23/08/2026
"""ඇතිමලේ පිහිටි නින්දගම් ඉඩමට අදාළව, එම භූමියේ ඔතු එක්රැස් කිරීමෙන් අනතුරුව, ප්‍රදේශයේ සම්ප්‍රදායානුකූල චාරිත්‍ර හා විශ්වාසයන්ට ගරු කරමින්, විදානේ සහ කපුරාලගේ සහභාගීත්වයෙන් විශේෂ පූජා කටයුත්තක් සිදු කරන ලදී.
එහිදී, එක්රැස් කරන ලද ඔතු කතරගම දෙවිඳුන්ට, කඩවර දෙවිඳුන්ට සහ සියලු දෙවි දේවතාවන්ට ගෞරවයෙන් හා භක්තියෙන් පූජා කිරීම මා විසින් සිදු කරන ලදී.
මෙම පූජා කටයුත්ත සිදු කරන ලද්දේ නින්දගම් ඉඩම හා සම්බන්ධ සම්ප්‍රදායන්ට ගරු කිරීමත්, එම භූමිය හා සම්බන්ධ ඉදිරි කටයුතු සාර්ථකව හා යහපත් අයුරින් සිදු වේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙනය.