CHEnge Photography

19/03/2024

මේ තැන කොහෙද කියලා දන්න අය පහලින් comment එකක් දාගෙන යමු..

31/01/2024

මීගමු කලපලුව

ලංකාවට පැමිණෙන සිත් ගත් සංචාරක පක්ෂියෙක්.......Indian pitta ( pitta brachyura brachyura ) අවිච්චියා.... උතුරු අර්ධ ගෝලයට...
23/10/2023

ලංකාවට පැමිණෙන සිත් ගත් සංචාරක පක්ෂියෙක්.......
Indian pitta ( pitta brachyura brachyura ) අවිච්චියා....

උතුරු අර්ධ ගෝලයට ශීත සෘතුව උදාවීමත් සමඟම මෙරටට සංක්‍රමණය වන ඔක්තොම්බර් - අප්‍රේල් කාලයේ මෙරට දැකිය හැකි වර්ණවත් පක්ෂියෙකි අවිච්චියා .
ඉන්දියා⁣වේ හිමාල කඳුවැටිය ආශ්‍රය කරගත් උතුරු ඉන්දියාව , නේපාලය , පකිස්තානය අභිජනනය කරන පක්ෂියෙකි.

හිසේ සිය වලිගය දක්වා 19 Cm වන මයිනෙකුට වඩා තරම් තරමක් කුඩා පක්ෂියෙකි. හොටයේ මුල සිට හිස දක්වා පැහැදිලිවම පෙනෙන කලු පැහැති වර්ණ තීරුව දෙපස සුදු පැහැති වර්ණයෙන් මායිම් වේ. හිසේ අනෙකුත් කොටස් උදරය දුඹුරු වර්ණ වේ. කොළ පැහැති වර්ණ පියාපත් අග නිල් පැහැයක් දැකිය හැකිය . ඇවිරි පියාපත් කලු පැහැ වන අතර මොවුන් පියඹා යන විට සුදු පැහැති වර්ණ තීරුවක් දැකිය හැකිය. පාද ලා රෝස පැහැතිය . හොටයේ කෙලවර කලු පැහැති ය. ලංකාව ට පැමිණෙන සංචාරක පක්ෂින් අතුරෙන් වර්ණ විවිධත්වයෙන් ඉහළ ආකර්ෂණීය පක්ෂියෙකි.

අදුරු පැහැ පරිසරයක වනාන්තර , වන ලැහැබ් , ගෙවතු , ලඳු කැළෑ ආශ්‍රිත ව සැගවී විමසිල්ලෙන් ගත කරන පක්ෂියෙකි. බිම ඇසුරු කරගෙන ගොදුරු සොයන මොවුන් කෘමීන් , පනුවන් ආහාරයට ගනී.

පිටු පස කුඩා වලිගය චලනය කරමින් සරන අවිච්චියන් උදෑසන සහ හිරු බැසයාමට මත්තෙන් නාද කරනු ඇසිය හැකිය.

ඉතා වෙහෙස කර ගමනකින් අනතුරුව ලංකාවට පැමිණෙන මොවුන් අනතුරට ලක්වන අවස්ථාව සුලභව වාර්තා වේ. එමෙන්ම මෙම පක්ෂින් ලංකාවට පැමිණ ජීවත් වූ පරිසරයේ ජලය , ආහාර මෙන්ම ඔවුන් ට හිරිහැර නොවන පරිසරයක් පවතින්නේ නම් නැවත පර්යටනය සමය ආරම්භ වූ විට එම ප්‍රදේශයට ම පැමිණීම නිරීක්ෂණය කල හැකිය.

එසේනම් පරිසරය ට ආදරය කරන ඡායාරූප ශිල්පීන් , සිතුවම්කරණයට ප්‍රිය , පක්ෂි නිරීක්ෂකයින් තම ගෙවත්තේ වන ලැහැබ , රුක් ගොමු කොටසක් හෝ පවත්වා ගනිමින් පූසන් වැනි විලෝපිකයින්ගෙන් තොර පරිසරයක් පවත්වා ගැනීමෙන් අවිච්චියා වැනි දුර්ලභ පර්යටන පක්ෂීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට දායක වෙමු.

හෝටන්තැන්න මිහිදුම් සලු අතර හමු වූ ආදරවන්තයින්.....ශ්‍රී ලංකා සිතැසියා - ලංකා මල් කුරුල්ලා - sri lanka white - eye  ( zo...
15/09/2023

හෝටන්තැන්න මිහිදුම් සලු අතර හමු වූ ආදරවන්තයින්.....

ශ්‍රී ලංකා සිතැසියා - ලංකා මල් කුරුල්ලා - sri lanka white - eye ( zosterops ceylonensis )

ශ්‍රි ලංකාව නම් වූ ඝර්ම කලාපීය රට තුළ මුහුදු මට්ටමේ සිට මීටර් 2100 උසින් පිහිටා ඇති ජාතික වනෝද්‍යානය හෝටන්තැන්න .. මහවැලි , කැළණි , වළවේ ගංඟා ආරම්භ වන ජල පෝෂක ප්‍රදේශය . ශාක විශේෂ 164 ක් මෙම පරිසර පද්ධතියටම ආවේණික වීම හා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 34 න් විශේෂ 20ක් මෙම පරිසර පද්ධතිය තුළ දැකිය හැකිය. මේ ආවේණික එක් පක්ෂි විශේෂයකි ..

ශ්‍රී ලංකා සිතැසියා හෙවත් ලංකා මල් කුරුල්ලා ( zosterops ceylonensis )කදුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහළ කදුකරය දක්වා ශාක ඝණත්වයක් සහිත පරිසර පද්ධති තුළ , ගෙවතු වල හමු වන සුලභ පක්ෂියෙකි. සිංහරාජය වැනි පහතරට වනාන්තර පද්ධති තුළ ද සීමිත ව්‍යාප්තියයක් දැකිය හැකිය. ජෝඩු වශයෙන් හෝ තරමක් විශාල රංචු වශයෙන් ආහාර සොයා යන මොවුන් මල්පැණි , කුඩා කෘමීන් , දළඹුවන් ආහාරයට ගනී.
ලංකා මල් කුරුල්ලන් ගසක පහල අත්තක කෝප්පයක් වැනි කුඩා කූඩුවක් සාදා ලා නිල් පැහැති බිත්තර 2 - 3 ප්‍රමාණයක් දමයි.. මාර්තු - අප්‍රේල් සහ අගෝස්තු - සැප්තැම්බර් මාස වල අභිජනනය කරයි.

සමාජශීලීව හැසිරීමක් ප්‍රියකරන මොවුන්ගේ උඩු කය කොල කහ , දුඹුරු මිශ්‍ර පැහැයක් ගනී. යටි කය සුදු ,කහ පැහැතිය. සුදු පැහැති ඇස් වලල්ල නිසා මොවුන් හදුනා ගැනීම පහසු ය..කදුකර ප්‍රදේශ ආශ්‍රිත කුරුලු නඩ වල ප්‍රමුඛ සාමාජිකයකු ලෙස ලංකා මල් කුරුල්ලන් හැදින්විය හැකිය ..

Long billed sun bird ( දික් තුඩු සූටික්කා ) මීට වසර මිලියන 40කට ඉහත පුෂ්ප සහිත ගස්වැල් ජන්මය ලැබීමත් සමඟ සපුෂ්ප ශාක ප්‍ර...
09/09/2023

Long billed sun bird ( දික් තුඩු සූටික්කා )

මීට වසර මිලියන 40කට ඉහත පුෂ්ප සහිත ගස්වැල් ජන්මය ලැබීමත් සමඟ සපුෂ්ප ශාක ප්‍රතිජන්ම ගත කීරීමේ කාර්යය සඳහා සත්ත්ව පරම්පරාවක් බිහි විය. මීමැසි , සලබ , සමනල කෘමීන්ට මෙන්ම පැණි කුරුලු විශේෂයන්ටද මෙකී ගෞරවය හිමිවේ.

ගස්වල පොතු , මකුළු දැල් , තණකොළ යොදා ගනිමින් එල්ලෙන කුඩා පසුම්බියක් වැනි කැදැල්ලේ පැත්තකින් තබාගත් කවුලුවෙන් වට පිට නිරීක්ෂණය කරමින් බිජුලා රකින දික්තුඩු සූටික්කියෙකි මේ...

බොහෝ විට යුවල ලෙසින් හැසිරෙන රුක්වාසි කුරුල්ලන් වන මොවුන් ගේ ගැහැනු පිරිමි වෙන්ව හදුනා ගැනීම පහසුය. දිලිසෙන කොළ , නිල් දම් රතු වර්ණ දරන්නෙ පිරිමි සතුන් වන අතර ලා පැහැති යටිකයක් අදුරු දුඹුරු අලු පිල් කලඹක් ගැහැනු සතුන් දරයි.

මල් වලින් පිරුණු ශාක අසල පාවෙමින් මල් පැණි උරා බීමට අනුවර්ථනය වූ සිහින් දිගු හොට උපයෝගී කර ගනිමින් මල් පැණි උරා බීම මෙන්ම කුඩා මකුළුවන් , කෘමි සතුන් ආහාරයට ගනී.

09/07/2023
26/06/2023

Address

කලපුව
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when CHEnge Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHEnge Photography:

Share

Category