10/05/2026
ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගත් මාස හයක High Performance 7s Programme යටතේ ප්රමුඛ පෙළේ ක්‍රීඩකයින් 21 දෙනෙකු සමඟ නිල වශයෙන් ගිවිසුම් ගත වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබෙනවා.
මෙම සුවිශේෂී පියවරේ ප්‍රධානතම අරමුණ වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රග්බි පදක්කමක් දිනා දීමයි.
මෙම ගිවිසුම්ගත වීමත් සමඟ තෝරාගත් ක්‍රීඩකයින් 21 දෙනා සම්පූර්ණ වෘත්තීය මට්ටමේ පුහුණු පරිසරයකට ඇතුළත් වන අතර, ඔවුන් දැඩි පුහුණු සැසි, ශාරීරික යෝග්‍යතා වර්ධනය සහ නිරන්තර කාර්ය සාධන අධීක්ෂණය යටතේ කටයුතු කරනු ඇතියි.
ශ්‍රී ලංකා 7s කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට පහත ක්‍රීඩකයින් ඇතුළත් වී තිබෙනවා.
Srinath Sooriyabandara, Kavindu Perera, Janidu Dilshan, Ravindu Anjula, Gemunu Chethiya, Chathura Soysa, Gayan Perera, Akash Madusanka, Dinal Ekanayake, Chamod Muthunayaka, Aron Deeyon Corera, Danush Dange, Jayathu Rajaratne, Denuwan Wickramaarachchi, Devinda Rathnayake, Suranga Tennakoon, Maliksha Perera, Isuru Kongahawatta, Aros Rathnayaka, Naveen Marasinghe, Janith Marasinghe.