Jeewa Photography

Jeewa Photography �කැමරා කාචයෙන් සත්‍ය දේ පමණක් උකහා ගෙ?

දවසේ ගෙවනසෑම හෝරාවකම, විනාඩියකම, සෑම තප්පරයක් පාහේ මා තරඟ කරන්නෙ, අභියෝග කරන්නෙ අන් කිසිවෙකුට නොව මටමය..අනෙකා සමඟ තරඟ කර...
06/01/2023

දවසේ ගෙවන
සෑම හෝරාවකම,
විනාඩියකම,
සෑම තප්පරයක් පාහේ මා
තරඟ කරන්නෙ,
අභියෝග කරන්නෙ
අන් කිසිවෙකුට නොව මටමය..

අනෙකා සමඟ තරඟ කරනවට වඩා , තමන් එක්කම සන්සුන් තරඟයක ඉන්න එක පුදුම සැහැල්ලුයි..

අදහස :-
තමන් ඊයේ සිටියාට වඩා අද දියුණුයි..
ඊයෙ සිටියාටත් වඩා අද සතුටින් ඉන්න පුලුවන්..

ඉතිං,
හැකී ඔබටත් අනෙකා පරයා ගොස් හිත් රිදීම්, බහින් බස් වනවාට වඩා තමාගේම තරඟයක තම අරමුණ පෙර දැඩිව තරංඟ කිරීමට..

"මම කිසි වෙකුත් සමඟ තරඟ නොකරන නිසා,
කිසිවෙකුට මා සමඟ තරඟ කල නොහැක.."

✍🏼Jeewa_x...









Rabar waththa buddy stadium - රබර් වත්ත බඩී ස්ටෙඩියම්

තම්මැට්ටම් නාදය පැතිරෙන පන්සල් බිම..තෙවැණි රුවන් වැඩ සිටිනා පුද බිම..අට මහා කුසලෙන් එක් කුසලය පිරු..කඨිනය වෙයි අද සාධු! ...
07/11/2022

තම්මැට්ටම් නාදය පැතිරෙන පන්සල් බිම..
තෙවැණි රුවන් වැඩ සිටිනා පුද බිම..
අට මහා කුසලෙන් එක් කුසලය පිරු..
කඨිනය වෙයි අද සාධු! කියන් සඳ දෑත නලල හෙබ... 🙏❤️

✍🏼Jeewa_x...

සිසිල් හුලන් බෝ පතෙහි වැදේවී...කුස ගැබ හොබවන් වලා ඇදේවී...තේජස බබලන බුදු රුව අබි වී...සාදු! සාදු! චීවර උතැසිය නිම වූනී.....
07/11/2022

සිසිල් හුලන් බෝ පතෙහි වැදේවී...
කුස ගැබ හොබවන් වලා ඇදේවී...
තේජස බබලන බුදු රුව අබි වී...
සාදු! සාදු! චීවර උතැසිය නිම වූනී..🙏❤️

✍🏼Jeewa_x...

#කඨිනචීවරපූජාව

ක්ෂිතිජය දෙස බලා මාගේ සිහින තනි වුනා..නගරය මැදකදී සුලුමොහොතක මා හිනැහුනා..වෙරළේ කොනට වී සයුරෙ නැගෙන රැළි බලා..රැහැනක පැට...
16/07/2022

ක්ෂිතිජය දෙස බලා මාගේ සිහින තනි වුනා..
නගරය මැදකදී සුලුමොහොතක මා හිනැහුනා..
වෙරළේ කොනට වී සයුරෙ නැගෙන රැළි බලා..
රැහැනක පැටලිලා සිතුවිලිද වැල්ලේ පිය නගා..

අහසේ නිල් වලා නිල් දිය පහර මෙන් හැඩ වෙලා..
සිප්පි, බෙල්ලෝ ඇවිත් වැලි වෙරළ අගය වැඩි කලා..
පවනට නැමි පොල් ගස් පෙල සෙවණ බෙදයි රෑ දිවා..
නිදහසෙ මා හිඳී වැලිමත ගසා ආ පරණ කොටයකට වෙලා..

✍🏼Jeewa_x...

ඊයේ දිනයේ සහ අද දෙදින තුල* අරලියගහ මන්දිරය * ජනාධිපති ජනතා ලේකම් කාර්යාලය * ජනාධිපති ජනතා මන්දිරය * අගමැති නිල නිවසආදී ස...
10/07/2022

ඊයේ දිනයේ සහ අද දෙදින තුල
* අරලියගහ මන්දිරය
* ජනාධිපති ජනතා ලේකම් කාර්යාලය
* ජනාධිපති ජනතා මන්දිරය
* අගමැති නිල නිවස

ආදී ස්ථානවල ගත් ජායාරූප පෙලකි..
(2022/07/09) , (2022/07/10)

#ගමෙන්පටන්ගමු #මේආදරයේඅරගලයයි

ආදර අරගලයේ  හඬ මුරය නිකුත් කිරීමට අණ දෙන නිලධාරී කර්නල් අසීශ් මහතා...         #ගමෙන්පටන්ගමු
10/07/2022

ආදර අරගලයේ හඬ මුරය නිකුත් කිරීමට අණ දෙන නිලධාරී කර්නල් අසීශ් මහතා...

#ගමෙන්පටන්ගමු

දිනෙක උඹ මා මරාදැමුවත් දණින් හිඳුවා හන්දියේ ....එහෙම නැතිනම් පිලිස්සූවත්ටයර් මතදා ගින්දරේ ....මිනීමරුවෙක් හොරෙක් විලසටගැ...
01/07/2022

දිනෙක උඹ මා මරාදැමුවත්
දණින් හිඳුවා හන්දියේ ....
එහෙම නැතිනම් පිලිස්සූවත්
ටයර් මතදා ගින්දරේ ....
මිනීමරුවෙක් හොරෙක් විලසට
ගැලපුවත් උඹ අන්දරේ ....
මගෙන් පසු තව දහක් උපදී
දැයට පෙම්බැඳි අරගලෙන් .....

Copied..

ියවන්නාවෙන්_එලියට #මේආදරයේඅරගලයයි #අරගලයේනොදුටුපැති

(Python molurus molurus) [Linnaeus, 1758]පිඹුරාගේ (Indian Rock Python) ජීවන කතාවෙන් අඩක්...-----------------------------...
27/06/2022

(Python molurus molurus) [Linnaeus, 1758]
පිඹුරාගේ (Indian Rock Python) ජීවන කතාවෙන් අඩක්...
-------------------------------------------------------------------

අදින් වසර 35,000 - 40.000කට පෙර ප්‍රාග් ඓතිහාසික සමයේ විසූ ගුහා වාසී බලංගොඩ මානවයින් පිඹුරන්ගේ මස් අනුභව කළ බවට ඇති විශ්වාසයයක් ඇත..
මෙරට සමාජයේ එදා සිට අද දක්වාම සර්පයින් කෙරෙහි පවතින්නේ අප්‍රසන්න සහ පිළිකුල් සහගත හැඟීමකි. මෙම තත්ත්වය මෙලෙස පැවතීමට ප්‍රධාන හේතුව නම්, මොවුන්ගේ සැබෑ තත්ත්වය සහ වැදගත්කම පහදා දීමේ සඵල ක්‍රියාමාර්ගයක් හෝ වැඩසටහනක් මෙතෙක් මෙරට ක්‍රියාත්මක නොවීමයි...
සර්පයින් පිළිබඳව අද සමාජයේ යම් අවධානයක් හෝ තිබේනම් ඒ සර්ප දෂ්ඨනයක් හේතුවෙන් ඇතිවන උපද්‍රව හේතුවෙන් පමණි..

හඳුනා ගැනීම
---------------------------------------------------------------------

දේහය -
ඉතා දිගු, ස්ථූල, ශක්තිමත්, සිලින්ඩරාකාර දේහය. පැහැදිලි ගෙලක් සහිත, විශාල , දිගු, පෘෂ්ඨෝදරියව පැතලි හිස. නාස් කුහර දෙකක්ද හොම්බ ඉහළ කොටසේ පිහිටයි. උපතේදී මි.මී 500 ප්මණ වන අතර වැඩුණු විට මි.මී 3000 - 6000 අතර වේ. ලා කහ, ලා දුඹුරු හා තද දුඹුරු පැහැයෙන් යුතු මෙම සර්පයාගේ හිස මත හෙල්ලක තුඩක් වැනි සලකුණක්ද ඇස හරහට සහ ඇසට පහළින් තද පැහැති පටියක් ඇත. හිස බොහෝ විට රෝස පැහැයට හුරුය.

හැසිරීම -
ඉතා අලසකාමිව සිටින සර්පයෙකි. එහෙත් කලබල වූ විට වලිගය කෙලවර සොලවමින් සපාකෑමට තැත්කරයි. මිය ගියාක් මෙන් සිටීමට හැකියාව ඇති සර්පයකි. මන්දගාමීව සංචරණයේ යෙදෙන අතර හොඳින් පිහිනීමටද හැකියාවක් ඇත.

විෂ සහ ආහාර -
නිර්විෂ සර්පයන්ට අයත් සර්පයෙකු වුවද, ඇතුළු පසට වක්වූ විශාල දත් නිසා සපාකෑමට හැකිවාක් ඇති අතර එයින් සැලකිය යුතු තුවාල සිදු වේ.
වසර දෙකක් පමණ නිරාහාරව සිටිය හැකි මෙම සර්පයා ගොම්බාගේ සිට වැඩුණු මුවකු දක්වාගොදුරු කර ගනී. ගොදුර වෙලා, සංකුචනය කොට ගිලා දමන අතර වාර්තාවන්ට අනුව කුඩා අලිපැටවෙකු වෙලා සිටි අවස්ථාද ඇත. මීට අමතරව සුවිශේෂයනම් පලතුරු ආහාරයට ගත් අවස්ථාවන්ද ඇත...

ගෝටාගෝගමේදී මෙම සර්ප විශේෂ පිළිබඳ හා සර්පයන්ගේ වැදගත්කම් පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීමට ඉදිරියේදී සංවිධානය වන වැඩසටහන වෙනුවෙන් රැගෙන ආ සර්පයන් බව කරුණාවෙන් සලකන්න...

සර්ප විශේෂ මරා දැමීමෙන් ආවේණික වූ සර්පයන්ගේ වඳ වී යාම අවම කර ගැනීම අප සතු වගකීමයි..

මැරීමට නොව අප ඔවුන්ට හිරිහැර නොකර නිදහස් කරමු...
එය අපගේ හා රටට ආවේණික හෝ ආවේණික නොවන සියලු සත්ත්වයනේ පැවැත්මට බලපායි...

#සර්පයන් #මේආදරයේඅරගලයයි ියවන්නාවෙන්_එලියට #අරගලයේනොදුටුපැති

අපි පා..වෙන ලෝකේ..ඇවිදින චා..රිකාවේ..දවසක පා..වේදෝ අහසේ..හඳ අල්ලන්..න ආ..ස ගමනේ..ඇල්ලෙ පිනි දිය සිසිලයි..බලා ඉන්න මට ආසය...
25/06/2022

අපි පා..වෙන ලෝකේ..
ඇවිදින චා..රිකාවේ..
දවසක පා..වේදෝ අහසේ..
හඳ අල්ලන්..න ආ..ස ගමනේ..

ඇල්ලෙ පිනි දිය සිසිලයි..
බලා ඉන්න මට ආසයි..
කලු කෙල්ලෙක් සිනා සිසී..
ඇල්ලෙ වත ගොත පවසයි..

#චොකලට්කෙල්ල

රජනාව දිය ඇල්ල...මෙම දිය ඇල්ලට නම හැදී ඇත්තේ, ඈත අතීතයේ වළගම්බා රජතුමන් මේ ප්‍රදේශයේ සැඟව සිටි බවත්, රජ තුමා මෙම දිය ඇල්...
23/06/2022

රජනාව දිය ඇල්ල...

මෙම දිය ඇල්ලට නම හැදී ඇත්තේ,
ඈත අතීතයේ වළගම්බා රජතුමන් මේ ප්‍රදේශයේ සැඟව සිටි බවත්, රජ තුමා මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ නිසා මෙයට රජ නෑ ඇල්ල යන නම වැටී ඇති බවය...
පසුව ජන ව්‍යවහාරයෙන් රජ නෑ ඇල්ල රජ නා ඇල්ල බවට පත් වූ බව කියැවේ..
මෙම දිය ඇල්ල පාමුල ඇති ජල තටාකයෙන් රන් කෙණ්ඩියක් මතු වන බවක් ඇතමෙක් පවසයි..
ගම් වැසියන්ගේ අදහසනම් රත්‍රන් කරාබුවක් පැලඳ සිටින් රත්‍රන් නාගයෙකු සහ පුටුවක් දිස් වන බවයි..
කළු ගඟේ අතු ගංගාවක් වන වේ ගඟෙහි ශාකාවකින් මෙම දිය ඇල්ල පෝෂණය වෙයි..
උසින් මීටර් 12ක් පමණ වන මෙම දිය ඇල්ල කුඩා උවත් ඉතා රමණීයයි..
හල්මිල්ල (Berrya cordifolia), කොස් (Artocerpus heterophyllum), මිදෙල්ල, ඇටඹ (Mangifera zeylonica), තල් ගස් (Caryota urenus) සහ උණ බම්බු වැනි ගස් මෙහි පිහිටා ඇත්තේ රූස්ස ඝන කැලෑවකය..
සීතල දිය දහරාවකින් හා විවිධ ජලජ ජීවීන්ගෙන් අනූන මෙම පරිසරයේ සුන්දරත්වය බලා ගැනීමට රත්නපුර නගරයේ සිට කලවාන මාර්ගයේ මාරපන ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහිටා ඇත...
පර්වත ගනනාවකින් වට වූ මෙම ස්තානය මුදුනට එම පර්වත මතින් යා හැකි නමුත් එය පළපුරුදු අයෙකුට පමණක් යා හැකි පාරකි.. රජනාව ඇල්ලට වැසි ලැබෙන සමයක ඉතා සුන්දර ලෙස එහි සුන්දරත්වය විදගන්න හැකියාවක් ඇත... ඇල්ලෙ ඉහල කොටසේද කුඩා ඇල්ලක් හමුවෙනවා..
නමුත් ඉහලට යෑම ටිකක් අවධානම්.. නාන්න පුලුවන් ඇල්ලේ කෙලවරට වෙන්න.. නමුත් ඇල්ල වැටෙන තැන පතුල ඉතා ගැඹුරුයි..
වසර කිහිපයකින් බිල්ලක් නොගත්තත් ඉස්සර සෑම වසරකම පාහෙ මිනිස් බිල්ලක් අනිවාර්යයෙන් මෙහි සටහන් වේ...

එහෙත් කණගාටුවට කරුණ නම් අද මෙම දිය ඇල්ල බීමතුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි.. සුන්දර දිය ඇල්ල අවට දක්නට ඇත්තේ බියර් ටින් ප්ලාස්ටික් කොප්ප පොලිතින් වැනි ද්‍රව්‍යයි..

මිනිසුන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ දිය ඇල්ලේ සුන්දරත්වය විඳ එහි මතක සටහන් ඉතිරි නොකර අපද්‍රව්‍ය නිසි තැන දමා දිය ඇල්ලේ සුන්දරත්වය ඉදිරියටත් රැක ගන්නා ලෙසය..

පරිස්සමින් ඔබගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් විනෝද වෙන්න..

රත්නපුර පැමිණි විට "රජනාව දිය ඇල්ලෙ" සුන්දරත්වය අත්විදීමට අමතක නොකරන්න..

සුන්දරත්වය පමණක් අත්විඳින්න... පරිසරයට හා ඔබට හානි නොකරගන්න...

Address

Malabe
10118

Telephone

+94763701367

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewa Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeewa Photography:

Share