Cine Diamond Films

Cine Diamond Films Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cine Diamond Films, Photography Videography, Niyagama.

30/09/2021

Making off😉

18/09/2021

ඔබගේ ව්‍යාපාරය කුමන මට්ටමක පැවතියත් එයාට වඩාත් උචිත පරිදි ඔබගේ ඉලක්ක ගත පාරිභෝගිකයින් සදහාම අලෙවිකරණ විඩීයෝ නිමකර දී ඔබගේ ව්‍යාපාරය වෙලදපොළ තුල ඉතා ඉහලින් වැජඹවීමට අපි සූදානම්. ඔබගේ අතේ ඇති මුදලට හිතේ හැටියට ඔබගේ ව්‍යාපාරය ඔසවා තැබීමට අප සුදානම් !
අදම අමතන්න CINE DIAMOND FILMS.
සදුශාන් - 0766512189
අනුෂ්ක - 0769817721

Infinity Shopping Mall face book online store එක වෙනුවෙන් අප විසින් සිදු කරන ලද අලෙවිකරණ විඩීයෝව පහත දැක්වේ.ඔබගේ දෛනික භාණ්ඩ මිලදී ගැනීම් පහසු කර දීම සදහා එම ආයතනය ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටී.

(Director and Script - Sandushan Jayasinghe, Cinemotographer - Dinuka Pothupitiya, Editor - Kavindu ketepearachchi, Production Manager- Anushka Yasas, Cast - Hiyare santha, Sandushan Jayasinghe )

We will make your business in to realistic marketing video to enhance your market share.Uplift your business in to the n...
17/09/2021

We will make your business in to realistic marketing video to enhance your market share.
Uplift your business in to the next level.
We are ready to help you.

අපෙන්...❤
15/09/2021

අපෙන්...❤

11/09/2021
අධ්‍යක්ෂවරයෙක් ලෙස තමන් නිර්මාණය කරන සිනමා නිර්මාණය දෙස් විදෙස් සිනමා සම්මාන උලෙල හීදි සම්මානයෙන් පිදුම් ලැබීම සැබවින්ම ...
25/08/2021

අධ්‍යක්ෂවරයෙක් ලෙස තමන් නිර්මාණය කරන සිනමා නිර්මාණය දෙස් විදෙස් සිනමා සම්මාන උලෙල හීදි සම්මානයෙන් පිදුම් ලැබීම සැබවින්ම ම සතුටට කාරණයකි....නමුදු , සම්මාන උලෙල හීදි ඇගයීමට පාත්‍ර වන නිර්මානයන් වාණිජ වශයෙන් ලාංකීය සිනමාවෙ උන්නතියට දායක වනවාද යන්න හා සාමාන්‍ය ජන සමාජයට ආමන්ත්‍රණය කරන්වාද යන්න ප්‍රශ්නාර්ථයකි....මෙලෙස වර්තමානයේ සම්මානනීයත්වයට පාත්‍ර වන නිර්මාණයන් වල පොදු ලක්ශන හදුනාගත හැකිය....ප්‍රධාන ලක්ෂණය සාමාන්‍ය සාමාන්‍ය ජනයාට කතාව තේරුම් ගත නොහැකිය....අනික පමන ඉක්මවා ව්‍යoගාර්ථ සහිත වීමයි...අනික ලිංගික දර්ශන නැත්නම් කලාත්මක නොවන බව, මෙහිදී පෙනී යනුවේ නිර්මාණකරුවන් සම්මාන උලෙල ඉලක්ක කොට ව්‍යoගාර්ථ සහිත අධි ස0කීර්ණ සිනමා න්‍යායන් නිර්මාණයන් ට යොදා ගන්නා බවය්....විදේශීය සිනමා උලෙළ මගින් ආදායම් ලබා ගත්තද මෙකී නිර්මාණයන් නිසා ලාංකීය සිනමාව වාණිජ වශයෙන් ප්‍රගමනය නොවේ.එනම්,ලංකාව තුල ප්‍රදර්ශනය කරන මණ්ඩලයට ආදායම් නොලැබේ.තිරගත වන සීමිත වන සිනමාශාලා ප්‍රමානයටද පාඩු විදීමට සිදුවේ.ලාංකීය සාමාන්‍ය ප්‍රේක්ෂකයා එදිනෙදා ආර්තික,සමාජීය, දේශපාලන ප්‍රශ්නත් සමග මුහු වෙමින් සිටී.

*ගෙවල් කුලී ගෙවන්නේ කෙසේද
*වාහනයේ ෆිනෑන්ස් එක දාන්නේ කෙසේද
*තෙල් ටික ගහන්නෙ කොහොමද
*දරුවගෙ පන්ති සල්ලි දෙන්නෙ කොහොමද
*ගේ හදන්න ගත්ත ලෝන් එක දාන්නෙ කොහොමද යන ප්‍රශ්නත් එක්ක සටන් කරයි.සිනමාව තුලින් සිදුවිය යුත්තේ ප්‍රශ්න සමග සිටින මිනිසාගේ මනසට පැය දෙකක සිනමාත්මක ආශ්වාදයක් ලබාදීමයි.එදිනෙදා අහන දකින ප්‍රශ්න(ස්ත්‍රී දූෂණ,මිනීමැරුම්,අල්ලස්,අනියම් සබඳතා) තවත් සංකීර්ණ කොට යතාර්තවාදී සිනමාත්වයයි හුවා දක්වා කරන සිනමා වෑයම තුන්වෙනි ලෝකයේ අපේ රටට උචිත නැත.මිනිසුන් බලාපොරොත්තු වෙන්නෙ පැය දෙකක වින්දනයක් මිස පැය දෙකක විදවීමක් නොවේ.මේ නිසා ප්‍රේක්ෂකයින් අධි කලාත්මක සිනමාපටි වැලදගන්නෙ නැත.එය ලාංකීය සිනමාවෙ ප්‍රගමනයට බාධාවක්ය.සිනමාත්මක වශයෙන් එම සිනමා කෘති උසස්‍ ය.හැබැයි එය ගැලපෙනුයේ දියුණු ආර්තික දේශපාලන ලක්ෂණ ඇති යුරෝපීය රටවලටය.කර්මාන්තයක් ලෙස සිනමාව දියුණු කිරීමට නම් පටු ලාංකීය රාමුව තුල කලාත්මක හා වාණිජ ලක්ෂණ දෙකම ඇති අතරමැදි සිනමාවක අවශ්‍යතාවය මනාව මතුවී ඇත.
මචං,සමනල සන්ධවනිය,සිංහාවලෝකනය,පරාවර්තන,
ඉරහඳ යට,ගාමනී,සමනල තටු,සූරියඅරන,බින්දු,සිරිරජ සිරි,ගරසරප වැනි නිර්මාණ අතරමැදි සිනමා ලක්ෂණ ගම්‍ය කරන සාර්ථක නිර්මාණයන් ය.

- සිනේ ඩයමන්ඩ් ෆිල්ම්ස්-

Address

Niyagama

Telephone

+94766512189

Website

Alerts

Be the first to know and let us send you an email when Cine Diamond Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cine Diamond Films:

Share