21/03/2026
අනූනමයෙන් බේරුණු පුංචි ජීවිතය
මහල් නිවාසයේ ඉදිරිපස දොර විවෘතව තිබුණි. සුජාතා සිටියේ කුස්සියේ වැඩකට හිරවීගෙන ය. එදින ඇයගේ සිත තිබුණේ වෙනත් ලෝකයක ය. නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි අවුරුද්දකුත් මාස කිහිපයක් වයසැති කුඩා පුතු, ඇයගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබුණි.
දණගාමින් ලෝකය ගවේෂණය කරන ඒ පුංචි දරුවාට, විවෘතව තිබූ දොරකඩින් පෙනෙන පාර අමුතුම තැනක් විය. ඔහු හෙමින් හෙමින් දණගාමින් මිදුල පසුකර ප්රධාන පාරට පිවිසියේය. පාරේ වාහන වේගයෙන් ගමන් කරමින් තිබුණි. කිසිවක් නොදන්නා ඒ අහිංසක දරුවා පාර මැදටම දණගාගෙන ගියේය.
එක්වරම, "ක්රීස්ස්ස්ස්ස්..." යනුවෙන් මුළු පෙදෙසම දෙවනත් කරමින් තිරිංග තද කරන ශබ්දයක් ඇසුණි.
කුස්සියේ සිටි සුජාතාගේ හදවත නතර වූවාක් මෙන් ඇයට දැනුණි. ඒ ශබ්දය ආවේ පාර දෙසිනි. ඇය එකවරම සාලය දෙස බැලුවාය. පුතු පෙනෙන්නට නැත! ඇගේ මුළු සිරුරම වෙව්ලන්නට විය. ඇය "පුතේ!" කියා මොරගසමින් පාර දෙසට හිස්ලූ ලූ අත දුවගෙන ගියාය.
පාරට දුව යන විට ඇය දුටුවේ සුදු පැහැති මෝටර් රථයක් පාර මැද නතර කර ඇති ආකාරයයි. ඇගේ පපුව ගැහෙන්නට විය. ඇය මෝටර් රථය අසලට දුව ගියේ මහත් බියකිනි.
එහිදී ඇය දුටුවේ මෝටර් රථයේ ඉදිරිපස රෝදයට අඟල් කිහිපයක් මෙපිටින් පාර මැද වාඩි වී අමුතු සිනහවකින් රියදුරු දෙස බලා සිටින තම පුංචි පුතුය. රියදුරා සුදුමැලි වී, දහදිය දමමින් සුක්කානම මත හිස තබාගෙන සිටියේ සිදුවන්නට ගිය මහා විපත ගැන සිතමිනි.
සුජාතා වහාම දරුවා වඩාගෙන පපුවට තුරුළු කරගත්තාය. ඇගේ දෑසින් කඳුළු කඩා හැළුණි.
"දෙවියනේ... මගේ නොසැලකිල්ල නිසා අද මට මගේ පණ වැනි පුතාව නැති වෙන්න තිබුණා," ඇය ඉකිගසමින් මිමිණුවාය.
රියදුරා රථයෙන් බැස ඇය දෙස බැලුවේ කෝපයෙන් හා කණගාටුවෙනි. "මහත්මිය, තව තත්පරයක් ප්රමාද වුණා නම් අද මටත් මගේ ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන්නේ. කරුණාකරලා මේ වගේ පොඩි දරුවෝ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න," ඔහු පවසා නැවත රථයට ගොඩ විය.
එදා සුජාතා උගත්තේ තම ජීවිත කාලයටම අමතක නොවන පාඩමකි. මවකගේ සුළු නොසැලකිල්ලක් වුවද කෙතරම් දරුණු විපාක ගෙන දිය හැකිද යන්න ඇයට එදා වැටහුණි.
゚viralシfypシ゚viralシ