ලොකුම ශක්තියක්!" 💪❤️

​මේ තත්ත්වය ගැන ඔබේ හිතවතුන්වත් දැනුවත් කරන්න මේ පෝස්ට් එක Share කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න! 🙏🌧️

මෙය Windy.com වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

🌟 අපේ පන්තියේ සුවිශේෂී තරුවක් - සමාධි පූර්ණිමා 🌟​ගුරු ජීවිතයේ අපිට හමුවන සමහර දරුවන් ඇත්තටම අපූරුයි. ඒ වගේ සුවිශේෂී, දක්...
22/05/2026

🌟 අපේ පන්තියේ සුවිශේෂී තරුවක් - සමාධි පූර්ණිමා 🌟

​ගුරු ජීවිතයේ අපිට හමුවන සමහර දරුවන් ඇත්තටම අපූරුයි. ඒ වගේ සුවිශේෂී, දක්ෂ දියණියක් ගැන සටහනක් තබන්නට ලැබීම මට ලොකු ආඩම්බරයක්.

​කොට්ටාව සිප්වන් අධ්‍යාපන ආයතනයේ මගේ ICT පන්තියට සම්බන්ධ වන සමාධි පූර්ණිමා දියණිය, තාක්ෂණික විෂයන්ට වගේම සහජ කලා හැකියාවන්ටත් එකලෙස දක්ෂතා දක්වන අපූරු දරුවෙක්.

​🎵 සංගීතයෙන් හපන්කම්
​සංගීත භාණ්ඩ 7ක් එකසේ වාදනය කිරීමට ඇති සුවිශේෂී හැකියාව ඇත්තටම අගය කළ යුතුයි. (ඇගේ දක්ෂතා ඇතුළත් දිදුළ TV එකේ විකාශණය වුණු වීඩියෝව කමෙන්ට් තීරුවෙන් නරඹන්න 👇)

​💻 තාක්ෂණයෙනුත් පෙරමුණේ
​කලාවට වගේම මගේ ICT පන්තියේත් හැමදාම ඉහළම ලකුණු අතර රැඳෙන්නට තරම් ඇය අධ්‍යාපනයටත් උපන්හපන්කම් දක්වනවා.

​මගේ ආදරණීය දියණියට දෙන පුංචි පණිවිඩය:
ඔයා සතු මේ අපූර්ව සංගීත හැකියාව, නූතන තාක්ෂණය (Technology) සමඟ එකතු කරලා (Music Production, Digital Audio වැනි ක්ෂේත්‍ර හරහා) ලෝකයම ජයගන්නා නිර්මාණ බිහිකරන්නට උත්සාහ කරන්න. 💪🖥️

එතැනදී ICT ඉගෙනීම ඔයාට ලොකු ශක්තියක් වේවි!

​ඔබේ සහජ දක්ෂතා තව තවත් ඔප්නංවා ගනිමින්, අධ්‍යාපනයෙනුත් ඉහළටම ගොස් අනාගතය සාර්ථක කරගන්නට මගේ හදපිරි සුබ පැතුම්! 🎯✨💐🥰💪

වෘත්තීය ICT දේශක,
ගයාන් කරුණාතිලක 🖥️🖋️

"2009 කාලේ මේ මැප් එක බලනකොට තිබුණේ වෙනමම ගැම්මක්..."💪 ❤️🇱🇰අද 2026 මැයි 18. අවුරුදු 17ක් ගතවුණත් මේ සිතියම දකිද්දී හිතට ...
18/05/2026

"2009 කාලේ මේ මැප් එක බලනකොට තිබුණේ වෙනමම ගැම්මක්..."💪 ❤️🇱🇰

අද 2026 මැයි 18. අවුරුදු 17ක් ගතවුණත් මේ සිතියම දකිද්දී හිතට දැනෙන හැඟීම වචන කරන්න බෑ.

අද ඉන්න දුවලා පුතාලට, ඒ වගේම ඒ අතීතය අමතක වෙච්ච අයට මේ සිතියම ගැන පොඩි අදහසක් කියන්නම්.
2009 වසරේ අවසාන භාගයේ මුළු රටේම අවධානය තිබුණේ මේ සිතියම දෙසටයි. එදා දශක තුනක ත්‍රස්තවාදය අවසන් කරන්න අපේ හමුදාවන් උතුරේ වෙරළ තීරයට සතුරන්ව කොටු කරමින්, ඉතාමත් සූක්ෂ්ම සහ භයානක මෙහෙයුමක යෙදිලා හිටියා. ඔය රතුපාට කොටසින් පෙන්වන්නෙ ම්ලේච්ච කොටි ත්‍රස්තවාදීන් ටිකෙන් ටික කොටුවන ආකාරය.
හැමදාම රූපවාහිනී පුවත්වලින් මේ මැප් එක බලලා, අපේ ගම් බිම් නිදහස් කරගන්නා තෙක් මුළු රටම එක හිතින් ප්‍රාර්ථනා කරපු යුගයක් ඒක.🥺

විශේෂයෙන්ම මගේ තාත්තා, එදා මේ සිතියමේ පෙනෙන සටන් බිමේ ඉදිරියෙන්ම සටන් වැදුණු ඓතිහාසික 58 වන සේනාංකයට (58 Division) මඟ සලසමින්, කාලතුවක්කු හමුදාවේ (Artillery) වීරයෙක් විදිහට සතුරාගේ බලකොටු බිඳ හෙළා ඉදිරි මාර්ගය විවෘත කර දුන් සැබෑ නිහඬ මෙහෙවරක් ඉටු කළ කෙනෙක්.
පාබල බලඇණි ඉදිරියට යන්නට පෙර සතුරු ඉලක්ක වෙත මරු පහර දුන්නේ මගේ තාත්තලා ඇතුළු කාලතුවක්කු රෙජිමේන්තුවේ වීරයෝ.

එදා රට වෙනුවෙන් තම නිහඩ සේවය ඉටු කරලා අද විශ්‍රාමිකව ඉන්න මගේ තාත්තා ගැන මට දැනෙන්නේ නිම්හිම් නැති ආඩම්බරයක්!💪🥰

අද අපි නිදහසේ හුස්ම ගන්නා මේ බිම පිටුපස තියෙන්නේ මෙවැනි සිතියම් මත ලියැවුණු අපේ රණවිරුවන්ගේ ලේ, කඳුළු සහ දහඩිය කතාවයි.

එදත්, අදත්, හෙටත්... මගේ තාත්තා ඇතුළු රට බේරාගත් සියලුම වීරයන්ට වගේම එවකට හිටපු සේනාධි නායක මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඇතුලු ත්‍රිවිධ හමුදාපති වරුන්ටත් මාගේ දේශාභිමානී උත්තමාචාරය! 🫡🇱🇰✨

වෘත්තීය ICT දේශක,
ගයාන් කරුණාතිලක 🖥️🖋️

15/05/2026

මේවනේ කාර් කියන්නෙ. ටෙකනොලෝජියා 😮🚗

කාලගුණ අනතුරු ඇඟවීමයි! ⛈️🌩️🌬️​අද (බ්‍රහස්පතින්දා 14) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ...
14/05/2026

කාලගුණ අනතුරු ඇඟවීමයි! ⛈️🌩️🌬️

​අද (බ්‍රහස්පතින්දා 14) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ අණාවැකි මගින් පැහැදිලි වෙනවා.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මුහුදු ප්‍රදේශවලටත් මෙම තත්වය බහුලව බලපාන්න පුළුවන්. (ඡායාරූපය බලන්න)

​⚠️ අකුණු අනතුරු ගැන විශේෂයෙන් ප්‍රවේශම් වන්න! ⚡

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න:

⭕ ​විවෘත ස්ථාන වලින් ඉවත්වන්න: එළිමහනේ සිටීමෙන් වළකින්න.

⭕ ​උස් ගස් යට රැකවරණය නොලබන්න: අකුණු ආකර්ෂණය කර ගැනීමට හැකි නිසා උස් ගස් යට නොසිටින්න.

⭕ ​විදුලි උපකරණ විසන්ධි කරන්න: වැසි පවතින විට විදුලි උපකරණ ක්‍රියා විරහිත කර, ප්ලග් ගලවා දමන්න.

​ජලයෙන් ඈත් වන්න: ගංගා, වැව් හෝ වෙනත් ජල මූලාශ්‍ර අසල සිටීමෙන් වළකින්න.🌊

​ඔබගේත් ඔබගේ පවුලේ අයගේත් ආරක්ෂාව තහවුරු කරගන්න. කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් සිටින්න.⚡🌊

​කරුණාකර මෙය බෙදාගෙන අන් අයව දැනුවත් කරන්න! 🙏

​ #කාලගුණය #කාලගුණඅනතුරුඇඟවීම #වැසි #අකුණු #ආරක්ෂාව

11/05/2026

අනවශ්‍ය විදිහට මුදල් වියදම් නොකර පහසුවෙන්ම Windows 11 ඔයාගේ පරිගණකයට Install කරන හරිම විදිහ දැනගන්න... 👇🖥️

වෘත්තීය ICT දේශක,
ගයාන් කරුණාතිලක 🖥️🖋️

උපකාරක පන්ති සදහා විමසීම්: 071 32766555

⭕ Full Video : https://youtu.be/o6tIBJVDoJY?si=3A7nwHXgHYXmieuA

Address

Kosgama
10730

Alerts

Be the first to know and let us send you an email when GK ICT School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GK ICT School:

Share